Tuesday, March 28, 2017

නෙළුම්යායේ පෑන සහ මං සෙට් එක එක්ක විස්තරේ

ගමේ
කළණමිත්‍ර ගේ කිරිපාට
දත් සැට් එක 
නේවී රැව්ල 
එක්ක 
Event coordinating 
නෙළුම්යායෙන්  
"දියකෝල්"
යන්ට මඟ පෑදුනු
"මං සෙට්" එක එක්ක
ටෙක් සයුර උන්නට
ටෙක්නොලොජි පලක් නැත 
ගිනියම් කොළොම් පුරට
නොවට
අඩුව දැනුනා හරියට...
මං අතරමං වෙද්දී 
නයියා දැක පියවි සිහියට
ආ අතරේ 
සජ්ජා සිය පඩංගු වේ 
සම්මානය ඔබා ගනු 
සත්තයි 
ඉතිං මා අතටම හසුවිය...

මං එයාලගේ බබා එක්ක 
ඉයන් ද ඉක්ලියාස් කෑවේය 
ඉවාන් හිටියාට 
බැලලයිකාව නොතිබුණි 
ප්‍රාජේ කිව්වේම 
මගේ කවි 
නොතේරේ කියාමය 
දුටු තැන 
"එයා",
 "මං එයාගේ හස්බන්ඩ්" 
විය...
නංගි මං "එල" කී කළ 
ආ මෙන්ඩයියේ කී නිසා 
කතාව එතනින් ලිස්සීය 
රස්තියාදුවේ නොයා 
රෝමා රස් එක්ක 
දුමී ඇවිදින් 
ඉතිං දුමී
මගෙන් 
ගුටි කෑවේය...
දන්නවා ද දන්නැ 
මං, තිලක සිත හිනැහුනේය
සහන් කසිර ජස්ට් මිස් ද කෙස් ගස්ය 
තවම "කොම්බුව" හම්බවී නැත  
අනිත් කොන දකින කොට 
අනේ මං හොඳටෝම පාමාවීලාය 
ඉතිං පොත් තිබුනේ ද එක දෙකය 
තිලක අයියා ද අක්කා ද
පොතක් දුන්නේ තෑගි 
අත්සනුත් කරලාය 
ඒ අව් අස්සේ 
මහානර්ඝ 
පෑන් රාජයා වැටිලාය 
බිම දිගේ බඩ ගගා 
මං එයාගේ හස්බන්ඩ් 
මං එයාලගේ බබා එක්ක 
මෙන්ඩා ද 
ඉතිං 
පෑනක් හොයනකොට 
හොටු පෙරපෙරා 
ඇඬුව විතරයි 
නම නොදත් 
දෙවියෙක් 
ප්‍රාදුර්භුතව 
Clue එකක් දුන්නේය 
ඉතිං ඒ පෑන් රාජයා හමුවිය 
කමීයාට යමී 
කී විට 
නෙළුම්යායට නො ආ 
අටම් පහුරේ අඩුව මතුවිය 
ඉතිං 
අප දිව්‍ය රථයට 
කැලේ මල් පිපුනේය...
මඟ දිගට 
දිග හැර
සුරන් මලයා හා 
ටෙක් සයුරේ ද කිමි ද 
අප නතර වුයේ 
මචං කුරුවිටය....
අතර මඟ හැලුනෝ* * * * * * * * * ද 
බොහෝ වූ  බව පෙනේ...
ඉතිං 
'18 ත් 
නෙළුම් මල් පිපීයන්....
කටුසු ද රවී,අරුණ අයියා ද 
කුරහන් හා හැලප එක්ක කොච්චි ද 
එකතුව 
චේෆාකිත් හමුවෙයන්....
අම්මත් එන සැරේ 
"නොනිමියෙක්" 
වෙන්නැයි 
මං එයාලගේ බබා ,කීවත් 
අහසෙන් එන්න 
නංගියේ 
ඔබෙන් ලද සම්මාන 
හිතට මගේ හරි බරයි....

ඉතිං ආයෙත් මුණගැහෙන්නට 
මඟ බලන
මෙලෝ රහක් නැති  
මං 
එරන්දී

පුදුමය මේ 51 ය.... :) 














65 comments:

  1. උඹට ශෙෆාකී හම්බවෙන්නෙ නම් නෑ මේ සංසාරෙදි එරන්දි...!!

