Showing posts with label අරුම පුදුම හිත. Show all posts
Showing posts with label අරුම පුදුම හිත. Show all posts

Monday, July 16, 2018

STRESS ද?

By Prof. 

STRESS මට කියන්න ඔබ කි දෙනෙකුට ස්ට්‍රෙස් ද? ඇත්තටම මොකද්ද මේ ස්ට්‍රෙස් එක?
මේ ලගදි දවසක් මගේ දුව මට කිව්වා “අම්මා මට හරිම ස්ට්‍රෙස් අම්මා”
ඇයට වයස අවුරුදු 9 යි. අවංකවම මට හිනා ගියත්, වහාම කම්පියුටර් තිරයෙන් මැත් වෙලා
 “ පුතාට කොහොම ද ස්ට්‍රෙස් බව දැනෙන්නේ” කියලා ඇහුවා.
චූටි හිනාවක් එක්ක දෝණි
“ නැ මට අම්මා එක්ක කතා කරන්න ඕනේ. එත් අම්මා හැමවෙලාවෙම වැඩ”
මම වහාම කරමින් සිටි වැඩය ටිකකට නවත්තලා වහාම දෝණි ගේ ලගට ගියා. එයාගේ අතක් අරගෙන මගේ අත උඩින් තියාගන්න කොටම ඇය කිව්වේ “අම්මා, මට හරි පහසු බවක් දැනෙනවා” ඉතිං ඇත්තටම මේ අවුරුදු 9 දරුවාට ස්ට්‍රෙස් ද? ඒ ගැන දැන ගන්න නම් මේ වචනයේ අර්ථය අපි සිංහලෙන් සොයා බැලීම වැදගත්.
සිංහල භාෂා වෙහි මේ වචනයෙහි අර්ථ ගැන්වීම ම එකී තත්වය පැහැදිලි කිරීමට සමත්
බල කිරීමක්/බර දැරීමක්/ආයාසයක් -> වෙහෙසක් -> පිඩාවක් -> ආතතිය -> ක්ලමථය
ඇත්තටම STRESS - ක්ලමථය ලෙසින් දැක්වීම වඩා නිවැරදි ක්‍රමය ලෙස හැඳින්විය හැකි.
(ලිපිය ආරම්බයේ සිට ඔබ දුටු [ස්ට්‍රෙස්] කියන වචනය යෙදුනු වාර ගණන නිසා ඔබට පැහැදිලි කළ නොහැකි අපහසුවක් දැනුනා ද? අන්න ඒ හැඟීම මෙකි තත්වය ප්‍රායෝගිකව පැහැදිලි කිරීමට මා හිතාමතා මේ ලිපියට ඇතුලත් කළ බව වටහා ගන්න.)  
එක පාරින්ම තමන්ගේ මානසික තත්වය හෝ වෙන අයකු මුහුණ දෙන මානසිකත්වය/ MIND STATES  වටහා නොගනිමින් පැනපු ගමන් මට ස්ට්‍රෙස් කිම හරියටම කිරිහාමි අත් පා සිතල වූ සැනින් “මං මලෝ” යැයි ඇදගෙන වැටීමට වඩා ලොකු වෙනසක් නම් ඇත්තෙම නැත. 😊😊
ඇත්තටම මේ අවුරුදු 9 ක දරුවෙකුට ස්ට්‍රෙස් එන්න පුළුවන් ද?
මුලික හැදෑරීම වල දී මෙකි තත්වය වයස 18-81 අතර පරතරයක කතා කෙරුණත් 2010 වසරේ දී එළිදැක්වුණු  recent theoretical advances in aging theory මගින් ද STRESS හී අර්ථ දැක්වීම මඟින් ද ඕනෑම වයසක පුද්ගලයකු මෙකි මානසික තත්වයෙහි යම් *අවස්තාවක්/ භාවයක සිටිය හැකි බව මගේ අත්දැකීමයි. එබව ඉහත අර්ථ දැක්වීමෙන් ම ඔබට ද පැහැදිලි වන වා ඇති.
STRESS හී සරල පැහැදිලි කීරීම නම්
*මානසික පීඩනය යනු අප මත පැටවූ ඉල්ලීම් සහ ඒවා සපුරාලීමට ඇති හැකියාවයි.
මෙම ඉල්ලීමි අප වෙත පැමිණිය හැක්කේ කෙසේ ද?
බොහෝවිට පවුලෙන්, රැකියාවල, මිතුරන්ගෙන් හෝ පාසලෙන් වැනි බාහිර මූලාශ්රවලින් පැමිණේ පැමිණෙන්නා වූ ඉල්ලීම්. නමුත් එපමණක් නොව විටෙක අප විසින් අපට කළ හැකි දේට සාපේක්ෂව අප විසින් කළ යුතු යැයි අප සිතන දේ ත් මීට ඇතුලත්.
අන්න ඒ නිසාම ස්ට්‍රෙස් යන්න සිංහලෙන් කළ පැහැදිලි කීරීම ක්‍රමානුකුල ව ගැනීමේ දී අප ඕනෑම කෙනෙක් ක්ෂණික, කෙටි කාලීන හෝ දීර්ග කාලීනව පිඩාවට ලක්විය හැකි අතර ඉන් අතලොස්සක් මානසික ආතතියෙන් පෙලෙන්නන්/ Affected by stress ලෙස හදුනාගත හැකි.
මේ ලිපිය හරහා ඔබට ස්ට්‍රෙස් යනු රූගයක් නොව එදිනෙදා කාර්‍ය කීරීම සදහා තිබිය යුතු ගුණයක් බවත් එය හසුරුවා ගැනීමට නොදැනීම ප්‍රතිකාර ලැබිය යුතු තත්වයක් දක්වා දුරදිග යා හැකි බවත් අවබෝධ වන්නට ඇතැයි විශ්වාස කරමී. එසේ නම් පීඩනය පිඩාවක් නොවී හසුරුවා ගන්නා ආකාරය ගැනත් තව මේ පිලිබඳ අළුත් තොරතුරු ගැන කතා කරන්නටත් බලා පොරොත්තුවෙන් Google search කර නොදන්නා ලෙඩ සාදා නොගන්නැයි ඔබට ආරාධනා කරන,
මං  
එරන්දී 

