Friday, April 6, 2018

රත්මලාන අන්ධ විද්‍යාලය සහ අසම්පුර්ණ මං එරන්දී

කණා, ගොළුවා, කොරා, අන්ධයා යැයි දිගුකරන ඇඟිල්ල දෙස මම බලමි. 
ශාරීරිකව මෙන්ම මානසිකව පමණක් නොව 
ආර්ථිකමය වශයෙන්ද අභියෝගයන්ට මුහුණ දෙමින් 
ඔවුන් ජීවිතය ජයගන්නට දරණ පරිශ්‍රමය දෙස මම බලමි.
ඒ සියල්ලටම අභියෝග කරමින් ජීවිතය විඳින අහසින් එන්න නිර්මාණි සහ කසුන් ගෙන් ජීවිතය ඉගෙනගනිමින් සිටිමි.
 දෙව්ලියක වන් නිර්මාණි නංගිගෙන් සියුමැළි ඇඟිලි තුඩින් ලියැවෙන, අපිට නොපෙනන ලෝකයේ සියුම් තැන් ගැන අකුරු අතරින් මම දකිමි... 
ඇය ද ඇගේ සහෝදර ගුරුමඩුල්ලේ ද අප්‍රතිහත ධෛර්‍යයේ අති විශිෂ්ට ප්‍රථිපල ලෙස මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් රත්මලාන අන්ධ විද්‍යාලයෙන් බිහිවූ විශිෂ්ට ප්‍රතිපල පිලිබඳ ඉතා සංවේදී වීඩියෝවක් ලේක් හවුස් ආයතනය විසින් සම්පාදනය කර අති බව 

සමකය වටේ අපේ නලීන් අයියාගෙන් දැනගත්තෙමි. ඒ විශිෂ්ට දරුවන් ගැන ලියන්නට නලීන් අයියාට මම පොරොන්දු උනෙමි.
ලියැවෙනා අකුරුද පටලෑවෙමින් ඊයේ සිට මම තවමත් අසම්පුර්ණ ලිපියක් ලියමින් සිටිමි. 
සම්පුර්ණ යැයි සිතා සිටිනා මා තුල වන අසම්පුර්ණ බව රත්තරං දුවේ-පුතේ ඔබ, නිසා පසක් කරමින් සිටින්නෙමි. 
ඔබට අවැසි සහයක් මිස අනුකම්පාවක් නොවන බව ලෝකයට පසක් කරන්නට මම වෙර දරමි. 
හෙට දිනන ඔබේ ගමනට වචනයකින් හෝ දිරියක් වන්නට හිතන 
මං 
අම්මා 
එරන්දී.....