Showing posts with label ඉබේ නොලිය වෙන කවි. Show all posts
Showing posts with label ඉබේ නොලිය වෙන කවි. Show all posts

Wednesday, February 13, 2019

Nobody can be blamed

මිෂන් එකක්
ඇතුලේ
විශන් එකක් 
රෙවලූශන් එකක්
එක්ක 
බයලොජිකල් නීඩ් එකක්
ඒ වෙනුවෙන්
පෙනී උන්නූ
වැලන්ටයින්
මුණිවරයෙක්...
  කතන්දර සියවස් ගණනක් අස්සේ
ඉස්සර ආදරේ තිබුනේ, 
හවසක
වෙරළක
අකුලක
අඳුරු මුල්ලක
සිනමා හලක

දැන් 

ආදරේ
උතුරන්නේ
රූම් වල
උත්කර්ශය ට 
නැගෙන්නේ 
ෆ්ලශ් වන වැසිකිලි වලක

ඉතිං එය සමරද්දී
සත්තයි
අපි 
අහු උනේ
ට්‍රොජන් අශ්ව ඇමකට...

Nobody can be blamed,
The generation gap is just a shield 
to hide what happened yesterday,  
a cover for today 
& survival for tomorrow. 
මම 
©බුද්ධිකා එරන්දී ජයසිංහ 

Thursday, October 18, 2018

අපි මිනිස්සු


රාගය උතුරන්නෙම 
කලපුවේත් හරි මැදය 
ස්නේහය ගලන්නෙම 
ලතාවට ගඟක හරි සීරුවටය
ඒත් අපි දුවන්නෙම 
හෝ ගාන පොකුණටමය.. 
ඉසියුම් වැලි ඉහින 
මට සිළිටු වෙරළටය 
සැනෙන් පියවර මැකෙන
පෙණ ගහණ කරදිය සුවඳටය.. 
ආදරේ හොයන්නෙම 
chat එකක ඉස්පිල්ලක පාපිල්ලකය 
ජිවිතේ වරදින්නෙම
කොටු ඇතුලේ අඳුරු කාමරවලය
ජිවිතේ සුන්දරම
වරදින තුරුමය.... :)
මං 
එරන්දී  

Tuesday, October 9, 2018

ගලක් අරං එන්ට!


ගිරි හෙල් මත 
මල් පීදුව 
කුවේණියට 
ගල් ගහපු
රාම-ලක්ෂ්මන  
එක්ක වන වැදුණු 
සීතාට 
මල් තියපු 
රාවණට පණ පෙව්ව 
මන්දෝදරී 
වළදාපු 
පඬු පුරය
ගිණිලෑ ව 
කන්නගී ට 
දේවාල හදපු 
කිරි දානයට 
බුලත් නොදුන්නු 
කිරි නො'රු 
අම්මාට 
පද හදපු 
ඇත්තටම 
මං එරන්දී අපි 
මාරයි!
ප.ලි.-අනිවාර්යයෙන්ම අහන්න   සිංදුව ගැන හෝඩුවාව සිංදු අනෝ ගෙන්.

Sunday, March 4, 2018

දුවේ



Friday, October 6, 2017

Happy 41

 
 
                             
                                                                
උඹ තමයි මිනිහා
සවන් දෙන්නියකටත්
සවන් දෙන....
කට්ට කළු
උස මහත
ඝන ඇහි දාර යට
බොර පාට ඇස් ඇති
දැලි අඟුරු තොල් අස්සේ
මුතු පාට දත් ඇති
පුළුල් උරහිස් අතරේ
රතු පාට පණ  විදින
හෘද මාන්ෂලය ඇති
හීන් කඳුළකින් තැවී
එය ද උගුලවා දිය හැකි....
සියුම් තුඩකින්
ම’කුස දැදුරු වූ දා 

සිහිසුන්ව ඇද වැටුණු....... උඹ තමයි ඒ මිනිහා
නිවුඩු හාල් බතට
පොල් සම්බෝලයි ඇඹුල් තියලයි
කෑවාට 
නොවරදවාම 
මට සිරියල් අරන්දුන්න.....
කවි ලියන එකත් 
ඇරියස් එකක් කිව්වාට 
ඇති තරම් කඩදාසි 
Parker pens  අරන්දීපු
යකෙකුගේ පෞර්ෂය තිබුනාට, 
යක්ෂණියක් වගේ කඩා පැන්නාම  
ඔළුව අතගාල පපුවට තුරුළු කරගත්තු.... උඹ තමයි ඒ මිනිහා ..........

