Friday, April 21, 2017

නරසීහ ගාථා Naraseeha Gatha

යශෝදරාව සහ පුත් රාහුල 


චක්ක වරං කිත රත්නසුපාදෝ
Cakka varankita ratta supādo 
ලක්ඛණ මණ්ඩිත ආයතපණ්හි
Lakkanu mandita āyata panhī
චාමර ඡත්ත විභූසිත පාදෝ
Camara chatta vibhūsita pādo
ඒස හි තුය්හ පිතා නරසීහො
Esa hi tuyha pitā narāsīho
   නැකත් ලකුණු වලින් හැඩවූ රත් පැහැ දෙපතුල් ද සක් ලකුණින් යුතු විලුඹ හා  දිගු වළලුකර ද ඉතා අලංකාර විචිත්‍රවත්
මොනර පිහාටු වැනිය . එසේය පුත, ඒ වඩින්නේ  ඔබගේ  පියාය 


සක්‍ය කුමාරවරෝ සුකුමාලො
Sakya kumāravāro sukhumālo 
ලක්ඛණවිත්ථත පුණ්‍ණසරීරො
Lakkhana vitthata punna sariro
ලොකහිතාය ගතො නරවීරො
Loka hitāya gato narāvīro 
එස හි තුය්හ පිතා නරසීහො
Esa hi tuyha pitā narāsīho


"ශාක්‍ය" නම් උතුම් රාජකීය කුලයේ උපන් සියුමැළි වංශවත් කුමරු, සොඳුරු ලකුණින් පිරිපුන් සිරුරක් ඇත්තාවූ  සියළු සැප සම්පත් ද (ලෞකික සැප පහසුව) සමස්ත ලෝකයේ අභිවෘද්ධිය සඳහා අත්හල, පුත.! බලන්න ඒ වඩින්නේ  ඔබගේ
පියාය


පුණ්ණ සසංක නිහෝ මුඛවණ්ණො
Punna sasanka nibho mukha vanno
දේවනරානපියෝ නරනාගො
Deva narana pīyo naranago
මත්ත ගජින්ද විලාසිත ගාමී
Matta gajinda vilāsita gāmi 
එස හි තුය්හ පිතා නරසීහො
Esa hi tuyha pitā narāsīho

අඳුරු අහස මත දිදුලන පුන් සඳ මෙන්, සියලු දෙව් මිනිසුන් අතර බබළමින්  , පුත බලන්න, රාජකීය හස්තියෙකු ගේ ගමන් විලාශයෙන් වඩින්නේ ඔබේ පියාණන්ය



ඛත්තිය සමිභව අග්ගකුලීනො

Khattiya sambhava aggā kulīno 
දේවමනුස්ස නමස්සති පාදො
Deva manussa namassita pādo 
සීල සමාධි පතිටිඨිත චිත්තො
Sila Samadhi patithita cītto 
එස හි තුය්හ පිතා නරසීහො
Esa hi tuyha pitā narāsīho

රාජකීය වන්ශිකව උපන් ඔහු තවද සියලු දෙව් මිනිසුන්ගෙන් වැඳුම් පිදුම් ලබන්නේය. පියවරෙන් පියවර ශාන්තව මානසික එකාග්‍රතාවයෙන් වඩින ඔබේ පියතුමන් ගේ විලාශය පුදුමයකි..



ආයත තුඞ සුසන්ඨිත​ නාසො 

Ayata tunga susanthita nāso 
ගෝපමුඛො අභිනීල සුනෙත්තො 
Gopamukho abhinīla sunetto 
ඉන්දධනූ අභිනීල භමුඛො 
Indadhanū abhinila bhamukho 
ඒස හි තුය්හ පිතා නරාසීහො
Esa hi tuyha pitā narāsīho

නීල වර්ණ ඇස් ද සෘජු නාසය ද දේදුණු හැඩ ඇති ඇහි බැමද සහිත ඔහු, පියාය මාගේ පුතුගේ.



