Showing posts with label අපේ කතා. Show all posts
Showing posts with label අපේ කතා. Show all posts

Wednesday, June 27, 2018

තරු, වල්ගාතරු කරන 'MALLI' ලා



රැප් බිහිවුනේ, පාලක පන්තියට එරෙහිව වහලුන් සිය පීඩනය පිටකිරීමට යොදාගත් මාධ්‍යක් ලෙස. ඒ අපි කවුරුත් දන්නා කතාව. එහෙම රැප් ලාංකීය සමාජය තුල ලිංගිකත්වය අරඹයා සිය අසහනය පිට කිරීමට යොදාගැනීම මං හිතන්නේ, එහෙම  ගත්තාම  ලාංකිකයන් මුහුණ දෙන විශාලම පීඩනය එය වියයුතුයි. රැප් කියන්නෙ අසභ්‍ය වචන කීම යැයි හිතන තැන ඉදලාම කේදවාචකයක්.
 බෞද්ධයකු ලෙසත් වියපත් ගැහැණියක ලෙසත් මේ කිසිවක් කෙරෙහි ඇලීමක් හෝ ගැටීමක් මට නැති මුත් අපි කතා කල යුතුයි ඔබත් ඇතුළු මතු පරපුර වෙනුවෙන්.
අපි තැවුනාට "පියුමි හංසමාලි" ගැන, අද බොහොමයක් තරුණ කලාකරුවන්/කලාකාරිනියන් Negative Marketing නිසාම රැකෙන පිරිසක් බවට පත්වෙලා. අපි නොදන්නා නවක තරු අදුරගන්නෙ " leak" උනාම... Negative Marketing කියන කලාවෙ ලංකාවෙ තරම් දක්ශයො ලෝකෙ කොහෙවත් නැතුව ඇති.
මේ තරම් තරුණ දරුවන් මෙතරම් තමන්ම පහතට හෙලමින් විවේචන ඉවසමින් හරියටම වල්ගා තරුවක් වගේ ගැහෙමින් එකම දිශානතියකට යන ගමන සැබවින්ම අධ්‍යනය කලයුතු තැනකට අද පත්ව ඇති බව නම් අවිවාධ්තයි. හෙට මේ ව්‍යසනයට ඔබෙත් මගෙත් දරුවා තල්ලු නොවන්නේ යැයි සහතික වන්නට ඔබට හැකිදැයි මා නොදන්නා මුත් මා නම් සැබවින්ම ඒ ගැන සිතමී.
ඒ නිසා ඔබෙත් මගෙත් දරුවාට ‘සුද්දා අපේ උඩුකය වසා, ඉග දැවටී රෙද්ද දණහිසට ද උඩින් එසවූ බව හෙළුවෙන්ම වනමි’. ලොව මෙකල නිර්මාණාත්මකම  භාෂා 16 න් එකක් වන හෙළ බස මළ බසකි කියාගන්නා විට නවීන තාලයට RIP සිරිලන්කන්ස් කියාගන්නට නොකමැත්තෙන් ලියමී. ගස් ගල් පිළිම වලට වැඳ වැටෙන මිනිසුන්ට උපස්ථාන කරමී. අව්ද්‍යාව පතුරන්නට නොව විනාශ නොවනු පිණිස ශික්ෂණයක් පවත්වනු පිණිස කටමැත දොඩමින් රැල්ලට ‘නිරාගමික’ වීමට මිනිසුන් මුලා කිරීමට වඩා එය මානුෂිය යැයි සිතමී. සැබෑ නිරාගමිකයිනට ගෞරව කරමී.
 අමතක කරන්න එපා, මගේ රැකියාව ඔබ දැවැන්ත තිර වල වගේම පුංචි තිර වල දකින දෙස්විදෙස් ශිල්පීන් ගේ මානසික ඒකාග්‍රතාව රඳවා ගැනීමට පුහුණු කිරීම කිව්වොත් නිවැරදි. ඒ නිසාම වසරකට ලොවපුරා ගොසිප් කරුවන් මා වෙත කොපමණ මුදලක් ගෙවීමට සුදානම් වනවා ඇත් ද එක තරුවක් "වල්ගා තරුවක්" බවට පත් කරන්නට... අප නොදන්නා බොහොමයක් එක ක්ෂණයක දී ලොව සිදුවන බවින් 

යමක් කරන්නට අවැසි නම් ක්‍රියාත්මක වෙමු හදවතින් නොව බුද්ධියෙන්. 
මං
එරන්දී 

Tuesday, February 13, 2018

අපේ වැලන්ටයින්

සත්තයි...
හිතුනු වාර අනන්තයි 
අනේ අපිටත් 
දවසක් ම නැතත්
විනාඩි දෙක තුනක් 
තිබුණා නම් 
අපි අපිම වෙනුවෙන් 
පොඩි එකී 
පනිනකොට මැද්දට.....