  


Wednesday, September 27, 2017

IRAJ - Inspiring Rumor, Aiming Judgements :)



එදා මෙන් අදත්
අද මෙන් හෙටත්..............

                                      .

                                      .
ධමනියක ඉපිලී 
නැවුම්
ශිරාවක ලතව 
පසු බැස කිළිටිව 
සෙමෙන්
ලබ් - ඩබ්ව 
පණ ගැහෙයි 
රිසියෙන් 
සෘතු අතර 
යෙහෙන්....
වනට වැද 
සිංහයකු හා සමඟ ද 
ධනුද්ධර හැර වැද්දකු ද 
සිතාය කෝ කොහි ද 
මන්දෝදරී.... 

ස සමඟ ප 

ඒ 

කරළියෙහි 
Market 
වෙන්නේ ම  
අඩ අඳුර ය......
අපි ඉන්න 
ගැලරියේ......

මං එරන්දී 


Thursday, July 27, 2017

රළ - වෙරළට සෙනහසින්....

 It tells "you'll always walk together". 
අතුරලා රැළිති කෙහෙ රැළි
විසුරුවා විසල් පපුතලේ..
යොමා සවනත 
පියා නෙතු පිය
අසා ඉන්නට 
ස්නේහයේ ස්වරය...
සුසුම් සුවඳේ හී 
නැහැවී
මතක විසුරුවා 
ස්නේහයේ...
යළිත් ඇවිදින් යන්න 
එන්න හිතයි මට ආයේ.....
මං එරන්දී....

Sunday, May 7, 2017

කවි සිතුවිල්ල....

