Monday, January 30, 2017

යුද්දෙට නැති කඩුව අමාරුම නම් " TELL IN සිංහල PLEAS" නොකියා කීමටය......


මේ බස හෙළ බස
සු'බස මවන රස රැස 
දෙසයැ හෙළ, 
දිගත සුපතළ...
රසය රසකිදයැ රස
මුව වික විකා 
වහරනකොටැ... 
ඒ රට රැටියන

"සකස්කඩ"
ELOCUTION යැ 
දුහුණන්ට...
ඒ බස මළ බසයැ 
කී උගතුනේ 
සමනළයා ය සමනලයා වීයැ 

එකල් හී 
හෙළයා හෙලුවෙන් යැ 
තතන තතනා 
රඟන රැඟුමේක 
හෙළ හෙරලියැ 
නොදිර ඉතිරියැ
තවමැ  
විළියෙන් යැ 
කුස අග කෙළවර යැ 
සැඟව....

අහෝ 

අරුමෙකි යැ 
මැද සාලයේ 
ගල් වංගෙඩිය 
පිත්තල සෙම්බුය 
ගම් ගෙවල 
පිළිකන්නේ යැ....

එහෙව් හෙළයින් යැ
රා මතේ මතින දිවෙනැ  
එ'හිමිසඳු වැඩි මඟට 
පිළිපන් නාලාගිරියායැ  
පිරිත් පැන් වඩනකොට 
අනේ "සාධු"යැ 
තියනකොට හු මිටි යැ 
රජා මරා වහරන බසිනැ.....  :)  

ඒකත් ඔන්න ඔහේ කියලා දැම්ම 
මං 
එරන්දී 


46 comments:

  1. //සකස්කඩ නොකිව් කට
    උගේ කට හුඹස් කට//

    හෙළ බස ප්‍රගුණ කළ සාහිත්‍යය ලෝලී වූ මගේ මිත්තණිය නිතර කිවූ කතාවක්.

    එරන්දි ගේ සාහිත්‍යය රසයට නිව්ස්ටෙඩ් එකෙන් සෑහෙන්න සුබවාදී බලපෑමක් වෙලා ඇති කියලා මම හිතනවා.

    ReplyDelete
    Replies
    1. :) :) :) :) කොමි SPY කෙනෙක් ද....???
      //සකස්කඩ නොකී කට - උගේ කට හුඹස් කට// මමත් නිතර කියන වැකියක්..
      සාහිත්‍ය රසයට වගේම ස්වාදීන චින්තනයටත් ඉතාම සුබවාදී බලපෑමක් ලැබුණ තැනක් තමයි නිව්ස්ටෙඩ් එක කියන්නේ.

      ඔබ නම් මාව හොඳින්ම දන්නා හැඩයි. පොඩි අනුමානයක් තියෙනවා එත් මං හිතන කෙනෙයි ඔබ කතා කරන කාලවකවානු යි අතර නොගැලපීමක් තියෙනවා. එකනේ වැඩේ.....

      Delete
    2. එහෙම නොගැලපීමක් තියෙනවද... එහෙනම් ඔයා හිතන කෙනා මම නොවෙන්න පුලුවන්. ඔයා හිතන කෙනාව පවා මම දන්නවා වෙන්න පුලුවන්..
      කොච්චියා කාලයක් spy කෙනෙක් වෙලා උන්නා

      Delete
    3. හපොයි... එන්න එන්නම ප්‍රෙහෙලිකාව අමාරු වෙනවනේ :)

      Delete
    4. ඉතින් ලිහා ගමුද...නැත්නම් මෙහෙම්ම ඉමුද

      Delete
    5. දෑන්නම් විසදන්නම ඕනේ.... ඔබ ලියලා මකපු විස්තර අතරේ තිබුණා මම නොදැන හිටි තොරතුරක්... මට කොමිව දැන ගන්න ඕනේ ඒ තොරතුරු සනාත කර ගන්න. වෙබ් එකම පුරාම හෙව්වා කීප දෙනෙකුට කතා කළා... එත් මට ඇය ව හොයාගන්න තවම බැරි උනා. මට ඒ ගැන තියෙන්නේ කණගාටුවක්, ඇය මේ ලස්සන ඉතිහාසය ඇතුලේ ඉන්නම ඕනේ... මම Mrs. Seanarthna ව සම්බන්ද කරගන්න හැදුවත් තාම බැරි උනා. කරදරයක් නෙවේ නම් මට ඇය කියන්න.

