Tuesday, December 27, 2016

Complicated vs Complements

                                          




ඉඩෝරෙට 
ඉරිතැලුණු 
වියලි බිම්කඩකත්  
ලා නිල්ල
දිය කඳුළු 
සුව පහස 
විඳිනවා 
ඉතිං 
ගිණි ගද්දි රෝමයත් 
නීරො 
වයපු වීණාවේ 
තත් උනත් තාමත්  
ඉදහිටෙක වැයෙනවා 
ඇල පිල්ලක 
ඉස් පිල්ලක 
කොමාවක 
ඇල ඉරක 
උනත් අදටත් 
නුඹේ හැඩ රුව 
එබිකම් කරනවා 
සත්තයි ඉද හිටෙක 
ඒ අතරේ 
මට මාවමත් 
මුණ ගැහෙනවා


ඒ මුණගැහෙන 
මං 
එරන්දී  





Wednesday, December 21, 2016

මල්ලී

                                                                   
දුනු ඊතල 
දැලි පිහි
ඇයි Balance කරපු
සරුංගල් 
සීය පප්පගේ 
Shotgun
පණ කඩාගෙන 
හොම්බ බිම ඇනගෙන 
Chopper , Mountains 
පැද්ද 
ගෙදරට හොරෙන් 
රැ ජාමේ මං එක්ක 
Carnival බඩගාපු
මගේ පොඩි Love එක 
මල්ලියේ.......
මට ඊයේ අද ගාණයි 
අනේ ඒත් ඇත්ත 
උඹ දැන් ලොකු මිනිහෙක්
හැමදාම 
මගේ පැත්තට උන්නු
එක කුසෙන් එලියට නාපු 
උඹයි මට උන්නු මගේ මල්ලී.....
ඉතිං උඹට 
ජය සිරි සුබ මංගලම් මල්ලියේ....!!


හ්ම්
මං
එරන්දී.....

Sunday, December 4, 2016

නිකමට වගේ අහන්නේ

ඇයි  මේ පොඩි එකී බඩගිනි වෙලා කෑ ගහනකම් බලාගෙන ඉන්නේ.... 
ඇයි  පොඩි එකී ටියුෂන් යවන්නේ නැත්තේ....?? 
කාගේද මේ ප්‍රශ්න.. අනේ මගේ නම්නේවෙයි 
එහෙනම්, එහෙනම් කියන්නේ මගේ දිහා බලාගෙන ඉන්න අයගේ ප්‍රශ්න... 
රටේ තියෙන බොරු කියා කියා පොඩි එකීට මන් කවදාවත් බත් කටක් කවලා නැ..... ඒ උනාට කන්ඩ බෑ කියලා demand  කරපුවාම මාස හයේ හතේ කාලේදී උනත් මෙලෝ රහක් නැති බත් තලපේ උනත් මන් එයාට පෙන්න පෙන්න කාලා තියෙනවා. ඉතින් නොකැවොත් බඩගින්නේ කියලා මගේ පොඩි එකී ඉගෙන ගත්තේ "අම්මා" කියන්නත් කලින් ඉදලා. 
මං  අම්මා උනත් මගේ පොඩි එකී මම කියන කිසිම දෙයක් එයාට වැටහෙනකම් පිළිගන්න ලෑස්ති නැ... අරයා නම් කියන්නේ පොඩි එකී අම්මාට පිස්සු කියලා දන්නා හින්දා ලු එහෙම කරන්නේ , සමහර විට වෙන්ඩත් ඇති. උදාහරණයකට පොඩිම කාලේ පුතේ  1+1=2 , 2+2=4 කිව්වම ඇයි අම්මේ එක කිව්වත් දෙක කිව්වත් 3+3 කිව්වත් උත්තරේ 2යි නේ කියලා පොඩි එකී කියන්න පටන් ගත්තා. දහා අතේ කල්පනා කලාමයි තේරුනේ වැඩේ, පස්සේ මිඳුලේ තියෙන සේරම ගල් කැට ගෙනල්ල පෙන්නලා එකතු කලාම යි පිළිගත්තේ නැත්තම් 8+8=2 තමයි උත්තරේ. 
ඉතින් එකේ තේරුම කෙල්ල පණ්ඩිතයි කියන එකද??? කෙල්ලට හිතන්ඩ පුළුවන් කියන එක .
කෙල්ල හිතන්ඩ පුරුදු උනේ කොහොමද..?? බලෙන් කෑම ගිල්ළුවේ නැති නිසා 
ඒ කියන්නේ එතකොට මං කම්මැලිද ...?? නෑ මං බුද්ධිමත්........ නේ...????


