Tuesday, May 1, 2018

මනෝවිද්‍යාත්මක ගැඹුරු පැහැදිලි කිරීමක්


අපි ටිකක් කතාකරමු ද? ගොඩක් ලොකු හේතුවක් ගැන නම් නෙවෙයි. ඒත් නිතර ඇහෙන දෙයක් ගැන.

"මට තියෙන්නේ අමතක කරගන්න බැරි කම නිසා දැනෙන වේදනාව"

ඔබ වගේම මමටත් නිරන්තරයෙන් ඇහෙන කතාවක්. ඇයි මම ඔබට බොරු කියන්නේ, වෙලාවකට ඒ මගේ ඇතුලාන්තයෙනුත් ඇහෙන කතාව :)
ඔබ තරම් ඒ සිතුවිල්ල නැති කරගන්න මම දක්ශ නොවුනු නිසා මං හොයාගත්තා "මගේ ක්‍රමයක්"
ඒ මෙන්න මේ කාරණා කිහිපය සළකා බැලීමෙනි .
1.ප්‍රශ්නය තමන් ගේ නොවනතාක් පිළිතුර දාර්ශනික ය.
2. තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලය ට වඩා අනිකා ඇහේ පොල් කෙන්ද ලොකු ය.
3. Time heals..
මේ අහන්න, ප්‍රශ්නයක් ඇති උනු වෙලාවක
- හොටු පෙරාගෙන අඬමින්
- නොකා නොබී ( ගෙදරට පේන්නටය. හැමෝම නිදාගත් පසු ශීතකරණය පෙනෙන්නේ නිධානයක් ලෙසත් එහි වන චොකලට් මතක් වන්නේ අමිල පුරාවස්තු ලෙසත්.)
- කිසිවෙකු හා කතාකරන්න ට නොසිතේ ( පැය 24 ම ෆේස්බුක් ය, ඉන්ස්ටය)
- ලස්සනට පිරිසිඳු ව ඉන්නට නොසිතේ (නැතත් නාන්නේ අම්මා කොස්ස ගත් විට පමණි.)
ඉතිං මේ ලිස්ට් එක ලියා ඉවර කරන්න ට බැරිය. නමුත් ඔය සියල්ල අස්සෙ අම්මාට පොල් බෑයක් නොගාන අපි එහා ගෙදරට ගැරඬියෙක් සැපත් වූවොත්  සියළු ව්‍රතයන් අතැර කොස්සක්, හැදි මිටක් හෝ රැගෙන සහය පළකරන අතර එසේත් නොමැති නම් අහිංසක අම්මා බාතෲමයේ සිට ඇද දක්වා ම සෙකියුරිටි සේවයට අනුයුක්ත කරමින් නිවි සැනසෙමු.
එහා ගෙදර කතාව නිමාවට පත්වන විට සයනය මත විවිධ ඉරියව්වෙන් තපස් රකිමින් හිටි හේතුව අමතක ව යන්නේය. ඉන් පසු පෙර මුහුණුවර හදාගන්නටත් නොහැකි ව ඔබ මෙන් නොව අද ද මම අසරණ වෙමී :)
ඉතිං හරි සරළ ය, මා කුඩා කල මගේ සියළු දුක් දැහැන් බිඳ දැමුවේ මගේ චූටි අක්කාය. ජනෙල් වලින් එකල රබර් නයි මගේ ඇගට නිතර කඩා පනින්නෙය. තදින් දෙපසට ඇද අඹරා ගත් වූල්බෑන්ඩ් එකක් වුව ද අක්කාට මගේ ධ්‍යාන බිදීමට මැනවින් ගැලපුනේ ය.
මේ සියලු කාරණා බුද්ධිමත් ව සළකා බැළුවා ම (හරි ඉතිං මගේ නම #බුද්ධිකා ) 
*මා කනස්සල්ලෙන් සිටින ඕනෑම මොහොතක, මගේ නොවන ඕනෑම කටයුත්ත ක යෙදීමෙන් අමතක කළ නොහැකි සියල්ල අමතක කළ හැකිය.

පසු. මඟ තොටදී මා දුටු විට කොළයකින් වත් නොගසන්න. එවිට යන ගමන ද අමතක වන
මම
එරන්දී  :) :)