එහෙම හිතන මට හඳේ ආවාට අස්සේ දිග කන් තියෙන දම්පාට හාවෙක් පේන එකේ පුදුමයක් නැ කියලයි මං හිතන්නේ. එහෙම හිතන මට මර්වින් පෙරේරා ශුරින් ගායනා කළ සඳ මිදුලට එනවා ගීතය ගායනා වෙන්නේ ඔය හඳේ හාවිට කියලා හිතෙන එක , එහෙම බැලුවම කොහොමටත් පුදුමයක් නෙවෙයි. (හරි ඉතිං මෙයාට පිස්සු කිව්වට , බුදු හාමුදුරුවෝ දේශනා කලේ නානත්ත කායෝ නානත්ත සංඤා කියලා නේ..." ) ආවා මෙතන මට පිස්සු කියන්න :)
ඉතිං ඔන්න ඔහොම මට ලියන්න හිතුනේ මං ලියපු සමහර ලියවිලි වලට ඔබ දෙන අර්ථ නිරූපණ වෙලාවකට මාව පුදුම කරවන හින්දා වගේම ඒ අර්ථයන් මං පුදුම විදිහට රස විදින නිසා.
මම ලියපු ඔබ වෙනස්ම විදිහට විදපු නිර්මාණ කීපයක් ගැන මට හිතුනා කතා කරන්න . මේ ඉන් එකක්
හරි සීතලයි , ඔව් තාම තරුණයි ආදරේ....
මේ කියවෙන සිහින් දිගැටි
හරි ගැඹුරු
ඇහි පියල්ලක් යට
ආදරය ප්රකාශ වෙන්නේ වචන වලින් විතරමද...... ආදරය දැනෙන්නේ සතා සිව්පාවට විතරමද....
ගහ කොළට - කොන්ක්රීට් වලට ඒ ආදරේ දැනෙන්නේ නැ නෑ මද......??
කථා කරන්න රණ්ඩුවෙන්න බැරි නිසොල්මනේ ඔහේ ඉන්න ඔය හැමෝටම පේන අජීවී ඇත්තෝ මට හරිම සජීවීව දැනෙනවා... ඒ කතන්දර මට ඇහෙනවා
ඒ නිසාමයි මෙහෙම ලියවුනේ
නැගෙන රළට පවා පෙම් බදින යලිත් ඔබේම කරගන්න ඔබ මහම මහ මුහුදක්.... :)
සෙනෙහසක් මෙතරම්
ගැඹුරු මහ මුහුදක් තරම්
නිසල මුත් අරණක් තරම්
සසලය දරුණු සුනාමිය තරම්
මේ ලියවෙන්නේ උඩවළව ජලාශය ගැන....
ඇත්තටම මුහුදක් කියන්නේ හිත නිවාගන්න ඔසුවක් තරමට මට දැනෙන දෙයක්... මං මුහුදට මහ ගොඩක් ආදරෙයි.... එත් සුනාමිය ඇවිත් කරපු වින්නැහිය හින්දම මුහුදක් ලගින් යන්නත් බයයි..... එත් මං ආදරෙයි... එහෙම මට උඩවළව පේන්නෙත් මහ මුහුදක් වගේ.... ඒ ලස්සන දිය කද ජිවිත වාහන පිටින් ගිලගත්තු බව ඇහුවම මං ආයෙත් අතරමන් උනා හරියට සුනාමියකට අහුවුණු ගානටම...... ඉතිං මේ ඒ කම්පනය සහ කැමැත්ත අතර මගේ සිතුවිළි දෝලනය....
මෙහෙම ලියන එක , රසවිදින්නට බාදාවක් යන්න මගේ හැගීම. කවියකට , ලියවිල්ලකට පුළුවන්නම් කියවන්නාගේ වෙන්න එයයි සාර්ථකත්වය... තැනින් තැන මතුවන කුකුස නිසාම මට හිතුනා කවියක් කියන්නෙත් , ලියවිල්ලක් යන්නත් අතර නිහඬ සිතුවමක කැ ගසන නිහඬ වන කතා කරන නොකරණ ලකුණු මහ ගොඩක් රචකයාට ත් වඩා පාඨක සිතුවිළි වලින් මැවෙන බව පෙන්වන්න. ඇත්තටම රචකයෙකුට වඩා ඒ නිසාම පාඨකයා නිර්මාණශීලි.....
මේ ලියමන, අති දක්ෂ චිත්ර ශිල්පිණියකගේ අදහසකින් මං ඉවර කරනවා... ඇය අතින් නිමැවුණු හරි ලස්සන සිතුවමක් දිහා දින ගණනක් බලා ඉදලා මං ඇහුවා "මෙහි පාදකවූ සිතුවිල්ල කුමක්ද" සරල සුන්දර හිනාවකින් අය මට පිළිතුරු දුන්නා... "මා කරන්නේ විවිධ වර්ණ සමබරව යොදා ගැනීම පමණමයි....." (හැබැයි ඒ වෙනකොටත් මම ඒ සිතුවමේ උඩ රට නැට්ටුවන් ද තව කෙනෙක් ballet එකක්ද දැක අවසන්... :) )
මේත් එවන් නිමවුමක්
නිර්මාණයක අයිතිය රචකයා සතු සේම රසවිදින්නාටද අයිතිවිය යුතුය......
එහෙම හිතන
මං
හ්ම් එරන්දී.....