Minnie Ashley (1897)
එකම එක කවක් වත්     නුඹ නොලීබව මා නමින් 
නො' අදහමී
නුඹ නොකීවද 
දිව්රා මුත් - ඉඳුරා නොවන 
ලෙසින්...... Cannot believe
I won't believe 
You didn't write anything 
Just for me..................... 


එකම වදනකුදුත් 

නොලියෙන 
නුඹේ සිතුවිළි 
පන්හිඳට 
පැන් පුරණ 
අරුම සුවඳ 
වෙමිය මම... 

සුසුමින් ම හැඩ වැටුන 
නුඹ නොලී 
නුඹ නොකී 
Minnie Ashley (1878-1946) 
හදෙහිම රැඳුනු 
දුක හිතෙන 
දුක නිවන 
පස්ගෝ රස පිරුන  
ඒ මිහිරැති 
කවිය 
වෙමිය 
මං 
එරන්දී....................

අප්‍රතිහත ධෛරයෙන් යුතුව සාර්ථකව ජීවීතයට මුහුණ දුන් ඇය පිළිබඳව මෙම ලියවිල්ලට හේතූ වන්නේ සිතුවමක් තරම් සුන්දර ඇය ආසන්න වශයෙන් සෙසිල් බි. ඩිමිල්ලේ නම් නිර්මාණකරුවාගේ සියළුම චිත්‍රපට වල රඟපා ඇතැයි වාර්තාවන බැවින් ඒ ඇය කෙරෙහි යම් ප්‍රේමනීය සිතුවිල්ලක් ඔහු තුල අප්‍රකාෂිතව සිතේ තිබු නිසාදැයි යන කාව්‍යමය කුකුස මත පදනම්ව මිස එය එසේ උවද නොවුව ද අතිශය පෞද්ගලික කාරණාවක් බවත් ජිවතුන් අතර නැතත් ඔවුන් කෙරෙහි අගෞරවයක් කිරීමේ අරමුණක් නොවන බවත් සටහන් කරණු කැමැත්තෙමී.
මිනී ඇෂ්ලි, යනු 19 වන සියවස අග බාගයේ දිනෙන් දින සාර්ථකත්වය කරා ගිය සුරූපී ගායිකාවක් සේම නර්තන ශිල්පිණියක් ලෙස ද දක්ෂතා දැක්වූ ශිල්පිනියකි. ස්වභාවයෙන් ඇය ඉතා රූමත් සේම සිය වෘර්තිය ජීවිතයේදී තියුණු ඉවකින් සිය සාර්තකත්වයෙහි හිණිපෙත්තටම ගිය දක්ෂයෙකි. කරුණාවන්ත, උද්‍යෝගීමත් වගේම කාර්යශූර ශිල්පිණියකි. සිනමාවේ (Stardom) ප්‍රතිභාව පුර්ණ ශිල්පිනියක වූ ඇය රූපගත කිරීම් වලදී නිරන්තරයෙන් අධෝරක්ත කිරණ වලට නිරාවරණය වීම නිසා ඇයගේ ආකර්ෂණියවූ නෙත් සඟලේ හී පටල ක්ෂයවිමෙන් ඇය පීඩා වින්දාය. 
1902 දී ඉතා ධනවත් දේශපාලනඥයකු වූ විලියම් ඇස්ටර් චැනලර් හා විවාහයත් සමඟම සිය රඟපෑම නවතා දමා සිය ඇස් පරික්ෂා කරගැනීම සඳහා දෘෂ්ටි විශේෂඥයින් සොයා යෑමට තීරණය කාලය. නමුත් ඇයගේ පෙනීම පහත වැටීම නිසා බියට පත් ව ඔවුන් මිනී ව ස්පර්ශයෙන් කරන්නාවූ ප්‍රති නිර්මාණකරණයට යොමු කරන ලදී. පසුව වසර 1909 දී විලියම් පැරිසියේ පදිංචියට යාමට තීරණය කිරීමෙන් අනතුරුව මිනී විලියම්ගේ පුතුන් දෙදෙනා රැකබලා ගනිමින් ඇමරිකාවේ ජිවත් වීමට කැමැත්ත පලකළ නිසා දෙදෙනා සුහදව වෙන්ව ජීවත්වීමට තීරණය කරන ලදී . 
වේදිකාවෙන් සමුගෙන දශකයකට පසු මෙම අග්‍රගන්‍ය ශිල්පිණිය , එනම් වසර 1911 දී නැවතත් සිය හස්ත භාවිතයෙන් රංග ප්‍රති නිර්මාණකරණයට පිවිසියේ " A Country Girl" නම් නිර්මාණයෙනි. එයින් මතු හස්තමුද්‍රා රංග කලාව සිය ජන්මයෙන් ගෙන ආ තරම් බුහුටිව හැසිරවූ ඇය  බියට්‍රිස් ඇශ්ලි චැනලර් නමින් එතැන් පටන් පෙනී සිටියාය. 
පසුකාලින ජිවිතයේ පරාර්ථකාමී තැනැත්තියක ලෙස ඉතා සාර්ථකව එම කාර්යයයේ නියළුනාය.බොහොමයක් ලේඛන වල ඇයගේ උපන් වර්ෂය 1886 ලෙස සඳහන් ව ඇති මුත් නියම වර්ෂය 1878-1946  ලෙස  මා පරිශීලනය කළ මුලාශ්‍ර වලින් සොයාගත හැකි විය. 

