Thursday, July 28, 2016

හරි සීතලයි , ඔව් තාම තරුණයි ආදරේ....

සිහින් දිගැටි
හරි ගැඹුරු
ඇහි පියල්ලක් යට
සීතලම සිතල
හරි සියුමැලි
තෙතම තෙත
කදුළු
මල් කිණිත්තක
ඉපිලී ඉපිලී

උතුරයි ආදරේ

හද විල්තෙරේ
කැලතී කැලතී
සියුම් රළ නැගී...
සුසුමක් දුරින්
ගව් සියදුරින්
 දුර වෙතත්
හරි හීතලයි

මේ ආදරේ.....

කොනිත්තා සිනාසෙන
සිනාසී සුසුම්ලන
සිංහ ගිරිහිස 
මුතු ලතා  මත උදුල
සහන්  එළිය මැද
වරු ගණන්
ඇසි පියලි සුළගට ගෙවෙන
මිහිරැති සොදුරු
සුවදකින් පණ ගැහෙයි
සීතලම සීතලයි

තාම තරුණයි ආදරේ....  



හා හරි ඉතිං 
ඔව් 
මං එරන්දී :)

Sunday, July 24, 2016

මං එහෙමයි හිතුවට , මෙහෙමයි

මට පුළුවන් 
ඔව් 
ඕනෙම දෙයක් 
Brief කරන්න 
වරු ගනන් කියන කථා 
එක්කෝ 
නොකියාමත් ඉන්න 

Terms & conditions 
ඔයාගෙන් 
Unconditional 
ආදරේ මගෙන් 

මට පුළුවන් 
දොරේ ගලන 
ආදරෙත් 
Cost cutting 
කරලා 
ඕනේ නම් 
නොදීමත් ඉන්න

ඒත් 

අදහන්න නැ ඔබ 
විදලත් නැ ඔබ 
ඒ නිසයි 
ඉවසිලිවන්ත ආදරේට 
ඔබ Rude 
ඔය තරමටම........  

තරහ නැ මං 
ආදරේට මගේ 
Agreement එකක් නැ....



ඔහොම දේවල් හිතන 
මම එරන්දී 

Friday, July 22, 2016

ඔබ එක්ක මම වැලි කැටයක්

Biographyයකට 
පිටු දාහක් පුරන්න 
ලියාගෙන යන්න 
එක හුස්මට 

හරියටම ඔබ 
කථා උල්පතක් 

Fantasyයකට 
රූප මවන්න 
ඔබේ හිනාව 
හරි ලස්සන 
හීන Factoryක් 

ඉගෙන ගන්න 
තරම් වටින 
ඔබ Philosophyයක් 

අදහන්න වටින 

ඔබ ඇත්තටම 
LEGENDARYක් 


නැවතීමක් තියන්න 
හදන ඔබේ කථාවේ 
ඔබ ඉන්නේ 
කොමාවකින් 
ආයෙත් පටන් ගන්න තැන..

සිනේරුව මුදුනේදී 
අරුන්දතීය ගෙන, 
දියමන්ති එළි අස්සේ 
පළඳන දවස වෙනකම් 
මේ මහ පොළවට යට නොවී.. 
එක ඇහි පිල්ලමකට 
බොදවෙන්න ඉඩ නොදී 

මං 
බලන් ඉන්නවා... 

බලාපොරොත්තුවේ 
ඔක්සිජන් 
පෙනහළු වලට පුරවාගෙන....
සිනේරුව පාමුළ 
සිනිඳු වැලි කැටයක්ව 
තවත් එකම එක........ 