      සමාවෙන්න මගේ නොදැනුවත්කමට.

      Delete
    6. ඔබේ විද්‍යාව ගුරුතුමිය.. ඔබ ඒ කාලෙ කටු වැඩ කොළ වල නිසඳැස් ලියලා දුන්නු

      Delete
    7. මම දන්න විදියට මගේ අම්මා ගාව තාමත් ඔයා ගේ නිසඳැස් තියෙනවා

      Delete
    8. දෙවියනේ...... අනේ අයියේ මට හිතුනෙම ඔයා කියලා එත් අයියගේ post වල තිබුණු කතා එක්ක යි මං අතරමං උනේ.....
      ඔව් මිස් ගාව තාම තියෙනවා.. මං පොඩ්ඩෙන් මිස් ට කතා කරලා අහන්න ගියේ..... අද මම ලියන හැම වචනයකම ගෞරවය හිමිවිය යුතු කෙනෙක් අයියේ මිස්... උගන්නපු පාඩම් ගොඩක් මම ලියා ගත්තේ නිසදැස් වලින්. පංතිය මුල්ලකට වෙලා කුරුටු ගගා ඉදලා අන්තිමට මිස් ට යවනවා. තාම මට මැවිලා පේනවා මිස් ඒ දිහා බලපු විදිහ. සටහන් ලියන්නේ ගෙදර ගිහින් මතකෙන්... ඒ තමයි ගුරුදෙවිවරු කියන්නේ.මම ඉස්සර හැම Prayers වලටම ගිහින් බලනවා. මිස් මං ගාවින් යනවා දැක්කේ නැ වගේ.. මිසිස් සේනාරත්නත් එක්ක , ඒ දෙන්නම කවදාවත් මට කැ ගහලා නැ.කොච්චර කිව්වත් මට මිස් ගැන කියලා ඉවර කරන්න වචන මදි.
      මේ තියෙන්නේ 2013 වල මිස්ට tribute කරපු නිර්මාණයක් (https://www.facebook.com/photo.php?fbid=503671376370209&set=a.503577883046225.1073741832.100001820523839&type=3&theater)

      ඇත්තටම මම නවත්තපු තැනින් ආයෙත් ලියන්න පටන් ගත්තෙත් මිස් හින්දමයි... ඔය post එකේ මං එක ලියලා තියෙනවා.

      ඒ වගේ ගුරුවරු ලබන්න අපිත් ඒ වගේ දෙමව්පියන් ලබන්න අයියලත් පිං කරලා තියෙනවා..

      Delete
    9. සතුටු දායක දෙයක්. ඇත්තටම කොච්චිත් එරන්දිත් දෙදෙනාම වාසනාවනතයි කියලයි මට හිතෙන්නේ. බලන්න එරන්දී. අහම්බෙන් හෝ අලුත්වෙන ඒ මතකයන් ඒ සමබන්දතාවයන් හිතට තදින්ම දැනෙනවා නේද ?

      Delete
    10. ඇත්තටම ඔව් දුමී. මම දැන් මිස්ට කතා කරනකොටම මිස් මගේ සම්පුර්ණ නමම කියලා ඉවරයි. ඒ විතරක් නෙවෙයි ක්‍රීඩා නිවාසයත් එක්ක ටයි එක ගැන කියලා මිස් කියනවා, "හිරට ගොතපු ලස්සන දිග කොන්ඩේ එක්ක හැම වෙලාවෙම හිනාවෙන ඔයාව මට දැනුත් මැවිලා පේනවා " කියලා.
      බොහොමයක් අය අද ගුරුවරු ගැන කියන කතා අහනකොට ඒ කතා අපිට අරුමයක් වගේ දැනෙන්නේ මේ වගේ ගුරුවරු එක්ක අපි හැදුණු වැඩුණු නිසා වෙන්න ඇති දුමී...

