Monday, November 28, 2016

කියන.... ලියන.... හිත

තුවරලා සුවඳ 
උතුරනා 
උවම් ලු සඳ 
දිළිහෙනා 
රැයක 
සොඳුරුම  
නුඹ පතා   
මඟ බලයි 
නෙතු නිදිවරා.....




හා හරි ඉතිං
මං එරන්දී විතරයි.......

Sunday, November 20, 2016

ඉතිං ආයුබෝවන් (Good Bye)

ආයෙමත් යන්න බැරි 
ආයෙමත් එන්න බැරි 
මතකයක තනිවෙන්න බැරි 
වෙන්ව යන්නට හිත හදා ගනු බැරි 
ඉඩක් නැති ඉඩක 
ඉඩක් සොයා ලතැවුනු 
කාටවත් නොහැඟුණු 
නුඹේ සුවඳ අතහැර 
යන්න අවසර කුමට 
මා මඟ අතහැර 
ඔබ ගිහින් පෙර දිනෙක 
හිතක කතාවක 
දුක අසන්නට ඔබ නැති 
තනිව විඳගමී 
මතක දොර අඟුළු ලමි 
ඉතිං කවදාවත් 
අපි යලිත් හමුනොවෙන 
කිසිත් කිසිදාකත් 
ඔබට මා හඟිනු බැරි 
මතකයක දුක දරා 
ඉතිං මං සමුගමි..........

මම
මා නොවුණු
මං එරන්දී....

Saturday, November 5, 2016

කියන නොකියන ඔබට මට පොදුය මතකය විඳින රිදවෙන තරමට දැනෙන......

                                                                  

හිතක අස්සක -  ඇසක අගිස්සක                             
මතකයක කෙළවරක 
ඇරඹුමක නැවතුමක 
ඉකියක රිදුමක 
සිනාවක කතාවක 
අහිමිව ඇත ඉතිරිව 
රිදවන දුක හිතෙන 
ආදරයක මතක..
ඔබට මට 
මා ඔබටද 
ඔබ මටද 
කියා නැති...
උවම් කළ නළලත 
හාදුවක සිරවී...

බේටම පහල නොවුණු  සිතුවිළි ගැට ගහන 
මං 
එරන්දී 

Tuesday, November 1, 2016

සෙල්ෆි ස්ටික් හෙවත් ඇලඩින්ගේ මැජික් ස්ටික් එක......

ආදරේ දැනෙන
මොහොතක
ජිවිතේ
සීරුවට අල්ලගමු
බර අඩි බර හුස්ම
ගෙනියන්න
ටර්නැඩොවකට
එන්න කියමු
අහුමුළු
අහුකොන් වලින් එබෙන
දුක් මතක
සුනාමියකට දන්දෙමු
අහුවුණු වෙලාවක
බිඳුණු හිත
CHEMIFIX වලින් අලවමු

හමුවුණු නොවුණු 
තැන්වල 
රතුතොල් 
අඟ පසඟ 
ඇහි බමද 
අකුරක අමුණමු 
පාට කළ මුණුවල
PATCH-TOUCH වෙලා තිබුන 
ජිවිතේ මේ යැයි
අදින් පසු හිතාගමු......

එක අතකට මිනිස්සු මාරම පොසිටිව්.... 
එහෙමත්  හිතන 
මං 
එරන්දී... :)