ඇය ලබා ඇති ජයග්‍රහණ සහ ප්‍රකට කළාවූ දිරිය සම්පන්න බව ඇගයීම සඳහා මේසේ ලියා තබමී   
මං 
එරන්දී....................

Thursday, May 4, 2017

Interpretation Definition In Poetry ... "අන්තර් නිවේශනයේ" පද්‍යුය අර්ථදැක්වීම



අන්තර් නිවේශනය (Interpretation) ; ඔබට මට පොදු නොවන , ඔබ - ඔබට ද මා - මට ද සිත - සිතුවිළි කෙරෙහිම නැවුණු තැනක ඉපදී විටෙක ඉරටු මිටියක් රේඛියව බැඳී; ලේ පාට බොරළු පහුරු ගා උගුල් වා සූරා දැමීමේ සිට සිනිඳු බෝ මාළුවෙක සියුම්ව මැවෙන රටාවක් දක්වා ද ලිප් ගල් තුනක සිරවූ මැටි ඇතිලියක සිට Italian burner එකක Ceramic බඳුනක ඉදෙන මසවුළ දක්වා ද පොරවකින් පැලෙන ලී කොටයේ සිට සැත්කම් පිහියෙන් කැපෙන මිනිස් සිරුර දක්වා ද ඉන් එපිට රස්තා රෙගේ සිංදුවකින් ද පන්සලක පල්ලියක කෝවිලක දෙවොලක නැගෙන සඤ්ඤායනය තෙක් වන පරාසය තුල ද ඉන් එපිට කී-නොකී පරාසයෙහි ද ප්‍රකාශිතයයි.
                                                විටෙක ගීතයකට සුරුවම් බෑමෙන් ද අත්තල ගැසීමෙන් ද අඩි පෑගීමෙන් ද සිය මනෝභාවය එළිදක්වන්නා වූ චිත්තය, විචිත්‍රවත් ව චිත්‍රයක් ලෙසින් ද අකුරු වල පැටලී කවියක් ලෙසින් ද කවියක් තනුවක වේලි සංගීතවත්ව ගීතයක් ලෙසින් කම්පිතව විශ්වයට මියුරු  කම්පනයක් ලෙසින් මුදාහරවයි, සිත ඇත්තේ කොතනදැයි නොදන්නා මුත් සිතුවිළි වල හටගැනීම ද අවසානය ද අතර සියල්ල ප්‍රේහේලිකාවක් මුත් භාවය යනු ශක්තී ප්‍රජනකයකි, එකී ශක්තියෙහි ප්‍රකාශන ස්වරුපය  "අන්තර් නිවේශනය" හෙවත් Interpretation නම් වේ...  
                                        සහෘදය එනිසාම කියමි ; ලේඛකයින් , කවියන් , විචාරකයන් හෝ එකී මෙකී කිසිදු සුදුසුකමක් ඔබ හා මා සපුරා නැතත්
        " සිතුවිළි         මරා           වළලා          තැනෙන         ලාවා           දිනෙක         පුපුරා         යා-නොයාද         හදවතක         ලේ         කුහර         පුපුරා"