යමුද රවුමක් 
හලලා පුන්චිත්තිව 
බොරු මොකට ද 
සත්තයි 
අපි කතා උනා 
දෙතුන් පාරක් 

අපිට හරි හිරිහැර 
හුස්මක් 
ලගින් ඉන්නට නැ ඉඩක් 
හරි ඉරිසියා කාරියක් 

ඒත් 
නුඹ නොවුන්නා නම් 
අපිටත් තිබුණා 
ඉම්පෝර්ට් කරන්නට 
වැලන්ටයින් දවසක්
එහෙම 
හිතන 
අම්මා 
මං 
එරන්දී 

Thursday, January 25, 2018

අපේ දවස ළු


World Spouse Day

අළුත් අවුරුද්දක උදාවුණු 26 වන දවස අද.
ටිකක් ඉන්න අද ඔබ ට “එයා” එක්ක කතා කරන්නට වෙලාවක් ලැබුනා..?
උදේ ටිකක් කාර්‍යබහුලයි නේ? ඇත්ත මගේ ගෙදර ත් එහෙමයි. එතකොට හවස ට... ඇත්ත කොහොම කතා කරන්න ද හවසට දරුවන්ගේ වැඩ, ගෙදර වැඩ සමහර විට ඔෆිස් එකෙන් ගෙදර උස්සගෙන ආපු වැඩ ඔය ටික ඉවර වෙනකොට කතා කරන්න වෙන්නේ හෙට තියෙන දරුවන්ගේ පන්ති ගැන, ගේන්න ඕන අඩුපාඩු ගැන නේ ද..?
මෙහෙම ලියන්න හිතුනේ ;
අද දවස ගැන හොයන කොට මට මෙන්න මේ දවස ගැන හෝඩුවාවක් ලැබුනා නිසා.
World Spouse Day. මේ ගැන එක එක විදිහේ වාර්තා අන්තර්ජාලයේ තියෙනවා. ඒ දිනය නම් කරපු කෙනෙක් සඳහන් වෙන්නේ ත් නැ. ප්‍රධාන වශයෙන් අන්තර්ජාලය හරහා සුබ පතන දිනයක් ලෙසත්  තව තැනක ආරක්ෂක අංශයේ නියුතු “එයා” වෙනුවෙන් නම් කළ දිනයක් සහ නිවාඩු දිනයක් ලෙසත් තෑගි හුවමාරු කරගැනිමකට එහා ගිය  එකිනෙකා වෙනුවෙන් කාලය වෙන්කරන දවසක් ලෙස එක තැනක සඳහන් වෙලා තිබුණා.
ලෝකයා වෙළඳපොල ඉලක්ක කරගනිමින් විශේෂ දින නිර්මාණය කරන නමුත් විවිධ සැමරීම් වලට මගේ කාලසටහනේ ඉඩක් ඇත්තෙම නැ.. මොකද ගතකරණ හැම දවසක් ම මට බිසී....
අනේ නැ  විශේෂ නිසා.
ඉතිං දරුවෝ පාසැලට පිටත් කරලා තේ කෝප්පයක් එක්ක අපි පත්තර විස්තර - රට තොට විස්තර - දේශපාලනය (ඕවා නම් මට ග්‍රීක්),
ක්‍රිකට් (අනේ මං නොදන්නා චෙස්)
අළුත් මත වාද, ඕපාදුප, පොඩි ඒකිගේ කෝලම් - (ආයේ ඒකට අපි දෙන්නාම සූරයෝ )
මගේ බහුශ්‍රැතකම් (ඔව් ඉතිං එයා විතරයි ඒ වා අහගෙන ඉන්නේ) රොකට් වේගෙන් දියුණු වෙන ක්‍රම (හරි ඉතිං ඒවත් මගේ වැදී බණ)
එයාගේ බණ විග්‍රහ (පුදුමයි ඕවා අහගෙන ඉදලාවත් රහත් උනේ නැ තාම)
ඔය ආදී නානාප්‍රකාර සාකච්චා එක්ක මෙලෝ රහක් නැති මගේ තේ කෝප්පයට එයාගෙන් ලැබෙන්නේ ඉහල අගය කිරීමක්. (මේ ක්‍රමේටම තමයි ලුණු නැති කෑම උනත් මං රහට කන්න දෙන්නේ)
ඉතිං හැම දවසක් ම මට විශේෂ මතක සැමරුමක්..
ඉතිං ඔබට ?
එහෙම අහන
මං

එරන්දී 😊   

Thursday, January 11, 2018

වෛරය.........