I don't think it meant for me.. But for whoever it is.... The person is blessed 



මම එරන්දී :)  

Wednesday, July 20, 2016

ගුණ යහපත් මම



මම මෙහෙම හිටියට මාරම busy අප්පා... 
(අනේ අපි නොදන්නා මෙයාගේ busy) 

අනේ ඔයාලනම් කියයි.. මම නේ දන්නේ මට තියෙන වැඩ..... අම්මෝ.......... අම්මලා දෙන්නා ගෙදර නැත්තම් 



මේ  අම්මට call 
අනේ අම්මා කොහොමද අම්මයි තාත්තයි සනීපෙන් නේද...? ආනේ එහෙමද අනේ ආආආ ඔව් හහාආ............. අම්මේ මම මේ කථා කලේ හෙට දෝණිට swimming අම්මේ බබාගේ swimming cap එක කොහේද තියෙන්නේ අම්මේ.....? ? අනේ අම්මා නැතුව මට හරි පාලුයි අම්මේ..... 

මේ  අම්මා : කෙල්ල උඹ පොඩි වැඩි මාව රවට්ටගන්න.... කම්මැලි අරටුව අර ළමයා හින්දම හොදයි. නැත්තම් ඉතිං මෙලහට ගෙදර.......




ඒ  අපේ අම්මා 

මේ ඒ අම්මා 
අම්මා........... කොහොමද අම්මා.. අනේ අම්මා තාත්තාගෙන් අහන්නකො කවද්ද එන්නේ කියලා... අනේ දෝණි හැම වෙලාවෙම අම්මා හදන බටු මොජුවමයි මතක් කරන්නේ කනකොට.... අනේ එකනේ..... ඔව් ඔව් ඇඹුල් තියල් නැතිව එයා කන්නෙම නැ නේ.... 

ඒ අම්මා: අනේ පුතේ දෝණිට කියන්න අපි දහවෙනිදා පැනපු හැටියේ එනවා කියලා.. අනේ රත්තරන් පුතේ ඔව් ඔව් අපේ පුතා ඉතිං පොඩි කාලේ ඉදලා හිච්චි අක්කා උයලා කවපු පුරුද්දමනේ ඔය... එයැයිට මගේ කෑම තරම් ඔය කාගේවත් කෑම රස නැ.... අර ඉතිං දුගේ ගුණයහපත් කම හන්දාම දූ මේවා තේරුම් ගන්න නිසා හොදයි.... වෙන කෙනෙක් උනානම් කෙහෙවලු පටලෝගෙන.....

(හැබැට මොන එහෙකට ලේලිලා නැන්දම්මලා එක්ක තරහා වෙනවද.... යාළුවෙලා උන්න නම් මට වගේ සතියෙන් සතිය කෑම බීම එක්ක ආදරේ මහ ගොඩක් හම්බවෙනවනේ free of charge)

ඉථී පිසෝ භගවා අරහං...... අම්මේ අම්මලා මගේ බ්ලොග් එක නොදකිවා...... 
සාදු සාදු සාදු .....!!

ඉතිං මම කිව්වේ බොරුද හා......?? 

මම BUSY
මම BUSY 
මම ඔව් 
මම එරන්දී  :)

Tuesday, July 19, 2016

මම Drama Queen කෙනෙක්

එත් කදුළු - මේත් කදුළු 
ඒ අඩුවේ ඇස්  වලින් 
මේ  ඇඩුවේ  පපුවෙන් 
ඔව් ඇත්තට 
මං 
Drama Queen 
කෙනෙක් 
ඒත් 
Tragedy ක....... 

එපා 
ඔය හැටි 
කථා වාරිස් ගැන 
ඒ මං 
කියවාපු 
එකම 
එක 
පොත
ගැන 
ඔව් 
මාත් 
Drama Queen කෙනෙක් 
ඔබට 
කිසිදාක  
මුණ නොගැහුණු 
Tragedy ක 


අතීතය වළදාපු තැන් වලින් 
අක්මුල් හොයන් මං හාරනවා 
හම්බුනොත් මුදුන් මුල 
සත්තයි මං උගුල්ලනවා 

ජිවිතේ එහෙමයි, මෙහෙමයි, අරහෙමයි.......

