Monday, March 13, 2017

බුද්ධඝෝෂ හිමි

කේසී ට දාව 
කෙසිනිය කුසිණි.... 
එලිය දුට 
ඝෝෂ ගමෙහි දී...
ගිහිකල පිළිසිඹිය 
පරතෙරට 
ත්‍රිවේදයෙහි'නි.... 
නැවෙන් වැඩියා ද
නාගාර්ජුනිකොණ්ඩයේනි... 
ලියන්නට අමතක වීද
වර්ණනා අතර බරසාර  
මහාවංශ , මහානාම හිමියනි....
කිතු ඉපිද 
සියවස් පසක් වූ තැනෙක දී 
හෙළබසින් වන් අටුවා ද 
ධම්මපද අටුවා ද 
පෙරළා පෙරැළිය 
ඒ බස පාළියට මැ යටවිනි....
ලියැ සමන්තපාසාදිකා 
පෙන්නා දැනුම උදුලා  
නොහිතිනි ද අනුකම්පා 
පාළි තව මට බැරුවාය බැරිවිනි 
ධම්මපදය ද එතැනමය  
අත්ථකථාචාරිණි 
ගරුතර 
බුද්ධඝෝෂ හිමියනි........


*උදුලා - බබළන

කේසී(පියා), කෙසනි(මව) නම් දෙමාපියන්ට දාව ඝෝෂ නම් ගමක ඉපදී, ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේදී ඉන්දියාවේ නාගර්ජුන්කොන්ඩ සිට ලංකාවට වැඩමවූ බව මහාවංශ කතුවර මහානාම හිමියන් විසින් වර්ණනා කර දක්වන, "සමන්තපාසාදිකා" අට්ටකතා ලියා තම දැනුම තහවුරුකර හෙළබසින් වූ අටුවා ද පාළියට පරිවර්ථනය කරනලද බුද්දඝෝෂහිමියන් විසින් ධම්මපදය ට තිබු සිංහල අටුවාවද පාළියට පරිවර්තනය කීරීම නිසා පාළි නොදන්නා මං එරන්දී ට  මෙසේ ලියැවිණි. එ'හිමියන් ගැන තව ද මේසේ සඳහන්ය

21 comments:

  1. ගුණෙන් සපිරි හිමිවරු නම් දුර්ලභය
    නමෙන් ගෙතුණු ලිපි ඇත්තේ ස්වල්පය
    කවෙන් සිහල බස ගැළපුම සුන්දරය
    එරන්දියගෙ කවි පබැදුම මනහරය......

    මොනා කියන්නද එරන්දී. හැමදාමත් වගේ මේ නිර්මාණයත් අපූරුයි. පසු සටහන වඩාත් වැදගත්ය. ඉතින් .....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ගුණ ගැන කතා කුමට
      පුරවාගනු මිස අකුසල ගමකට
      වනා ඇතී මුත් ගුණ ඇතෙකු බරට
      සත්තයි පුදුමයි මේ හිමිනමට...

      බොහොම ස්තුතී දුමී.... ඉස්සර පාඩම් කරන්න ලියාගත්තේ මේ වගේ, මං විතරක් නෙවෙයි යාලුවොත් පාඩම් කලේ මගේ මේ අමුතු short notes. කව්රුම හරි මේ ලියවිලි වලින් වැඩක් ගත්තොත් කියලා හිතෙන නිසයි ලියන්නේ. එහෙම ලියන මට දුමී වගේ කෙනෙකුගේ අගය කීරීම බොහොම වටිනවා.

      Delete
  2. බොහොම ලාවට තමයි මට නම් තේරුණේ .. මගේ සිංහල සෑහෙන්න දුර්වල වෙලා කියලා තේරෙන්නෙ එරන්දි ගේ සමහර පෝස්ට් කියවද්දි..
    බ්ලොග් ලෝකේ ටිකක් ස්ලෝ වෙලා වගේ නැද්ද.. පෝස්ට් හරි අඩුයි..

    ReplyDelete
    Replies
    1. කොච්චී..
      මටත් හිතෙනවා බ්ලොග් ලිපි අඩුයි කියලා..

