Wednesday, January 25, 2017

මතයට වාදයක් හෙවත් මතවාදයක්

මතයක් - "ප්‍රේමයට 
නිකැළැල් 
සිතා.."


ඉතිං 
කතා කරපං 
රාවනා,
කුඩා හැඩයා 
මහා හැඩයා 
රිටිගල 
ජීව උයනේ 
ඉපදුවට 
දඬු මොණරේ 
ගිහිං  
සුපර්ණකාගේ 
නහයට 
සීතා ගෙනාවට 
ඔඩ්ඩ්ස තන්ත්‍රය  
කුමාර තන්ත්‍රය 
ලිව්වට
ලංකා දැහැන
සාරංගා 
රාවන හත්තෙන් 
වැයුවට 
සීතා සීතා එළියේ 
එක්කං ගියාට 
කෝ කොහේද 
වාල්මිකී..! 
දැන් ඉතිං 
කාලේ හරි
හංගපු පිටු අතරින් 
මදාර මල් සුවඳ  
 එලියට ගනින්
දසිස් බල රාවන

රිටිගල

නිකං හිතුනට ඇහුවේ 
මං එරන්දී ...

29 comments:

  1. හරි ලෙඩේ බෝවෙලා ....මෙච්චර කල්ගිය එක තමා පුදුමේ

    ReplyDelete
    Replies
    1. :) නැ පොඩි කාලේ ඉදලා තිබ්බ ලෙඩේ වැඩි උනානේ අටම් අයියේ :) :)

      Delete
  2. එරන්දි,
    මේව කියවද්දි කම්මැලි වෙන්නමයි හිතෙන්නේ. එතකොටනේ එරන්දි කියනවා වගේ මේ වගේ අපූරු කවි ලියවෙන්නේ...හැක්....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. :) :) එහෙම නම් ඔන්න ඔහේ ටිකක් කම්මැලි වෙන්න දුමී. බොහොම ස්තුතී..

      Delete
  3. මන්දෝදරී ට හරියට වෙනස්කම් අප්පා. එයා ගැන කතා වෙනවා හරි අඩුයිනෙ.පුද්ගලිකව මම මේ නමටත් හරිම ආසයි.මට දුවෙක් ඉපදුනොත් මේ නම දාමුද කියලා හබියාගෙන් අහන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. දුව මන්දෝදරි වුනොත් රාවණ කෙනෙක්ව කොහෙන් හොයන්නද,,,

      මන්දෝදරී කියන්නේ "මෘදු උදරයක් ඇති".......විකිපීඩියා

      Delete
    2. @සොඳුරු , එක නම් ඇත්ත. මට හිතෙන්නෙම ඒ කෙනෙහිලිකම් නිසාම මදාරා මල් සුවඳ වගේ අපේ හිත්වලට මන්දෝදරීය ව දැනෙනවා. අරුණ කිව්වා හරි මන්දෝදරී කියන්නේ මන්ද+උදර ඇති කියන අරුත. පුළුවනි නම් "මදාරා" කියන නම දාන්න.ඔබත් දන්නා විදිහට ,මදාරා මලට කියන්නේ රාවන රජු ගේ ජිව විද්‍යා පර්යේෂණ වලින් නිපැයුණු මලක් , මන්දෝදරීය වෙනුවෙන් නම් කරපු

      Delete
    3. @අරුණ , :) මගේ විශ්වාසයේ හැටියට අඩු වැඩි වශයෙන් රාවන ලා තාමත් ඉන්නවා. ඒ නිසා භය වෙන්න ඕනේ නැ

      Delete
    4. ඔව් ඔව් අරූ මමත් හොයලා බැලුවා විකිපීඩියා එකේ.රාවණාලත් හොයා ගන්න බැරි වෙන එකක් නෑ අප්පා

      Delete
    5. එරන්දි - මදාරාලනම් ඉන්නවා නේද ඕන තරම් මන්දෝදරීලා තමා නැත්තේ. හි හී කොහොම උනත් හබියාට මේක කිව්වම කිව්වා මේ ගෑණිට ඕන ඕන නම් දාන්න කෙල්ලො පොලිමක්ම හදන්න වෙයි කියලා.

