Friday, October 6, 2017

Happy 41

 
 
ඒ
                             
                                                                
උඹ තමයි මිනිහා
සවන් දෙන්නියකටත්
සවන් දෙන....
කට්ට කළු
උස මහත
ඝන ඇහි දාර යට
බොර පාට ඇස් ඇති
දැලි අඟුරු තොල් අස්සේ
මුතු පාට දත් ඇති
පුළුල් උරහිස් අතරේ
රතු පාට පණ  විදින
හෘද මාන්ෂලය ඇති
හීන් කඳුළකින් තැවී
එය ද උගුලවා දිය හැකි....
සියුම් තුඩකින්
ම’කුස දැදුරු වූ දා 

සිහිසුන්ව ඇද වැටුණු....... උඹ තමයි ඒ මිනිහා
නිවුඩු හාල් බතට
පොල් සම්බෝලයි ඇඹුල් තියලයි
කෑවාට 
නොවරදවාම 
මට සිරියල් අරන්දුන්න.....
කවි ලියන එකත් 
ඇරියස් එකක් කිව්වාට 
ඇති තරම් කඩදාසි 
Parker pens  අරන්දීපු
යකෙකුගේ පෞර්ෂය තිබුනාට, 
යක්ෂණියක් වගේ කඩා පැන්නාම  
ඔළුව අතගාල පපුවට තුරුළු කරගත්තු.... උඹ තමයි ඒ මිනිහා ..........

නුඹ නිසා වාසනාවන්ත මම යි ඒ 
එරන්දී