Thursday, February 2, 2017

කට්ලට් with delicious creativity හෙවත් lower middle class

පෙරන්  ගා නෑඹිළියේ 
සෝදලා අඩි වළඳේ  අඩියේ 
තම්බලා බත් හැළියේ 
ඉදෙයි ඉන්නල එකට කිටි කිටියේ..

ඉතිං ඉන්නල ද  මොළොක් විය 
බල මාළු හා සමව පොඩි විය 
අතේ නො ඇලී එක එක බෝල විය 
පාන් පිටි වතුරේ ද නැහැවිය 

අපට කොයින් දෑ වටකුරු බිත්තර 
චීස් එක්ක රස කොච්චි විතර 
බ්‍රෙඩ් ක්‍රම්බ්ස් එක්ක කර කර 
ඳින්නට බොර පාට  තෙල් හැර

පරණ පොඩි ජෑම් බෝතලයේය  
තදකර පොඩි පට්ටම් වුයේය   
ලාබ විස්කෝතු කුඩුයේය  
දවටලා statusය හංගනුයේය  

තෙල් හා කැකෑරෙනුයේ 
ගානට පදමට බැඳෙනුයේ
පොඩි පැටව් කුස රස පුරණුයේ 
දුකම දුක පහළ මැද පංතියේ........



කැලෑසියක් නැති 
මං එරන්දී

43 comments:

  1. ඉන්නල දාලනම් මට කට්ලට් කන්න බෑ ඔන්න , මේ අලුත් ඇඳුමනම් ලස්සනයි බ්ලොග් එකට

    ReplyDelete
    Replies
    1. සොඳුරු :) අකමැති උනත් එහෙම වෙච්ච හැබෑම සිද්ධියක් තමයි මේ ලිව්වේ. බොහොම ස්තුතී ශානි.

      Delete
  2. ෆුඩ්සිටියෙ 480ක්ය
    ඉන්නල කිලෝ එකක්
    හිටෙව්වානම් බංගලාව පිටුපස
    රතු බතල නැට්ටක්
    මාස දෙකතුනකින්
    නොමිලේම ලැබේය
    ඉන්නල වලට ආදේශයක්
    ඉතිරිවෙච්ච පාන් පෙති දෙකක්
    කබලෙ දාලා හරි කර කරගත්තානං
    ක්‍රම්බ්ස් තියේවි කර කර බ්‍රෙඩ්
    එහෙම කලා නං
    කම්මැලි කමට කැරකැවි කැවි ඉන්නේ නැතුව
    හදන්න තිබුනා ඔහේටත්
    රසම රස කට්ලට්....

    අනික කෑමට මොන කැලෑසිද
    දැන් කාලේ
    රස මිසක්....!

    ReplyDelete
    Replies
    1. :) Chef-Archi දන්නැ නේ මෙහෙම හිටියට මම මාරම බිසී..... දැනුත් ඔෆිස් එකේ ඉන්නේ... ඉතිං කොහොම ද බතල හිටවන්නේ :) :)
      බොස් දැක්කොත් මං බ්ලොග් ලියනවා ගෙදරටම කට්ලට් ගෙනත් දෙනවා දැන්ම..
      මොනවා උනත් Chef-Archi ගේ කමෙන්ට් එක කියෙව්වම මටත් හිතෙනවා කට්ලට් හදන්න (අම්මට කියලා )

      බොහොම ස්තුතී Chef-Archi

      Delete
    2. නැ
      වස විසෙන්
      තොර
      රටක්
      හෙවත්
      Organic food
      එක්ක රටාවක්.... :)

      Delete
    3. Organic food

      කියන්නේ පාවිච්චි කරන්නේ නැති ඕගන්වල පස් පුරවලා හිටවන කෑමවලටද

      Delete
    4. මම දන්නා තරමින් කෘමිනාශක, කෘත්‍රිම පොහොර,කැළිකසල මිශ්‍ර රොන්බොර , ජානමය වශයෙන් වෙනස් කළ ද්‍රව්‍ය එකතු නොකළ ශාකමය ආහාර ද ප්‍රතිජීවක සහ වර්ධක හොමන නොදී නිෂ්පාදිත සත්වමය ආහාර වලටයි කාබනික ආහාර කියන්නේ.

      Delete
    5. නෑ මිස් එහෙම නෙවෙයි.... ඕර්ගනික් කෙමිස්ට්‍රි උගන්නපු මිස්ලාගේ ගෙදර වවන එලවලු වලට එහෙම කියන්නේ...!

      Delete
    6. @Chef-Archi හැබැට මට මතක් උනේ නැ නේ ඔය උත්තරේ :) :)

      Delete
  3. ඉඩම කෙළවර පඳුරු ඇතියේ
    කිරි අලය තම්බලා ගනුයේ
    එයින් කට්ලට හදා ගනුයේ
    ඉන්නලට වැඩි රසය ඇතියේ

    පැණි රසය ගෑවිලා නැතියේ
    පිටි ගතිය හොදටෝම ඇතියේ
    කාල බලමුද ලබන සතියේ
    අර්තපල් ඕන නෑ යෝදියේ........

