දැන් කාලේ උනත් අපේ කාලේ උනත් කියලා අවංකවම මට ලොකු වෙනසක් නොවුනාට අවුලකට තියෙන්නේ ඒ කාලේ මං තරුණයි, දැන් මං ඒ වයසේ නැ.... (හරි ඉතිං වයසයි තමයි, හිතේ අමාරුවට වෙන විදිහකට කියලා බැලුවා එච්චරයි).
අන්න ඒ වයසේ ගැප් එකත් එක්ක ලොකු ලොකු උපදෙස් ටිකක් දෙන්න හිතුනා මටත්.... (ඔය කිව්වාට දෙන්න තරම් උපදෙසක් මට නැ තමයි. හැබැයි මට වුනු අකරතැබ්බ නම් ඉතිං ඕනෑ තරම්. මේ ඉන් එකක්)
ඔන්න ඉතිං අපි විවාහපත් වූ අලුත.
මං මාර රූමත් , සුන්දර , උගත් බුද්ධි+මත් (ඔව් ඉතිං මගේ නම බුද්ධිකා , ඉතිං හිනා වෙන්ට හහ් ) කෙනෙක්. ආයේ මට වඩා කිසිම කෙනෙක් කිසිම දෙයක් දැනගෙන හිටියේ නැ. ඉතිං ඔන්න ඔය විදිහට කාලය ගෙවීගෙන ගෙවීගෙන ගියා.
දවසක් අකුණු ගහමින් මහ වැස්සක් වහින්න ගත්තා. මට ඉහෙන් බහින රෝගයක් නොතිබුනාට දරු පැටියත් නොනවත්වා අඬන නිසා මං ඉතිං ඔහුට දැනුම් දුන්න මට ධාරාණි පාත ඔහ් නැ ඉවසගන්න බැරි හිසේ කැක්කුමයි වහාම ගෙදර එන්න කියලා.... (කියන කොටම ඇහුවේ "අනේ ඔයාට ඒ කියන්නේ ඔළුවකුත් තියෙනවා නේ ද " කියලා).
කොහොමින් කොහොම හරි පැය දෙක තුනකට පස්සේ හරි හදිස්සියෙන් වේගෙන් (ගේ ගාවට ඇවිත් රේස් කරලා වාහනෙන් බැහැලා නෙවෙයි පැනලා ) ආවා.
එතකොට ඉතිං මගේ ඉවසීමේ සීමාව පැනලා (ඇත්තටම කිව්වොත් මට එහෙම සීමාවක් තිබුනෙම නැ ඒ කාලේ).
ඉතිං බොහොම හැදිච්ච නිවිච්ච මම ගත්තා මල්ලක් දැන් පුරවනවා අතට අහුවෙන ඇඳුම් , ඔහු කිසිම හැලහොල්මනක් නැතුව බලාගෙන ඉන්නවා. අහ්හ් ඔව් එපා තියා ඇයි වත් අහන්නේ නැ.... දැන් රෙදි දාගෙනත් ඉවරයි, මං කිව්වා දෙන්න මගේ ID එක
ආහ්හ් ඔව් නේ එක මගේ ලගනේ අමතක උනා කියලා ඊඊඊඊ ඔව් එකත් දුන්නා.....
දැන් මට යන්නම වෙන පාටයි... තවත් කල්පනා කර කර මං හොයනවා හොයනවා.... හොයනවා මොකද්ද ? කුඩයක්
ආහ්හ්හ් වැස්ස නේ මෙන්න කුඩේ දැන් මොන දෙයියට කියන්න ද..? (මම කොහේ යන්න ද, මහ ගෙදර ගිය ත් අම්මා, මා දුටු සැනින් මා ඇදගෙන විත් ඔහුට දෙන්නේ මා ඉතා ගුණයහපත් බව ඇයට වඩා දන්නා කිසිවෙකුත් නැති බැවිනි.) කමින් ත්‍රෙඩ් ඊස් නොට් ගුඩ් බව වැටහුණු මම ක්ෂණිකව ක්‍රියාත්මක උනා.
හහ්..... මාව ගෙදර යවන්න නේද...?? මම යයි හිතුවා මදි..... මං ඒ සැනින් ඇදුම් ටිකත් හලලා හෙමින් සීරුවේ නැවතුනා....
ඉතිං ඔන්න ඔහොමයි මගේ පවුල රැකුණේ. මේ අවුරුද්ද අවසාන දවසේ වැඩිහිටියකු ලෙසින් අළුතින් විවාහපත් ඔබටත් මේ වගේ අවස්තාවක් එළඹුනොත් මුහුණ දෙන විදිහ දැනුවත් කර තිබීම මගේ පරම යුතුකම හැටියට හිතුන නිසා මේ ඉටුකළේ ඒ යුතුකම.