Wednesday, April 26, 2017

එසේ මුත් මේසේ ද විය හැක....


කවියක සිරව 
සියදිවි නසාගත් 
ප්‍රේමයක්; 
මිහිදන් කරනු බැරි තැන 
පා කළ බැවින් සුසුමෙක
කැළඹී ඇවිලී සුළි කුණාටුවෙක  
බෙංගාල බොක්කේදී 
පසුව 
ටර්නැඩොවක් වූ බව
අසන්නට ලැබුණි 
සුනුවිසුනු රොඩු බොරඩු 
මැදින් මතුවූ 
හීතලට මිඳුණු 
අසරණ 
ගල් ගැසුනු
බිළිඳු සිනාවෙකින්.........



අකුරු වල එති ගෙතෙන වචන රටාවෙක මා දකින්නේ ගෝලයක්  මුත් ඔබට එහි සඳ දැකිය හැක..... හෙළ බස හෙවත් හෙළයේ බසෙහි අපුර්වත්වය එයයි......මෙම නිර්මාණයේ සමස්ත අර්ථයම අවසන් වචන පෙළ වන "අසරණ බිළිඳු සිනාවෙක " යන කොටස නිසා විවිධාකාර අදහස් ගම්‍ය කරවයි. බසෙහි මිහිර විඳින්නට ඔබ මෙහි යායුතුමය... අක්ෂර නිවැරදි බව තහවුරු කරන්නට සුබස
වෙත යාම නුවණට හුරුය.  


මං එරන්දී 

25 comments:

  1. භාෂාව පිළිබද දැනුම ඉතාමත් හොදින් වැඩි කරගත හැකි බොලොගයක්. කවියත් ලස්සනයි

    ReplyDelete
  2. ඔයා දුන්නු ඔත්තු දිගේ එහෙටත් ගිහින් බැලුවා හරිම වටින කියන තැන්.කවියනම් තවම මීටරේට වැටුනෙ නෑ බලමු තව හිතලා.

    ReplyDelete
    Replies
    1. තවත් ඒ වගේ වට්න බ්ලොග් ගොඩක් ඇති , ඒ ගැන දැන ගන්න එක ඇත්තටම වටිනවා. අදහසක් ඕන වෙයි ද ශානි :)

      Delete
  3. ගියා.. ස්තූතියි.. වෙසක් එකට අපි බරට පුන්‍ය කටයුතු මේ දවස්වල .. හිමින් නිදහසේ කියවන්න ඕනි..

    ReplyDelete
    Replies
    1. :) පුණ්‍ය කටයුතු කරන්නට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා. ස්තුතී අයියේ

      Delete
  4. බෙංගාල බොක්කේදී Cyclone.

    http://oceanservice.noaa.gov/facts/cyclone.html

    මං වගේ කාව්‍යාබාධිතයෙකුට පුලුවන් ඔහොම එකක් විතරයි. සමාවෙන්න

    ReplyDelete
    Replies
    1. ඔබ කොහොම කිව්වත් ඔබ කාව්‍යාබාධිත කියලා මට එහෙම හිතිලා නැ. නැ මේ දැනුවත් කීරීම ඉතාම වටිනවා PraJay බොහොම ස්තුතී

      Delete
  5. තාම තේරුම හිතනවා නොකා නොබී

    ReplyDelete
    Replies
    1. මේ වගේ කමෙන්ට් වැඩි වැඩියෙන් අපිට ලැබෙන්න මං මගේ ඉතා වටනා මනාප තුනෙන් එකක් ඉවාන් අයිය වෙනුවෙන් සටහන් කළා, වසන්තයේ :)

      Delete
  6. තාම තේරුම හිතනවා නොකා නොබී

    ReplyDelete
  7. ,ලස්සන කවි ෙපාඩ්ඩ

    ඒ්ත් ඒක ඒක ෙවලාවට ඒක ඒක විදිෙය ෙත්රුං දැෙනනවෙන්

    නිකා හිටු මෙග් වල් හිත

    ReplyDelete
    Replies
    1. ස්තූති , මේ නිර්මාණය කලෙත් වෙන වෙන තේරුම් දෙන්න , නංගිට එහෙම හිතුනා නම් මගේ උත්සාහය සාර්ථකයි :)

      Delete
  8. ඇසූ විට ඒ කිරි සිනාවෙන්
    ජනිත වෙන්නට මූලයන්
    අහෝ පුදුමෙකි
    කවිකමක්,
    කෙරුවාවූ
    විප්ලවයෙ තරමක්....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සබඳ,
      කවිකම් හා සබැඳිය
      හැකිය සබඳකම්
      මනෝරම සුබස්
      විස්කම්

      ස්තුති දුමී

      Delete