    එරන්දි. ලස්සන කවි ටිකක්. කිරි අල දාලා අපේ අම්මා දවසක් කට්ලට් හැදුවා. අරතාපල් දාලා හදන කට්ලට් වලට වඩා රසයි. දවසක හදලා බලන්න. ඕනෙම නම් කද්දි මාවත් මතක් කරන්න බැරුවැයි....:)

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මේකත් මරුය
      හදන්නටම හිතය
      අම්මා ගෙදර නැතිය
      ආවම කෑ හැකිය...

      දුමී මං හැබැට කාලා නැ කිරි අල , ඉන්නල , බතල කට්ලට්. හැබැයි මඤ්ඤොක්කා කට්ලට් කාලා තියෙනවා හරිම රසයි අර්තාපල් වලට වඩා. අනිවාර්යෙන්ම දුමිව මතක්වෙනවා.

      Delete
    2. හැබැයි කිරි අල උෂ්ණයිලු.

      ජයවේවා!!!

      Delete
    3. දුමී මට ඊයේ හදිස්සියට කියන්න බැරි උනා දුමී ගේ කවිය හැමදාම වගේ පුදුම ලස්සනයි. බොහොමත්ම ස්තුතී දුමී...

      Delete
    4. කිරි අලවල ඇලෙන ගතිය කට්ලිස් එක මස්කට් එකක් කරයිද....

      Delete
  4. ඉන්නල දාපු කට්ලට් නම් කාලා නැහැ. කවිය නම් පට්ට රහයි. කොච්චිත් ඉතින් ලාවට කවියෙ මැද චීස් එක්ක ගෑවිලා ඉන්නවා...
    හැමදාම වගේ එල කවියක්...

    ReplyDelete
    Replies
    1. කොමි :) මේ අගය කිරීම් ඇති තව මොනවාම හරි ගලපගන්න මට. කණට ඇහෙන හිතට දැනෙන ඕනෙම් මාතෘකාවක් දෙපාරක් නොහිතා මගේ අතින් ලියවෙනවා , ලියාගන්න බැරි උනොත් අමතක වෙනවා. ඉතිං මම මට රසවිඳින්න හිතාගෙන ලියනවා... මේකත් එහෙම ලියපු එකක්, බොහොම ආයාසයකින් තමන්ගේ සමාජ මට්ටම පවත්වා ගන්න අරගල කරන තරුණ දෙමාපිය යුවලකගේ අහිංසක උත්සාහයක්. ඒ ලිවීමට මේ ලැබෙන ප්‍රතිචාර වල වටිනාකම අමිලයි.
      බොහොමත්ම ස්තුතී අයියේ.

      Delete
  5. මමත් නෝනට කියන්නමම් මේ රෙසිපිය ට්‍රයි කරලා බලන්න කියලා. එයාගෙත් විනෝදාංශෙ කෑම ජාති හදන එක

    ReplyDelete
    Replies
    1. කුරහන් මේ අවුරුද්දේ මෙහේ ආවාමයි මට මතක විදිහට, ඉතිං 2017 ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..!
      මාත් හිතන් ඉන්නේ ට්‍රයි කරන්න ,ඉවීම, ලිවිම, ඇඳීම, මැහීම කියන්නේ ඉතාම වටින විනෝදාංශ කුරහන්..

      Delete
  6. /ඉතිං ඉන්නල ද මොළොක් විය .../

    "ඉතිං ඒ මහගල දෙබෑවිය" කියල පටන් ගන්න කවියක් අපි ඒ කාලෙ ඔය සුට්ටක් වගෙ ගත්තම කිව්ව...අන්න ඒ කවිය මතක් උනා ඔය ළමයගෙ ඉහත කවිය කියෙව්වම....:)

    /පෙරන් ගා නෑබිළියේ /

    නෑඹිළියේ වෙන්න ඕන.....

    හරිම අපූරුයි නෝනා...:)

    ReplyDelete
    Replies
    1. මටත් ඒකමනෙ ඔලුවට ආවෙ දැක්ක ගමන් ම.
      ළඳු කැලෑ බිහිවෙලා දිය පහරකුත් මතුවූ අපූරුව තමා ඒ කවියෙ තියෙන්නෙ

      Delete
    2. Kochchi,

      I Know My know You know Who know Bakamoono....:)

      Delete
    3. ඔය අර මුණු දෙක තියෙන එක්කෙනා ක්‍රීඩා කරන්ඩ ගිය කතාව නේද?

      Delete
    4. @රවී බොහොමත්ම ස්තූති ඔබේ නිවැරදි කිරීමට. කමෙන්ට් එකට කලින් නිවැරදි කරලාම ආවා. ඔබතුමාට බොහොමත්ම ස්තුතී අගය කිරීමට..