Killing & burring your  thoughts make your Interpretations unborn & grow as lava will lead cardio vascular explosion in you 

ඉතිං ලියමු රහක් නැතත්, ලියන
මේ
මං එරන්දී වගේ.......


Sunday, January 8, 2017

මම මං වගේ :)

මම උපතින් බෞද්ධය... ඒ අම්මා සහ තාත්තා උප්පැන්නයේ සටහන් කරවූ නිසාය. එත් වරදින්නේ නැතිව මට අද කිව හැක්කේ පන්සිල් පද පහ පමණක්ය. 
පොඩි කාලයේ මට හවසට බුදුන් වඳින්නට  අම්මා කියා දුන්නාය. ටික කලක් මා එය කරගෙන ගියේ ගාථා උච්චාරණයට සහ එහි ශබ්ද රසය ට ප්‍රියකළ නිසා විය යුතුය. එහෙත් ටිකෙන් ටික මට එහි ගැටළු ඇතිවිය. 
*මැටියෙන් සැදු  රූපයකට ඇයි අපි වඳින්නේ..?? 
හිතේ ශ්‍රද්ධාව ඇතිකරගන්න, අම්මා මට පිළිතුරු දුන්නාය..
ඉතිං අම්මේ ශ්‍රද්ධාව ඇතිවන්නට මට රූපයක් ඕන නැ..
එදා සිට අම්මා මට බුදුන් වඳින්නට මතක් නොකලාය.

අ.පො.ස. සා/පෙ සඳහා බුද්ධාගම විෂයක් ලෙස හැදෑරු පසු අද වනතුරු ඒ පිළිබද කිසිදු හැදෑරීමක් මා කර නැත. ඉතිං පහනක් පුජා කරන ගාථාවද මට මතක නැත. ඉතිං මං ප්‍රාර්ථනා කරන්නේ 

*මේ පහනේ ආලෝකය පැතිරෙන්නේ යම්සේද ඒ ලෙසින් මාගේද අන් අයගේද ඥාණා 'ලෝකය දැල්වී සොබාදහම අවබෝධ කරගනිත්වා කියාය. 

ඒක දේව වාදයද , බහු දේව වාදයද ,සරණ යාමද වන්නාවූ අනේක විදි වන්දනාමාන පදනම් වූ ඇදහිලි මා අනුමත නොකළද ; කෝවිලක, පල්ලියක , පන්සලක , දේවාලයක ඉදිරිපිට පුජාවට්ටියක් බැරිමරගාතේ උස්සාගෙන ඔබට ද ඉදහිටෙක හෝ මා  දකින්නට ලැබිය හැක.... 


ඒ සොබාදහමද බෞද්ධ දර්ශනයේද ඇසුර ලද මා ඔබේ ඇදහීම ට ගරුකරන බැවිනි. ඊටත් වඩා "හුටා එතකොට දැන් ඔයා නිරාගමික ද " යැයි හිනැහෙන ඔහුට සහයෝගය දැක්වීමටය :)


කුඩා කළ සිට මා ලද සැපය වුයේ , නිදහසේ සිතන්නට ද නිදහසේ ප්‍රශ්න කරන්නට ලද නිදහසය. නිදහස නොලබන්නා කූඩුවෙන් එළියට පැන පණ නහගන්නා කිරිල්ලියක් වැන්න . වරදින්නට ද හරියන්නට ද අත්හදා බලන්නට ද උත්සාහ කරන්නටද අත්හැර දමන්නට ද දරුවෙකුට නිදහස උවමනාය. 

