Sunday, January 8, 2017

මම මං වගේ :)

මම උපතින් බෞද්ධය... ඒ අම්මා සහ තාත්තා උප්පැන්නයේ සටහන් කරවූ නිසාය. එත් වරදින්නේ නැතිව මට අද කිව හැක්කේ පන්සිල් පද පහ පමණක්ය. 
පොඩි කාලයේ මට හවසට බුදුන් වඳින්නට  අම්මා කියා දුන්නාය. ටික කලක් මා එය කරගෙන ගියේ ගාථා උච්චාරණයට සහ එහි ශබ්ද රසය ට ප්‍රියකළ නිසා විය යුතුය. එහෙත් ටිකෙන් ටික මට එහි ගැටළු ඇතිවිය. 
*මැටියෙන් සැදු  රූපයකට ඇයි අපි වඳින්නේ..?? 
හිතේ ශ්‍රද්ධාව ඇතිකරගන්න, අම්මා මට පිළිතුරු දුන්නාය..
ඉතිං අම්මේ ශ්‍රද්ධාව ඇතිවන්නට මට රූපයක් ඕන නැ..
එදා සිට අම්මා මට බුදුන් වඳින්නට මතක් නොකලාය.

අ.පො.ස. සා/පෙ සඳහා බුද්ධාගම විෂයක් ලෙස හැදෑරු පසු අද වනතුරු ඒ පිළිබද කිසිදු හැදෑරීමක් මා කර නැත. ඉතිං පහනක් පුජා කරන ගාථාවද මට මතක නැත. ඉතිං මං ප්‍රාර්ථනා කරන්නේ 

*මේ පහනේ ආලෝකය පැතිරෙන්නේ යම්සේද ඒ ලෙසින් මාගේද අන් අයගේද ඥාණා 'ලෝකය දැල්වී සොබාදහම අවබෝධ කරගනිත්වා කියාය. 

ඒක දේව වාදයද , බහු දේව වාදයද ,සරණ යාමද වන්නාවූ අනේක විදි වන්දනාමාන පදනම් වූ ඇදහිලි මා අනුමත නොකළද ; කෝවිලක, පල්ලියක , පන්සලක , දේවාලයක ඉදිරිපිට පුජාවට්ටියක් බැරිමරගාතේ උස්සාගෙන ඔබට ද ඉදහිටෙක හෝ මා  දකින්නට ලැබිය හැක.... 


ඒ සොබාදහමද බෞද්ධ දර්ශනයේද ඇසුර ලද මා ඔබේ ඇදහීම ට ගරුකරන බැවිනි. ඊටත් වඩා "හුටා එතකොට දැන් ඔයා නිරාගමික ද " යැයි හිනැහෙන ඔහුට සහයෝගය දැක්වීමටය :)


කුඩා කළ සිට මා ලද සැපය වුයේ , නිදහසේ සිතන්නට ද නිදහසේ ප්‍රශ්න කරන්නට ලද නිදහසය. නිදහස නොලබන්නා කූඩුවෙන් එළියට පැන පණ නහගන්නා කිරිල්ලියක් වැන්න . වරදින්නට ද හරියන්නට ද අත්හදා බලන්නට ද උත්සාහ කරන්නටද අත්හැර දමන්නට ද දරුවෙකුට නිදහස උවමනාය. 

*බල්ලෙකු කූඩු කරන්නේ ඒකා  ඉබ්බගාතේ ඇවිදිනවාට ද කව්රුන් හෝ පැන සපා කෑ විට ඊට වන්දිගෙවන්නට ද කූඩු කර හදනා විට අහල පහල මොකෙක්වත් ගේ ලඟින් යන්නට බය වන හින්දා ද ගොඩේ බල්ලෙකු උව රට බල්ලෙකු ලෙස හංගා ගෙන හැදිය  හැක යන කරුණු මතය. ඊටත් වඩා ඒකා යන එන අහුමුළු වල දුවන්නට කල්වේලා නැති නිසාය. ඉතිං ඔහේ හිටු කියා දරුවන් හදනවාට වඩා බලුතඩ්යෙක් හැදීම සාධාරණය.  


