Thursday, July 28, 2016

හරි සීතලයි , ඔව් තාම තරුණයි ආදරේ....

සිහින් දිගැටි
හරි ගැඹුරු
ඇහි පියල්ලක් යට
සීතලම සිතල
හරි සියුමැලි
තෙතම තෙත
කදුළු
මල් කිණිත්තක
ඉපිලී ඉපිලී

උතුරයි ආදරේ

හද විල්තෙරේ
කැලතී කැලතී
සියුම් රළ නැගී...
සුසුමක් දුරින්
ගව් සියදුරින්
 දුර වෙතත්
හරි හීතලයි

මේ ආදරේ.....

කොනිත්තා සිනාසෙන
සිනාසී සුසුම්ලන
සිංහ ගිරිහිස 
මුතු ලතා  මත උදුල
සහන්  එළිය මැද
වරු ගණන්
ඇසි පියලි සුළගට ගෙවෙන
මිහිරැති සොදුරු
සුවදකින් පණ ගැහෙයි
සීතලම සීතලයි

තාම තරුණයි ආදරේ....  



හා හරි ඉතිං 
ඔව් 
මං එරන්දී :)

18 comments:

  1. ආදරේ කොහොමත් කවදත් තරුණයි.

    ReplyDelete
    Replies
    1. කෙනෙකුට හිතෙන්න පුළුවන් අයි මේ තරුණයි කියන වචනේ මම ගත්තේ කියලා, මොකද ගොඩක් අය හිතනවා "තරුණයි" කියන යෙදුමේ තියෙන්නේ "irresponsible" කියන තේරුමද කියලා. ඇත්තටම මම ඒ වචනය පාවිච්චි කලේ ඔබ කිව්වා වගේ "නැවුම්" බව හඟවන්න. ස්තුතී ඔබට බොහොමත්ම.

      Delete
  2. බණක් භාවනාවක් ගැන හිතන්න කාලය ඉස්සරහට එයි :)

    ReplyDelete
    Replies
    1. ඉයන්, මට හිතෙන්නෙම ආදරේ භාවනාවක් කියලා :) :)

      Delete
    2. නැතුව නැතුව, සසරෙ හිරවෙන්න හොඳම භාවනාව තමයි ඒක.

      Delete
    3. සෞම්‍යවන්තියේ සිත සනසනා
      පුණ්‍යවන්තියේ පින් පල දෙනා
      රූපවන්තියේ රස කළඹනා
      ප්‍රේමයද මේ කිව මැනා


      ප්‍රේමයද ගංගාවකී
      සෞම්‍ය සඳ එළියේ එතී
      සඳ බැස ගියත් සඳ නොනවතී
      සාගරය හා වෙළී යතී

      පාළුවද සඳ එළියකී
      රම්‍ය ජීවිතයේ එතී
      ළඟ නැති උනත් සිත ළඟ ඇතී
      "ආදරේ භාවනාවකී"

      Delete
    4. @ඉයන්.... "මට හිතෙන්නෙම ඔය සීගිරියේ වතුර මල් (fountain) දිහා බලාගෙන අද උනෙත් භාවනා කරන්න " :) :)

      Delete
    5. @පත්තර මල්ලී

      හරිම සුන්දර මම කැමතිම ගීතයක්, ඒ වගේම මේ ගීතය මෙතන ලියවිමේන් ම මගේ ලියමනට වෙනමම අර්ථකතනයක් එකතු උනා. ස්තුතී ඔබට බොහොමත්ම

      Delete
  3. දෙන්නත් එක්ක සීගිරියේ ගිය හැටි මතක් උනාවත්ද... :)

    ReplyDelete
    Replies
    1. අක්කි ගේ අදහසින් කොටසක් හරි කොටසක් වැරදි :) :)

      Delete
  4. මට කවි ගැනනම් වැඩි දැනුම නෑ. හැබැයි මම සීගිරියට නම් හරිම කැමතියි.

    ReplyDelete
    Replies
    1. @Sali ඇත්තටම මේ කවියක් නෙවෙයි, ලස්සන වචනවලින් හැඩ කරපු Architectural structure එකක් ගැන විස්තරයක් :)

      Delete
  5. Replies
    1. හොඳ වෙලාවට අද " හා හරි ඉතිං , ඔව්..!!" ඔබ එකඟ වෙලා :) :)

      Delete