Thursday, January 11, 2018

වෛරය.........

අපිට පුළුවන් ද ටිකක් කතා කරන්න..?
නැ විශේෂ දෙයක්මත් නෙවයි එත් කතා කලොත් ඔබෙත්-මගෙත් ගොඩක් රිදීම් වලට සුවයක් දැනේවි කියලා හිතෙන දෙයක්.....
මට කියන්න ඔබ මේ යෙදුම ජිවිතේ එක් වතාවක් හරි කියලා තියෙනවා ද...?
"I HATE .............." මම වෛර කරනවා .............."
මේ ළග දී දවසක මේ වචනය පිට උනා මගේ චූටි දෝණිගෙන්.... ඇත්තටම මම ටිකක් කලබල උනා.... ඒ එයාගේ තාත්තාත් මමත් අපේ වාග් මාලාවට කිසිසේත් එක් කර නොගත් වචනයක් නිසා.
ආගන්තුක වචනයක් නිසාමත් නෙවෙයි ඒ වචනයෙන් ප්‍රකාශවන හැඟීම දරුවා දැන සිටිනවා ද කියන කාරණාව මට ගැටලුවක් උනා.
මා හොඳින් පුරුදුව සිටින වා ඇය ඉදිරියේ කැරපොත්තකු එහෙමත් නැතිනම් ඇය ත් ඔහුත් අනපේක්ෂිත මොහොතක මා වෙතට විසිකරන රබර් සතකු හෝ දොර මුල්ලක සැඟව සිට කඩා පැනීමක දී හැර කලබල උනත් එය නොපෙන්වා සිටීමට... ඔව් හරියටම ඔබ වගේ :) :)
ඉතිං ඇය කිව්වේ මෙන්න මේ වාක්‍ය
"මම වෛර කරනවා මේ වතුර එකට" - අතෙහි වතුර විදුරු ව පෙන්වමින්
:) :) ඔව් කිසි ගැලපීමක් නොවුණු නිසාත් මගේ රහස් පරීක්ෂක මොළයට එකවර විවිධ සංඥා පහල වීම නිසාත් මං ඇහුවා
"ඇයි පුතේ වතුරට වෛර කරන්නේ"
"නැ මේක නෙක්ටෝ එකක් උනා නම්"....... (හරි ඉතිං දැන් ඔය ආර්ටිෆිෂල් බිම කියලා කැ ගහන්න එපා...) ඒ පාර මම නොදන්නවා වගේ ඇහුවා (හරි ඉතිං මං දන්නවාට වඩා නොදන්නා දේ ගොඩයි තමයි .),
පුතේ ඔය වෛරය කියන වචනෙන් මොකද්ද අදහස් වෙන්නේ කියලා...

උගුර ටිකක් පාදලා කියනවා "කැමති නැ" කියන එකනේ.....

හ්ම්...............

එහෙම කොහොම ද කතාව නවත්තන්නේ....?
මං ඇහුවා කොහෙන් ද පුතේ ඔය වචනේ හොයාගත්තේ...? (ඔව් ඉතිං ඕපාදුප හොයන්න වෙනවා මේ වගේ වැදගත් වැඩ වලදී )
"ආහ්හ්හ් මගේ යාලුවෙක් කිව්වා" "මං වෛර කරනවා මගේ ජිවිතේට" කියලා... ඔහ්......

මං දෝණිට කියලා දුන්නා ඔය කියන " වෛරයේ" හී තේරුම ගැන..... දෝණි පුදුම වෙලා ඇහුවා
"ඇයි අම්මේ එයා එහෙම කියන්නේ... එක හරි බය හිතෙන දෙයක් නේ "
මං දෝණිට කිව්වා යාළුවාගෙන් හෙමින් සැරේ ඒ ඇයි කියලා අහගෙන එන්න........

