Showing posts with label කිවිදියක් නොවන මගේ ලියමන් I'm not a poetess. Show all posts
Showing posts with label කිවිදියක් නොවන මගේ ලියමන් I'm not a poetess. Show all posts

Wednesday, February 13, 2019

Nobody can be blamed

මිෂන් එකක්
ඇතුලේ
විශන් එකක් 
රෙවලූශන් එකක්
එක්ක 
බයලොජිකල් නීඩ් එකක්
ඒ වෙනුවෙන්
පෙනී උන්නූ
වැලන්ටයින්
මුණිවරයෙක්...
  කතන්දර සියවස් ගණනක් අස්සේ
ඉස්සර ආදරේ තිබුනේ, 
හවසක
වෙරළක
අකුලක
අඳුරු මුල්ලක
සිනමා හලක

දැන් 

ආදරේ
උතුරන්නේ
රූම් වල
උත්කර්ශය ට 
නැගෙන්නේ 
ෆ්ලශ් වන වැසිකිලි වලක

ඉතිං එය සමරද්දී
සත්තයි
අපි 
අහු උනේ
ට්‍රොජන් අශ්ව ඇමකට...

Nobody can be blamed,
The generation gap is just a shield 
to hide what happened yesterday,  
a cover for today 
& survival for tomorrow. 
මම 
©බුද්ධිකා එරන්දී ජයසිංහ 

Tuesday, October 9, 2018

ගලක් අරං එන්ට!


ගිරි හෙල් මත 
මල් පීදුව 
කුවේණියට 
ගල් ගහපු
රාම-ලක්ෂ්මන  
එක්ක වන වැදුණු 
සීතාට 
මල් තියපු 
රාවණට පණ පෙව්ව 
මන්දෝදරී 
වළදාපු 
පඬු පුරය
ගිණිලෑ ව 
කන්නගී ට 
දේවාල හදපු 
කිරි දානයට 
බුලත් නොදුන්නු 
කිරි නො'රු 
අම්මාට 
පද හදපු 
ඇත්තටම 
මං එරන්දී අපි 
මාරයි!
ප.ලි.-අනිවාර්යයෙන්ම අහන්න   සිංදුව ගැන හෝඩුවාව සිංදු අනෝ ගෙන්.

Thursday, July 27, 2017

රළ - වෙරළට සෙනහසින්....

 It tells "you'll always walk together". 
අතුරලා රැළිති කෙහෙ රැළි
විසුරුවා විසල් පපුතලේ..
යොමා සවනත 
පියා නෙතු පිය
අසා ඉන්නට 
ස්නේහයේ ස්වරය...
සුසුම් සුවඳේ හී 
නැහැවී
මතක විසුරුවා 
ස්නේහයේ...
යළිත් ඇවිදින් යන්න 
එන්න හිතයි මට ආයේ.....
මං එරන්දී....

Tuesday, July 11, 2017

අම්මා

අම්මා මගේ Posh නැත.....
පලින් පල සුදු කෙස් එක දෙකක් ඇත 
Under eye cream ගැන ඇය කිසිත් අසා නැත
ඇස් යට යන්තමට දැන් රැළි වැටී ඇත
දේදුණු වන් හැඩ ඇහි බැමක් ඇත
සත්තයි ඈ වැස්සකටවත් Saloon ගොස් නැත

අපේ ගෙදරට Alarm නැත
3 ට ඇහැරෙන අම්මා කෙනෙක් ඇත
සෙමින් පිරිමැද අවදි කරනා දෙවඟනක් ඇත
දුවෙක් මුත් මං පුතේ කියනා අම්මා කෙනෙක් ඇත
Darling කියන්නට මට Mummy කෙනෙක් නැත

BBC update නොවනා අම්මා කෙනෙක් ඇත
එනමුදු විශ්වයම ඇය දෙපාමුල ඇත
Siri උනත් නොදන්නා බොහෝ දේ ඇත
ලොවම අතබුලකි අම්මා ඇති තැන 


සුරතල් දකින්නට දැන් ඇයට තව අය ඇත

අටලෝ දහමෙහි හරය කියා ඇත
හොඳ නරක ගුණඅගුණ ඈ කියා දී ඇත
කරදර එන්න පෙර සෙත් පිරිත් කියා ඇත
බුද්ධියම පිහිට කොට සරණ යන්නට කියා දී ඇත
නිවන් යන්නට ඇය පන්ති ගියේ නැත

ලියන්නට තව බොහොමත් ඇත 
ලියා නිමවන ඉමක් නොපෙනෙන.... අම්මා කෙනෙක් ඇති
මං 
එරන්දී.....

