Thursday, January 25, 2018

අපේ දවස ළු


World Spouse Day

අළුත් අවුරුද්දක උදාවුණු 26 වන දවස අද.
ටිකක් ඉන්න අද ඔබ ට “එයා” එක්ක කතා කරන්නට වෙලාවක් ලැබුනා..?
උදේ ටිකක් කාර්‍යබහුලයි නේ? ඇත්ත මගේ ගෙදර ත් එහෙමයි. එතකොට හවස ට... ඇත්ත කොහොම කතා කරන්න ද හවසට දරුවන්ගේ වැඩ, ගෙදර වැඩ සමහර විට ඔෆිස් එකෙන් ගෙදර උස්සගෙන ආපු වැඩ ඔය ටික ඉවර වෙනකොට කතා කරන්න වෙන්නේ හෙට තියෙන දරුවන්ගේ පන්ති ගැන, ගේන්න ඕන අඩුපාඩු ගැන නේ ද..?
මෙහෙම ලියන්න හිතුනේ ;
අද දවස ගැන හොයන කොට මට මෙන්න මේ දවස ගැන හෝඩුවාවක් ලැබුනා නිසා.
World Spouse Day. මේ ගැන එක එක විදිහේ වාර්තා අන්තර්ජාලයේ තියෙනවා. ඒ දිනය නම් කරපු කෙනෙක් සඳහන් වෙන්නේ ත් නැ. ප්‍රධාන වශයෙන් අන්තර්ජාලය හරහා සුබ පතන දිනයක් ලෙසත්  තව තැනක ආරක්ෂක අංශයේ නියුතු “එයා” වෙනුවෙන් නම් කළ දිනයක් සහ නිවාඩු දිනයක් ලෙසත් තෑගි හුවමාරු කරගැනිමකට එහා ගිය  එකිනෙකා වෙනුවෙන් කාලය වෙන්කරන දවසක් ලෙස එක තැනක සඳහන් වෙලා තිබුණා.
ලෝකයා වෙළඳපොල ඉලක්ක කරගනිමින් විශේෂ දින නිර්මාණය කරන නමුත් විවිධ සැමරීම් වලට මගේ කාලසටහනේ ඉඩක් ඇත්තෙම නැ.. මොකද ගතකරණ හැම දවසක් ම මට බිසී....
අනේ නැ  විශේෂ නිසා.
ඉතිං දරුවෝ පාසැලට පිටත් කරලා තේ කෝප්පයක් එක්ක අපි පත්තර විස්තර - රට තොට විස්තර - දේශපාලනය (ඕවා නම් මට ග්‍රීක්),
ක්‍රිකට් (අනේ මං නොදන්නා චෙස්)
අළුත් මත වාද, ඕපාදුප, පොඩි ඒකිගේ කෝලම් - (ආයේ ඒකට අපි දෙන්නාම සූරයෝ )
මගේ බහුශ්‍රැතකම් (ඔව් ඉතිං එයා විතරයි ඒ වා අහගෙන ඉන්නේ) රොකට් වේගෙන් දියුණු වෙන ක්‍රම (හරි ඉතිං ඒවත් මගේ වැදී බණ)
එයාගේ බණ විග්‍රහ (පුදුමයි ඕවා අහගෙන ඉදලාවත් රහත් උනේ නැ තාම)
ඔය ආදී නානාප්‍රකාර සාකච්චා එක්ක මෙලෝ රහක් නැති මගේ තේ කෝප්පයට එයාගෙන් ලැබෙන්නේ ඉහල අගය කිරීමක්. (මේ ක්‍රමේටම තමයි ලුණු නැති කෑම උනත් මං රහට කන්න දෙන්නේ)
ඉතිං හැම දවසක් ම මට විශේෂ මතක සැමරුමක්..
ඉතිං ඔබට ?
එහෙම අහන
මං

එරන්දී 😊   

8 comments:

  1. Replies
    1. Purposely this statement not for promoting any commercialized day or celebration. Meanly just for realizing the value of relationship. Thanks දේශක

      Delete
  2. ඇත්තෙන්ම සුන්දර සටහනක්..වැදගත් අදහසක්

    ReplyDelete
  3. මටනම් ඉතින් එයා එක්ක කතාවට හිනාවට රණ්ඩුවට වෙලාවක් කලාවක් නෑ.... ඔෆීසිය ගෙදරම නිසා මගෙන් වගේම පුතු පැටියගෙනුත් බේරෙන්න බරිම අවස්ථාවල ඇතුලෙන් ඔෆීස් කාමරේ දොර ලොක් කර ගන්නවා... එතකොට අපි ජනේලෙනුත් ගිහින් වද දෙනවා හී හී

    ReplyDelete
  4. කෑමේකට ලුණු නැති උනාට ඔයැයි තේ එකට ඇති තරං ලුණු දානව ඇතිනෙ. හැක්..

    ReplyDelete