      Delete
    11. එරන්දි. අපි ඉස්කෝලෙ යන කාලෙ තිබ්බ ගුරු ගෝල බැඳීම අදවෙනකොට තියෙනවද කියලත් හිතෙනවා. ගුරුවරු අපිට කාරුණික වුණා වගේම අපිත් ඔවුන්ට ගෞරව කරා. ඒක අදටත් එහෙමයි. මටත් ගුරුවරු සම්බන්දව ලියන්න සෑහෙන්න දේ තියෙනවා. "හීන දකින්නී" ගේ එක ලිපියකත් මම ඒ ගැන කිව්වා.
      මෙදා මගේ බ්ලොග් එකේ තියෙන්නෙත් ඒ ගරු ගුරුවරු ගැන කෙටි කවියක්. නිවාඩු වෙලාවක එරන්දි ඒකත් බලන්න.

      Delete
    12. එරන්දි මම හදිසියෙන් දැක්කෙ ඊයෙ පෙරේදා ඔයා අපේ අම්මට එවපු ඒ ට්‍රිබියුට් එක. මට ඒ නම එක පාර පුරුදු වගේ නිසා තමයි බැලුවෙ..එතකොටයි මට මතක් උනේ..ඒ දවස් වල එයා මට ඔයාගෙ නිසඳැස් පෙන්නලා තියෙනවා.
      මගේ පෝස්ට් වල මොනවද ඔයාට මාව මම කියලා හිතන්න බැරි දේවල්..මම ලියන්නෙ සැබෑ මාව..අමුවෙන්ම. මිනිස්සු මාව දකින විදිය හා මගේ පරිසරය එක්ක මාව දකින්න හිතන විදිය කොහෙත්ම මම නෙවෙයි.

      Delete
    13. නැ අයියේ ඔයාගේ අන්තිම පෝස්ට් එකේ හැටියට මම හිතුවේ අයියා 70 කාලේ කියලා. ඒ වයස පටලැවිල්ල තමයි මට හිතාගන්න බැරි උනේ.
      ඔයා ව දන්නා නිසයි වයසේ අවුලයි විතරයි, එහෙම නැතුව ඔය ඉන්නෙම නම් අයියාම තමයි :)

      Delete
    14. ප්‍රයිවට් චැටක් දාපියව්කෝ රෙද්ද

      Delete
    15. මේ සියලු කමෙන්ට් කියවීමෙන් පසු ලැබුනු නිගමනය එරන්දි කොච්චි අයියාගේ අම්මගේ හොදම ගෝලයෙකි.

      Delete
    16. @අටම්... අපරාදේ අටම් අයියටත් එන්න තිබුනේ අපේ ඉස්කෝලෙට :) :) . කවිය කියවලත් නැ එකට කමෙන්ට් එකකුත් නැ....

      Delete
    17. @සොඳුරු.. හොඳම කෙසේවෙතත් ගෝලයෙක්... :) ඒ කාලේ අපි නම් දරාපු දඟමලු :) :) :)

      Delete
    18. @දුමී , අනේ සමාවෙන්න මට දුමී ගේ කමෙන්ට් එක මඟ අරුණා. ඇත්තටම ඔව් ඒ ගෞරවය ඔවුන් අපෙන් බලාපොරොත්තු නොවුණත් අපේ සිතුවිළි වලට ඒ හැඟීම් කාවැදිලා ඉවරයි. "සමහර ගුරුවරු දැන් අපි වඳිනකොට අනේ රත්තරං පුතේ දැන් වඳින්න එපා කියනවා..." ඒ ඒ අයගේ නිහතමානීකම.
      මට මතකයි දුමී , හිනදකින්නිගේ පොස්ට් එකක එහෙම කිව්‍වා. මම බලන්නම් ඉන්න

      Delete
    19. ස්තුතී බොහොමත්ම Pra Jay

      Delete
  2. අපූරූයි එරන්දි. මේ හැකියාවනම් ගොඩක් අගෙයි.
    මේවා කියවද්දී තමයි හිතෙන්නේ විද්‍යා විෂයන් නොකර සිංහල සාහිත්‍ය වගේ විෂයක් කරානම් හොඳයි කියලා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී දුමී... :) නැනේ මමත් උසස් පෙළ කලේ ජිව විද්‍යා අංශයෙන්... :) :) හැබැයි වැඩි හරියක් හිටියේ චිත්‍ර කාමරේ, සිංහල අංශයේ සහ Broadcasting Unit එක බදු අරගෙන :) :)