එහෙම කියන්නේ මම විතරයි 
මං එරන්දී  :)

Saturday, July 16, 2016

With මම මාර BUSY here & Errrrrrrrr

අප්පා කෝ අර හුස්ම ගන්නේ නැතුව ලියපු එරන්දී........????

ආ ඕක ඉතිං අහන්නත් දෙයක් ද.......???

ඒ ලියපු වේගෙට දැන් කතා ඉවර ඇති.............



අනේ අනේ පොඩ්ඩක් පේන්න නැත්තම් ඔන්න බලන්න කෝ ඉතිං

මේ ඉන්නේ මම...


මම ලියන, උගන්නන, හිත හදන, කථා කරවන  කරන්නම දෙයක් නැති උනාම උයන ඔය ඔක්කොම කරන කෙනෙක්. ඉතිං මට හරීඊඊඊයට වැඩ.

ඔය කොයි වැඩේ තිබුණත් මගේ පුන්චිත්තිගේ වැඩ තරම් වටින රාජකාරියක් මට තිබුනෙත් නැ තියෙන්න විදිහකුත් නැ.

මෙන්න මෙහෙමයි පහුගිය දවස් ටිකේ වැඩ කෙරුනේ.

අපි දෙන්නගේ Adventures bus journey එකෙන් පස්සේ , මෙන්න ලියුමක් ආවා ඉස්කෝලෙන්... ඔය එන ලියුම් දිග අරින්නේ මං පුදුම සංත්‍රාසයකින්... මොකද දොණිත්, මම වගේම දුර දිග හිතලා වැඩ කරන ඉතාම නිර්භීත දරුවෙක් නිසා..


[( ඒ උනාට දෝණි , එයයි දෙන්නම කියන්නේ මම දෝණි වගේලු... ඒක පුදුම කතාවක් උනාට මම දැන් ඔය වගේ කාරණා ගැන පුදුම වෙන එක නැවැත්තුවේ, එයා මාව දෝණි එක්ක මොන්ටිසෝරි යවනවා කියලා තර්ජනය කරපු  දවසේ ඉදලා ) ඔන්න ඕකයි මගේ සැබෑ තත්වේ ]

ඉතිං මේ මගේ පැංචි ගැන ආපු ලියුමේ තිබුණා

ඔයාගේ දුව වන මෙන්න මෙයා , පාසලේ නිත්‍ය බටහිර ගායනා කණ්ඩායමට තේරුණා, දැන් ඉතිං අරෙහෙම කරන්න මෙහෙම කරන්න එහෙම කරන්න හැම දාම එන්න  කියලා.

දෙයියනේ................
මෙහෙම උනේ කොහොමද......
කවද්ද......

මං කැදෙව්වා වහාම පරීක්ෂණයක්...

ඔන්න පොඩි එකී නඩු විබාගෙට ආවේ කෑම මේසේ යටින් රිංගලා ( එයාගේ ක්‍රමේට හදිස්සියට ඉක්මනට එන්න තියෙන ලේසිම short-cut එක )


පැටියෝ............ හිහිහී
(දෝණි හිනාවෙනකොට මතක් උනේ දැන් මාස ගානකට උඩින් ගමටම ඇහෙන්න කැ ගහලා ලේනෙකුට අඩගහලා දීපු කිරි දතට තාම පොල් දතක් ලේනා ගෙනත් දීලත් නැ.... එහෙම තියාගෙන කොහොමද සිංදු කියන්න ඇත්තේ )
දෝණි...., කවදද පැටියෝ ඔයාට choir selection තිබුනේ...??

ඇයි අම්මී......... අර Best speaker contest එක දවසේමනේ. මගේ යාළුවත් ගියා, මම ආවේ Singing room එක ලගින් ඉතිං මටත් හිතුනා මමත් කිව්වා. 
(අනේ පුදුම ලේසී වැඩක් නේ ඒක........ හහ්හ්හ් මම එපැයි මෙයාව එක්කගෙන එහෙ මෙහේ දුවන්න....... :(  ) 
මට හිතුනා මම කිව්වා.....