Monday, March 13, 2017

බුද්ධඝෝෂ හිමි

කේසී ට දාව 
කෙසිනිය කුසිණි.... 
එලිය දුට 
ඝෝෂ ගමෙහි දී...
ගිහිකල පිළිසිඹිය 
පරතෙරට 
ත්‍රිවේදයෙහි'නි.... 
නැවෙන් වැඩියා ද
නාගාර්ජුනිකොණ්ඩයේනි... 
ලියන්නට අමතක වීද
වර්ණනා අතර බරසාර  
මහාවංශ , මහානාම හිමියනි....
කිතු ඉපිද 
සියවස් පසක් වූ තැනෙක දී 
හෙළබසින් වන් අටුවා ද 
ධම්මපද අටුවා ද 
පෙරළා පෙරැළිය 
ඒ බස පාළියට මැ යටවිනි....
ලියැ සමන්තපාසාදිකා 
පෙන්නා දැනුම උදුලා  
නොහිතිනි ද අනුකම්පා 
පාළි තව මට බැරුවාය බැරිවිනි 
ධම්මපදය ද එතැනමය  
අත්ථකථාචාරිණි 
ගරුතර 
බුද්ධඝෝෂ හිමියනි........


*උදුලා - බබළන

කේසී(පියා), කෙසනි(මව) නම් දෙමාපියන්ට දාව ඝෝෂ නම් ගමක ඉපදී, ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේදී ඉන්දියාවේ නාගර්ජුන්කොන්ඩ සිට ලංකාවට වැඩමවූ බව මහාවංශ කතුවර මහානාම හිමියන් විසින් වර්ණනා කර දක්වන, "සමන්තපාසාදිකා" අට්ටකතා ලියා තම දැනුම තහවුරුකර හෙළබසින් වූ අටුවා ද පාළියට පරිවර්ථනය කරනලද බුද්දඝෝෂහිමියන් විසින් ධම්මපදය ට තිබු සිංහල අටුවාවද පාළියට පරිවර්තනය කීරීම නිසා පාළි නොදන්නා මං එරන්දී ට  මෙසේ ලියැවිණි. එ'හිමියන් ගැන තව ද මේසේ සඳහන්ය

Monday, January 30, 2017

යුද්දෙට නැති කඩුව අමාරුම නම් " TELL IN සිංහල PLEAS" නොකියා කීමටය......


මේ බස හෙළ බස
සු'බස මවන රස රැස 
දෙසයැ හෙළ, 
දිගත සුපතළ...
රසය රසකිදයැ රස
මුව වික විකා 
වහරනකොටැ... 
ඒ රට රැටියන

"සකස්කඩ"
ELOCUTION යැ 
දුහුණන්ට...
ඒ බස මළ බසයැ 
කී උගතුනේ 
සමනළයා ය සමනලයා වීයැ 

එකල් හී 
හෙළයා හෙලුවෙන් යැ 
තතන තතනා 
රඟන රැඟුමේක 
හෙළ හෙරලියැ 
නොදිර ඉතිරියැ
තවමැ  
විළියෙන් යැ 
කුස අග කෙළවර යැ 
සැඟව....

අහෝ 

අරුමෙකි යැ 
මැද සාලයේ 
ගල් වංගෙඩිය 
පිත්තල සෙම්බුය 
ගම් ගෙවල 
පිළිකන්නේ යැ....

එහෙව් හෙළයින් යැ
රා මතේ මතින දිවෙනැ  
එ'හිමිසඳු වැඩි මඟට 
පිළිපන් නාලාගිරියායැ  
පිරිත් පැන් වඩනකොට 
අනේ "සාධු"යැ 
තියනකොට හු මිටි යැ 
රජා මරා වහරන බසිනැ.....  :)  

ඒකත් ඔන්න ඔහේ කියලා දැම්ම 
මං 
එරන්දී 


Wednesday, January 25, 2017

මතයට වාදයක් හෙවත් මතවාදයක්

මතයක් - "ප්‍රේමයට 
නිකැළැල් 
සිතා.."


ඉතිං 
කතා කරපං 
රාවනා,
කුඩා හැඩයා 
මහා හැඩයා 
රිටිගල 
ජීව උයනේ 
ඉපදුවට 
දඬු මොණරේ 
ගිහිං  
සුපර්ණකාගේ 
නහයට 
සීතා ගෙනාවට 
ඔඩ්ඩ්ස තන්ත්‍රය  
කුමාර තන්ත්‍රය 
ලිව්වට
ලංකා දැහැන
සාරංගා 
රාවන හත්තෙන් 
වැයුවට 
සීතා සීතා එළියේ 
එක්කං ගියාට 
කෝ කොහේද 
වාල්මිකී..! 
දැන් ඉතිං 
කාලේ හරි
හංගපු පිටු අතරින් 
මදාර මල් සුවඳ  
 එලියට ගනින්
දසිස් බල රාවන

රිටිගල

නිකං හිතුනට ඇහුවේ 
මං එරන්දී ...