වට්ට සුමට්ට සුසන්ඨිත​  ගීවො

Vatta sumatta susanthita gīvo
සීහහනු මිගරාජ සරීරො 
Sihahanu migarāja sarīro 
කඤ්චන සුච්ඡවි උත්තම වණ්ණෝ
Kancana succhāvi uttama vanno 
ඒස හි තුය්හ පිතා නරසීහො
Esa hi tuyha pitā narāsīho


ඔහු ගේ පෞර්ෂය සම කළ හැක්කේ රාජකීය සිංහයෙකුට නමුත් ඔහුගේ අවිහිංසක කම සමකල හැක්කේ මුවෙ රජ කුටය.ඔහුගේ සිරුර උද්දිප්තව බබළන්නේය(සවනක් රැසින්).ඒ වඩින්නේ ඔබගේ පියාණන්ය


ස්නිද්ධ සුගමිභීර මඤුසු ඝොසො 

Suniddha sugambhira manjusu ghoso
හිංගුල බන්ධු සුරත්ත සූජිව්හො 
Hingula bandhu suratta sūjivho 
වීසති වීසති සේත සුදන්තො
Visati vīsati seta sudanto 
එස හි තුය්හ පිතා නරාසීහො
Esa hi tuyha pitā narāsīho

සෞමය ඔහුගේ හඬ,අනුනාද වන්නේය. හිඟුලරත්පහැති දිව ද එක හනුවක විස්ස බැගින් මනහරව පෙළගැසී ඇති දත් ද  මුඛයේ පිහිටි, පුත ඒ ඔබගේ පියාණන්ය.



අඤ්ජන​ වන්න සුනීල සුකෙසො

Anjana vanna sunīla sukeso 
කඤ්චන  පට්ට විසුද්ධ ලලාටො
Kancana pātta visuddha lalāto 
ඕසධි පන්ඩර සුද්ධසු උන්නො 
Osadhi pandara suddhsu unno 
එස හි තුය්හ පිතා නරාසීහො
Esa hi tuyha pitā narāsīho


කාලවර්ණ හිසකේ නීල වර්ණයෙන් බබළන්නේය. නළල් තලයෙන් අලංකාර වූ රැස් විහිදෙන අතර ඒ මත වැටුණු (මංගල ලකුණක් වන)  ඌර්න රෝමධාතු වකි. මුළු සිරුරින්ම රැස් විහිදුවන ඔහු , පුත ඔබගේ පියාණන්ය.



ගච්ඡති නීලපථෙ වීය චන්දො

Gacchati nilapathe vīya cando 
තාරගණා  පරිවේඨිත​ රූපො 
Taragana parivethita rūpo 
සාවක මජ්ඣගතො සමනින්දෝ 
Sāvaka majjhagato sāmanīndo 
ඒස හි තුය්හ පිතා නරසීහො 
Esa hi tuyha pitā narāsīho

තරු පිරිවැරු පුර්ණ චන්ද්‍රයා සේ , තම ශ්‍රාවකයින් මද්‍යයේ වඩිනා පියාණන් දකින්නට පුත මෙහි එන්න.

බුදුරජාණන්වහන්සේ , ගිහිකළ නෑසියන් දකිනු පිණිස වැඩි මොහොතේදී යශෝදරාවන් විසින් තම පුතු රාහුලට ඔහුගේ පියා පෙන්වමින් කළ ප්‍රකාශය "නරසීහ ගාථා " නම් වේ..

මෙම සටහන ලියන්නට හේතූ වුයේ රසිකොලොජියේ පෝස්ටුව වන අතර මෙහි ඉංග්‍රීසි සටහන ලබාගත්තේ  Theravada Damma  වියණුවෙනි. සිංහල පරිවර්තනය සඳහා පාදක කරගත්තේ the Tek Croach වියුණුවේ

Yashodhara's crying heart (Narasimha gatha) 


ලිපියේ පාළි - ඉංග්‍රීසි පරිවර්තනයයි.
යශෝදරාවත මෙතනින්.