මේ පැංචි මොකද්ද හැබැට ඔය කියපු සිංදුව........... ඇයි අම්මි අර හැම වෙලාවෙම කියන අම්මි දන්නවා කියපු එකම සිංදුව.........................................................................දෙයියනේ .... ඒක මට වරදුනේවත් නැ අම්මී , 

තාමත් කල්පනා කරන්නේ ආයෙත් ඔය ඉස්කෝලේ පැත්තෙන් යනවද නැද්ද කියලා 
එහෙම හිතනගමන්  මෙහෙමත් හිතන 

"ඉතිං මං ඇවිත් යනවා 
ආපු තැන් වල ගියපු තැන්වල 
කථා බහ අතරේ 
හිනාවන් උනත් මග ඇරිලා තිබුණා 
නාපු විදිහටම යන්නත් යනවා 
ඒ  මතක විතරක් සුවද තිබුණා 
දැන් හරි වෙනස්,
මම 
එත් 
ඔව් අනේ" 
මම එරන්දී(ම තමයි )

Sunday, July 10, 2016

ඔබ පරමාණුවක්

අහිමි විමක දුක දැනෙන්නේ 
සියල්ල හදවතින්ම  
අහිමිවූ බව දන්නා ම්නිසුන්ට. 
ඒ වගේ මිනිස්සු ළග 
සිනේරුව තරමට 
බලාපොරොත්තු කදු වෙනුවට 
තියෙන්නේ 
නයගරාව වගේ 
ඇදහැලෙන ප්‍රාර්ථනා විතරයි....
ඒ සියළු ප්‍රාර්ථනා ඇදගන්නේ 
ලෝකයෙන් වසන් වන හද පතුලක ගැඹුරු අඩියක, බර්මියුඩා වක....... 
සියළු දුක, සතුටයි දරාගන්නා මිනිසුන්;
ලෝක ගෝල පිරෙන්න තරමට 
ජිවිතේ සංවෘත  කරගන්නේ 
පුංචිම පුංච් ආදරේකින්...
මේ පුංචිම පුංචි ආදරේ, 
හිතේ සුවද දෙන්නේ මදාරා මලකට උනත් , 
හිත විදින්නේ 
දෑ සමන් මල් සුවදක ම්හිරියාවක්......
ඒ තමයි මේ හිතේ හැටි 
ලොකු ලොකුම 
අඩු තරමේ 
දෝතට ගන්න බැරි තරම් 
මහ විසල් මළ මුහුදකට 
ආදරේ කරනවට වඩා මේ හිත,
 හීනියට රුටමින් 
දෙකොපුල් තෙමන 
ඔය ආදරේ  මිහිරි  වැස්සට 
ලෙන්ගතුයි...


ඇත්තමයි 
මම  එරන්දී 

Thursday, July 7, 2016

Confusion of Life :)

මම කියන දේ අහන්න, එපා ඔයා යන්න...
ඒ එයා ....  එයා මට විරුද්ධ උනා..
මට නවතින්න වෙලාවක් තිබුනෙත් නැ......


ඔහ් ඔය මොනවද දැන් ඔය හිතන්නේ.................  :)

මම කිව්වේ "නවතින්න  වෙලාවක් තිබුනේ නැ කියලා ", මම දෝණිව ලෑස්ති කර කර හිටියේ ; ඉස්කෝලේ යවන්න.

හිටපු ගමන් මටත් හිතෙනවා ටිකක් වගකීමෙන් වැඩ කරන්න.
අම්මා කෙනෙක් හැටියට දෝණිට ජිවිතේ හුරුකරවන්න මම ගොඩආආආක් උනන්දුයි..

