Tuesday, February 28, 2017

කන්ද - කෙන්ද

Snow white stepmother -Image by Google


ඉතිං ගයාපන් බර බර තානම නුඹ කෙවිළියේ....
මිහිරි ඉමිහිරිය එ'ගැයුම් ගිරි යටිගිරියේ...
ඉතිං රඟාපන් උඩ පැන පැන කරළියේ...
නුඹ මොනරෙකි පිල් විහිදපු පේඬියේ....

ඉතිං තප්පුළං රඟාන සැඬ මවාන මේඝයේ...
උඩු හුළගට ගසාන යන නුඹ පරඬල් පේළියේ...
නිවී දිළෙන නුඹ හිතුවට කණාමැදිරි පැන්චියේ...
නුඹද සඳෙකි රැහෙන් දිළෙන හිරුට හොරෙන් කරළියේ....

රඟන කලට කෙළි මඩල කී කකාර  දිය සැළියේ...
කෙලින් නොයා කෙලින් යන්ට පාර කියන කකුළුයේ.....
ගිජු ලෑ වට මහන්තත්ත කපුටු පැලේ ක කෙවිළියේ... 
ඉගිලෙනකොට සුද පෙනෙළු කන කොකාගේ මෝඩියේ....

එහෙව් මෝඩකම් නොකරමී 
හිතන 
මං 
එරන්දී...

පසු සටහන - මෙය විශාරද මාලනී බුලත්සිංහල මහත්මිය විසින් ගායනා කළ , ප්‍රේමකීර්ති ශුරින් විසින් රචිත  "කන්ද කෙන්ද කරණු පිණිස" ගීතයේ අරුත ජනවහරේ අපට අසා හුරුපුරුදු කියමන් ආශ්‍රයෙන් කෙරුණු නිර්මාණයකි.


42 comments:

  1. එරන්දි. මේ අපූරු පද ගැලපුමට පිළිතුරක් හොයාගන්න බෑ මට. සිංහලේ තියෙන ඔන්න ඔය වගේ වචනවලට තමයි මම වඩාත් කැමති. ඒත් මගේ ඒ දැණුම අඩුයි. දන්න කියන වචන ටිකකින් තමයි කවි උපදින්නේ. ඉතින මේ කවිය හරිම රහයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මම ජීවිතේට හිතුවෙ නෑ අපේ දුමියා පිළිතුරු කවියක් ලියාගන්ට බැරුව අර ගලේ පහරපු බළල් ගෙඩියෙක් වගෙ තක්කු මුක්කු වෙලා යන්ට කවියක් ලියන්ට පුළුවන් හපනෙක්/හපනියක් ඉන්නවයි කියල මේ බ්ලොග් අවකාසයෙ..

      නියමයි BEJ, You did it.... දාන්න පහක්...:)

      Delete
    2. බ්ලොග් ලෝකෙ දක්ෂ කවියො කිවිඳියො කොච්චරනම් ඉන්නවද ? ඒ අතරින් කෙනෙක් එරන්දී. ඈ සැබෑම දක්ෂයෙක්, රවී.

      Delete
    3. දුමී,

      තරහ නෑනෙ නේ? ජස්ට් ජෝකිං...:)

      Delete
    4. රවී.
      මේ වගේ විහිලුවකට තරහ ගන්නෙ මොකටැයි ? මටනං බ්ලොග් කියන්නේ සුන්දරම ඉසව්වක්. හැබෑමයි. ...:)

      ජයවේවා!!!

      Delete
    5. @Ravi,
      අයියේ , අද put a five කිව්වට හෙට දුමී ලියයි අපිට put a ten කියන්න පුළුවන් විදිහට. ඒනිසා ඔන්න ඔහේ අපි නිකන් ඉමු. :) :)

      Delete
    6. තවත් දෙයක් , දුමී කියන්නේ ඕනේම අසීරු තැනක සීරුවෙන් රැදෙන්න දන්න අපි වගේම විහිලු තහළු කරගෙන ඉන්න හොඳ සහෝදරයෙක්

      Delete
    7. දුමී.. ඔබ හරිම විශේෂ යි, ඒ හේතු කීපයක් නිසා. ඒ මං නිතර යන එන සහ මගේම බ්ලොග් එකෙත් බොහොමයක් වෙලාවට පළවෙනි comment එක දුමී ගේ.. ඒ විතරක් නෙවෙයි, ඒකත් කවියෙන්. මං හැමදාම කියන බොහොම විරල ගුණ ඇති කවියෙක් දුමී.ඉතිං ඔබ වගේ නිහතමානී කවියෙකුගේ ඇගයීමට ලක්වෙන්න ලැබීමත් වාසනාවක්.