මේ සියළු ලියවිලි දෝණි ට ලෝකය දකින්නටය 
මේ මට හිතෙන හැටිය... ඒ මගේ හිතේ හැටිය.. හිතේ හැටියට මා ලියන්නේ විවාහය යනු වැට බඳිනු බැරි හිතට එබෙමින් හතර මායිම් සෙවීම නොවන බව දන්නා ඔහු නිසාය. මේ මා සොයා දැනගත් මගේම හිතය. වැඩිහිටියෙකුට නැමෙන හිසක් අම්මා ද තාත්තාද මා තුල ගොඩනගා ඇත. ඉතිං මා ඔවුන්ට ණයගැතිය....  එහෙත් මගේ දෝණි යනු මගේ උවමනාවට මා හැදු බෝනික්කිය.. ඉතිං ඇය කවදාවත් මට හෝ ඔහුට ණයගැති නොවිය යුතුය.
එහෙම හිතෙනවා ඇත්තේ 
මං එරන්දී 
හින්දා වියයුතුය :)
                                                                                     

ප.ලි. මා මේසේ ලියා තබනුයේ මා වාසනාවන්තයකු බව හඟවන්නට නොව මෙයින් උත්තේජය ලබා කෙනෙකු හෝ නිදහස්ව හිතන්නට ද තමන් ගේ මෙන්ම සහෘදයින්ගේද නිදහස් සිතුවිළි වලට ගරු කරන්නට ද පොළඹවනු පිණිසය. 

18 comments:

  1. නිරාගමික වීම ආගමිකව බෙදී මරාගන්නවාට යහපත්.

    එහෙත් වැව් අපේ ගමේ නැතත්. ගමත් පන්සලත් මගේ සංස්කෘතිය තුළ මා දැඩිව බැද තබා ගන්නක්.

    ReplyDelete
    Replies
    1. "බුදු දහම ආගමක් ලෙස පටලවා ගැනීම තමා වැරද්ද.බුදු දහම කියන්නේ ආගම් භේදයකින් තොර ව ඕනෑ ම කෙනෙකුට අවබෝධ කරගත හැකි දහමක් වග බුදුහාමුදුරුවන් ම දේශනා කොට තිබෙනවා.බුදු දහම හරියට අවබෝධ කරගන්නවා නම් ඒක අනිත් ආගම් වගේ අපේ නිදහස් චින්තනයට වැට කඩොළු බඳින දහමක් නෙමෙයි"- වැසි දැරිය

      මෙය මගේ ද අදහසයි. සිංහල නම්වූ සුඛනම්‍ය බස ද හසුරවන අප බුදු දහමින් පෝෂණය වූ අප , බුද්ධාගම් කාරයින් නොව බුදු දහම දර්ශනයක් ලෙස අද්ධ්‍යනය කරන්නන් ලෙස වටහා ගතයුතුය. මා ද ඔබ සමඟ එකඟය රෝමාන්තික. ගමත් පන්සලත් තුලින් ගොඩනැඟුණු සංස්කෘතිය අප අද මේ දුර රැගෙනවිත් ඇත. නිදහස් චින්තනයට ඉඩ සැලසු නිසාම අප ද නිදහස්ව සිතන්නට ද හොඳ නරක වටහා ගන්නට ද පුරුදු පුහුණුව ඇත යන්න මගේ ද මතයයි

      Delete
  2. බුදු දහම ආගමක් ලෙස පටලවා ගැනීම තමා වැරද්ද.බුදු දහම කියන්නේ ආගම් භේදයකින් තොර ව ඕනෑ ම කෙනෙකුට අවබෝධ කරගත හැකි දහමක් වග බුදුහාමුදුරුවන් ම දේශනා කොට තිබෙනවා.බුදු දහම හරියට අවබෝධ කරගන්නවා නම් ඒක අනිත් ආගම් වගේ අපේ නිදහස් චින්තනයට වැට කඩොළු බඳින දහමක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. මේ මගේ ම සිතුවිල්ල ඔබ ඔබේ වචන වලින් ලියා ඇති හැටිය අපුරුය වැසි.....