වැඩක් නැ 
කොහොම කිව්වත් 
මං 
එරන්දී ම තමයි   

Monday, November 28, 2016

කියන.... ලියන.... හිත

තුවරලා සුවඳ 
උතුරනා 
උවම් ලු සඳ 
දිළිහෙනා 
රැයක 
සොඳුරුම  
නුඹ පතා   
මඟ බලයි 
නෙතු නිදිවරා.....




හා හරි ඉතිං
මං එරන්දී විතරයි.......

Sunday, November 20, 2016

ඉතිං ආයුබෝවන් (Good Bye)

ආයෙමත් යන්න බැරි 
ආයෙමත් එන්න බැරි 
මතකයක තනිවෙන්න බැරි 
වෙන්ව යන්නට හිත හදා ගනු බැරි 
ඉඩක් නැති ඉඩක 
ඉඩක් සොයා ලතැවුනු 
කාටවත් නොහැඟුණු 
නුඹේ සුවඳ අතහැර 
යන්න අවසර කුමට 
මා මඟ අතහැර 
ඔබ ගිහින් පෙර දිනෙක 
හිතක කතාවක 
දුක අසන්නට ඔබ නැති 
තනිව විඳගමී 
මතක දොර අඟුළු ලමි 
ඉතිං කවදාවත් 
අපි යලිත් හමුනොවෙන 
කිසිත් කිසිදාකත් 
ඔබට මා හඟිනු බැරි 
මතකයක දුක දරා 
ඉතිං මං සමුගමි..........

මම
මා නොවුණු
මං එරන්දී....

Saturday, November 5, 2016

කියන නොකියන ඔබට මට පොදුය මතකය විඳින රිදවෙන තරමට දැනෙන......

                                                                  

හිතක අස්සක -  ඇසක අගිස්සක                             
මතකයක කෙළවරක 
ඇරඹුමක නැවතුමක 
ඉකියක රිදුමක 
සිනාවක කතාවක 
අහිමිව ඇත ඉතිරිව 
රිදවන දුක හිතෙන 
ආදරයක මතක..
ඔබට මට 
මා ඔබටද 
ඔබ මටද 
කියා නැති...
උවම් කළ නළලත 
හාදුවක සිරවී...

බේටම පහල නොවුණු  සිතුවිළි ගැට ගහන 
මං 
එරන්දී 

Tuesday, November 1, 2016

සෙල්ෆි ස්ටික් හෙවත් ඇලඩින්ගේ මැජික් ස්ටික් එක......

ආදරේ දැනෙන
මොහොතක
ජිවිතේ
සීරුවට අල්ලගමු
බර අඩි බර හුස්ම
ගෙනියන්න
ටර්නැඩොවකට
එන්න කියමු
අහුමුළු
අහුකොන් වලින් එබෙන
දුක් මතක
සුනාමියකට දන්දෙමු
අහුවුණු වෙලාවක
බිඳුණු හිත
CHEMIFIX වලින් අලවමු

හමුවුණු නොවුණු 
තැන්වල 
රතුතොල් 
අඟ පසඟ 
ඇහි බමද 
අකුරක අමුණමු 
පාට කළ මුණුවල
PATCH-TOUCH වෙලා තිබුන 
ජිවිතේ මේ යැයි
අදින් පසු හිතාගමු......

එක අතකට මිනිස්සු මාරම පොසිටිව්.... 
එහෙමත්  හිතන 
මං 
එරන්දී... :)




Friday, October 28, 2016

Lemme SAY HIII......


When I try to say HIII
You just text to say BYE........
Tell me what to SAY
Dunno than PRAY........

Pray, Pray to hear 
Someone who Near
Which can be bear
Whom can hold my TEAR........

