Sunday, July 24, 2016

මං එහෙමයි හිතුවට , මෙහෙමයි

මට පුළුවන් 
ඔව් 
ඕනෙම දෙයක් 
Brief කරන්න 
වරු ගනන් කියන කථා 
එක්කෝ 
නොකියාමත් ඉන්න 

Terms & conditions 
ඔයාගෙන් 
Unconditional 
ආදරේ මගෙන් 

මට පුළුවන් 
දොරේ ගලන 
ආදරෙත් 
Cost cutting 
කරලා 
ඕනේ නම් 
නොදීමත් ඉන්න

ඒත් 

අදහන්න නැ ඔබ 
විදලත් නැ ඔබ 
ඒ නිසයි 
ඉවසිලිවන්ත ආදරේට 
ඔබ Rude 
ඔය තරමටම........  

තරහ නැ මං 
ආදරේට මගේ 
Agreement එකක් නැ....



ඔහොම දේවල් හිතන 
මම එරන්දී 

27 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ආදරයට ඔබේ නොව කාගෙවත්
    ඇග්‍රීමන්ට් උවමනා නැත
    එසේ උවමනා නම් එතන ආදරයක් නැත

    ReplyDelete
    Replies
    1. @Mahesh Rathnayake, ඇත්තටම ඔව්. ඒත් අද වැඩිපුරම දකින්න ලැබෙන්නේ අග්‍රිමන්ට් එක්ක (ආ)දර කතන්දර :)

      Delete
  3. ඇග්‍රීමන්ට් තියෙන්නේ වෙළඳ පොළ ගණුදෙනුවක...හැබැයි දැන් කාලේ තියෙන්නේ ආදරේට වඩා ගණුදෙණු තමයි...

    ReplyDelete
    Replies
    1. චෙෆාකි මහත්තය දන්නවද අපේ බුද්ධිකා නංගි කවුරු ගැනද මේ කියන්නේ කියල...ඔය පහල පින්තුරේ ඉන්න කාටුන් කැරැක්ටර් දෙක ගැන...මට නම් නිකමටවත් එහෙම හිතුනේ නෑ...අනික් අයටත් එහෙමයි මයේ හිතේ...අනේ ඉතින් එහෙම හිතෙන්නේ එයාට විතරයි... :D

      Delete
    2. @පොකුරු වැහි , අක්කි... :) :) අමාරුවෙන් වචනයක් දෙකක් දෝණිට බත් කටක් දෙකක් කවන ගමන් ඔය කාටුන් එකක් දෙකක් බලලා ගැලප ගන්න මට තියෙන ලොකුම සතුට, මං හීනෙකින් වත් හිතන්නැති ගැඹුරක් මේ කියවන වියත් ඔබ ඇතුළු සියළු දෙනාම මගේ සිතුවිළි වලට එකතු කරන එකම තමයි. ඉතිං ඒ නිසයි තව අදහස් දක්වනකම් බලාගෙන හිටියේ :):)

      Delete
    3. ඒ උනාට ඔයා කාටුන් ඒකෙන් මතු කරලා තියෙන්නේ වියත් අදහසක්...එහෙම හිතෙන්නේ අවුට් ඔෆ් ද බොක්ස් හිතන අයට :)

      Delete
    4. ගැලප කියන වචනේ ඇහුවෙත් අද...:)

      Delete
    5. ///දෝනිට බත් කටක් දෙකක් කවන ගමන්///
      හප්පා කියන බොරු...!

      Delete
    6. එයා හරි දක්ෂයි සිංහල භාෂාවට අලුත් වචන එක්කාසු කරන්න... :)...

      Delete
    7. @පොකුරු වැහි අක්කි, අපේ අම්මා කියන්නෙම පොඩි කාලේ අක්කලා දෙන්නට ඔහේ හිටු කිව්වම කියපු විදිහටම ඉන්නවලු මං එහෙම නෙවෙයිලු, එකලු දැන් මෙහෙම වෙලා තියෙන්නේ , ඉතිං එයා පව්ලු... :) :)
      ස්තුතී අක්කි

      Delete
    8. @chef-Architect මගේ ගාව තියෙනවා ගොඩක් අළුත් වචන , ඕනේ උනොත් කියන්න :) :)

      Delete
    9. @පොකුරු වැහි , මම හිතන් ඉන්නේ අක්කි ඔය අළුත් වචන වල පේටන්ට් එකත් ගන්න :) :)

      Delete
  4. @Chef-Architect ඔබ අග්‍රිඩ් මොන අදහසකටද කියල මං තාම කල්පනා කරන්නේ :) :)

    ReplyDelete
  5. Unconditional love ගැන කතා කරන එකෙක් හම්බුන එකම ඇති බං මම එරන්දි. අපිට දකින්න ඉන්නෙම කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවෙන් ලව් කරන උන් නෙහ්.

    ReplyDelete
    Replies
    1. හොබෝ :) මම හරි පාලුවෙන් හිටියේ ඔබව දැක්කේ නැති නිසා :) ස්තුතී හොබෝ බොහොමත්ම.

      Delete
  6. එරන්දි, දුවට අමාරුවෙන් බත් කාටූන් පෙන්නලා කවනවා කිව්වම මට හිතුනා කවන්න නෙමේ, දුවම අතින් අරන් කන්න දෙයක් කියන්න.. ඔය දන්න එයා ආසම කරන දෙයකින් කටවල් 2-3 තනියම කැවම එයට කාටුන් දාල දෙන්න, නැත්නම් කාටුන් නොදා ඉන්න ටික දවසක්..

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත් දෝණි දැන් ලොකුයි. පොඩි කාලෙත් ලොකුයි කියලා හිතාගෙන හිටියේ :) :) කලෙත් ලොකු වැඩ , අපේ ගෙදර කාටුන් බලන්නේ දෝණි නෙවෙයි , දෝණිගේ අම්මා :) :) :)

      එකයි ඔබේ අදහසට. මගේ අදහස සහ මම කලේ දෝණිට පළවෙනි අවුරුද්දෙන් පස්සේ කෑම කවපු නැති එක. බඩගිණි උනාම අදටත් එයා කිසි කරදරයක් නැතුව කනවා, තනියම ඒ හින්දම.

      Delete
  7. අක්කා ලියන දේවල් හරිම ලස්සනයි.

    ReplyDelete