නුඹ නිසා වාසනාවන්ත මම යි ඒ 
එරන්දී 

Wednesday, April 26, 2017

එසේ මුත් මේසේ ද විය හැක....


කවියක සිරව 
සියදිවි නසාගත් 
ප්‍රේමයක්; 
මිහිදන් කරනු බැරි තැන 
පා කළ බැවින් සුසුමෙක
කැළඹී ඇවිලී සුළි කුණාටුවෙක  
බෙංගාල බොක්කේදී 
පසුව 
ටර්නැඩොවක් වූ බව
අසන්නට ලැබුණි 
සුනුවිසුනු රොඩු බොරඩු 
මැදින් මතුවූ 
හීතලට මිඳුණු 
අසරණ 
ගල් ගැසුනු
බිළිඳු සිනාවෙකින්.........



අකුරු වල එති ගෙතෙන වචන රටාවෙක මා දකින්නේ ගෝලයක්  මුත් ඔබට එහි සඳ දැකිය හැක..... හෙළ බස හෙවත් හෙළයේ බසෙහි අපුර්වත්වය එයයි......මෙම නිර්මාණයේ සමස්ත අර්ථයම අවසන් වචන පෙළ වන "අසරණ බිළිඳු සිනාවෙක " යන කොටස නිසා විවිධාකාර අදහස් ගම්‍ය කරවයි. බසෙහි මිහිර විඳින්නට ඔබ මෙහි යායුතුමය... අක්ෂර නිවැරදි බව තහවුරු කරන්නට සුබස
වෙත යාම නුවණට හුරුය.  


මං එරන්දී 

Monday, March 13, 2017

බුද්ධඝෝෂ හිමි

කේසී ට දාව 
කෙසිනිය කුසිණි.... 
එලිය දුට 
ඝෝෂ ගමෙහි දී...
ගිහිකල පිළිසිඹිය 
පරතෙරට 
ත්‍රිවේදයෙහි'නි.... 
නැවෙන් වැඩියා ද
නාගාර්ජුනිකොණ්ඩයේනි... 
ලියන්නට අමතක වීද
වර්ණනා අතර බරසාර  
මහාවංශ , මහානාම හිමියනි....
කිතු ඉපිද 
සියවස් පසක් වූ තැනෙක දී 
හෙළබසින් වන් අටුවා ද 
ධම්මපද අටුවා ද 
පෙරළා පෙරැළිය 
ඒ බස පාළියට මැ යටවිනි....
ලියැ සමන්තපාසාදිකා 
පෙන්නා දැනුම උදුලා  
නොහිතිනි ද අනුකම්පා 
පාළි තව මට බැරුවාය බැරිවිනි 
ධම්මපදය ද එතැනමය  
අත්ථකථාචාරිණි 
ගරුතර 
බුද්ධඝෝෂ හිමියනි........


*උදුලා - බබළන

කේසී(පියා), කෙසනි(මව) නම් දෙමාපියන්ට දාව ඝෝෂ නම් ගමක ඉපදී, ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේදී ඉන්දියාවේ නාගර්ජුන්කොන්ඩ සිට ලංකාවට වැඩමවූ බව මහාවංශ කතුවර මහානාම හිමියන් විසින් වර්ණනා කර දක්වන, "සමන්තපාසාදිකා" අට්ටකතා ලියා තම දැනුම තහවුරුකර හෙළබසින් වූ අටුවා ද පාළියට පරිවර්ථනය කරනලද බුද්දඝෝෂහිමියන් විසින් ධම්මපදය ට තිබු සිංහල අටුවාවද පාළියට පරිවර්තනය කීරීම නිසා පාළි නොදන්නා මං එරන්දී ට  මෙසේ ලියැවිණි. එ'හිමියන් ගැන තව ද මේසේ සඳහන්ය

Tuesday, February 28, 2017

කන්ද - කෙන්ද

Snow white stepmother -Image by Google


ඉතිං ගයාපන් බර බර තානම නුඹ කෙවිළියේ....
මිහිරි ඉමිහිරිය එ'ගැයුම් ගිරි යටිගිරියේ...
ඉතිං රඟාපන් උඩ පැන පැන කරළියේ...
නුඹ මොනරෙකි පිල් විහිදපු පේඬියේ....

ඉතිං තප්පුළං රඟාන සැඬ මවාන මේඝයේ...
උඩු හුළගට ගසාන යන නුඹ පරඬල් පේළියේ...
නිවී දිළෙන නුඹ හිතුවට කණාමැදිරි පැන්චියේ...
නුඹද සඳෙකි රැහෙන් දිළෙන හිරුට හොරෙන් කරළියේ....