      Delete
    2. ඔයාලගෙ චිත්‍ර කාමරේ මට මතක හැටියට තිබ්බෙ මේන් හෝල් එකේ දකුණු පැත්තෙ.. පියානෝ එකට එහා පැත්තෙ කාමරේ

      Delete
    3. කොමි ඔබත් Grade 5 වෙනකම් හිටියේ එහෙ ද...??

      Delete
  3. හානේ..ඔහේ නිව්ස්ටඩ්ය?...මගෙ හොඳම මිතුරියක් ඉන්නව නිව්ස්ටඩ් ආදි ශිෂ්‍යාවක්....දන්නවය නිව්ස්ටඩ් කියන්නෙ ලංකාවෙ පැරණිම පාසල කියල?...මම හිතන්නෙ ආසියාවෙන්මත්ද කොහෙද...

    ReplyDelete
    Replies
    1. නැහැ...ඊට වඩා පරණ පාසල් දෙකක් තියෙනවා.ඒ ඔක්කොම මෙතෝදිස්ත පාසල්..

      Delete
    2. ලංකාවෙ? මොනවද ඒ? නිව්ස්ටඩ් එක පටන් අරන් තියෙන්නෙ 1816 අවුරුද්දෙ.

      Delete
    3. කටුනායක methodist high school
      The Galle school...(Richmond College)
      Methodist school මඩකළපුව

      Delete
    4. :) රවී ඔව් නේ... මම නිව්ස්ටෙඩ් ආදී ශිෂ්‍යාවක්.

      ඔව් කොමි අපි තමයි ලංකාවේ 200 සමරපු පළවෙනි පාසැල. ඒ වගේම දකුණු ආසියාවෙන්ම නේවාසිකාගාර පහසුකම් සහිත පරණම කාන්තා පාසැල.

      රවී..... 200 සැමරුමේ Candle night concept මගේ අදහසක්. හැබැයි අදහස විතරයි ක්‍රියාත්මක උනේ හැමෝගෙම එකමුතුවෙන්. මුලින්ම ඉරුදින පාසලක් හැටියට පටන් අරගෙන තියෙන්නේ 1815 පිරිමි ළමුන් සඳහා. 1816 දී තමයි කාන්තා පාසලක් හැටියට ප්‍රතිෂ්ඨාපනය කරලා තියෙන්නේ.
      ඔබ නම් නිව්ස්ටෙඩ් එක ගැන හොඳටෝම දන්නවා. ආඩම්බරයි ඒ ගැන. මම 2001 ඔබේ මිතුරිය කොයි කාලේ ද දන්නේ නැ...??

      Delete
    5. @කොමි අපි ජුලි 31, මගේ මතකය නිවැරදි නම් මඩකලපුව Methodist College එක 1816 අගෝස්තු.

      Delete
    6. Kochchi,

      Thanks so much, මම මේ පාසල් තුන එච්චරම පරණයි කියල දැනගෙන හිටියෙ නෑ.

      Delete
    7. රොබට් නිව්ස්ටෙඩ් 1816 දී ගොඩ නගන්නෙ දොන් ඩැනියෙල් පෙරෙයිරා 1815 පටන් ගත්තු පාසල..ඉරිදා පාසලක් ලෙසින්. ඔයාලගෙ main hall එකේ තියෙන රොබට් නිව්ස්ටෙඩ් ගෙ පින්තූරය ඇන්දෙ 175 වන සංවත්සරය ට.
      "එකසිය හැත්තෑ පස් වසක්
      සපිරුණු පාසල් මව් නමින්...."

      Delete
  4. BEJ,

    /200 සැමරුමේ Candle night concept මගේ අදහසක්./

    ෂහ් අන්න එහෙමනෙ ඉන්න ඕන...