      Delete
    5. @ Ravi, කොමී, හැට්ටර් අනේ මම අහලා නැ ඒ කවිය ගැන.....

      Delete
    6. @හැට්ටර්...ඔව් ඔව්.

      @එරන්දි... ඔයා ගෙ මහත්තයා ඔය කවිය දන්නවා ඇති. සභ්‍ය සමාජයක් මැද මගේ නොවන බ්ලොග් එකක ඕවා ලියන එක හරි නෑ අප්පා

      Delete
    7. කොච්චි,

      උඹේ බ්ලොග් එකට යන්න බෑනෙ බං..."This site can't be reached. The connections were re-set" කියල මෙසේජ් එකක් එනව.

      මට විතරක්ද මන්දා ඒ අවුල...වෙන කාගෙන්වත් පැමිණිලි ආවෙ එහෙම නැද්ද?

      Delete
    8. @ කොමි :) :) එහෙම නම් එයාගෙන්ම අහන එක නුවණට හුරුයි

      Delete
    9. @රවී නැ කොමි බ්ලොග් එක බලන්න පුළුවන්

      Delete
    10. එරන්දි,

      ඒක තමයි... අනේ මන්ද කොහෙද අවුල කියල.

      ඔන්න මම මේ දැන් ඔබේ බ්ලොග් රෝලෙ තියන බ්ලොග්ස් එකින් එකට යන්ට බැලුව. කොච්චියගෙ එකයි අටම්ගෙ එක ඇරෙන්න අනික් එව්වට අවුලක් නෑ..බලමු මොකක් හරි පොඩි තාක්ෂණික ප්‍රශ්ණයක් ඇත්තෙ...

      Delete
    11. රවී..

      වෙන්න පුළුවන් මේ පොස්ට් එක පබ්ලිෂ් කරන්න ගිය වෙලාවේ මට මගේ බ්ලොග් එකට ලොග් වෙන්නත් බැරිව error එකක් ආවා. අද නිවාඩු දවසක් නිසා Traffic Jam ඇති blog වල :)

      Delete
  7. ඉවිල්ල වගේම ලියවිල්ලත් කලාවක්.....නේද එරන්දි...මටත් ඕන කට්ලට් එකක්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව් විසිරි.... දවසක අපි හොඳ ඉගුරු තේ එකක් එක්ක කට්ලට් කමු (අපේ අම්මා හරි එයාගේ අම්මා හරි හදන) මොකද මම හදපු කෑම වලට ඒ තරම්ම ඉස්තරම් ප්‍රතිචාර ලැබිලා තියෙන නිසා අපි ඔන්න ඔහේ අම්මලාට අවස්තාවක් දෙමු නේද විසිරි :) :) :)

      Delete
  8. කට්ලොට් විකුණලා බ්ලොග් එකෙන් හොද ආදායමක් ලැබුවහැකි. මේ ප්‍රතිචාර වලින් මට කිවහැකි. මටත් කට්ලට් එකක් තියාපියෝ

    ReplyDelete
    Replies
    1. :) :) මකර පැටියාගේ අදහසත් නරකම නැ... ඉතුරු වෙන ඔක්කොම ඔයාට හොඳේ... :) :)

      Delete

  9. ඉන්නල වල කදුලු කතාව ලොව නොදකින ඔබම දකින මටද දැනෙන L .... මැද පන්තිය තලා පෙලා දාන අපව
    "දුක ලස්සනයි " එරන්දි
    And believe tommrw better than Today :)

    ReplyDelete
    Replies
    1. Hi Chalana its nice to see you after long time.. yes Lower middle class. Indeed optimism is the ever best feeling to face the successfully

      Delete
  10. අන්න හොඳ වැඩ.... ඔය ඕනම ටොයි කෑමක් බයි විදිහටත් හදන්න පුලුවන්. ටොයිද බයිද කියලා දන්නේ අපිනේ නැද්ද....එරන්දි ඉස්සර කඩවල් වල තිබුනේ ඔය වගේ ඒවා තමා. බතල දාපු මාළුපාන්, මඤ්ඤොක්කා පැටිස්. "වයසට යන කෙනෙක්ගෙන්" අහන්න. ශෙෆානම් ශුවර් එකට දන්නවා :D

    ReplyDelete
    Replies
    1. @Aruna, එක නම් ඇත්ත. මේක ඇත්තටම මද්‍යම පාන්තික තරුණ අම්මාකෙනෙක් කියපු කතාවක්. අපි කරන්නේ සමාජෙට උචිත ඇඳුම් වලින් පිටට ඇලෙන කුසපොත්ත වහගන්න එකනේ :) :)
      ම්ම් මාත් දැකලා තියෙනවා Chef-Archi එහෙම කමෙන්ට් කරලා තියෙනවා

      Delete