      පළවෙනි දේ භාෂාව කියන්නේ මිනිහෙක් මරන්න වගේම ජීවත් කරන්නත් ශක්තියක් ඇති ප්‍රබල ආයුධයක් ,ඖෂධක්.. මම යන්තමින් හෝ හසුරුවන්නට දන්නේ සිංහල සහ ඉංග්‍රීසි කියන භාෂා දෙක විතරයි. ඒ අතරින් සිංහල තරම් අරුත් දෙන තනි අකුරෙන් වරනැගිය හැකි වචන වෙනත් භාෂාව ක නැතුව ඇති. ඔබ වගේම මමත් සාමාන්‍ය පෙළ දක්වා පමනක් සිංහල ඉගෙන ගත්තු කෙනෙක්. බැරිමරගාතේ කියවපු උම්මග්ග, සංදේශ කාව්‍ය , තාත්තාගේ සහ පාසලේ සිංහල ගුරුවරියන් ගේ ඇසුර තමයි ඔබට පෙනෙන මගේ වචන එකතුවේ අයිතිකරුවන් . නමුත් මම නිතර සිංහල ශබ්දකෝෂය ඇසුරුකරන කෙනෙක්. ඒවගේම ඒ වචන වල ගම්‍ය අර්ථ නිතරම යොදාගනිමින් යෝග්‍යතාව තීරණය කරගන්නවා. ඔබට ත් ඒ ක්‍රමය උදව්වේවී දුමී. නමුත් මගේ අදහස නම් ඔබ භාෂවේ නිපුණ යෙක්.

      Delete
    8. එරන්දී...
      නෙතින් වැටෙන කඳුළක් සඟවා ගනිමී
      තුටින් ඔබේ ගුණ කථනය පිළිගනිමී
      හදින් නිහතමානී නුඹෙ ගුණ දකිමී
      ඉතින් ඉදිරි දවසට මම සුභ පතමී......

      Delete
    9. ලියෑවී කවෙක
      දිගහැරෙන සිතුවිල්ලෙක
      රුව ගුණ දැක
      ලියැවී ය සහෝදර හැඟුමෙක...

      ස්තූතී දුමී..

      Delete
    10. ආන් දුමී පුට් අ ටෙන් කියන්න කවියක් දීලා......
      එයින් මෙයින් පෙනෙනුයේ එරන්දිද සාතිශය නිහතමානී මෙන්ම දක්ශ කිවිදියක් බවයි.
      මන් හිතුවේ දෙන්නම මේ ලියන ලියවිලි වලට කාලා අංශයෙන් දිගටම ඉගෙන ගත්ත දෙන්නෙක් කියලා
      මොකද්ද එරන්දි ඇසුරු කරන සිංහළ ශබ්දකෝෂය

      Delete
    11. :) :) ඒක නේන්නං රස්ති මං කිව්වේ .. මං දන්නවා දුමී මොනතරම් දක්ෂයෙක් ද කියලා .
      නෑ මම උසස් පෙළ භාෂා මාධ්‍ය ත් සිංහල නෙවෙයි. ඒක නිසා වෙන්න ඕනේ මේ තරමට අක්ෂර ගැටළු එන්නෙ මට. මං දැන් ඒ ගැනත් ඉගෙන ගන්නවා.
      ශබ්දකෝෂය "ගුණසේන" සම්පාදක ආචාර්ය හරිශ්චන්ද්‍ර ව්ජයතුංගයන්.
      ඊට අමතරව සිදත් සඟරාව , සකස්කඩ , බුද්ධ ගද්‍ය වගේම පැරණි ලිපි ලේඛන ත් ඇසුරුකරනවා.

      Delete
  2. Replies
    1. බොහොම ස්තූතී යාත්‍රා . ඒ වගේම ආයුබෝවන් කියලා පිලිගන්නවා "මං එරන්දි "

      Delete
  3. බඹරු එතත් දෙඹරු එතත් ගහ නැහැ කැළඹීලා
    ඔහේ සිනා සෙනු මිස විහඟුන්ගේ ගී අහලා..

    මේක තමයි අමාරුම.. ඒ වගේම වටින්නෙම. අපූරුයි ප්‍රති නිර්මාණය!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූති කල්‍යාණ , මේ අගේ කිරීම තවත් අළුත් නිර්මාණය ක් කරන්න ශක්තියක් . ස්තූතී ඔබට

      Delete
  4. මෙතෙක් මම ඔයාගේ කියවපු කවි නිර්මාණ වලින් මටනම් හොදම එක මේක එරන්දි, අපූරු වචන හරඹයක්...

    ReplyDelete
  5. Replies
    1. ආයුබෝවන් වැව් ඉස්මත්ත ..!!
      බොහොමත්ම ස්තූතී ඔබට .

      Delete
  6. අපි සලකනවා මදි්ද මන්දා

    ReplyDelete
  7. අපූරුයි ... වචන දෙකක් නැහැ..
    ඔය බස ඔය ලෙස හැසිරවීම පහසු නැහැ..ඔබ භාෂාව අතට අරගෙන අඹනවා...
    Good job

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී කොච්චි ... මේ අගේ කිරීම ලොකු උත්තේජයක් තවත් ලියන්න .