      Delete
    6. :) වෙලාවකට අපි කියන කරන දේවල් වල හැටියට ඔය ලැබෙන උත්තර බොහොම සාදාරණයි නේද සොඳුරු :) :)

      Delete
  4. පිටු අතර හැංගුනු
    මදාරා මල් සුවඳ
    තවම කල් බලයි
    විහින්දෙන්න සිව්දෙසට
    නැති නමුත් රාවණා
    තනිවු සීතාවන්ට..

    ReplyDelete
    Replies
    1. තවම විහිදෙයි
      මදාරා මල් සුවඳ
      හංගාපු පිටු අතර...
      ලබූ කැලේ පස් අතර
      තවම හමුවේ
      සීතාගේ "සීතා අග්ගල"
      මන්දොද්රිය
      සෙනෙහසින් පිළිගැන්වූ
      වන වැදුණු දෙසොහොයුරු
      සීතාගේ පතිවත
      සමඟ විරසකවුනු.... :)
      බොහොම ස්තුතී ධනු...

      Delete
  5. Replies
    1. බොහොම ස්තුතී අරුණ නැ මම අහලා තිබුනේ නැ. ඉතිං කමෙන්ට් එකට කලින් සිංදුව අහලාම ආවා :) හරිම අපුරූ පද රචනයක් සංගීතයක් වගේම ඊටම ගැලපෙන හඬක්.... ඉඩක් ලැබුන ගමන් මේ පොස්ට් එකටම ඒ සින්දුවේ ලින්ක් එකත් දාන්නම්. බොහොමත්ම පිං

      Delete
    2. ආයේ මොකට කල්දානවා ද කියලා ඔන්න ඒ වැඩෙත් දැන්ම ඉවර කළා. බොහොමත්ම ස්තුතී :)

      Delete
    3. ස්තූතී අරූ මමත් මේ ගීතය අහලා තිබුනේ නෑ මන්දෝදරීට කව් ගී ලියවිලාම නැති තරම්නෙ. මමත් මේක රසවින්දා බොහොම

      Delete
  6. මට මන්දෝදරී ගැන ආයෙම මතක් කරගන්න ඕනා එරන්දි...ආයෙම රාමායනය කියවන්න ඕනා...

    ReplyDelete
    Replies
    1. විසිරි ,මං කිව්වා වගේම වාල්මිකී දන්නා සියළු උප්පරවැට්ටි වලින් මන්දොදරිය හංගපු තරමින්මයි ඇය අපිට මෙතරම් සමීප වෙන්නේ. පුලුවන්නම් "සුපර්ණකා" කියන නව කතා පොත හොයාගෙන කියවන්න. මං බලාගෙන ඉන්නවා මදාරා සුවඳ ඔබේ ලියවිලි අතරින් විහිදෙනකම් . :)

      තව දෙයක්, මේ comment කරපු හැමෝටම මට තව තවත් ස්තුතී කරන්න ඕනේ. මොකද මේ අදහස් නිසාම තව තවත් මට ඒ ගැන හොයන්න හිතුනා වගේම හිතේ තිබුණු අදහසුත් බෙදාහදා ගන්න පුළුවන් උනා. කාලයක් තිස්සේ රැස් කරපු දත්තවල එකතුවක් නේ මේ තියෙන්නේ. ඒ නිසා හිතට දැනෙන්නේ පුදුම තෘප්තියක්.

      Delete
    2. සුපර්ණකා කාගෙ පොතක්ද එරන්දි

      Delete
    3. සමාවෙන්න සොඳුරු මට කතෘ මතක් වෙන්නේ නැ නේ.. හැබැයි සරසවි ප්‍රකාශනයක් වගේ ලාවට මතකයි.

