![]() |
Snow white stepmother -Image by Google |
ඉතිං ගයාපන් බර බර තානම නුඹ කෙවිළියේ....
මිහිරි ඉමිහිරිය එ'ගැයුම් ගිරි යටිගිරියේ...
ඉතිං රඟාපන් උඩ පැන පැන කරළියේ...
නුඹ මොනරෙකි පිල් විහිදපු පේඬියේ....
ඉතිං තප්පුළං රඟාන සැඬ මවාන මේඝයේ...
උඩු හුළගට ගසාන යන නුඹ පරඬල් පේළියේ...
නිවී දිළෙන නුඹ හිතුවට කණාමැදිරි පැන්චියේ...
නුඹද සඳෙකි රැහෙන් දිළෙන හිරුට හොරෙන් කරළියේ....
රඟන කලට කෙළි මඩල කී කකාර දිය සැළියේ...
කෙලින් නොයා කෙලින් යන්ට පාර කියන කකුළුයේ.....
ගිජු ලෑ වට මහන්තත්ත කපුටු පැලේ ක කෙවිළියේ...
ඉගිලෙනකොට සුද පෙනෙළු කන කොකාගේ මෝඩියේ....
එහෙව් මෝඩකම් නොකරමී
හිතන
මං
එරන්දී...
පසු සටහන - මෙය විශාරද මාලනී බුලත්සිංහල මහත්මිය විසින් ගායනා කළ , ප්‍රේමකීර්ති ශුරින් විසින් රචිත "කන්ද කෙන්ද කරණු පිණිස" ගීතයේ අරුත ජනවහරේ අපට අසා හුරුපුරුදු කියමන් ආශ්‍රයෙන් කෙරුණු නිර්මාණයකි.