Just wanna say HIIII....
Lemme say HIIII.....

Still 'm waiting 
to 
say 
Hiiii
මං එරන්දී 

Wednesday, October 26, 2016

අප්පා මං මාආආආරයි

මට ඇත්තමයි දැන් ඇති වෙලා .......  (මේ යන්ඩ හහ්, හිතුවද ජිවිතේ එපා උනා කියලා..? ආවා මෙතන )
මට එපා වෙන්නේ හැමෝම කතා වෙන්නේ  "දැන් වත් තේරෙනවද කසාද බැදපු එක මෝඩකමක් කියලා " 

ඉතිං ඇති වෙන්නේ..??? 
මං, නැ කිව්වම මගේ දිහා බලන විදිහ (කසාදේ මෝඩකම) .... හහ් 
හැබැට ඇයි කසාද බැදපු එක මෝඩ කමක් කියලා හිතෙන්නේ...???

දෙයියනේ ගෙදර ඉන්නේ කාලේ, 

ගෙදර කළු පෑන්  නැති උනොත් චූටි  අක්කා මගේ පස්සේ පන්නන්නේ හුසේන් බෝල්ට් වගේ...
පාඩම් කරන මුවාවෙන් නිදාගත්තම අම්මා කනෙන් අල්ලගන්නේ හරියට දඬු අඬුවෙන් අල්ලනවා වගේ 
ඔය ටිකයි.. ටිකම ටිකයි (තව ලියන්න බැ කවද හරි දෝණි මේ Blog එක බලනදාක හොඳ මදිනේ ඒකයි )

දෙයියනේ කියලා ගුටි කාලා නැත්තේ ලොකු අක්කගෙනුයි තාත්තගෙනුයි විතරයි. ඔය වගේ ගුණ යහපත් ව හැදුනු මට එයා මාරයි.

ඔෆිස් ගිහින් බැහැපු ගමන් එන පළවෙනි Call එක 

මේ ඔයා මගේ කළු පෑන එහෙම දැක්කද...?

මං උත්තර දෙන්නේ වීරයෙක් වගේ හහ් ඔව් ඇයි....

නැ නිකමට ඇහුවේ පියන් මහත්තයා ඇහුවා අදත් පෑනක් ගෙනත් දෙන්නද කියලා 
(ඒ කියන්නේ මුළු office එකම දන්නවා මගේ පිළිවෙල මාරයි කියලා )

දැන් අම්මා මට බැන්නත් මාව බේර ගන්නේ එයා..... ඉතිං දෙවියනේ මං කසාද බැදපු  එක තරම් නුවණක්කාර වැඩක් තව තියේද...????

අපේ අම්මා, අක්කලා,තාත්තා එයාට මාආආආරම ආදරෙයි......  අපේ ලොකු අක්ක මං අහගෙන දවසක් එයාගෙන් අහනවා මල්ලි (ඔය කිව්වට අක්කලා එයා නැති තැන කියන්නේ කළු මල්ලි කියලා... මේ ඕවට මගේ කිසිම සම්බන්දයක් නැ)  "අපේ පොඩි තැන ඔයාටත් Part දානවද ..?
කියලා .
වට පිට බලලා කියනවා (එයා), අනේ අක්කේ ඉතිං ඔය අම්මයි දුවයි හුනන්ටත් බයයි... මුළු ලෝකෙටම බය එකේ පව් මට විතරයි නේ බය නැත්තේ............. 
ඔන්න ඔහේ GIF එහෙකුත් දාලම ලිව්වා 


කතාව ඇත්ත මොකටද බොරු කියන්නේ... මං බයයි තමයි . වැඩේ කියන්නේ මං අඩි  පොළොවේ ගහලා ආලවකයා වගේ දඟලලා එයාට කෑගහල බලන් ඉන්නවා , හොඳ රණ්ඩුවක් පටන් ගන්න; මේ මනුස්සයා මාර ආදරෙන් මගේ දිහා බලලා අහනවනේ ඔයාගේ දුක දැන් අඩු උනාද අරකද මේකද..... දෙයියනේ ඔන්න ලැජ්ජාව ඉවසන්න බැරිව මං කියනවා මං මෙච්චර බැනලත්, ඇයි කියන්න මොනවත්ම නැද්ද.....?? හපෝ.......... එයා කියනවා අනේ මං හිතුවේ ඔයා දුක හිතිලා අඬනවා කියලා......... ඒ කියන්නේ හපොයි අනේ මන්දා........