*බල්ලෙකු කූඩු කරන්නේ ඒකා  ඉබ්බගාතේ ඇවිදිනවාට ද කව්රුන් හෝ පැන සපා කෑ විට ඊට වන්දිගෙවන්නට ද කූඩු කර හදනා විට අහල පහල මොකෙක්වත් ගේ ලඟින් යන්නට බය වන හින්දා ද ගොඩේ බල්ලෙකු උව රට බල්ලෙකු ලෙස හංගා ගෙන හැදිය  හැක යන කරුණු මතය. ඊටත් වඩා ඒකා යන එන අහුමුළු වල දුවන්නට කල්වේලා නැති නිසාය. ඉතිං ඔහේ හිටු කියා දරුවන් හදනවාට වඩා බලුතඩ්යෙක් හැදීම සාධාරණය.  


මේ සියළු ලියවිලි දෝණි ට ලෝකය දකින්නටය 
මේ මට හිතෙන හැටිය... ඒ මගේ හිතේ හැටිය.. හිතේ හැටියට මා ලියන්නේ විවාහය යනු වැට බඳිනු බැරි හිතට එබෙමින් හතර මායිම් සෙවීම නොවන බව දන්නා ඔහු නිසාය. මේ මා සොයා දැනගත් මගේම හිතය. වැඩිහිටියෙකුට නැමෙන හිසක් අම්මා ද තාත්තාද මා තුල ගොඩනගා ඇත. ඉතිං මා ඔවුන්ට ණයගැතිය....  එහෙත් මගේ දෝණි යනු මගේ උවමනාවට මා හැදු බෝනික්කිය.. ඉතිං ඇය කවදාවත් මට හෝ ඔහුට ණයගැති නොවිය යුතුය.
එහෙම හිතෙනවා ඇත්තේ 
මං එරන්දී 
හින්දා වියයුතුය :)
                                                                                     

ප.ලි. මා මේසේ ලියා තබනුයේ මා වාසනාවන්තයකු බව හඟවන්නට නොව මෙයින් උත්තේජය ලබා කෙනෙකු හෝ නිදහස්ව හිතන්නට ද තමන් ගේ මෙන්ම සහෘදයින්ගේද නිදහස් සිතුවිළි වලට ගරු කරන්නට ද පොළඹවනු පිණිසය. 

Sunday, November 20, 2016

ඉතිං ආයුබෝවන් (Good Bye)

ආයෙමත් යන්න බැරි 
ආයෙමත් එන්න බැරි 
මතකයක තනිවෙන්න බැරි 
වෙන්ව යන්නට හිත හදා ගනු බැරි 
ඉඩක් නැති ඉඩක 
ඉඩක් සොයා ලතැවුනු 
කාටවත් නොහැඟුණු 
නුඹේ සුවඳ අතහැර 
යන්න අවසර කුමට 
මා මඟ අතහැර 
ඔබ ගිහින් පෙර දිනෙක 
හිතක කතාවක 
දුක අසන්නට ඔබ නැති 
තනිව විඳගමී 
මතක දොර අඟුළු ලමි 
ඉතිං කවදාවත් 
අපි යලිත් හමුනොවෙන 
කිසිත් කිසිදාකත් 
ඔබට මා හඟිනු බැරි 
මතකයක දුක දරා 
ඉතිං මං සමුගමි..........

මම
මා නොවුණු
මං එරන්දී....

Friday, August 12, 2016

ලොවට නොහැඟෙන රිදෙනමුත් සොදුරු ඇත්ත......