    ReplyDelete
    Replies
    1. අපෝ සංසාරේ පුරාම නෙළුමියාය තියේවි ද Chef-Archi

      Delete
  2. මං දුටුව සුන්දරම ලෙන්ගතුම චරිතයක් ඔයා නංගී....හරිම සතුටුයි ඒ මොහොත ගැන

    ReplyDelete
    Replies
    1. අක්කිත් එහෙමයි , අක්කි ගෙන් තමයි welcome එක ලැබුනේ. ගොඩක් සතුටුයි අක්කිව අඳුන ගන්න ලැබුන එකට

      Delete
  3. මට තිබුන අඩුව උබ පොස්ට් එකක් ලියපු නැති එක .....
    උබගේ පැන මතක් වෙනකොට කකුල් දෙක පට පට ගාලා එකට වදිනවා බයට ...

    ReplyDelete
    Replies
    1. :) :) ඕන්න ලිව්වා අයියේ. නැ මං කියන්නේ පෑනක් නම් අන්න මේ වගේ වටින්න ඕනේ. හා නැද්ද ?

      Delete
    2. අපේ ගෙදර පැන් ඔක්කොම අයින් කරා දැන් ලියන්නේ පැන්සල් වලින් ....මතු උපදින ආත්මයකටවත් පැනක් එපෝ...........

      Delete
  4. දැන් කුමක් තව කියම්දෝ
    මන් කුමක් මෙහි ලියම්දෝ
    දුන්නු ගුටි මිතුදමක්දෝ
    මන් එර්න්දී තරහදෝ.......

    හඳුනා ගන්න ලැබීම සතුටක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සොයා දන පීරා
      දුටිමී දුමී සතුට සපුරා
      තරහා නැත මසිත අරා
      මං කොහොමත් මිතුරු එරා :) :)

      මගේ මල්ලි දැක්කා වගේ සතුටුයි මට රස්ති , දුමී දැක්කම

      Delete
    2. බ්ලොග් ලෝකේ සහෝදර සහෝදරියෝ....

      ජයවේවා!!!

      Delete
  5. Replies
    1. බොහොම ස්තුතී කටකාරි... අපි හම්බවුනේ නැ නැ නේද...

      Delete
  6. මම හස්බන්ඩ්ට ඇස් වහ කටවහ ටිකක් පුචන්හන් නංගා ඒ තරම් ජන්ත්ප්රියත්වය්ක තිබුනා ඒ " මහා කළු සිංහලයට" ( අහිතකින් නෙමයි එහම කිව්වේ සිත් ඇදගන්නා රුපයක් තුල සැගවුන නියම සිංහල කමක් දැකපු ඉර්සියා හිතෙන දැනුම් තේරුමක් තියන කට පුරා මහත්තෙය්ක් කියන්න පුලුවන් නිසා ) ...
    ගෙදර ඇවිත් නෙලුම් යාය ගැන සඳු එක්ක විස්තර කියනකොට බාගයක් තිබුනේ මම එරන්දිගේ පැන, මම හස්බන්ඩ් , මම පුංචි සුරංගනවි ගැන ...
    අරක්කු ටිකක් බොන්න තිබුන පෙරත කමට ගියා මිසක් තව ටිකක් වෙලා මම හස්බන්ඩ් එක්ක කතා කරන්න තිබුනානම් කියලා මට දැනුත් දැන්නෙනවා ..

    ReplyDelete
    Replies
    1. අම්මේ අයියේ බලන්න එපැයි සිරියාව දත්ටික විතරයි පේන්නේ, මේ ලඟ ඉඳගෙන එබීගෙන comment කියවනවා. කරායින් කරේ නෑ එහෙම මෝඩකමක් එයාව එක්කගෙන ඇවිත්... මගේ ජනප්‍රියතාවය එහෙම පිටින්ම නැති උනා නේ. මං කියන්නේ ත් "මහා කළු සිංහලයා" අපේ අක්කලා කියන්නේ "කළු මල්ලි", "කළුවා" . මොකක් කිව්වත් අපරාදේ කියන්න බෑ හිනාම වෙනවා.
      එහෙම නොගියා නම් තාම ඔය දෙන්නා Waters' Edge එකේ අයියේ. ඊළග පාරත් හම්බවෙමු. සඳු මතක් කළා කියන්න "පෑනක්"

      Delete
    2. මම පොඩි කතාවක් දැම්මා ථුපවංශයෙන් පටන් ගත්තේ. මන් ඉතින් බොලොග් කාරයෙක් විදියට එරන්දි අක්කගේ ගෞරවයේ තියන්න එපැයි. මන් ඉතින් තේරුණා වගේ බැරෑරුම් විදියට අහන් හිටියා. එරන්දි අක්කගෙ බරසාර වචන වලට පුදුම වෙන්න දෙයක් නෑ අභාෂය කොහෙන්ද පැහැදිළියි. මන් කරේ ඊට පස්සෙ ශේප් එකේ අක්කගේ පුංචි දූත් එක්ක කතාවක් දැම්මා. හම්මෝ කතා පෙට්ටියක් ඒක.....මන් ජාමේ බේරගත්තේ අන්න ඒ විදියට....

