ඇයි මේ පොඩි එකී බඩගිනි වෙලා කෑ ගහනකම් බලාගෙන ඉන්නේ....
ඇයි පොඩි එකී ටියුෂන් යවන්නේ නැත්තේ....??
කාගේද මේ ප්‍රශ්න.. අනේ මගේ නම්නේවෙයි
එහෙනම්, එහෙනම් කියන්නේ මගේ දිහා බලාගෙන ඉන්න අයගේ ප්‍රශ්න...
රටේ තියෙන බොරු කියා කියා පොඩි එකීට මන් කවදාවත් බත් කටක් කවලා නැ..... ඒ උනාට කන්ඩ බෑ කියලා demand කරපුවාම මාස හයේ හතේ කාලේදී උනත් මෙලෝ රහක් නැති බත් තලපේ උනත් මන් එයාට පෙන්න පෙන්න කාලා තියෙනවා. ඉතින් නොකැවොත් බඩගින්නේ කියලා මගේ පොඩි එකී ඉගෙන ගත්තේ "අම්මා" කියන්නත් කලින් ඉදලා.
මං අම්මා උනත් මගේ පොඩි එකී මම කියන කිසිම දෙයක් එයාට වැටහෙනකම් පිළිගන්න ලෑස්ති නැ... අරයා නම් කියන්නේ පොඩි එකී අම්මාට පිස්සු කියලා දන්නා හින්දා ලු එහෙම කරන්නේ , සමහර විට වෙන්ඩත් ඇති. උදාහරණයකට පොඩිම කාලේ පුතේ 1+1=2 , 2+2=4 කිව්වම ඇයි අම්මේ එක කිව්වත් දෙක කිව්වත් 3+3 කිව්වත් උත්තරේ 2යි නේ කියලා පොඩි එකී කියන්න පටන් ගත්තා. දහා අතේ කල්පනා කලාමයි තේරුනේ වැඩේ, පස්සේ මිඳුලේ තියෙන සේරම ගල් කැට ගෙනල්ල පෙන්නලා එකතු කලාම යි පිළිගත්තේ නැත්තම් 8+8=2 තමයි උත්තරේ.
ඉතින් එකේ තේරුම කෙල්ල පණ්ඩිතයි කියන එකද??? කෙල්ලට හිතන්ඩ පුළුවන් කියන එක .
කෙල්ල හිතන්ඩ පුරුදු උනේ කොහොමද..?? බලෙන් කෑම ගිල්ළුවේ නැති නිසා
ඒ කියන්නේ එතකොට මං කම්මැලිද ...?? නෑ මං බුද්ධිමත්........ නේ...????
වැඩක් නැ
කොහොම කිව්වත්
මං
එරන්දී ම තමයි