ඉතිං මං ලියනවා
ලිය ලියා මකනවා 
මක මකා ලියනවා 
තනිව හිනැහෙනවා

හිරිකඩට හීතලට
පණ ගැහෙන තාලෙට
ආදරෙත් පූදිනවා  හෙමිහිට
පෑළවිය  සඳ පුරන ලෙස අටවකට

ඉතිං මං අහනවා
ආදරේ මට දැනෙනවා
ගව්  ගණන් දුර ගෙවනවා 
හුස්ම පොදකට ඔබ දුවනවා

අපි අපේ දැයි නොතැවෙන 
අපි අපේ මැයි දැනෙන
වරු ගණන් අහිමිවන 
අපේ හිත් වලත්  ආදරේ උපදින

ආදරේ උපද්දන 
සොදුරු මායාවක් වැන්න
ඉතිං හිනැහී ඉන්න 
මං ලකුණු නොතියාම ඉන්න...

රැයේ අඳුරෙන් හිනැහෙන 
අතැඟිලි  නොගැටී ගැටෙන 
හිරුට දොස් නොකියන්න 
ඉතිං අපි අපේදැයි නොහිතන්න 

ඉර හඳට දුරමුත් 
එකම අහසක ලං නොවනමුත් 
සඳ දිලෙයි රහසින් මුත් 
සොදුරු එළියෙන් ලොවම නොදකිනා මුත් 

ඉතිං ලතැවිලි කුමට 
ඉඩ එපා සුසුමකට 
ඒ වගෙයි කතාවක ඇත්ත ඇත්තට.......




මං එරන්දී  :)


Sunday, July 10, 2016

ඔබ පරමාණුවක්

අහිමි විමක දුක දැනෙන්නේ 
සියල්ල හදවතින්ම  
අහිමිවූ බව දන්නා ම්නිසුන්ට. 
ඒ වගේ මිනිස්සු ළග 
සිනේරුව තරමට 
බලාපොරොත්තු කදු වෙනුවට 
තියෙන්නේ 
නයගරාව වගේ 
ඇදහැලෙන ප්‍රාර්ථනා විතරයි....
ඒ සියළු ප්‍රාර්ථනා ඇදගන්නේ 
ලෝකයෙන් වසන් වන හද පතුලක ගැඹුරු අඩියක, බර්මියුඩා වක....... 
සියළු දුක, සතුටයි දරාගන්නා මිනිසුන්;
ලෝක ගෝල පිරෙන්න තරමට 
ජිවිතේ සංවෘත  කරගන්නේ 
පුංචිම පුංච් ආදරේකින්...
මේ පුංචිම පුංචි ආදරේ, 
හිතේ සුවද දෙන්නේ මදාරා මලකට උනත් , 
හිත විදින්නේ 
දෑ සමන් මල් සුවදක ම්හිරියාවක්......
ඒ තමයි මේ හිතේ හැටි 
ලොකු ලොකුම 
අඩු තරමේ 
දෝතට ගන්න බැරි තරම් 
මහ විසල් මළ මුහුදකට 
ආදරේ කරනවට වඩා මේ හිත,
 හීනියට රුටමින් 
දෙකොපුල් තෙමන 
ඔය ආදරේ  මිහිරි  වැස්සට 
ලෙන්ගතුයි...


ඇත්තමයි 
මම  එරන්දී 

Wednesday, June 29, 2016

කොන්ක්‍රීට් ගොඩකට ආදරේ කරන්න මට පුළුවන්...


