Wednesday, October 26, 2016

අප්පා මං මාආආආරයි

මට ඇත්තමයි දැන් ඇති වෙලා .......  (මේ යන්ඩ හහ්, හිතුවද ජිවිතේ එපා උනා කියලා..? ආවා මෙතන )
මට එපා වෙන්නේ හැමෝම කතා වෙන්නේ  "දැන් වත් තේරෙනවද කසාද බැදපු එක මෝඩකමක් කියලා " 

ඉතිං ඇති වෙන්නේ..??? 
මං, නැ කිව්වම මගේ දිහා බලන විදිහ (කසාදේ මෝඩකම) .... හහ් 
හැබැට ඇයි කසාද බැදපු එක මෝඩ කමක් කියලා හිතෙන්නේ...???

දෙයියනේ ගෙදර ඉන්නේ කාලේ, 

ගෙදර කළු පෑන්  නැති උනොත් චූටි  අක්කා මගේ පස්සේ පන්නන්නේ හුසේන් බෝල්ට් වගේ...
පාඩම් කරන මුවාවෙන් නිදාගත්තම අම්මා කනෙන් අල්ලගන්නේ හරියට දඬු අඬුවෙන් අල්ලනවා වගේ 
ඔය ටිකයි.. ටිකම ටිකයි (තව ලියන්න බැ කවද හරි දෝණි මේ Blog එක බලනදාක හොඳ මදිනේ ඒකයි )

දෙයියනේ කියලා ගුටි කාලා නැත්තේ ලොකු අක්කගෙනුයි තාත්තගෙනුයි විතරයි. ඔය වගේ ගුණ යහපත් ව හැදුනු මට එයා මාරයි.

ඔෆිස් ගිහින් බැහැපු ගමන් එන පළවෙනි Call එක 

මේ ඔයා මගේ කළු පෑන එහෙම දැක්කද...?

මං උත්තර දෙන්නේ වීරයෙක් වගේ හහ් ඔව් ඇයි....

නැ නිකමට ඇහුවේ පියන් මහත්තයා ඇහුවා අදත් පෑනක් ගෙනත් දෙන්නද කියලා 
(ඒ කියන්නේ මුළු office එකම දන්නවා මගේ පිළිවෙල මාරයි කියලා )

දැන් අම්මා මට බැන්නත් මාව බේර ගන්නේ එයා..... ඉතිං දෙවියනේ මං කසාද බැදපු  එක තරම් නුවණක්කාර වැඩක් තව තියේද...????

අපේ අම්මා, අක්කලා,තාත්තා එයාට මාආආආරම ආදරෙයි......  අපේ ලොකු අක්ක මං අහගෙන දවසක් එයාගෙන් අහනවා මල්ලි (ඔය කිව්වට අක්කලා එයා නැති තැන කියන්නේ කළු මල්ලි කියලා... මේ ඕවට මගේ කිසිම සම්බන්දයක් නැ)  "අපේ පොඩි තැන ඔයාටත් Part දානවද ..?
කියලා .
වට පිට බලලා කියනවා (එයා), අනේ අක්කේ ඉතිං ඔය අම්මයි දුවයි හුනන්ටත් බයයි... මුළු ලෝකෙටම බය එකේ පව් මට විතරයි නේ බය නැත්තේ............. 
ඔන්න ඔහේ GIF එහෙකුත් දාලම ලිව්වා 


කතාව ඇත්ත මොකටද බොරු කියන්නේ... මං බයයි තමයි . වැඩේ කියන්නේ මං අඩි  පොළොවේ ගහලා ආලවකයා වගේ දඟලලා එයාට කෑගහල බලන් ඉන්නවා , හොඳ රණ්ඩුවක් පටන් ගන්න; මේ මනුස්සයා මාර ආදරෙන් මගේ දිහා බලලා අහනවනේ ඔයාගේ දුක දැන් අඩු උනාද අරකද මේකද..... දෙයියනේ ඔන්න ලැජ්ජාව ඉවසන්න බැරිව මං කියනවා මං මෙච්චර බැනලත්, ඇයි කියන්න මොනවත්ම නැද්ද.....?? හපෝ.......... එයා කියනවා අනේ මං හිතුවේ ඔයා දුක හිතිලා අඬනවා කියලා......... ඒ කියන්නේ හපොයි අනේ මන්දා........




මං ගැන ඔය විදිහට හිතුවට ඔයාලා දන්නවද මගේ දෝණි බලාගෙන ඉන්නේ 
මගේ ඇඳුම් එයා අදින්නේ කවද්ද 
මගේ වගේ කවද්ද කොන්ඩේ දික් වෙන්නේ 
මං වගේ එයාගේ බබාලට කතන්දර කියලා දෙන්නේ...... ඒ කියන්නේ ඔය කියන තරම්ම මං ඔහොම නැ...... නැත්තන් දෝණි මං වගේ වෙන්න හදයි ද මං අහන්නේ....?? නැ නිකමට මං අහන්නේ...