      Delete
    3. තරහා වෙන්න එපා නංගෝ ...උබ ඉන්නේ මම පුංචි සුරංගනවිටත් පහලින් උබ බ්ලොග් ලිව්වට උබට වඩා ඒ දෙන්නම ජනප්‍රියයි ....

      Delete
    4. රස්ති ගෙ කමෙන්ට් එක ++++

      Delete
    5. @රස්ති :) අපරාදේ මල්ලි තව ටිකක් කතා කරන්න තිබුනේ :):)

      Delete
    6. @මෙන්ඩා , අකමැත්තෙන් උනත් පිළිගන්න වෙන හැඩයි අයියේ :)

      Delete
    7. @ඉයන් , එකනේ අයියේ.... :) :)

      Delete
  7. මන් ඉස්සරනුත් කිව්වා වගේම කවි වල දැකපු සුන්දර මන් එරන්දි එදා දැක්කා. පුදුම සතුටක් තියෙන්නේ......
    සුන්දර,ළෙන්ගතු කවිකාරියක්.........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී රස්ති. මටත් ඇත්තටම සතුටුයි... ඊට වඩා මම ඔයාව කියවන කෙනෙක් හැටියටත් මට වඩා ප්‍රවීනයෙක් හැටියටත් බොහොම නිහතමානී ව ලඟට ඇවිත් කතා කරපු වටිනාකම කියලා වැඩක් නැ..

      Delete
    2. මගේ ඇති ප්‍රවීනයක් නෑ අක්කෙ. මමයි,ඔයයි,දුමීයි බොලොග් ලියන්න ආවෙ එකම කාලෙ

      Delete
  8. Replies
    1. මටත් ඇත්තටම මල්ලි.. සම්මානේ ගන්නකොටම මන් මල්ලිව මතක තියාගත්තා

      Delete
  9. මේ කවි තේරුනා වගේ.

    සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. :) :) :) මේ කවිය හරි තේරුනා කියන එක ලොකු සතුටක් මට. ස්තුතී අයියේ

      Delete
  10. කොච්චියා ටද එදා ඉන්න තිබ්බා නම් සතුටුය..කට්ටිය එක්ක සෙට් වෙන්නටය. එරන්දී මට ඔබේ මේ පෝස්ටුව නම් ගෙඩි පිටින්ම තේරුණේය... එසේ මා වැනි ගොබ්බයන්ට තේරෙන ඒවා ඔයා ලියන්නේ ඉඳ හිටලා ය..
    කමෙන්ට් කියැවූ විට අවබෝධ වූයේ ඔබේ සැමියා ආතල් කොල්ලෙක් බවය...අපි දැන් කොල්ලෝ නොවුනාට ඒ වාගේ ඉන්න නිසාම උන්දෑ වද ඒ ගොඩටම දමන්නේය..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඉන්නට තිබුනේය.. හිටියානම් එදා අප රත්නපුර එන්නේ නැත... කොහේ හරි සෙට් වෙනවාය... :) :)
      අයියා ගොබ්බ නෙවෙයි මං එරන්දී ගේ අවුල තියෙන්නේ :)
      එකනේ මං කලිනුත් කිව්වේ "මං එයාගේ හස්බන්ඩ්" මාරම හොඳය, නැත්තම් මාත් එක්ක මෙලෝ මනුස්සයෙක් ඉන්නේ නැත. ආවි "ආතල් කොල්ලා" කී විට පුඳුම සිරියාවක් තියෙන්නේ මුණේ... දත් සෙට් එක මැනවින් පෙනේ :) :)

      Delete
  11. ටෙකයි සුරංගයයි එක්ක මේ ගොල්ල නෙළුං යායෙන් පස්සෙ තව යායකට සෙට් වෙලාද කොහෙද. හැක්..