කණට ඇහෙන සමහර ගීත විතරක් නෙවෙයි, සමහර සුවදක් උනත් අපිව හිතින් මහ දුරක් එක්ක යනවා. ඒ සතුටු මතකයන් කරා විතරක්ම නෙවෙයි, දුක හිතෙන කාල වකවානු හරහා වගේම ජිවිතේ සංක්‍රාන්ති පරිච්ඡේදයන් හරහාත්.. 
අව්ව වැස්සවත් අනුකම්පා නොකරපු එක්තරා කාලයක ජිවත් වෙන්න බලාපොරොත්තු අපි ඇහින්ඳ  කාලයක් ඒක. ගහක් කොළක් මලක් වැලක් වත් නොයිවසන වියෝවක කෙළවර කාත් කවුරුත් නැති දුරු රටෙක තනිවුනු  ඒ මතකයට ලස්සනක් එකතු කලේ ඔබ.... බලාපොරොත්තු එකතු කලේ ඔබ 
අපි ඔබට ආදරේ කරන්න පටන් ගත්තේ ඒ නුහුරු නුපුරුදු නමට... උගත් වියතුන් වගේ අපි ඔය නමේ අරුත් විග්‍රහ කලේ පද බෙදලා... එත් විස්වාස නැති තැන අපි බැලුවා ගැනලා .... මොනවාද ස්වර, ව්‍යංජන , තද්ධිත , සාමාස නැ පඩි , කොයි හැටි වෙතත් නමේ තේරුම හොයන්නම අපි වරු ගණන් ගිල්ලා :)  ,  ඔබට නම තියපු ඇයෝවත් දන්නවද මං දා සැබෑ අරුත ඔබේ ..?? 
අවිවේකී ඔහු නැති පාළුව මකාගන්න දොනිටත් මටත් වෙන විකල්පයක් තිබුනේ නැ ඔබේ රැකවරණය හැරෙන්නට. කොන්ක්‍රීට් වනන්තරේක දුඹුරු පාට කොළ අතු අස්සේ පෙනහළු පිරෙන දුවිල්ලෙන් හුස්ම හිරවෙන අපි , හොද හුස්මක් ගත්තේ ඔබේ උණුහුමට ගුලි වෙලා. 
අපි හිතුවේ ඔබ අපේමයි කියලා, දෝණි හුරතල් උනේ ඔබ එයාගේ නිදහස කියලා හිතාගෙන. ලස්සන පුංච් වරෑන්ඩාවක දෝණි ත් මමත් කොදුරපු පුංචි පුංචි කතන්දර සිංදු තාමත් මග බලනවා ඇති. හැමතැනටම එක වගේ වැටුණු ඉර එලිය දුක හිතුනු මගේ හිතට පහන් එළියක් උනු වාර ගාන ඔය මුළු බිමටත් වඩා වැඩි ඇති...
හිත ආදරේ කලේ ඔබෙන් ලද රැකවරණය , හිතට දැනුනු නිදහස පිරිසිදුකම මේ හැමදේම හින්දා වෙන්න ඇති...
දවස ගානේ දියුණු වෙන්න කියලා හිතපු ඔබ, දවසක දෙකකට එහා ගිය කෙනෙහිලි කම් වලින් විදවන බව දැනුනු දා තද කරගත්තු හිත , ඇහැ කොණින් වත් නොබලන්න තරමට මං හිත දැඩි කරගත්තා..
කොයි තරම් මම අහක බලං  ඔබව පහු කරගෙන ගියාද ... දෝණි අත දිග ඇරලා කැ ගහනවා "අම්මි අපි අද මෙහේ යමුද " 
ඉතිං මට ඒ කැ ගැහිල්ල ඇහෙන්නෙම නැ......
ඒත් 
අද මං ආයෙත් ආවා ඔයාව බලන්න 
"මම එලියට ආවේ ආයෙත් කවදාවත් මං එන්නේ නැ මයි" මම හිතපු දේ , මට කලින් දෝණි කිව්වා....
එහෙම හිතාගෙන ගෙදර ආපු මම කල්පනා කලේ, මිට අවුරුදු තුනකට කලින් ආයෙත් යන්නේ නැ කියපු මම අද ගියා.... ඔව් මම ආයෙත් යනවා... අමතක කරන්න බැරි අපේ මතකයට මං ආයෙත් පිරිත් පැන් ඉහිනවා.....

ඔව් 
එහෙම හිතන්න පුළුවන් මටම විතරයි..
මම එරන්දී