Sunday, September 18, 2016

මේ ඉරයි හඳයි ඇත්තමයි මහා පුදුමයි.....


කතා නොකලත් සඳවතී
මේ උණුහුමට නුඹ හිත ඇති 
තරු රැසක මගේ සඳවතී 
ලංව ඉනු බැ මා හිතැත්ති 
දවන්නට හිත දුක ඇති 
ලං වෙතත් සිසිලක් නැති 
රැ පුරා හෙලු කඳුලේ ඇති 
සීතලද මට හිමි නැති 
සිනාසෙන දුක්නෙතු ඇති 
ලොවම නොදකින දුර ඇති 
සිනේරුව මත හිත ඇති 
අපි අපිට කිසිදා හිමි නැති 
දිළෙනු සිහිලැති සඳවතී 
මේ එළිය ගෙන මගේ රුවැත්ති 
කල්පයක පෙම සුවඳ'ති 
මේ චණ්ඩ හිත නුඹ ළඟ සියුමැළි....... 

ඔහොම හිතන්නෙම 
මං 
එරන්දී 


12 comments:

  1. අපි කතා නොකලත් හිතවතී
    මේ නිහඬ ප්‍රේමය මිහිරැති...

    මේක මතක් වුනා...

    හරිම ලස්සන පද පෙළක්...

    ReplyDelete
    Replies
    1. "උඹ කතා නොකළත් හිතවතී
      මේ නිහඬ ප්‍රේමය මිහිරැතී
      ඇහි දාරයක් යට සුව ඇතී
      නොදොඩාම ඉඳපන් කම් නැතී...

      වසන්තය ගැන දන්නැතී
      ඉරි තැලුන පොළවක අරුමැතී
      තෙත අඩි තියන්නට බර ඇතී
      හැම වැස්සටම බෑ හිතවතී...

      උඹ කතා කෙරුවොත් හිතවතී
      ඒ අඩි ලකුණු පෙන්නුව හැකී...

      හිරු සඳුද තරු හා මල් පෙතී
      ගැන ලියූ දහසක් කවි ඇතී
      ඒ උවම් ගෙන ගලපනු බැරී
      පෙම් කවක් ලියපන් හිතවතී...

      උඹ කතා නොකළත් හිතවතී
      මේ ප්‍රේමයට උපමා නැතී...

      -වත්සලා විජයලත්"
      කොයිම හරි වෙලාවක,අක්කිගේම කවියක් මං මගේ නමින් ලියලා තිබුනොත් පිදුම වෙන්න දෙයක් නැ.... මතකද අක්කිගෙ Intro එක මම මතකෙන් කිව්වේ... ඒ තරමට මං අක්කිගෙ ලිවිල්ලට කැමතියි.
      ස්තුතී අක්කි බොහොමත්ම

      Delete
  2. මේ ගමන නම් තේරුම් ගන්න පුලුවන් කවියක් ලියලා තියෙනවා

    ReplyDelete
  3. කතා නොකලත් සඳවතී
    මේඋණුහුමට නුඹ හිත ඇති
    බැඳල අවුරුදු පහ යතී
    වැහුනු කටවල් හොඳ වෙතී

    ReplyDelete
  4. "In side my soul there is a unwritten song
    Many times tried over and over again
    Holding a faith my iced clod hands in night
    Searching a warm heart over and over again"

    අපූරුවට "ති" යන්න ගැලපිලා.....:)

    ReplyDelete
    Replies
    1. what a lovely expression... හීන දකින්නී..!
      ස්තුතී ඔබට :)

      Delete
  5. සෙනේහය ළඟ සුව ඇතී
    නොනිදා ම හිනැහෙමු හිතවතී

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සනයි... මේ පද දෙකත් එක්කම තව ලියන්න

      Delete
  6. හරිම ලස්සනයි. අර Fisherman mourned by his wife කියන කවිය මතක් වුණා මට. අපි ඒලෙවල් කරන කාලේ ඉගෙන ගත්තෙ. ඒ poem එකේ මස් මරන්නෙකුගේ මරණය ගැන දුක් වෙන ඔහුගේ බිරිඳ ගැනයි තියෙන්නෙ. ඒකෙ කියනවා තැනක
    "You had grown so familiar like my hand
    That I cannot with simple grief
    Assuage dismemberment"
    තේරුම සරලව ගත්තොත්, ඔයා මගේ අතක් බවට පත් වෙලා තිබුණු නිසා මේ විදියට එය කපා ඉවත් කර දැමීම (ඔහුගේ වියෝව ) මට පුංචියට දුක් වෙලා සැනසෙන්න පුළුවන් දෙයක් නොවේ කියලයි කියන්නෙ.
    මේ කවිය කියවලා, අනික් කවිය මතක් වුණාම ඕං ඉතින් නොස්ටැල්ජියාවක් ඇති වෙලා...

    ReplyDelete
    Replies
    1. අනේ හොබෝ...... ඔබ මෙහේ එනවා දැකීමත් මට මහා සතුටක්....
      වෙන්වීම කියන්නේ මහ පුදුම සිතුවිල්ලක්නේ.. එකම අහසක ඉර හඳ හම්බවෙන්නේ නැ... සොබාදහමම එහෙමනම් තව කුමන කතාද... හරිම ලස්සනයි Fisherman mourned by his wife. ඒ මතකය ආයෙමත් මෙතනට එකතු කලාට ස්තුතී හොබෝ. එත් එකත් එක්ක මට හිතුනේ මං හොබෝට ගොඩක් කාලෙකට කලින් A/L කරපු බව :)

      Delete