"අම්මේ මෙයාට කියන්න දෝණි එක්ක බස් එකේ යන්න එපා කියලා,
අනේ අම්මේ දෝණි නම් කොහොම හරි යයි..
දන්නවනේ මෙයාගේ තරම.
මතකනේ අම්මේ අර එදත් කොළඹ පැත්තට යන බස් ඔක්කොම යන්නේ අපේ ගේ ගාවින් කියලා නැගලා තිබුනේ අපේ office එක ගාවින් යන බස් එහෙකට නේ.
අනේ අම්මේ අද මට වැඩ ගොඩයි.. ඇයි අම්මේ "ඉන්නේ කොහේද ඇහුවම අර වන්ගුවකුත් එක්ක ලොකු cutout එක ගාව"
අම්මේ වංගුවක් එක්ක තියෙන cutout කොච්චර තියෙනවද අම්මේ...... ඇත්තමයි මට අදනම් පොලිස්සි ගිහිං තමයි නවතින්න වෙන්නේ.... "

අප්පා කේලම් කියනවා කියලා මෙහෙමත් කියනවද... අම්මා කියන ඒවා මට ඇහෙන එකක් යැ... එත් මට sure එයාගේ   කතාවේ වේගෙට අම්මට උත්තර දෙන්න වෙලාවක් හම්බවුනේ නැ....

හනුමා ලංකාපුරේ ගිනිතියන්ට ඇත්තෙත් මෙහෙමම වෙන්ටැති :)

වැඩිය නොවෙහෙසවා  පරිස්සමට තියන් ඉන්න මගේ ටිකිරි මොලෙන් වැඩක් ගන්න මම හිතුවා.
බෝතල් බාගයක ප්‍රමාණයේ තේ එකකුත් හදාගෙන මම ගියා එයාව බැහැදකින්න :)
ඔහ් ඔහ් මුණදිහා කෙලින් බලන් නැත්තේ බයකට නෙවෙයි , ඉර දිහා උනත් කෙලින් බලන්න එපා කියනවනේ ඇස් වලට හොද මදි කියල , අන්න එකයි

ම්ම්ම් නැ කතා නැ... මේ අහන්ඩකෝ , ඔන්න මම යන්නේ නැ , වෙලාවට driver එවන්න.. card එකත් එක්කම :) :)

අප්පේ හිනාව "wife credit card එක ඉල්ලුවම ලෝකේ හිනාවෙන එකම මනුස්සය මෙයා වෙන්ට ඕනේ"

(හ්ම් ආව් ලස්සන..... පෝය දවසට චන්ද්‍රමණ්ඩලේ එක්ක පායපු පුර හඳ වගේ.... අනේ බැනේ ඔයාල එක්ක කතාවක් කියන්න.. මම කිව්වේ එයාගේ  දත් ටික ගැන මිසක් මුණ ගැන නෙවෙයි නේ.)

වැඩේ හරි, ඊළග mission driver නවත්ත ගන්න එක.
ඔහ් යන්තම් ඒ වැඩෙත් හරි.

ට්‍රින් ට්‍රින්....... අනේ ඔව් ඔව් මේ මම....ඔයාට පුලුවන්ද පොඩි උදව්වක් කරන්න... මට කියනවද අර බබාගේ ඉස්කෝලේ ගාවින් යන බස් වල නම් ටික... අයි මොකද හදිස්සිය නැ හදිස්සි නැ .. බබාගේ ඉස්කෝලේ පාඩමකට (එර්ර්ර්ර්ර් මනුස්සයෙක් දෙයක් ඇහුවාම කියා දෙන්නේ නැතුව )
ආ ආ ඔහ් ආ ආ ආඅආ හරි බොහොම ස්තුතී.
ඔන්න මම කොහොම හරි ගියා ඉස්කෝලෙට... හරි ගත්තා දෝණිව