      Delete
  7. අගය කරන්න වචන නැහැ. ඒ තරම් පට්ටයි.
    කුඩා හැඩ කිරිඅප්පා සහ මහ හැඩ කිරි අප්පා ගැන ජනප්‍රවාදයේ තියෙන කතා වගයක් කියෙව්වා මම අද උදෙත්...

    ReplyDelete
    Replies
    1. :) බොහොමත්ම ස්තුතී කොමි,
      මං කුඩා හැඩයා සහ මහා හැඩයා දෙකම දැකලා තියෙනවා රිටිගල රක්ෂිතයේ දී.. ඔබ ගිහින් ඇති නේ ද එහෙ. 2000 දී ත් ඉතාම දියුණු වැසිකිළි පද්දතියක බොහොමයක් නටබුන් ඉතිරිවෙලා තිබුණා , ඒ වගේම ගල් කැටයම් සහිත වැසිකිළි ගල් දකින්නට ලැබෙන්නෙත් ලංකාවේ රිටිගල ජිව උයනේ. තව සුවිශේෂී දෙයක් තියෙනවා ඒ දැනට ලංකාවේ හොයාගෙන තියෙන දිය උල්පත ආරම්භ වන තැනත් නැවත ඒ උල්පතම භූගත ව මීටර් කීපයක් ගමන් කර දිය කඩිත්තක් හැටියට මතුවන හැටිත් රිටිගලදී බලාගන්න පුළුවන්. ඔය උල්පත හැඟෙන තැනත් මතුවන තැනත් අතර පොළොවට කන කිට්ටු කලාම වතුර ගලන සද්දෙත් ඇහෙනවා. මං ආසම කරන පරිසරය තියෙන්නේ එහෙ. තව ගොඩක් විස්තර තියෙනවා ඔබ මට වඩා ඒ ගැන දන්නවා ඇති කොමි....

      Delete
    2. ඔබ ඒ ගැන සෑහෙන්න උනන්දු පාටයි. මම ඇත්තෙන්ම රිටිගල රක්ෂිතය ට ගිහින් නැහැ . ඒත් ඔබ ඔය කිවූ දේවල් කියවලා තියෙනවා.

      Delete
    3. ඒ නිසා වෙන්න අති අර උඩින්ම අටම් කමෙන්ට් කරලා තියෙන්නේ මටත් ලෙඩේ බෝවෙලා කියලා :) :) :)
      ජිවිතේ වතාවක් හරි රිටිගල යන්න පුලුවන්නම් වටිනවා කොමි.

      Delete
  8. මං ඔයා කියපු රාම, සීත, රාවණා ඔය හැමෝම මේ සමාජේ ඇතුලේ දැකල තියනවා...ඒ ඇරෙන්න පොත නම් කියවල නැහැ...මං ඉතින් වැඩිය සාහිත්‍ය පොත් කියෝපු කෙනෙක් නෙවේ...

    නිර්මාණය රස වින්දා..

    අලුත් බැක්ග්‍රවුන්ඩ් එකේ සමහර ග්‍රේ කලර් ෆොන්ට්, ලයිට් යෙලෝ වගේ කළා නම් හොඳ නැතිද..ග්‍රේ එක ටිකක් ඇහැට අමාරුයි වගේ, ඒ වගේම මතු වෙනවා මදි වගේ...

    ReplyDelete
    Replies
    1. ඔබ දන්නා සහ ඇසුරු කර ඇති සාහිත්‍යයේ තරම නම් අක්කි ඔබේ ලිවීමෙන් තේරුම් ගන්න පුළුවන්.
      අක්කි මං බේ බැලුවේ නිකම්ම ඉන්ඩ හොඳ නැ වෙනසක් එපැය කියලා අළුත් අළුත් options try කරලා බැලුවා. ගිය පාර වගේ ආයෙත් මකන්න වෙයි ද කියලා මේ භයේ ඉන්නේ. ඉක්මනට හදාගන්න බලන්නම් අක්කියා :)

      Delete