අපිට පුළුවන් ද ටිකක් කතා කරන්න..?
නැ විශේෂ දෙයක්මත් නෙවයි එත් කතා කලොත් ඔබෙත්-මගෙත් ගොඩක් රිදීම් වලට සුවයක් දැනේවි කියලා හිතෙන දෙයක්.....
මට කියන්න ඔබ මේ යෙදුම ජිවිතේ එක් වතාවක් හරි කියලා තියෙනවා ද...?
"I HATE .............." මම වෛර කරනවා .............."
මේ ළග දී දවසක මේ වචනය පිට උනා මගේ චූටි දෝණිගෙන්.... ඇත්තටම මම ටිකක් කලබල උනා.... ඒ එයාගේ තාත්තාත් මමත් අපේ වාග් මාලාවට කිසිසේත් එක් කර නොගත් වචනයක් නිසා.
ආගන්තුක වචනයක් නිසාමත් නෙවෙයි ඒ වචනයෙන් ප්‍රකාශවන හැඟීම දරුවා දැන සිටිනවා ද කියන කාරණාව මට ගැටලුවක් උනා.
මා හොඳින් පුරුදුව සිටින වා ඇය ඉදිරියේ කැරපොත්තකු එහෙමත් නැතිනම් ඇය ත් ඔහුත් අනපේක්ෂිත මොහොතක මා වෙතට විසිකරන රබර් සතකු හෝ දොර මුල්ලක සැඟව සිට කඩා පැනීමක දී හැර කලබල උනත් එය නොපෙන්වා සිටීමට... ඔව් හරියටම ඔබ වගේ :) :)
ඉතිං ඇය කිව්වේ මෙන්න මේ වාක්‍ය
"මම වෛර කරනවා මේ වතුර එකට" - අතෙහි වතුර විදුරු ව පෙන්වමින්
:) :) ඔව් කිසි ගැලපීමක් නොවුණු නිසාත් මගේ රහස් පරීක්ෂක මොළයට එකවර විවිධ සංඥා පහල වීම නිසාත් මං ඇහුවා
"ඇයි පුතේ වතුරට වෛර කරන්නේ"
"නැ මේක නෙක්ටෝ එකක් උනා නම්"....... (හරි ඉතිං දැන් ඔය ආර්ටිෆිෂල් බිම කියලා කැ ගහන්න එපා...) ඒ පාර මම නොදන්නවා වගේ ඇහුවා (හරි ඉතිං මං දන්නවාට වඩා නොදන්නා දේ ගොඩයි තමයි .),
පුතේ ඔය වෛරය කියන වචනෙන් මොකද්ද අදහස් වෙන්නේ කියලා...

උගුර ටිකක් පාදලා කියනවා "කැමති නැ" කියන එකනේ.....

හ්ම්...............

එහෙම කොහොම ද කතාව නවත්තන්නේ....?
මං ඇහුවා කොහෙන් ද පුතේ ඔය වචනේ හොයාගත්තේ...? (ඔව් ඉතිං ඕපාදුප හොයන්න වෙනවා මේ වගේ වැදගත් වැඩ වලදී )
"ආහ්හ්හ් මගේ යාලුවෙක් කිව්වා" "මං වෛර කරනවා මගේ ජිවිතේට" කියලා... ඔහ්......

මං දෝණිට කියලා දුන්නා ඔය කියන " වෛරයේ" හී තේරුම ගැන..... දෝණි පුදුම වෙලා ඇහුවා
"ඇයි අම්මේ එයා එහෙම කියන්නේ... එක හරි බය හිතෙන දෙයක් නේ "
මං දෝණිට කිව්වා යාළුවාගෙන් හෙමින් සැරේ ඒ ඇයි කියලා අහගෙන එන්න........

ආයේ මොන හෙමින් ද පහුව දා ගෙදර ආවේ රොකට් එකක් වගේ. දොර ගාව දීම කිව්වේ

"එයා ගේ අම්මා එහෙම කියලා හැමදාම අඬන වා කියලා"

මා දැන සිටින පරිදි ඇය ඉතා සුරූපී උගත් ධනවත් කාන්තාවක්...... ඒ සියළු සාධක පරදා ඇයට කළකිරෙන්නට හේතුවක් තිබුණා... හේතූ තිබිය හැකි මුත් කවරෙකුටත් ඔබව නොවටිනා මුත් ඔබට ඔබ වටිනා බව, මා ඇයට කී විට ඇය පැවසුවේ "ඔව් ඒක ඇත්ත ඒත් ඔහු මාව ප්‍රතික්ෂේප කරනවා....."
මා ඇයට පැහැදිලි කළා ඔහු ඔබව ප්‍රතික්ෂේප කලත් දරුවා ඔබව අපේක්ෂා කරන බව...
ඇය ඔහුගෙන් ඇත් ව ඔහු නිසා රිදුනු සිතින් ඇති කරගත් වෛරය වෙනුවට සියල්ල දෙස උපේක්ෂාවෙන් බලන්නට දරුවා නම් අපේක්ෂාවට ඉඩ දුන්නා.......


රිදවන්නට පෙර සිතන්න ඔබට හැකි ද වෛර කරන්නකු බිහි කිරීම වගේම කෙනෙකු මානසිකව හිංසාවට ලක්කිරීමේ වගකීම දරන්න......??

මට බැරි බව වගකීමෙන් සිතන
මම
එරන්දී
ඔබ......