Wednesday, January 18, 2017

ෆුල් මා....(ර්)....වලස් - 24*7

කෙටි කතාවක 
නව කතාවක                       
ඇත්තෙම 
අසම්මතයක 
හැට-හතර මායමක 
අට-අනුවක් ව්‍යාධීමය...

සින්දුවක 
ටෙලියක 
ඇත්තෙම 
හන්දියක 
පාරක 
හොටු පෙරන සීන්මය.....

පාරක 
තොටක
යන්නෙම 
කඩවසම් බනුවක 
රස කතාවක 
වයරින් වෙලාමය........  
  
කහ ඉරක 
තනි ඉරක 
ඕවර්ටේක් කරන්නෙම 
තත්පරයක 
ඉක්මණක  
අපායට අත වනාමය......

පත්තරයක 
ප්‍රවෘතියක 
ඇත්තේම 
ප්‍රකෘතියක 
විකෘතියක 
දෝලිත ජිවිතමය 

මීවිතක 
රසවිතක 
උතුරන්නෙම 
කන-කරෙක
උගසෙක 
රස දැනෙන තිත්ත කාඩියමය......


ඒ රස දැනෙන 
මං 
එරන්දී මය......

22 comments:

  1. දවසින් දවස අලුත්ම ආකාරයේ ලිපිනෙ එරන්දි ලියන්නෙ. අපූරුයි.

    පෝස්ටුවක
    කොමෙන්ටුවක
    ලියන්නෙම
    හඳවතක
    එක් කොනක
    ඔබෙ ලිපි රහ දැනෙන නිසාමය.....

    ජයවේවා!!!


    ReplyDelete
    Replies
    1. ස්තුතී දුමී බොහොමත්ම. :) ඇහැට දකින කණට ඇහෙන දේවල් එක්ක මොළෙන් එළිය එන සිතුවිළි තමයි මේ.. මේ අගේ කීරීම නම් මට බොහොමත්ම වටිනවා දුමී..

      Delete
  2. ආසියාකරයේ කොහෙත්
    විකුණන්න ලේසිම කඳුළුය
    අනුන්ගේ කුණුය...

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සනයි ශානි... එය නම් සැබෑවකි..

      Delete
  3. ස්වාමිපුරුශයා මලහම බිරිඳට ඡන්දේ දුන්න රටකට කඳුළුනම් මොනාද....

    ReplyDelete
  4. ඉතා හොදයි ලකුනු නමයක් දෙනවා

    ReplyDelete
  5. කාඩි වතුරට මී විත කියල නම දැම්මේ කවුද?

    ReplyDelete
    Replies
    1. හැබැටම කව් ද කල්‍යාණ මිත්‍ර..?? :)

      Delete
  6. හරිම අගෙයි එරන්දි. ජයවේවා !!!

    ReplyDelete
  7. හරි ශෝක් සිතුවිල්ලක් එරන්දි. අඬාගත්ත ගමන්ම ඉන්න ලෝකයක මෙහෙමවත්ටිකක්වත් හිනාවෙලා ඉන්න මිනිස්සු ගැන ආඩම්බරයි. අඬන්න ඕන කොච්චර දේවල් තිබුනත් සමහරු අඬන්නේ, බොරු දේවල් වලට. මිනිස්සු හිනාවෙන්න බයද මන්දා..

    ReplyDelete
    Replies
    1. :) මිනිස්සු හිනාවෙන්න බයයි ඇත්තටම, ඒ නිසානේ මිනිස්සු කියන්නේ "අම්මෝ අද ගොඩක් හිනා උනා අඬන්න වෙයිද මන්දා කියලා".
      මං අහලා තියෙන විදිහට "චේතනාහන් භික්කවේ කම්මන් වදාමි " කියලා බුදුන් දේශනා කලෙත් , "Every action has a reaction " කියලා නිව්ටන් කිව්වදේත් මං පිලිගන්නවා.
      ඉතිං මං මහා බරපතල විදිහට ගැඹුරුන් කතාකරන්න නම් දන්නේ නැ. නමුත් කුනුකුනු චරුචුරු ගාන පුරුද්දක් නම් මට නැ.
      ඉතිං ඔබට බොහොමත්ම ස්තුතී මේ අගයකිරීම් වලට. :)

      Delete
    2. ///මං අහලා තියෙන විදිහට "චේතනාහන් භික්කවේ කම්මන් වදාමි " කියලා බුදුන් දේශනා කලෙත් , "Every action has a reaction " කියලා නිව්ටන් කිව්වදේත් මං පිලිගන්නවා. /////
      +++++++++++++++++++

      Delete