ආයේ මොන හෙමින් ද පහුව දා ගෙදර ආවේ රොකට් එකක් වගේ. දොර ගාව දීම කිව්වේ

"එයා ගේ අම්මා එහෙම කියලා හැමදාම අඬන වා කියලා"

මා දැන සිටින පරිදි ඇය ඉතා සුරූපී උගත් ධනවත් කාන්තාවක්...... ඒ සියළු සාධක පරදා ඇයට කළකිරෙන්නට හේතුවක් තිබුණා... හේතූ තිබිය හැකි මුත් කවරෙකුටත් ඔබව නොවටිනා මුත් ඔබට ඔබ වටිනා බව, මා ඇයට කී විට ඇය පැවසුවේ "ඔව් ඒක ඇත්ත ඒත් ඔහු මාව ප්‍රතික්ෂේප කරනවා....."
මා ඇයට පැහැදිලි කළා ඔහු ඔබව ප්‍රතික්ෂේප කලත් දරුවා ඔබව අපේක්ෂා කරන බව...
ඇය ඔහුගෙන් ඇත් ව ඔහු නිසා රිදුනු සිතින් ඇති කරගත් වෛරය වෙනුවට සියල්ල දෙස උපේක්ෂාවෙන් බලන්නට දරුවා නම් අපේක්ෂාවට ඉඩ දුන්නා.......


රිදවන්නට පෙර සිතන්න ඔබට හැකි ද වෛර කරන්නකු බිහි කිරීම වගේම කෙනෙකු මානසිකව හිංසාවට ලක්කිරීමේ වගකීම දරන්න......??

මට බැරි බව වගකීමෙන් සිතන
මම
එරන්දී
ඔබ......

16 comments:

  1. හැඩයක් නැතිව ආදරය කිරීම උගන්නන්න

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම අයියෙ... ජීවිතෙ බොහෝ ඉගැන්වීම් ප්‍රායෝගිකව අත් දකින්න අවස්ථාව නොලැබු කෙනෙක් මම... ඒ දේවල් වටහාගන්න මට ඇත්තටම ඔබේ අත්දැකීම් බොහොමයක් වෙලාවට උපකාරී වෙනවා අයියෙ. ස්තූතී බොහොමත්ම .

      Delete
  2. බලාපොරොත්තුව සිටි ලිපි ආකෘතියක් මෙය.
    ස්තූතියි එරන්දී.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දුමි මෙ ආකෘතිය මේ තරම් දුරට ලියවෙන්න හේතුව ඔබේ ඉල්ලීම. පුද්ගලික ව මෙ ලිවීම "අපේ කතා" ඇතුලෙ ලිවිය හැකි සීමාවෙ සිට ම පමණක් ලියවේවී... ස්තූතී දුමී

      Delete
  3. ෆ්බී එකෙන් කලින්ම කියෙව්වා....ඔයා ලියන මේ සමහර කතා කියෙව්වම හිතට හරි බරයි.ඔයාගේ මේ හැම කතාවකින්ම මමත් අම්මෙක් හැටියට ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා.

    ReplyDelete
    Replies
    1. :) ඔයා ඉතාම ආදරණීය, බුද්ධිමත් අම්මා කෙනෙක් ශානී... මේ ලියන්නෙ මගේ අත්දැකීම් නෙ ඒවා ටිකක් එක්ස්ට්‍රීම් මොක ද මගේ වෘත්තීයමය ස්වභාවය ත් එක්ක. ඒ නිසා ඔයා වගෙ කෙනෙක් මේ දේවල් ගොඩක් සීරියස්ව ගන්න එපා ශානි. නමුත් මේ ඔයාගේත් මගේත් දරුවාගෙ වට පිටාවේ සිදුවන සිදුවීම් බව විතරක් තේරුම් ගන්න. ස්තූතී ශානි බොහොමත්ම .

      Delete
  4. කොච්චර එපා වෙච්චි දේකටවත් මම නම් එකපාර එහෙම කියන්නේ නෑ.. මගේ වචනයක් නිසා කාගෙවත් හිත රිදෙන එක තමයි 'මට එපාමු කරපු දේ'.. අන්න ඒ නිසා.. :D ඒක නිසාමද මංදා අපේ ගෙදරත් ඇහෙන්නෙම නැති වචනයක්.. ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ. සහරා වචන බ්ලේඩ් වගේ. ස්තුතී අයියේ :)