රඟන කලට කෙළි මඩල කී කකාර  දිය සැළියේ...
කෙලින් නොයා කෙලින් යන්ට පාර කියන කකුළුයේ.....
ගිජු ලෑ වට මහන්තත්ත කපුටු පැලේ ක කෙවිළියේ... 
ඉගිලෙනකොට සුද පෙනෙළු කන කොකාගේ මෝඩියේ....

එහෙව් මෝඩකම් නොකරමී 
හිතන 
මං 
එරන්දී...

පසු සටහන - මෙය විශාරද මාලනී බුලත්සිංහල මහත්මිය විසින් ගායනා කළ , ප්‍රේමකීර්ති ශුරින් විසින් රචිත  "කන්ද කෙන්ද කරණු පිණිස" ගීතයේ අරුත ජනවහරේ අපට අසා හුරුපුරුදු කියමන් ආශ්‍රයෙන් කෙරුණු නිර්මාණයකි.


Monday, January 30, 2017

යුද්දෙට නැති කඩුව අමාරුම නම් " TELL IN සිංහල PLEAS" නොකියා කීමටය......


මේ බස හෙළ බස
සු'බස මවන රස රැස 
දෙසයැ හෙළ, 
දිගත සුපතළ...
රසය රසකිදයැ රස
මුව වික විකා 
වහරනකොටැ... 
ඒ රට රැටියන

"සකස්කඩ"
ELOCUTION යැ 
දුහුණන්ට...
ඒ බස මළ බසයැ 
කී උගතුනේ 
සමනළයා ය සමනලයා වීයැ 

එකල් හී 
හෙළයා හෙලුවෙන් යැ 
තතන තතනා 
රඟන රැඟුමේක 
හෙළ හෙරලියැ 
නොදිර ඉතිරියැ
තවමැ  
විළියෙන් යැ 
කුස අග කෙළවර යැ 
සැඟව....

අහෝ 

අරුමෙකි යැ 
මැද සාලයේ 
ගල් වංගෙඩිය 
පිත්තල සෙම්බුය 
ගම් ගෙවල 
පිළිකන්නේ යැ....

එහෙව් හෙළයින් යැ
රා මතේ මතින දිවෙනැ  
එ'හිමිසඳු වැඩි මඟට 
පිළිපන් නාලාගිරියායැ  
පිරිත් පැන් වඩනකොට 
අනේ "සාධු"යැ 
තියනකොට හු මිටි යැ 
රජා මරා වහරන බසිනැ.....  :)  

ඒකත් ඔන්න ඔහේ කියලා දැම්ම 
මං 
එරන්දී 


Sunday, November 20, 2016

ඉතිං ආයුබෝවන් (Good Bye)

ආයෙමත් යන්න බැරි 
ආයෙමත් එන්න බැරි 
මතකයක තනිවෙන්න බැරි 
වෙන්ව යන්නට හිත හදා ගනු බැරි 
ඉඩක් නැති ඉඩක 
ඉඩක් සොයා ලතැවුනු 
කාටවත් නොහැඟුණු 
නුඹේ සුවඳ අතහැර 
යන්න අවසර කුමට 
මා මඟ අතහැර 
ඔබ ගිහින් පෙර දිනෙක 
හිතක කතාවක 
දුක අසන්නට ඔබ නැති 
තනිව විඳගමී 
මතක දොර අඟුළු ලමි 
ඉතිං කවදාවත් 
අපි යලිත් හමුනොවෙන 
කිසිත් කිසිදාකත් 
ඔබට මා හඟිනු බැරි 
මතකයක දුක දරා 
ඉතිං මං සමුගමි..........

මම
මා නොවුණු
මං එරන්දී....

Saturday, November 5, 2016

කියන නොකියන ඔබට මට පොදුය මතකය විඳින රිදවෙන තරමට දැනෙන......

                                                                  

හිතක අස්සක -  ඇසක අගිස්සක                             
මතකයක කෙළවරක 
ඇරඹුමක නැවතුමක 
ඉකියක රිදුමක 
සිනාවක කතාවක 
අහිමිව ඇත ඉතිරිව 
රිදවන දුක හිතෙන 
ආදරයක මතක..
ඔබට මට 
මා ඔබටද 
ඔබ මටද 
කියා නැති...
උවම් කළ නළලත 
හාදුවක සිරවී...

බේටම පහල නොවුණු  සිතුවිළි ගැට ගහන 
මං 
එරන්දී