මේ ලිපිය සම්පාදනයට හේතුවක් සැපයු අයට ද අවශ්‍ය මුලාශ්‍ර නිර්ලෝභීව සයිබර් අවකාශයට එක්කොට තැබූ සියළු දෙනාට ගෞරවය මේසේ සටහන් කරන
මං
එරන්දී

මෙය   ආත්මතෘප්තිය සඳහාම මා විසින් කරන ලද කාර්‍යයක් වන අතර යම් අඩුපාඩුවක් වේ නම් නිවැරදි කරන මෙන් කාරුණිකව ඉල්ලමි



රසික ඔබේ පොස්ට් එක නිසාම කම්මැළි මටත් නිමිත්තක් ලැබුනා. බොහොම ස්තූති...

50 comments:

  1. මියුසික් ටිකක් දාලා ගත්ත මරු සෙට් එකක් සිරසෙද කොහේද ගියා. මං හෙන ආසයි ඒකට

    ReplyDelete
    Replies
    1. මේ දැන් ඒ වීඩියෝ එක දැම්මා :)
      ඇත්තටම ඒක හරිම ලස්සනයි

      Delete
    2. ඔව් උදේ ගියේ මාරු

      Delete
  2. මමත් කලින් ඔය වීඩියෝ එක බලල තියෙනවා

    ReplyDelete
  3. දැං අපි මොකද කරන්ට ඕන මැඩම්

    ReplyDelete
    Replies
    1. අයියේ ශබ්ද රසයෙන් සහ කාව්‍යමය ගුණ පිරුණු ගාථා පෙළක් "නරසීහා ගාථා " කියන්නේ , හැබැයි අයියේ ඒ ගැන හොයන කෙනෙකුට තොරතුරු හොයාගන්න ලේසි නැ , ඉතිං එහෙම විස්තර හොයන කෙනෙකුට ඕනේ කරන තොරතුරු තියෙන තැන් ටිකත් එක්ක සිංහල තේරුම මට පුළුවන් තරමින් පරිවර්තනය කරලා දැම්මා . එච්චරයි

      Delete
    2. මං විහිලුවට කියුුවේ ...මෙහෙම තියනකොට සියල්ල සම්පූර්නයි

      Delete
    3. :) බොහොම ස්තුතී අයියේ

      Delete
  4. මේ චිත්‍රය ඇන්නේ ඔබ ද? අපූරු කලාත්මකබවක් තියෙනවා.
    චිත්‍රයේ අත්සනක් දැම්මා නම් තමයි හොඳ!

    ReplyDelete
    Replies
    1. ඔව් රසික චිත්‍රය ඇන්දේ මම . බොහොම ස්තුතී අගය කලාට , ඔබේ මතක් කිරීමෙන් පුසුව අත්සන යොදා නිමා කළ චිත්‍රය සටහනට එකතු කළා.
      ස්තුතී ඔබට බොහොමත්ම.

      Delete
  5. //මෙය ආත්මතෘප්තිය සඳහාම මා විසින් කරන ලද කාර්‍යයක් වන අතර යම් අඩුපාඩුවක් වේ නම් නිවැරදි කරන මෙන් කාරුණිකව ඉල්ලමි//

    ආයෙ මක්කැයි ආඩුයිනෝ රොබෝවෙක් හද හද උන්නු මකරත් ගොඩ වුනා කියහන්කො...

    - ජය බෝලී නාත් -

    ReplyDelete
  6. හොඳ අදහසක් මේ වගේ ලිපියක් ලිවූ එක.

    ඔබ දාලා තියෙන බංගලි තරුණිය ගයන නරසීහ ගථා වීඩියෝව මම කලින් බලලා තියෙනවා. මමනම් ඒකට හරිම කැමතියි.
    ඒ පාලි උච්චාරණය සිංහල අපේ උච්චාරණයට වඩා ලොකු වෙනසක් තියෙනවා ඒත් ඒ වෙනස ඒ උච්චාරනය හරිම ලස්සනයි. වචන වල හඬවල් හරිම පැහැදිලියි.

