Monday, January 23, 2017

ඔබට සිත ආදරේ කරයි....

ලියා මැකු 
පද දහසෙක 
නුඹ සිටියා 
දොඩමළු වී.... 
කතා කරන 
සිතුවිල්ලෙක
නුඹ සිටියා
මගේ ළඟින්.... 

ඇවිත් යන්න
 ආ දවසක
නුඹ සිටියා 
සෙනෙහෙ සිතින්.... 

යළි නාවත් 
නොහඩන්නට

තියා ගියා 

සුවඳ ළගින්.... 


ඒ ආදරේ
   මං
   එරන්දී 






24 comments:

  1. කවට පදක් මිහිර බෙදයි
    මලට ළඟින් සුවඳ තබයි
    හිතට හිතක් කතා කියයි
    ඔබට සිතක් ආලෙ කරයි.......

    ලස්සනයි එරන්දී. ඔය කෙටි කවි ස්වරූපය තාමත් අල්ලගන්න බැරි වුණානෙ මට ඔබ වගේ..

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී දුමී... ඔබ හරි අපුරූ සඳැස් කවියෙක්,සඳැස් කවි රීතී ප්‍රගුණ කළ පමණින් ම දක්ෂ කවියෙකු විය හැකි. නමුත් ඔබ වගේ හෘදයාංගම , කවීත්වයක් ලබන්න පෙර පිං තිබිය යුතු යන්න මගේ හැඟීමයි.

      තව දෙයක් දුමී ඔබ ට ඕනේ නම් මේ රටාවට ලියන්න කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයයි.. ඒ මං වගේ කම්මැලි වෙන්න :) :)
      ඒ වගේම මගේ විවිදාකාර මාතෘකා ගැනත් දුමී වතාවක් කතාකලා මතයි, ඒ ඉස්කෝලේ යන කාලේ සඟරාවලට තරඟ වලට මට අමතරව අඩු ගානේ පස් - හය දෙනෙකුට නිර්මාණ කරනවා ඒ කවි , නිසදැස්,චිත්‍ර ඉතිං ගුරුවරුන්ට අහු නොවෙන්න විවිද ශෙලියට ලියන්න (අකුරු වගේම චිත්‍ර අඳින්නත්) මට පුළුවන්. :)

      බොහොම ලස්සනයි ඔබේ මේ සිව් පද

      Delete
    2. කම්මැලිකම තිබ්බත් කවි කිව්වොත් කවිම තමයි එරන්දී.
      බලන් යනකොට එරන්දිත් මම ගිය පාරෙමද යන්නේ. ඉස්කෝලෙ යන දවස්වල මගෙත් වැඩේ යාලුවන්ට චිත්‍ර අඳින එකයි කවියක් ලියන එකයි. (ඉස්කෝලෙ වැඩට අමතරව පන්තියේ යහලු යෙහෙලියන්ගෙන් බේරිල්ලක් නෑ රෝසමල් ඇඳලා දෙන්න කියලා.)
      ඒ හුරුව වෙන්න ඇති මේ අපිට තියෙන්නේ. එහෙම නේද එරන්දී. ?

      ජයවේවා!!!

      Delete
    3. හරියටම හරි දුමී... ඇයි Invitation ඇදීම :) :) වෙලාවකට පුදුම හිතෙනවා දුමී අපි ඉගෙන ගත්තේ කොහොමද කියලා. ඒ කාලේ මට පෙන්නන්නම බැරි වැඩේ රෝස මල් ඇදීමයි , යාළුවන්ගේ love letters ලිවීමයි. පස්සේ පස්සේ මං ඒ වැඩේට Milk toffee වලින් ගාස්තු අය කළා :) :)

      Delete
  2. හිත තමයි සේරෝටම මුල...

    ලස්සනයි පද පෙළ...

    ReplyDelete
    Replies
    1. "චේතනහන් භික්කවේ කම්මං වදාමී " කියන්නේ ඒ නිසානේ නේද අක්කී.
      "සිකුරු ලියා ", "කිඩාරම් මලේ " සහ "ඔබට සිත ආදරේ කරයි" කියන ගීත තුනම පිළිවෙලට ඇහුණාම මට මෙහෙම හිතුනා.
      ස්තුතී අක්කී

      Delete
  3. වචන කරන්න බැරි උනු ආදරයක් ...ආයෙත් වචන කරලා...
    ලියා මැකූ පද දහසම පද කීපෙක ආයෙත් ලියලා..
    ආදරණීයයි

    ReplyDelete
  4. ඉතින්
    ඔබ යන්න
    ආයෙ නෑවිත්ම ඉන්න...

