Thursday, July 27, 2017

රළ - වෙරළට සෙනහසින්....

 It tells "you'll always walk together". 
අතුරලා රැළිති කෙහෙ රැළි
විසුරුවා විසල් පපුතලේ..
යොමා සවනත 
පියා නෙතු පිය
අසා ඉන්නට 
ස්නේහයේ ස්වරය...
සුසුම් සුවඳේ හී 
නැහැවී
මතක විසුරුවා 
ස්නේහයේ...
යළිත් ඇවිදින් යන්න 
එන්න හිතයි මට ආයේ.....
මං එරන්දී....

25 comments:

  1. නියම ප්‍රේමය තියෙන්නෙ
    වෙරළෙන් ඔබ්බට වෙන්න..
    රළට කවදාවත් හමු නොවෙන..
    ප්‍රේමය කියල අපි කියන්නේ..
    වෙරළෙන් සැනසීමට..

    (ඉස්කෝලේ යනකාලේද කොහෙද පොතක පිටිපස්සේ ලියුව එකක්.. හීනෙන් වගේ මතක තිබ්බ.. වචනයක් දෙකක් එහෙ මෙහෙ වෙන්න ඇති)

    ප.ලි. ඒ කාලේ සුනාමිය ගැන දැනං උන්නේ නෑ.. එකාතකින් ඒකත් හරි ඇති. නියම ප්‍රේමය සොයා යාම මහා විනාසයක් වෙන්නත් පුලුවන් :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී අයියේ ලස්සන සටහනක්... මේකත් විවිධ තේරුම් එන විදිහට ලිව්වෙ. මං ආසම දේ තමයි මේ... නිර්මාණය තව කෙනෙක් තමන්ගේ කරගෙන විඳිනවා දකින එක.
      අයියා ලස්සන තෙරුමක් එකතු කලා. ස්තූතී අයියේ

      Delete
    2. ඇත්තට ඒකත් ඇත්ත තමයි

      Delete
  2. රුඳුරු රළ ගෙඩි ඇවිත් හැපි හැපි
    සුමුඳු වෙරළට හාදු පුදදෙයි

    බිඳෙන විසිරෙන රැල්ල චපලයි
    නමුත් වෙරළට රැල්ල පමණයි

    ReplyDelete
  3. කවි ලිවිල්ලට දක්ෂ නෑ. ඒත් සයනය රාගයෙන් තොර ප්‍රේමයට තැනක් කියන එක මට මේකෙන් දැනුන දේ.

    ReplyDelete
    Replies
    1. නැහැ අයියේ එක නෙවෙයි මගේ අදහස, එත් අයියගේ අදහසත් ලස්සනයි
      ස්තුතී

      Delete
  4. මට හිතෙන්නෙ සියුම් යටි අරුතක් රැගත් කවියක්....
    අගෙයි බොහොමත්.....

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි මම අර්ථවත් කලේ වෙරළ කියන්නේ සමස්ත මහ පොලව , මුහුදු රැල්ල කියන්නේ මිනිස්සු/අපි. සොබා දහමට අපි මොන තරම් ආදරේ කරත් ඒ විසල් පපුතුරේ හැඟුම් අහගෙන ඉන්න , ඒ කියන්නේ සොබා දහමේ සංසිද්දීන් වලට සංවේන්දී වෙන්න බැරි තරමට අපි අවිවේකයි..... චණ්ඩ ව රුදුරුව සුන්දරව අපි අපේ ජිවිතයට සොබා දහම දියකරලා ඇදගන්නවා වගෙයි මට දැනෙන්නේ..... ඉතිං මේ ඒ ගැන :)

      Delete
  5. Replies
    1. ස්තුතී බොහොමත්ම යාත්‍රා :)

      Delete
  6. රලයි වෙරළයි එකතු උනොත් එතන වෙරලක් නෑ , ඉතින් මම ආසයි ඒ දෙන්න ඒ විදියටම ඉන්නවට

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් කියලා පිළිගන්නවා මං එරන්දී
      හරි සුන්දර කාව්‍යමය සිතුවිල්ලක්.....

      Delete
  7. Replies
    1. Well come to මං එරන්දී... Thanks for your inspired words...

      Delete
  8. තවත් කවිකාරියක් , මම අදයි දැනගත්තෙ , නියමයි

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් තරිඳු.... ඇත්තටම මං කවිකාරියක් නෙවෙයි, බොහොම ස්තුතී ඇගයීමට වගේම මෙහෙ ආවටත්.. :)

      Delete
  9. sinhalen type karanna baha meke. Good poem Buddhika. (Is this for him ..):)

    ReplyDelete
    Replies
    1. Oh... I'll check ayya. Thank you so much for your kind words. No ayye :) :) Its really hard for me to write anything dedicated to him

      Delete