    ReplyDelete
    Replies
    1. @ප්‍රසන්න , නැතුව හොඳ නැනේ අයියේ, ටෙක් මල්ලි නඟින කොටම ඇහුවා මල්ලි තව කවුරුත් මෙහෙන් යන්ද ඉන්නවා ද කියලා . එතකොට මලයා කිව්වා දෙමළ "න" යන්න තමයි ඉන්නේ , එත් එයා යන්නේ නැ කිව්ව. ආවා නම් ඉතිං ඔය ඔක්කොම යායවල් වලට ගිහින් එන්න තිබුණා :)

      Delete
  12. හැබෑට එදා හම්බුනාට ඒ තරම් කතා කරන්න බැරිව ගියානෙ. වෙන දවසක හම්බෙලා මේ ඔක්කෝටම හරියන්න හොඳ කයියක් ගහමු.

    ReplyDelete
    Replies
    1. කතා කරනවානම් මම හස්බන්ඩ් එක්ක ...කම්මලි නැතුව පැය 4ක් 5ක් කතා කරන්න පුලුවන්

      Delete
    2. @අහසෙන් එන්න.. අනේ ඔව්, ආයෙත් හම්බවෙලා ඇරියස් කවර් වෙන්න කතා කරමු. හොඳ වෙලාවට මං එයාලගේ බබා ගත්තු පිංතුර වල දෙන්නම ඉන්නවා

      Delete
  13. කවි ලියන්න නොතේරෙන මට
    පද ගොතන්න හරි අමාරුය
    ඒත් මේ පද කීපය
    නොකියාම බැරිය...

    අටම් දුන් නම්බරෙන්
    එරන්දි අක්කා හමුවීය
    දසු අයියා එක්ක
    චූටි දුව දුටිමි මම...

    එදා ඔබගේ රථයෙ
    මා කැ‍ටුව නොයන්නට
    නොවිනි නම් ඉඩහසර
    මම තාම මිණිපුරය...

    ජය වේවා බුද්ධිකා අක්කේ!

    ReplyDelete
    Replies
    1. ඔබ දන්නා
      හරි මිහිරැති කවෙක
      ලියා හිතවත්කම් ඇත ද
      මල්ලියේ
      මට කවි කම් අහිමිය..

      ආයෙත් හම්බවෙමු
      ස්තුතී මල්ලි

      Delete
  14. මේ කමෙන්ට් කියෙව්වම මට හිතෙන එකම දේ එරන්දි කොරපු වරද මම කරනවද නැද්ද කියලා.මොකද අර මගේ සත්තලන් කියන එකාව කොහෙට හරි එක්කන් ගියොත් මට වෙන්නෙත් ඔයාට උන දේම තමා අන්තිමට මම කැලේ එයා හැමෝගෙම හිත හොද එකා වෙලා.ඉතින් මෙව්වා කියවද්දි එන්න බැරි උන එක ගැන දුකයි අප්පා

    ReplyDelete
    Replies
    1. ඒකනම් එල ද බ්‍රා කෙමෙන්ට් එකක්

      Delete
    2. @සොඳුරු.. ඒ ගැන නම් සහතික වෙන්න බැරිය ඉතිං THINK TWICE or THRICE...
      අපරාදේ ඔයා ආවේ නැනේ ඉතිං

      Delete
  15. ඇයි අපි කලුද????

    - ජෑ මා කාලී -

    ReplyDelete
    Replies
    1. නැත නැත නැත
      තොප ඔය ගත
      ගිණි දලු මත
      රන් පැහැ ඇත....

      ජයවේවා!!!

      Delete
    2. @මකර පුතේ.... මගේ හිතේ තිබ්බ උත්තරේ ඒ හැටියටම "දුමී" ලියලා ආයේ ඉතිං කවියෙන්ම :) :)

      Delete
  16. ජයවේවා එරන්දි... හදවතින්ම සුභපැතුම්...!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී පිලොසොෆි... එදා හම්බවුනේ නැ නේ

      Delete
  17. සුභපැතුම්..!
    ජයවේවා..!!

    ReplyDelete
  18. 18 නෙළුම් යායේදී නං මං එරන්දි හමුවීම ෂුවර් නෑ අප්පා. වෙන කොහෙදි හරි අහම්බෙන් හමුවුණොත් තමයි.

    ReplyDelete
    Replies
    1. එකත් එහෙම ද අයියේ... අහම්බෙන් කොහොම හම්බවෙන්න ද අයියේ... මොකෝ අපි අඳුරන්නේ නැනේ...