      Delete
  5. එරන්දි..ඔච්චරම දුර නොගිහින්...i hate...කියන යෙදුම අපේ වහරට ආවේ කොහොමද කියල හෙව්වාම උත්තර ගොඩාක් හොයාගතෑකි..කොච්චරක් ඉහල ලිටරසි රේට් එකක් තියෙන රටක් උනාට අපි තාමත් ගිරව් වගේ තමා දේවල් ඉගෙන ගන්නේ..චූටි දූ එක්ස්පෝස් වෙන කාටූන් සංඛ්‍යාව අති මහත් බව කෙල්ල එක්ක මං ඉඳලා තියෙන නිසා දන්නවනේ..ඒ කාටූන් වල ඔය යෙදුම සෑහෙන්න පාවිච්චි වෙනවනේද..?
    අපි සිංහලෙන් විතරක් කථා කරන කන්ටෙක්ස්ට් එකක ඉඳන් බැලුවොත් කිසිම ලමයෙක් මම මේ වතුර වීදුරුවට (හත් දෙයියනේ වයිර කියන එක ලියන්න කොහොමෙයි) වයිර කරනව කියල කියන්නේ නෑ නේද..?
    අපි බටහිර පන්න ආරූඩ කරගන්න ගියාම වෙන දේවල් නේද මේ...?
    මොනා උනත් දරුවන් කියන්නේ ගෙවල්වල දොර රෙදි වගේ..ඔක්කොම වයිබ්ස් ඇබ්සෝර්බ් කරගන්නවා..ඔයාගේ පෝස්ට් එකේ හරය ඒක නේද...? එහෙමයි මට හිතුනේ...!!

    ReplyDelete
    Replies
    1. "මොනා උනත් දරුවන් කියන්නේ ගෙවල්වල දොර රෙදි වගේ..ඔක්කොම වයිබ්ස් ඇබ්සෝර්බ් කරගන්නවා..ඔයාගේ පෝස්ට් එකේ හරය ඒක නේද...?"
      ඇත්තටම ඔව් Archi :)

      ඇත්තටම අපිට පවතින රටාව තුල ජාතික පාසලකට යැවීමට ඇති නුසුදුසු කම් නිසාම දෝණිගේ පාසැල් අධ්‍යාපන මාධ්‍ය පමණක් ඉංග්‍රීසි වෙලා තියෙනවා. නමුත් ඇගේ වට පිටාව දහම් පාසල පවා සිංහල එකක්. කෙසේ වෙතත් Arch i ඔබ නිවාර දී හැම දරුවෙක්ම හරිම වේගෙන් දේවල් එකතු කරගන්නවා. ස්තුතී Archi :)

      Delete
  6. මම හැමදාම විශ්වාස කරන දෙයක් තියනවා අක්කේ.. හුගක් අය විශ්වාස කරන.. ඒත් පිළිපදින්නෙ නැති. ඒ තමයි හිතේ සතුට, නිදහස මුදලට ගන්න බෑ...

    ReplyDelete
  7. හ්ම්ම්... හරි බර දෙයක්...

    ReplyDelete
  8. බ්‍රිතාන්‍යයයන් අප්‍රිය කරනම වචනයක් ලෙස "Hate" යන්න හදුන්න්වන්න පුළුවන් . තුන්වන පන්තියේ වචන භාවිතයක් ලෙස තමයි "Hate" යන්න පිලිගැනෙන්නේ .

    ප්‍රසිද්ධ දේශනයකදී , ආහාර හෝ තේ පැන් මේසයක දී මෙම වචනය බවිත උවහොත් කිසිවෙක් ට නොදන්වා නැගිට යාමට ඇහුන්කන් දෙන්නට /වින්දනය කරන්නාට අයිතියක් තියෙනවා .

    බරපතල ගණයේ ලා සැලකෙන වචනයක් තමයි "Hate" යන්න .

    ***
    ගොඩක් වටිනා පොස්ට් එකක් , ගන්න ගොඩක් දේ තියෙනවා ඇතුලේ :)

    මම හැම වෙලාවකම වගේ මගේ පුංචි දුවට වචන පුරුදු කරවන්නේ බොහොම පරිස්සමෙන් . කියන කතාවක උනත් ආදරය කරුණාව එකතු කරගෙන ගලපන්නේ එයා වෙනුවෙන් .

    ReplyDelete