      Delete
  3. දෝණිට අපූරු ලිපියක්. ඒත් එරන්දී දූ මේවා බලයිද?
    සඳු බැල්මෙන් තරු පිරිවර සිසිලස කරනා
    පිදු ඔවදන් නිසාම දූ නිති ජය ලබනා
    සුදු කළු හා අප ජීවිත පැටලී විඳිනා
    බුදු දහමේ හරයෙන් නිති නිරවුල් කරනා......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දුමී දෝණි මේවා බලයි ද හරියටම දන්නේ නැ.. :) මම දුවෙක් හැටියට මගේ අම්මා දින පොත් වල අක්කලා දෙන්නාත් මා ගැනත් ලියු සටහන් කියෙව්වා වගේම අදටත් ළග තියාගෙන ඉන්නවා. දෝණි ට නිදහස්ව හිතන්නට ඉඩ දෙන අම්මා කෙනෙකු හැටියට මා ලියු දේවල් බැලිය යුතුය දැකිය යුතුය කියන තැන ද මම නැ. නමුත් කියෙව්වොත් අම්මා මෙහෙම හිතු බව දැනගන්නට පුළුවන් වෙවී.
      ඔබේ කවිය කියෙව්වාම මට මතක් උනේ දවසක් දෝණිට අවුරුදු 5 දී එයාව එක්ක ගෙන ගියා පල්ලියකට හැම තැනම දුවලා ඇවිත් අහනවා "අම්මේ බුදුසාධු මෙහේ නැනේ කියලා"... මං ඇහුවා ඇයි පුතේ කියලා , එත් දෝණි මට දුන් පිළිතුර මෙහි ලියන්නට බැරිය. දෝණි ඒ වගෙය :)

      ස්තුතී දුමී

      Delete
  4. විවාහය යනු වැට බඳිනු බැරි හිතට එබෙමින් හතර මායිම් සෙවීම නොවන බව දන්නා ඔහු නිසාය.මේක තමා වැදගත්ම එවන් සහකරුවන් කාරියන් සොයාගන්නට බොහෝම අඩුය.එරන්දි උන ඔයාද මේ ලියන මමද ඒ අතින් වාසනාවන්තය.

    ReplyDelete
    Replies
    1. ශානි ඇත්තටම ඔව්, ඒ නිසාමයි මම ලියන හැමතැනකම වගේ මේ ලිපියෙත් එය සඳහන් කලේ. නිදහස් චින්තනයට පණ දෙන බෞද්ධ දර්ශනය -( බුද්ධාගම්කරයා, යු.ඇම් .පී කාරයා , ශ්‍රී ලංකා කාරයා , ගනන්කාරයා වැනි කාරයකු නොවී) මිනිසෙකු වන්නට හැදෑරිය යුතුය. ඉගැන්විය යුතුය. එවිට ඔබ සහ මා මෙන්ම සියල්ලෝම නැත ද ටික දෙනෙකු හෝ වාසනාවන්තයින් වනු ඇත.
      සියළු ආගම් වල හරය එය උවද අව්ල ඇත්තේ ඉගැනිව්මේ විය යුතුය
      https://www.youtube.com/watch?v=iXD_qrrmsT0

      Delete
    2. //////විවාහය යනු වැට බඳිනු බැරි හිතට එබෙමින් හතර මායිම් සෙවීම නොවන බව දන්නා ඔහු නිසාය///////////////
      +++++++++++++=

      Delete
  5. ///////“When I do good, I feel good. When I do bad, I feel bad. That's my religion.”
    ― Abraham Lincoln///////////////

    මෙන්න මේක තමයි මගේ ආගම.