      Delete
  19. ළඟටම ඇවිත් කථා කළාට ස්තුතියි. ඒ වගේම කලක් පටන් දන්නා විදියට කථා කළේ. මම හස්බන්ඩ් හොඳ කොල්ලෙක් කියලා මටත් හිතුණා. මොකද හැරිලා මාත් එක්ක ලෙන්ගතු හිනාවක් දැම්මා. අපි ඉවර වුණු ගමන් පැන්නා. ඒ නිසා මං හස්බන්ඩ්ව අල්ලා ගන්න බැරි වුණා. හරි ආයේ හමු වෙන්නේ නැතැයි. ඉස්සර නම් මමත් ඔය පැත්තේ ගෑටුවා. නමුත් දැන් යන්නේ නෑ. නැතිනම් ඔය පැත්තේ ඇල්ලක් ගාව සෙට් වෙන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. මං අයියාව හොඳට දන්නවා ඇයි අයියේ.. ඔය බ්ලොග් කියවලාම... ඉතිං මාර ම සතුටුයි අය්යාව දැක්කම. අපරාදේ අයියත් එක්ක ඉදලා තිබුන කන්නංගර කියලා අයියා කෙනෙක් "එයා" ගේ ඉස්කෝලේ යාලුවෙක්. දැනගත්තේ පස්සේ.. හරියට දුක් උනා, සුදීකට කතා කරා නම් දකිනවනේ කියලා.
      ඔව් කොහේදී හරි ආයේ හම්බවේවි නේ අයියේ... ආව්ව් එකනේ අපරාදේ

      Delete
  20. මම මේ සත්නපුලේ පැත්තේ එන්න වැඩක් හොයනවා.. හෙටානිද්දම මොකක් හරි වැඩක් දාගෙන එන්නොනි.. මම එයා එක්ක තියෙනවා සෑහෙන්න පස්න විසඳ ගන්න.. හැක්.

    අර බැරල් බාගෙයි වංගෙඩියයි මෝල් ගහයි මගේ කාර් කට්ටේ පටවන්නේ නැතුව ඇන්න ගිය එකම මදැයි සලකන්න. නැත්නම් එහෙමම කාර් එක කොට්ටාව හරියේ ගැරේජ් එහෙක ඇඩ්මිට් කරන්න වෙනවා.. :)

    ReplyDelete
    Replies
    1. :) :) එන්න අයියේ :) :) :)
      ඔන්න මම නම් මොනාත් කිව්වේ නැ

      Delete
  21. මේ ඔක්කොම ඉන්නෙ මෙතන...
    මම දැක්කෙ නෑනෙ.. දැක්කා නම් කතා කරනවා..
    සුබ පැතුම්.. ජය!!

    ReplyDelete
    Replies
    1. එකනේ ධනු, මටත් ඔයාව මඟ අරුනා... එක්කෙනෙක් එක්ක විනාඩි 5ක් කතා කරත් කි දෙනෙක් හිටිය ද... ඊළඟ පාරත් මං එනවා මතක ඇතුව කතා කරන්නම්
      ස්තුතී ධනු

      Delete
  22. එරන්දි නංගියි , "මම එරන්දිගේ හස්බන්ඩ් " සොඳුරු සැමියා සහ සුරත් "මේ එරන්දිගේ දුව" ත් දැකීම සතුටක්. හැමොටෝම උදව් කරගෙන ඇවිත් හැමෝටම උදව් කරගෙන ගිය බවත් ආරංචි වුණා. බ්ලොග් ලෝකයට පෑයූ කරුණාබර තරුවක්.

    ReplyDelete
    Replies
    1. එදා අයියා හොඳටම වැඩ නේ එහෙන් මෙහෙන් ඔළුව දාල අයියේ මේ මං කිව්වා කොහොම හරි :) :)
      සම්මානයක් කියන්නේ ඇගයීමක්.. උත්තේජයක්... ඒ වගේ අවස්තාවක් සංවිධානය කළ එකට වගේම මං ආසාවෙන් කියවන බ්ලොග් වල රචකයින් වත් දකින්න අවස්තාව ලබලා දුන්නට බොහොම පිං... අයියේ.
      *තව දෙයක් අයියේ කිසිම දෙයක් නොතේරුණත් Quantum කියන්නේ මම ආසාවෙන් කියවන බ්ලොග් එකක්, ඒ භාෂාවේ සුරු හැසිරවීම ඒ තරමටම මට ප්‍රියයි
      සුබ පැතුම්..!

      Delete
  23. Replies
    1. ඇත්තටම මටත් සතුටුයි... ඊලග පාරත් හම්බවෙමු

      Delete