    සිරසේ කියනවා වගේ නරසීහ ගාථා මියුසික් එකකුත් එක්ක සවන් දෙන විට සෙත සැලසෙන බවක් ඔබ සිතනවාද?

    ReplyDelete
    Replies
    1. ශබ්දය යනු රසයක් සේම ශක්තියක් , ඒ නිසා මිහිරි අමිහිරි හඬකට කළ හැකි දේ බොහෝයි. ඔබ දන්නවා ඇති අද වනවිට ලොව පුරා ඉතාවේගයෙන් "Music therapy" ප්‍රචලිත වනබව, විවිද මානසික ප්‍රතිකාර ක්‍රම හා සමගාමීව. එවන් පරෙය්ෂණතාමක ක්‍රමවේදයක් යටතේ නම් සංගීතය මුසුවන්නේ නරසීහ ගාථා වලින් ද "මානසිකව සෙතක්" සැලසිය හැකිය යන මතයට මං එකඟයි.
      බොහොම ස්තුතී ඔබට

      Delete
  7. ජය වේවා ...!!!!

    හැමෝම හොඳ කියලා තියෙන එකේ මන් මුකුත් කියන්නේ නෑ ...

    ReplyDelete
    Replies
    1. :) හොඳ හෝ නරක ඕනෙම මතයක් නිහතමානිව බාරගන්න මං එරන්දිට පුළුවනි
      ස්තුතී ඔබට

      Delete
  8. ඔය ගාථාව රේඩියෝවෙ හැමදාම හවසට යනවා. හරි ආසයි අහං ඉන්න අක්කෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි කණට හරිම මිහිරියි

      Delete
  9. පරක්කුවුනා මම. අහන් ඉන්න ආස ගාථා ටිකක පූර්ණ විස්තරයක් ලිව්වට ස්තූතියි එරන්දී.
    චිත්‍රයත් අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මාත් බැලුවේ දුමී කෝ කියලා.
      :) බොහොම ස්තුතී දුමී

      Delete
  10. වීඩියෝ එක බලලා තියෙනවා ... ස්තූතියි අක්කේ...

    ReplyDelete
    Replies
    1. මේ පොස්ට් එක තව කීප වතාවක් සංස්කරණය වෙවී මල්ලි . බොහොම ස්තුතී

      Delete
  11. ඉස්සර දහම් පාසල් යන කාලෙ කට පාඩම් කරවපු ගාථාවල්....තේරුම් සමගම...මෙවන් වටිනා දේ එක් කරනවාට තුති නංගී....දැන් ලියනවා අඩුයි නේද

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී අක්කී
      ඔව් ටිකක් විතර ශාස්ත්‍රීය ලිපි කිහිපයක් තාම සංස්කරණය වෙමින් පවතිනවා අක්කි :)

      Delete
  12. අමතක වෙලා තිබුණ සිංහල තේරුම අයෙත් මතක් කර ගත්තා. ස්තුතියි එරන්දි...

    ReplyDelete
    Replies
    1. මගේ අරමුණත් එයයි පිලොසොෆි, ස්තුතී

      Delete
  13. වටිනා කියන පොස්ටුවක්...

    ReplyDelete
  14. මෙන්න සඳු මේ ටික කොපි කරනෝ ....එයාගේ ඉස්කෝලෙට ගෙනියන්න ....
    උබට ඉස්තුති කියන්නලු ...

    ReplyDelete
    Replies
    1. ඒ තමයි මං බලාපොරොත්තු වුනු දේ අයියේ , කාට හරි උවමනාවක් උනොත් කියන අරමුණෙන් මේ පොස්ට් එක හැදුවේ. මට ගොඩක් සතුටුයි කියන්න අයියේ අක්කට.

      Delete
    2. නංගා උබලා අපි ජිවත් වෙලා ඉවරයි එත් උබලා ලියන දේවල් අපිටත් වඩා වටින්නේ අපේ ළමයින්ට..

