Tuesday, March 28, 2017

නෙළුම්යායේ පෑන සහ මං සෙට් එක එක්ක විස්තරේ

ගමේ
කළණමිත්‍ර ගේ කිරිපාට
දත් සැට් එක 
නේවී රැව්ල 
එක්ක 
Event coordinating 
නෙළුම්යායෙන්  
"දියකෝල්"
යන්ට මඟ පෑදුනු
"මං සෙට්" එක එක්ක
ටෙක් සයුර උන්නට
ටෙක්නොලොජි පලක් නැත 
ගිනියම් කොළොම් පුරට
නොවට
අඩුව දැනුනා හරියට...
මං අතරමං වෙද්දී 
නයියා දැක පියවි සිහියට
ආ අතරේ 
සජ්ජා සිය පඩංගු වේ 
සම්මානය ඔබා ගනු 
සත්තයි 
ඉතිං මා අතටම හසුවිය...

මං එයාලගේ බබා එක්ක 
ඉයන් ද ඉක්ලියාස් කෑවේය 
ඉවාන් හිටියාට 
බැලලයිකාව නොතිබුණි 
ප්‍රාජේ කිව්වේම 
මගේ කවි 
නොතේරේ කියාමය 
දුටු තැන 
"එයා",
 "මං එයාගේ හස්බන්ඩ්" 
විය...
නංගි මං "එල" කී කළ 
ආ මෙන්ඩයියේ කී නිසා 
කතාව එතනින් ලිස්සීය 
රස්තියාදුවේ නොයා 
රෝමා රස් එක්ක 
දුමී ඇවිදින් 
ඉතිං දුමී
මගෙන් 
ගුටි කෑවේය...
දන්නවා ද දන්නැ 
මං, තිලක සිත හිනැහුනේය
සහන් කසිර ජස්ට් මිස් ද කෙස් ගස්ය 
තවම "කොම්බුව" හම්බවී නැත  
අනිත් කොන දකින කොට 
අනේ මං හොඳටෝම පාමාවීලාය 
ඉතිං පොත් තිබුනේ ද එක දෙකය 
තිලක අයියා ද අක්කා ද
පොතක් දුන්නේ තෑගි 
අත්සනුත් කරලාය 
ඒ අව් අස්සේ 
මහානර්ඝ 
පෑන් රාජයා වැටිලාය 
බිම දිගේ බඩ ගගා 
මං එයාගේ හස්බන්ඩ් 
මං එයාලගේ බබා එක්ක 
මෙන්ඩා ද 
ඉතිං 
පෑනක් හොයනකොට 
හොටු පෙරපෙරා 
ඇඬුව විතරයි 
නම නොදත් 
දෙවියෙක් 
ප්‍රාදුර්භුතව 
Clue එකක් දුන්නේය 
ඉතිං ඒ පෑන් රාජයා හමුවිය 
කමීයාට යමී 
කී විට 
නෙළුම්යායට නො ආ 
අටම් පහුරේ අඩුව මතුවිය 
ඉතිං 
අප දිව්‍ය රථයට 
කැලේ මල් පිපුනේය...
මඟ දිගට 
දිග හැර
සුරන් මලයා හා 
ටෙක් සයුරේ ද කිමි ද 
අප නතර වුයේ 
මචං කුරුවිටය....
අතර මඟ හැලුනෝ* * * * * * * * * ද 
බොහෝ වූ  බව පෙනේ...
ඉතිං 
'18 ත් 
නෙළුම් මල් පිපීයන්....
කටුසු ද රවී,අරුණ අයියා ද 
කුරහන් හා හැලප එක්ක කොච්චි ද 
එකතුව 
චේෆාකිත් හමුවෙයන්....
අම්මත් එන සැරේ 
"නොනිමියෙක්" 
වෙන්නැයි 
මං එයාලගේ බබා ,කීවත් 
අහසෙන් එන්න 
නංගියේ 
ඔබෙන් ලද සම්මාන 
හිතට මගේ හරි බරයි....

ඉතිං ආයෙත් මුණගැහෙන්නට 
මඟ බලන
මෙලෝ රහක් නැති  
මං 
එරන්දී

පුදුමය මේ 51 ය.... :) 














Monday, March 13, 2017

බුද්ධඝෝෂ හිමි

කේසී ට දාව 
කෙසිනිය කුසිණි.... 
එලිය දුට 
ඝෝෂ ගමෙහි දී...
ගිහිකල පිළිසිඹිය 
පරතෙරට 
ත්‍රිවේදයෙහි'නි.... 
නැවෙන් වැඩියා ද
නාගාර්ජුනිකොණ්ඩයේනි... 
ලියන්නට අමතක වීද
වර්ණනා අතර බරසාර  
මහාවංශ , මහානාම හිමියනි....
කිතු ඉපිද 
සියවස් පසක් වූ තැනෙක දී 
හෙළබසින් වන් අටුවා ද 
ධම්මපද අටුවා ද 
පෙරළා පෙරැළිය 
ඒ බස පාළියට මැ යටවිනි....
ලියැ සමන්තපාසාදිකා 
පෙන්නා දැනුම උදුලා  
නොහිතිනි ද අනුකම්පා 
පාළි තව මට බැරුවාය බැරිවිනි 
ධම්මපදය ද එතැනමය  
අත්ථකථාචාරිණි 
ගරුතර 
බුද්ධඝෝෂ හිමියනි........


*උදුලා - බබළන

කේසී(පියා), කෙසනි(මව) නම් දෙමාපියන්ට දාව ඝෝෂ නම් ගමක ඉපදී, ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේදී ඉන්දියාවේ නාගර්ජුන්කොන්ඩ සිට ලංකාවට වැඩමවූ බව මහාවංශ කතුවර මහානාම හිමියන් විසින් වර්ණනා කර දක්වන, "සමන්තපාසාදිකා" අට්ටකතා ලියා තම දැනුම තහවුරුකර හෙළබසින් වූ අටුවා ද පාළියට පරිවර්ථනය කරනලද බුද්දඝෝෂහිමියන් විසින් ධම්මපදය ට තිබු සිංහල අටුවාවද පාළියට පරිවර්තනය කීරීම නිසා පාළි නොදන්නා මං එරන්දී ට  මෙසේ ලියැවිණි. එ'හිමියන් ගැන තව ද මේසේ සඳහන්ය