    ReplyDelete
    Replies
    1. එකඟ යි අරුණ. ඔබ ගැවසෙන ලියන තැන්වල මම ඔබේ ඇදහීම් වල අගය දැකලා තියෙනවා. ඔබ ප්‍රවීණයකු නිසාම නෙවෙයි ඔබ දරණ අදහසුත් එක හේතුවක් මම ඔබට ගරුකරන.

      Delete
  6. විවාහය කියන්නෙ විකෘතියක් ... ලෝකෙ ගොඩක් ප්‍රකෘති ලෙසින් තියෙන කන්සෙප්ට් ඇත්තටම බැලුවොත් විකෘති

    ReplyDelete
    Replies
    1. කොමි තැන් කීපයකම ඔබ මේ ගැන කතාකරනවා දැක්කා. ඔබේ අදහසට එකඟව උත්තර දෙන්න අවශ්‍ය උනත් සමහර තැන්වල අදහස් දැකිවීම කාලය නාස්ති කරගැනීමක් හැටියට හිතුන නිසා නිහඬව ම ආවා. සුද්දා හදපු concept එකට කොලේක ලියලා conceptual model එකක් උන අපි එකගෙයි කාපු උදවිය. අද අපි conceptual models in puppets වෙලා ඉන්නකොට සුද්දා අපිට කියන්නේ hypocritical sexism කියා එළිපිට ද නොකියා Asian mindset ද කියාය. බුදුන් "කාමේසු මිච්ඡාචාර වේරමණී සික්කා පදං සමාදියාමි " කිව් සැනින් එහි අරුත "සිහිය ප්‍රමාද කරන්නාවූ සියළු කාමයන් හී නො ඇලෙමි " යන්න වසා දමු බැවින් සුළගින් ද දරුවන් පිලිසිඳිය හැකි යන භීතිකාවෙන් පෙළෙන දරුපරපුරක මා ද පුරුකක් විය. නමුත් ගැටළුව එය නොවේ ඒ පරපුරේ අය අද එම භීතිකාවෙන් ගලවා ගැනීමත් පසු පරපුරට "මිනිසා ද වර්ගයා බෝ කීරීම සොබාදහමින්ම යුතුකම කරගත් සත්ව කොට්ටාශයක්" බව ඔව්න් හරහා ඒත්තු ගැන්වීමත්ය.

      Delete
    2. ලස්සනට විග්‍රහ කළා ඔබ. එරන්දි මම හිතන්නෙ ඔබ මාව පුද්ගලිකව දන්නවා කියලා. ඔබට මීගමුව පැත්තේ ඉතිහාසයක් තියෙනවා නේද

      Delete
    3. :) ඔව්, මම හැදුනේ වැඩුනේ ඉගෙන ගත්තේ මීගමුවේ. ඒ උනාට මම ඔබව දන්නේ බ්ලොග් වලින්ම තමයි. අඩුතරමින් නමවත් දන්නේ නැ ... :)
      හැබැයි හරි පුදුම දෙයක්, වැඩි දෙනෙක් හිතන්නේ මං ඔවුන් පුද්ගලිකව දන්නවා කියලා. සමහර විට මෙහෙම වෙන්න ඇති , ලියන්න කම්මැළි මම වැඩිපුර කියවනවා ඉතිං ඒ නිසා මට කොමි වගේම අනිත් අයවත් වැඩිපුර තේරුම් ගන්න පුළුවන් ඇති .

      Delete
  7. ආවි ආවු පට්ට කවි කොටය
    මෙක ලියල තියන ස්ටයිල්.එක ටක්කෙටම කියන්නම්
    "දැනගන ගියොත් බුවා
    නොදැන ගියොත් එබුවා Style" :)

    ReplyDelete