පුතු , අපි අද අළුත් experience එකක් ගන්න හදන්නේ "ආයේ ඉතිං පොඩ්ඩිගේ  මුණේ මල් යායයි".
දැම්මා අත නැග්ගා බස් එකට
දෙයියනේ...... පොඩි එකී කොහෙන්වත් අල්ලගන්නේ නැ..... සර්කස් කාරයෙක් වගේ අත් දෙක අත ඇරලා හැම පැත්තටම විසි වෙනවා.. එකත් හා කියමුකෝ.. මහා හයියෙන් " අම්මි why don't you join me, it's sooo fun
අප්පේ කොන්දොස්තර මල්ලි එනවා කැ ගහගෙන "කව්ද ඔය ඉස්සරහට යන්න ඉඩ දෙන්නැත්තේ ... "
ඒ ඉතිං මගේ කෙල්ල
ආ බබා අල්ලගන්න මෙතනින් හයියෙන් කෝ ඉතිං .... අයියෝ වැටෙයි ඔයාව... අනේ මිස් මේ බබාව ගන්නවද පොඩ්ඩක්...
මහ යුද්ධයක් වගේ ......
ගන්න හැම වංගුවක් ම මෙයත් ගන්නවා....
ඒ මදිවට සද්දේ බ්රූම් බ්රුම් බ්රුම් "පොම්, පොම් "  ඒ පාර බස් එලවනවා......

ඔන්න ආයෙත් කොන්දොස්තර මල්ලි බෙරිහන්දෙනවා "ටිකට් ගත්තේ නැති අය මාරු සල්ලි දීලා ටිකට් ගන්න.....

පොඩි ඒකිගේ ඇස් උඩ ගියා...

"අංකල් මගේ ළඟ සල්ලි නැනේ.."  ඔරවගෙන හිටිය කොන්දොස්තර මල්ලිට හිනා ,
"අම්මි ගාව සල්ලි ඇති බබා "
ඔහ් පොඩි එකීට තව පුදුමයි 

"අපේ තාත්තිනම් අපිව වාහනේ ගෙනියන්න සල්ලි ගන්නේ නැ"
මුළු බස් එකම හිනාවෙනවා............ 
කොන්දොස්තර මල්ලි, පැන්චිට සල්ලි ගත්තේ නැ...

"කව්රු හරි කෙනෙක් මේ බබාට ඉදගන්න දෙන්න..............

අනේ ඉඩ දීපු  කෙනාට මම හැම ආත්මෙකම බස් එකක් ගානේ ලැබේවා කියලා පිං දුන්නා.

හමදාමත් මම දෝණිගේ වැඩවලට ගිහින් එනකම් මග බලන එයා අද නම් හරි ලස්සනට හිනාවුනා....

"Promise me you will learn how to drive your cute vehicle... Start lessons from tomorrow. "

ඔය දැන් ඔහොම කිව්වට කෙනෙක් පැය  දෙක තුනකට කලින් ගෙදරට එන්න පාර මගෙන් ඇහුවම උත්තර දුන්නෙත් එයාම තමයි. 

ඉතිං මම තීරණය කළා, ඇත්තමයි 

හෙට ඉදලා එයාව මගේ නිත්‍ය රියදුරු තනතුරට පඩි රහිතව පත් කරගන්න... :) :) 


එයා ගැන එහෙම හිතන්න අයිතිය තියන එකම කෙනා 

මම එරන්දී 




Saturday, July 2, 2016

මගේ එළියෙන් දිළෙන මමත් කණාමැදිරියෙක්


මහ රැ පාළුවට
තනිකමක්
නොදැනෙන්ට
බස්සන්ට අඩගහමු
කතන්දර ගොළුවෙද්දී
බස්සෝ "හ්ම්"
කියද්දෙන්
හ්ම් හඬට
එකතුවෙන
දුම් වළාවට යටින්
හීන් හිනාවක
ඉතිං මං
පෙලෙද්දෙන්
තරු කැට ගානට
ඉතිං ඇස්
නිවී නිවී දැල් වෙත්දෙන් 
වලාකුළු ගානේ 
නැවතී නැවතී එන  
සරා සඳ  නුඹට ..
තනි රකින  
කණාමැදිරි  පැටියෙක් 
මමත්.....
- මම එරන්දී -