Friday, October 28, 2016

Lemme SAY HIII......


When I try to say HIII
You just text to say BYE........
Tell me what to SAY
Dunno than PRAY........

Pray, Pray to hear 
Someone who Near
Which can be bear
Whom can hold my TEAR........

Just wanna say HIIII....
Lemme say HIIII.....

Still 'm waiting 
to 
say 
Hiiii
මං එරන්දී 

Monday, October 24, 2016

බැ කිව්වට බැරිම නැ....

ෆුජියාමාවට පුලුවන්නම්
හීතල හිම කැටි එක්ක
තුරුල්  වෙලා
සකුරා මල් සුවදින්
පෙනහළු පිරෙන්න
ජිවිතේ හුස්ම ගන්න
බර්මියුඩාවට පුලුවන්නම්
නැව් පිටින් හංගගෙන,
පපු කුහරේ
හීනියට හිනාවෙන්න 
සිතිජ ඉමේ හමුවෙති 
මේ දැන් දැන්
 හිත හිතා, 
පෙරුම් පුරමින්  
වෙහෙස නොබලාම 
සයුරු රළ වර නගී නම්  
ඉතිං  ඇත්තමයි 
මං නැති හෙටක
ඔබට හෙටක්....
ඇත්තමයි තියෙනවා...
එහෙම හිතන
මං 
එරන්දී  :)





Tuesday, August 2, 2016

යශෝදරා , කුවේණිය සහ ප්‍රේමය

අකුරු එක දෙක 
ඇහිදලා  
ජිවිතේ ඉන් අකුරු  
කරනෙමී  
යශෝදරාවත දෝතින්ම 
ගෙන 
කාවෝ කෑ තැනින් දිග 
හැර 
සුසුම් සුළගින් දුලි 
පිසලමී  
දැවුම් කන නාස් පුඩු 
අගින් 
වෙවිළුම් ස්වරයෙන් බිඳෙන  
ඉකියක
හදවතේ දුක 
සිහින් ස්වරයෙන් 
ගයනෙමී 
තිබු තිබු තැන 
මල් පිපෙන්නැති 
කටුක  ගිරි දුර්ග 
ඇසිල්ලෙන් පසු කර යමී....
මලක් වී පිදෙනු බැරි වී 
කුවේණිය වී මියැදෙමී 

මං
එරන්දී 

Thursday, July 28, 2016

හරි සීතලයි , ඔව් තාම තරුණයි ආදරේ....

සිහින් දිගැටි
හරි ගැඹුරු
ඇහි පියල්ලක් යට
සීතලම සිතල
හරි සියුමැලි
තෙතම තෙත
කදුළු
මල් කිණිත්තක
ඉපිලී ඉපිලී

උතුරයි ආදරේ

හද විල්තෙරේ
කැලතී කැලතී
සියුම් රළ නැගී...
සුසුමක් දුරින්
ගව් සියදුරින්
 දුර වෙතත්
හරි හීතලයි

මේ ආදරේ.....

කොනිත්තා සිනාසෙන
සිනාසී සුසුම්ලන
සිංහ ගිරිහිස 
මුතු ලතා  මත උදුල
සහන්  එළිය මැද
වරු ගණන්
ඇසි පියලි සුළගට ගෙවෙන
මිහිරැති සොදුරු
සුවදකින් පණ ගැහෙයි
සීතලම සීතලයි

තාම තරුණයි ආදරේ....  



හා හරි ඉතිං 
ඔව් 
මං එරන්දී :)

Saturday, July 2, 2016

මගේ එළියෙන් දිළෙන මමත් කණාමැදිරියෙක්


මහ රැ පාළුවට
තනිකමක්
නොදැනෙන්ට
බස්සන්ට අඩගහමු
කතන්දර ගොළුවෙද්දී
බස්සෝ "හ්ම්"
කියද්දෙන්
හ්ම් හඬට
එකතුවෙන
දුම් වළාවට යටින්
හීන් හිනාවක
ඉතිං මං
පෙලෙද්දෙන්
තරු කැට ගානට
ඉතිං ඇස්
නිවී නිවී දැල් වෙත්දෙන් 
වලාකුළු ගානේ 
නැවතී නැවතී එන  
සරා සඳ  නුඹට ..
තනි රකින  
කණාමැදිරි  පැටියෙක් 
මමත්.....
- මම එරන්දී -