      Delete
  15. අහන් ඉන්න ආස හිතෙනවා... හම්මේ ඇති යාන්තන් බ්ලොග් එකේ කුණු දූවිලි පිහලා තියෙන්නේ ගොඩක් දවසකින්

    ReplyDelete
  16. මම මේවා අහල තිබුණට තේරුම දැනගත්තේ අද

    ReplyDelete
    Replies
    1. ස්තුතී කුරහන් , ටිකක් වෙහෙසකාරී වැඩක් උනත් මේ වගේ කමෙන්ට් දකිද්දී තවත් මේ වගේ පොස්ට් ලියන්න හිතෙනවා

      Delete
  17. අපි ඉස්කෝලේ ඉවර වෙන වෙලාවලට කියුවේ මේ ගාතාද? මොනව හරි මේ වගේ තුනක්ද කොහෙද කියුවා ඒ කාලේ.. ගෙදර දුවන හදිසියට මමනං කවදාවත් ඕක හරියට කියවලත් නෑ. තේරුමක් දන්නෙත් නෑ. පුලුවන්නම් ඒ ටිකත් දාන්න. මෙහෙම ඒවා සිංහලෙන් අන්තර්ජාලයේ තියෙන එක වටිනවා .

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ අයියා ඔය කියන්නේ "ඡත්ත මානවක" ගාථා . මෙන්න මේ කොටස තිබුන ද බලන්න ඒ ගාථාවේ "යො වද තං පවරො මනුජේසු" :) ඒ ටිකත් දාන්නම් අයියේ , පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මගේ පාළි දැනුම බොහොම දුර්වලයි. මං පාළි ඉගෙන ගන්නේ තනියෙන්ම නිසා. එකයි මේ වගේ වැඩකට මට ලොකු කාලයක් ගතවෙන්නේ. හැබැයි මං විශ්වාස කරනවා මේ එකම පොස්ට් එක උනත් දකින පාළි හොඳින් දන්නා උගතෙක් මේ අඩුව පුරවන්න ඉදිරිපත් වේවි කියලා. එතකන් මට පුළුවන් තරමින් මේ කාර්‍ය කරගෙන යනවා අයියේ. මේ දිර්ගන්වීම් වගෙම අදහසුත් තව ලිපියකට ගොඩක් වටිනවා. බොහොම ස්තුතී අයියේ.

      Delete
    2. ඔව්වොව්.. ඊලඟට කියුවෙ "ජේසුගෙ අම්මට බාගෙට පිස්සු" කියල.. (ආගමකට නිග්‍රහ කරන්න නෙවෙයි ඉතිම්.. ඒ දවස්වල ජේසු මොන ආගමේද කියලවත් දන්නේ නැතුව මොන නිග්‍රහ ද?) මම හිතුවේ ඒ ටිකත් මේකෙම කොටසක් කියල.. සෙහ්.. මට බුද්ධගම ට D එහෙකුත් තිබුන කියහංකෝ..

      Delete
    3. :) :) එක තමා ගාථාවේ ඔය කොටසම පෙන්නුවේ. කට පාඩම් කලේ D ගන්න ගුටි කන්නයි භයෙන් මිසක් ඒ කාලේ ආගම් ගැන දැනගෙන හිටියේ නැනේ අයියේ. :)

      Delete
  18. Replies
    1. මෙයි ආප්කා ඉන්දසාර් කාආර් රහා තා :) :)

      Delete
  19. ඒ කාලෙ මේ ගාථා අපට කටපාඩම්. දැන්නං මතක්වෙන්නෙත් මෙහෙම දැක්කොත් තමා. හොඳ උත්සාහයක්.

    ReplyDelete
  20. බුද්ධිකා අක්ක .. මට කියන්න පුලුවනි ද නරසීහ ගාථා වල මූලාශ්‍රය මොකද්ද කියල ? සූත්‍ර දේශනාවක් ද නැත්නම් ද්වීතීක මූලාශ්‍රයක් ද ?

    ReplyDelete
  21. අඩුවක් නෑ හොදටම තියෙයි ඔයාට සුබ පතනව පුලුවන් නම් දිගටම කරන් යන්න

    ReplyDelete