      Delete
  8. මෙන්න මෙහෙම අලංකාර දාලා ලියන්න..හැබැයි ලියන දේ පබ්ලිශ් කරන්න කලියෙන් හොඳට කියවන්න...

    ගිජු ලෑ වට මහන්තත්ත කපුටු පැළේ ක කෙවිළියේ... ( පැළේ ක..?)
    ඉගිලෙනකොට සුද පෙනෙලු කන කොකාගේ මෝඩියේ.... ( පෙනෙලු....?)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතී Chef-archi ඇගයීමට වගේම නිවැරදි කිරීමටත්.
      ඇත්තටම Archi , මගේ අක්ෂර රීති ගැන දැනුම බොහොම දුර්වලයි . ඒ නිසයි මේ අඩුපාඩු වෙන්නෙ. මං ඒ ගැන දැන් ටික ටික ඉගෙන ගන්නවා .

      Delete
    2. හැදුවා Cehf-Archi බොහොම ස්තුතී

      Delete
  9. රස කවියක් එරන්දි...ඔබගේ විවිධ ඉසව් තුළ ලියවෙන කවි මන් දැකලා තියෙනවා රහයි

    ReplyDelete
  10. බොහොම ස්තූතී රස්ති.. මං ඔබට හැමදාමත් ස්තුතිවන්ත වෙනවා මොකද විවිධ මාතෘකා මං කතා කරද්දී මම වටහාගෙන හිටියේ නෑ මං කතාකරන සමහර විෂයයන් හැමෝටම පොදු නැති බව.ඒ බව මට පැහැදිලිවම කිව්වේ ඔබ, ඔබ නිසා මං පුරුදු උනා "පසු සටහනක් "එකතු කරගන්න. ඒ නිසා වැඩිදෙනකු ට රසවිඳින්න පුළුවන්කම ලැබුණා මගේ නිර්මාණ. එක අතකට මගේ නොහැකියාවක් වගේම අකමැත්තකුත් තියෙනවා එකම දේ ගැන නැවත නැවත කතා කරන්න. මං කැමති අලුත් දේවල් ගැන ඉගෙන ගන්න, අත් හදා බලන්න... ඒ නිසා විවිධ මාතෘකා ලියවෙනවා.
    ඔබ වගේම අනිත් අයගේත් අගය කිරීම් නිසා තව ලියන්න හිතෙනවා .
    බොහොම ස්තුතී ඔබට

    ReplyDelete
    Replies
    1. මගෙන් එහෙම දේකුත් වෙලාද...එරන්දි විවිධ ඉසව් තුළ ලියන වට මන් කැමතියි.මොකද ඒවගෙන් අපිට දෙයක් ගන්න තියෙන නිසා...ස්තූතියි එරන්දි....

      Delete
    2. ඔව් රස්ති :) ඔබටත් ස්තුතී

      Delete
  11. වරක් කියවලා එක් වරම ඔලුවට ගන්න කවිත් තියනවා..කීප වරක් කියවලා අභ්යාසයෙන් උගත යුතු වටහා ගත යුතු කවිත් තියනවා..එරන්දිගෙ කවි දෙවනි කොටසේ..දුමී කිව්වා වගේ මගෙත් සිංහල දැනුමත් එච්චර හයිය නෑ...එක් වරම වටහා ගන්නට...අපූරුයි එරන්දි..ඔබ ප්‍රතිභා පූර්නයි

    ReplyDelete
  12. ඌ ඉතින් කපුටගේ කූඩුවේ බිත්තර දාන්නෙත් දුප්පත්කමටනේ ඉතින්....

    මේ කවිය පට්ටලු හොඳේ

    ReplyDelete
    Replies
    1. :) :) නැ කම්මලිකමටළු :)
      ස්තුති කටුසු

      Delete
  13. එල ද බ්‍රා ...
    කම්මලි නොවී ලියන්න තව

    ReplyDelete
    Replies
    1. මං කියන්නේ කම්මැලි කියන වචනෙට ගැලපෙන ම සමාන වචනය, "busy" අන්න ඒකයී.. :) :)

      බොහොමත්ම ස්තූතී ඔබට
      ඒ වගේම "ආයුබෝවන්" කියලා පිලිගන්නවා 'මං එරන්දි ' ට

      Delete
    2. බොහොම ස්තුතී "මෙන්ඩා" :)

      Delete
  14. පේඬියේ කිව්වෙ.........

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න මම මේ කමෙන්ට් ටික දැක්කේ අද
      පේඬියේ කියන්නේ "පොල්කිච්චට"

      Delete
  15. ඉතා අගනේය....ජයම වේවා....තව තවත් වටිනා දේ ලියන්න වාසනාව , ශක්තිය ලැබේවා !!!!

    ReplyDelete