    බලාපොරොත්තු සේරෝම
    ඔබම අරගෙන යන්න
    මතකයේ සුවඳ විතරක්ම
    මගේ ළඟ තියා යන්න...

    මතක් උනත්
    අමතක උනා වගේ
    නෑවිත්ම ඉන්න...

    ReplyDelete
    Replies
    1. ඔබ යන්න ඔබේ මඟ
      මට ගන්න මගේ මඟ
      හමුවෙතොත් යනෙන මඟ
      සිනාවෙන් සමු'ගනිමු අපි අපේ මඟ

      බොහොම ස්තුතී ශානි ඔබේ ලස්සන නිර්මාණයක් , නිර්ලෝභීව මං වෙනුවෙන් සටහන් කලාට.

      Delete
  5. ආදරය නම් වූ අපූර්ව හැඟීම ..මෙන්න මෙයයි

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතී විසිරි... මෙහේ ආපු පළවෙනි වතාව නේද..?

      Delete
    2. ඔව් ඔයා මට කොමෙන්ට් කල ලින්ක් එකෙන් මම ඔයාව කියවන්න ආවා...ඔන්න මගෙ රීඩින් ලිස්ට් එකෙත් දැන් එරන්දි ඉන්නවා...ලියන්න...මම ආසයි කියවන්න..ඒ සරල සොඳුරු හැඟීම්

      Delete
    3. :) බොහොමත්ම ස්තුතී විසිරි.. ඉඩ ලැබෙන විදිහට ලියන්නම්

      Delete
    4. මමත් පස්සෙන් ආවේ එරන්දිගේ කමෙන්ට් එකක් හරහා..හරිම ලස්සනයි..කියවන්න අාසයි....

      Delete
    5. @ පන්හිඳ, බොහොමත්ම ස්තුතී මෙහේ ආවට. ඔය ඇගයීම තව මොන මොනවා හරි ලියන්න හරි වටින උත්තේජයක්.

      Delete
  6. ඔබ ඇවිදින්
    දුන්න හීන
    උඩු හුළඟෙ ගියා


    ඉඳක හිටක ඇවිදිල්ලා
    හිත හීතල කලා
    ඔබ නෑවිත් මඟ ඇරියට
    හිතට දුකක් තමයි
    ඒත් තවම හිත ආදරේ
    ඔබේ හිතටම තමයි....

    ReplyDelete
    Replies
    1. හිතට දැනෙන
      මතක සුවඳ
      හිත පතුලේ
      සීතලට මිදුණ
      ඉදහිටක උතුරයි
      කඳුළකින් උණුහුම් ව......

      @පන්හිඳ... ඔහ් ඔබේ බස ගීතවත්... මේ ලියපු පද ටිකම තව ටිකක් එකතුකරලා ගීතයක් කරන්න.
      මම මගේ නිර්මාණ වල විඳින සුන්දරම අත්දැකීම , හැම වෙලාවකම මගේ නිර්මාණ වල කියවන කෙනා තමන්ගේ කරගෙන ප්‍රතිචාර දක්වනවා. ඇත්තටම මගේ සිතුවිල්ල උනේ යෞවන ප්‍රේමය නෙවෙයි,කලින් කියපු ගීත ටික අහනකොට හිතේ ඇතිවෙන වියෝගය කියන හැඟීම ම කුළුදුල් පුතුගේ වියෝව අම්මා කෙනෙක් විඳින විදිහ ගැනයි ඇත්තටම මේ ලියුනේ...

      ආයෙමත් කියන්නට ඕනේ ඔබ සැබෑම දක්ෂයෙක්...

      Delete
    2. සුවද තියා මා ලග ඔබ අරන් යන්න මල් වගෙ ද තෙරුමක්ද ?
      මටනම් %100 තෙරුනෙ නැ But
      ලස්සනයි

      Delete
    3. :) මේ කමෙන්ට් වල තියෙනවා මගේ සැබෑ සිතුව්ල්ල.

      Delete