    /මම 2001 ඔබේ මිතුරිය කොයි කාලේ ද දන්නේ නැ...??/

    අපොයි ලෝං ටයිම් බෑක්...හෙහ්,හෙහ්, ඇය මගේ වයසෙ....ඒ කියන්නෙ ඉස්කෝලෙන් පිටවෙන්න ඇත්තෙ 83 වගෙ වෙන්න ඕන...:)

    ReplyDelete
    Replies
    1. :) ස්තුතී.

      මං ඉපදිලා තියෙන්නේ 82 :)

      Delete
  5. ඒක මරු.. සමහර අයට සිංහල කතා කරනව කියන්නෙ (ඉංගිරිස් වචනයක් නැතිව( නිකං පරිප්පු නැතිව බත් කනව වගේලු. අනේ මංද අපෙ ආච්චි තමයි මටත් කිව්වෙ

    ReplyDelete
    Replies
    1. :) :)ආච්චි ගේ කතාවනම් ඇත්තම ඇත්තය. නිතර විදේශිකයන් හා ගැටෙන රැකියාවක් කරන මට ඔය අපේ අයගේ ඉංග්‍රීසි ලෙඩේ ගැන හරි අපුරූ නිර්ණයන් ලැබිල තියෙනවා. :) :)

      බොහොම ස්තුතී මහේෂ් ..!

      Delete
  6. බස නසන සඳ.....හෙලයන්..
    නියමයි මේ කවි ටික

    මේ දැන් නිව්ස්ටඩ් කොමෙන්ට් දුටුවා..ඒ කියන්නේ එරන්දි ඉන්නේ මීගමුව අවට.....මාත් ඒ අවට....පාරෙ යද්දි බල බල යන්න ඕන එහෙනම්

    ReplyDelete
    Replies
    1. ස්තුතී විසිරි...
      :) :) අනේ එහෙම ද...?? සති අන්තයේ තමයි එහෙනම් බලන්න වෙන්නේ විසිරි. අම්මලා බලන්න සතියක් ඇර සතියක් අපි මිගමුවෙත් කොළඹත් යනවා :) :) මාව නම් විසිරි අඳුර ගනීවි ලේසියෙන්ම එහෙම උනොත් අනිවාර්යයෙන්ම කතා කරන්න :)

      Delete
  7. මේ කවිය රසයැ
    හෙළ බසද මරුයැ..

    අපූරුයි මටනම් මෙහෙම ලියන්න බෑ කොච්චර උත්සහ කලත්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී සොඳුරු මේ අගය කීරීම තව ලියන්න හිත පොළබවනවා. මං කීප වාරයක් කුමාරතුංග මුනිදාසයන්ගේ මේ භාෂා සහ ව්‍යාකරණ, රටාවෙන් පර්යේෂණාත්මක නිර්මාණ කීපයක් කළා. වැඩිදෙනෙක් මට හිනා උනා. :) :) එකේ වැරැද්දකුත් නැ එක අතකට , ඔය පණ්ඩිත වැඩ කරන්න ගිහින් පාරේ යනකොට ඉස්සර පිරිමි ළමයි මට කෑ ගහනවා "මිස් පුරාවිද්‍යා ". අපි මේ තරමට මේ දේවල් වලට ආදරේ උනාට තවකෙනෙකුට විහිළුවක් වෙන්න පුළුවන්. ඒක ඒ අයගේ කැමැත්තනේ ඉතිං මට ඒ ගැන තරහක් නැ.
      ඔබ මේ ලිවීම් අගය කරන අය වෙනුවෙන් මං ලියනවා.

      බොහොම ස්තුතී ඔබට...

      Delete
  8. ලස්සනයි එරන්දි.
    //ඒ බස මළ බසයැ
    කී උගතුනේ
    සමනළයා ය සමනලයා වීයැ //

    මට වැඩියෙන්ම දැනුනු තැන. ජයවේවා !!!

    ReplyDelete
  9. අවංකවම සතුටු වෙනවා අක්කේ , අක්කගෙ හැකියාව පිලිබදව. අක්කට ජයෙන් ජයම වේවා !!!

    ReplyDelete
  10. හරිම අපූරු සටහනක්, ඒක කියවනවට වඩා වෙලා ගියේ කොමෙන්ටු කියවන්ඩ අයුබොවන්ඩ 😊

    ReplyDelete