      ජයවේවා!!!

      Delete
    2. කොච්චිට එහෙම හිතුනට දවස් පහකට පස්සේ බ්ලොග් ලෝකෙට ආව මටනම් කියවන්න පෙස්ට් ගොඩ ගැහිලා

      Delete
    3. @කොච්චි, නිතර බාවිතා කරන්නේ නැති උනාම අමතක වෙන එක සාමාන්‍ය දෙයක්, මං හරි ඉදහිට ලියනකොට ඔය අමතකවීම ඉබේම නැතිවෙලා යයි.
      ඔව් වෙනදට සාපේක්ෂව බ්ලොග් slow වෙලා.

      Delete
  3. ඔයාට මේ බුද්ධිකා කියන නමනම් නියමෙටම ගැලපෙනවා.ඔයාගේ හෙළ බස සමහර වෙලාවට මටනම් තේරුම් ගන්නත් ටිකක් අමාරුයි මේකත් එහෙම එකක් තමා හොද වෙලාවට පසු සටහන තිබුනේ.

    ReplyDelete
    Replies
    1. :) :) එකනේ පසු සටහන වටින බව මටත් හිතුනේ ඔයාලා ඒ ගැන කතා කරපු නිසා.

      Delete
  4. මටත් පාලි බැරි නිසා බුද්ධිකා කියපු දේත් එක්ක එකතු වෙනවා..
    මේක කියවද්දි හිතුනේ පාලි විතරක් නෙමෙයි මට හරියට සිංහලත් බැකියලා

    ReplyDelete
    Replies
    1. යාත්‍රා, පාළි බැරිකම වගේම මගේ කනස්සල්ල ඔය "ධම්මපදයට" තිබුන සිංහල අටුවාත් , මේ පරිවර්තන වලින් පස්සේ විනාශ කරපු එකයි. යාත්‍රාට වගේම මටත් හරියටම සිංහල බැ.

      Delete
  5. මාත් ඉන්නෙ මගේ ගැනම දුකෙන්...සින්හලයෙක් විදියට තමන්ගෙ දැනුම අඩුකම ගැන....

    ReplyDelete
    Replies
    1. විසිරි අපි නොදන්නා බව දන්නා නිසාම තව ටිකක් හරි ඉගෙන ගන්න උත්සාහවන්ත වීම ම වටිනවා.

      Delete
  6. නොදැන සිටි හුඟක් දේවල් බ්ලොග් වලින් ඉගෙන ගන්න පුලුවන්.. ස්තූතියි ඔබට එරන්දී... අපුරුවට ලියලා

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් අරූ..
      බ්ලොග් කියන්නේ දැනුම සාගරයක්.. නිර්ලෝභී මිනිසුන් තම දැනුම බෙදාහදා ගන්නා අවකාශයක් . ඔබ වගේම මාත් දිනපතා බ්ලොග් හරහා විශාල දැනුමක් එකතු කරගන්නවා.
      ඉතිං ස්තූතී ඇගයීමට

      Delete
  7. අම්මේහ් යටින් පැහැදිලි කිරීම තිබ්බ නිසා ගොඩ ගියා

    ReplyDelete
    Replies
    1. දුකා.. :) :) :) ඒ අදහස අපේ රස්තිගෙ. එහෙම නොවුන නම් මේ ලියවිලි කවුරුත් රසවිඳින එකක් නෑ.
      ස්තුතී දුකා

      Delete
    2. දුකා එක්ක කතා කරන්න බැරි උනානේ මට

      Delete
  8. බන්‍ධුල කුදලාගම ගෙ සාර්වජනික ක්ෂේත්‍රයේ බුද්ධඝෝෂ වර්ණනාවෙන් හැරී අවුත් කියැවීමි..එක හුස්මට නොවෙයි ......බර ගාණක් ගියා....හුස්මම...අගෙයි දුවේ...

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතී මේ ඇගයීම්, මං වගේ ආධුනිකයෙකුට එකතු කරන්නේ ලොකූ වටිනාකමක්... තව ලියන්නට, හදාරන්නට ලොකු ශක්තියක්. බොහොම පිං

      Delete