Thursday, October 18, 2018

අපි මිනිස්සු


රාගය උතුරන්නෙම 
කලපුවේත් හරි මැදය 
ස්නේහය ගලන්නෙම 
ලතාවට ගඟක හරි සීරුවටය
ඒත් අපි දුවන්නෙම 
හෝ ගාන පොකුණටමය.. 
ඉසියුම් වැලි ඉහින 
මට සිළිටු වෙරළටය 
සැනෙන් පියවර මැකෙන
පෙණ ගහණ කරදිය සුවඳටය.. 
ආදරේ හොයන්නෙම 
chat එකක ඉස්පිල්ලක පාපිල්ලකය 
ජිවිතේ වරදින්නෙම
කොටු ඇතුලේ අඳුරු කාමරවලය
ජිවිතේ සුන්දරම
වරදින තුරුමය.... :)
මං 
එරන්දී  

4 comments:

  1. ඔබ බයක් නැතුව වචන අමුණන හැටි අපුරුයි ... නියමයි ...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූති අනුරුද්ධ !

      Delete
  2. ජීවිතේ සුන්දරම වරදින තුරුය....ඒක තේරෙන්න අවුරුදු 40ක් ගියා අද වැරදි නොකර හිටියොත් හෙට අඩන්න වෙන්නේ නෑ

    ReplyDelete
  3. ජීවිතේ සුන්දරම වරදින තුරුය....ඒක තේරෙන්න අවුරුදු 40ක් ගියා අද වැරදි නොකර හිටියොත් හෙට අඩන්න වෙන්නේ නෑ

    ReplyDelete