Tuesday, May 11, 2021

නිදහස

 සිහිනය සොඳුරු

නිදි අවදි මොහොතකය

හැබෑ වූ දා පටන් 

හීන හරි ගොරහැඬිය


එළිය අඳුරෙන් 

නෙලා ගනු කුමකට 

තරු උනත් ලස්සනම

අහසේ දිළෙනා විටය


කුස පුරවා ඇමට පණුවන්

බිලිබානා වරල් සළනා 

රන්වන් මාළුවන්

ගොඩට ආදා නොවෙද නිම

බැබලෙනා හද ගැහෙන

සොඳුරුම ප්‍රේමයන්!

මං

එරන්දී