හැබැයි මේ කියන්නේ full serious මොන දේ නැතත්   මෙලෝ රහක් නැතත්  දෙයියනේ කියලා මං කියන දේ අනිත් අය අහගෙන ඉන්නවා, සමහර clients ලා විනාඩි 10 විතර යද්දී කතා කරන්නෙත් මං කතා කරන තාලෙට... ඇයි උදේ හැන්දෑවේ හම්බවෙන සමහර තරුණ ගෑණු ළමයි අඳින්නේ පලදින්නේ ඇවිදින්නේ ඒත් මං වගේ....... ඒත් ඒ බොහොමයක් දෙනා දන්නේ නැ මට මගේ කියලා PASSION එකක් මිසක් FASHION එකක් නැති බව. 
හෙමින් ඇවිදින්නේ හයියෙන් ඇවිදින්න බැරි නිසා
හෙමින් කතා කරන්නේ එක දිගට කතා කරන්න බැරි නිසා....
දකුණු අතේ ඔරලෝසුව බදින්නේ වම් අතේ මැණික් කටුව අවුල් හින්දා 
කොට උනත් HIGH HEALS නොදා FLATS ම දාන්නේ මං RADICAL හින්දා නෙවෙයි etc.
හැබැයි මට නියමිත නිශ්චිතව ම බැරි යැයි සම්මත සියල්ල මං කරනවා අන්න එකයි මගේ FASHION එක. 
මං හිතන්නෙම FASHION බිහි වෙන්නේ කිසිම දෙයක් නැති තැන දහිරියවන්ත මිනිස්සු හින්දා. (සමහරු නම් කියන්නේ මට OVER CONFIDENT කියලා)

සරල ව ලියන්නේ මහා සාහිත්‍යක ඇසුර නැති හින්දා.... හැබැයි මටත් ලියන්න ඕනේ කියන සිතුවිල්ල හින්දා..... 

ඉතිං මොකද හිතන්නේ... අදම පටන් ගන්න තමන්ගේම කියලා IDENTICAL PASSION එකක්. 

හෙට අනිද්දට 

හා හරි හරි ඉතිං 
මං 
එරන්දී 
නෙවෙයි..!
කියලා ලියන්න වෙන තරමට 
මගේ WRITING VOCABULARY PASSION එක 
FAMOUS වෙයිද මන්දා...
අන්න 
එහෙම හිතන 
මෙන්න මේ 
මං 
එරන්දී.... :) 


14 comments:

  1. මගේ සරුංගලෙත් මේ වගේ තමයි. ඇත්තටම ලෝකේ ඉන්න ඔක්කොම ගෑණු එක වගේම ....ද මන්දා අප්පා.

    ReplyDelete
    Replies
    1. අර අටම්පහුර ඒ ගැන copyrights දෙන්න වටින ලස්සන කතාවක් කියනවා. වෙලාවක අහල බලන්න කුරහන් :)

      Delete
    2. හ්ම් හම් මම බලන්නම්. අටමා තමයි මට මුලින් මෙහාට එන්න පාර කිව්වෙත්. මේ මේක කිව්වට අද ගෙදර යද්දි උඩ පැන පැන යන්න එපා. මේ ලියන ස්ටයිල් එක මාර ලස්සනයි.

      Delete
    3. ඇත්තටම නොදැන හදාගත්තු බ්ලොග් එක ඔබ වගේ අය අතරට ගෙනිච්චේ අටම්.
      බොහොම ස්තුතී කුරහන් , අමාරුවෙන් ලියන දේකට මෙහෙම අගේ කිරිමක් ලැබුනම දැනෙන්නේ පුදුම සතුටක්..
      ස්තුතී ඔබට බොහොමත්ම

      Delete
  2. හ්ම්ම්ම් ෆේමස් වෙයි

    ReplyDelete
    Replies
    1. :) :) අන්න දැක්කද, නැ මං ඉතිං නිකමට හිතල කිව්වේ.
      ස්තුතී රෝමාන්තික මෙහේ ආවට.

      Delete
  3. නිහතමානීකම මහමුදලිට කොස්කොටන්නද කිව්වලු...!!

    ReplyDelete
  4. බලා හිඳිමි මම.....
    කියවා ඇත්තේ තවමත්
    ලිපි කිහිපයක් පමණි.
    සිත ඇදී බැඳී යන
    ඒසඳැස් නිසඳැස් වලට
    කෑදරයි මා බොහෝ....
    වෙනස ඉදිරියෙ හොඳද නැතිදෝ
    රඳවගෙන මා සිතේ
    කුතුහලය තවරගෙන
    බලා හිඳිමි මම.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වට
      වෙනසක්මත් නැති
      ලිව්වා කිව්වට
      ලියපු දේකුත් නැති
      කියවපු තරමට
      ගන්ඩ දේකුත් නැති
      කෙනෙක් නම් බ්ලොග් වලට
      මං එරන්දී එතන ඇති...

      ස්තුතී දුමින්ද... බොහොමත්ම :)

      Delete