මං ගැන ඔය විදිහට හිතුවට ඔයාලා දන්නවද මගේ දෝණි බලාගෙන ඉන්නේ 
මගේ ඇඳුම් එයා අදින්නේ කවද්ද 
මගේ වගේ කවද්ද කොන්ඩේ දික් වෙන්නේ 
මං වගේ එයාගේ බබාලට කතන්දර කියලා දෙන්නේ...... ඒ කියන්නේ ඔය කියන තරම්ම මං ඔහොම නැ...... නැත්තන් දෝණි මං වගේ වෙන්න හදයි ද මං අහන්නේ....?? නැ නිකමට මං අහන්නේ...

හැබැයි මේ කියන්නේ full serious මොන දේ නැතත්   මෙලෝ රහක් නැතත්  දෙයියනේ කියලා මං කියන දේ අනිත් අය අහගෙන ඉන්නවා, සමහර clients ලා විනාඩි 10 විතර යද්දී කතා කරන්නෙත් මං කතා කරන තාලෙට... ඇයි උදේ හැන්දෑවේ හම්බවෙන සමහර තරුණ ගෑණු ළමයි අඳින්නේ පලදින්නේ ඇවිදින්නේ ඒත් මං වගේ....... ඒත් ඒ බොහොමයක් දෙනා දන්නේ නැ මට මගේ කියලා PASSION එකක් මිසක් FASHION එකක් නැති බව. 
හෙමින් ඇවිදින්නේ හයියෙන් ඇවිදින්න බැරි නිසා
හෙමින් කතා කරන්නේ එක දිගට කතා කරන්න බැරි නිසා....
දකුණු අතේ ඔරලෝසුව බදින්නේ වම් අතේ මැණික් කටුව අවුල් හින්දා 
කොට උනත් HIGH HEALS නොදා FLATS ම දාන්නේ මං RADICAL හින්දා නෙවෙයි etc.
හැබැයි මට නියමිත නිශ්චිතව ම බැරි යැයි සම්මත සියල්ල මං කරනවා අන්න එකයි මගේ FASHION එක. 
මං හිතන්නෙම FASHION බිහි වෙන්නේ කිසිම දෙයක් නැති තැන දහිරියවන්ත මිනිස්සු හින්දා. (සමහරු නම් කියන්නේ මට OVER CONFIDENT කියලා)

සරල ව ලියන්නේ මහා සාහිත්‍යක ඇසුර නැති හින්දා.... හැබැයි මටත් ලියන්න ඕනේ කියන සිතුවිල්ල හින්දා..... 

ඉතිං මොකද හිතන්නේ... අදම පටන් ගන්න තමන්ගේම කියලා IDENTICAL PASSION එකක්. 

හෙට අනිද්දට 

හා හරි හරි ඉතිං 
මං 
එරන්දී 
නෙවෙයි..!
කියලා ලියන්න වෙන තරමට 
මගේ WRITING VOCABULARY PASSION එක 
FAMOUS වෙයිද මන්දා...
අන්න 
එහෙම හිතන 
මෙන්න මේ 
මං 
එරන්දී.... :) 


Monday, October 24, 2016

බැ කිව්වට බැරිම නැ....

ෆුජියාමාවට පුලුවන්නම්
හීතල හිම කැටි එක්ක
තුරුල්  වෙලා
සකුරා මල් සුවදින්
පෙනහළු පිරෙන්න
ජිවිතේ හුස්ම ගන්න
බර්මියුඩාවට පුලුවන්නම්
නැව් පිටින් හංගගෙන,
පපු කුහරේ
හීනියට හිනාවෙන්න 
සිතිජ ඉමේ හමුවෙති 
මේ දැන් දැන්
 හිත හිතා, 
පෙරුම් පුරමින්  
වෙහෙස නොබලාම 
සයුරු රළ වර නගී නම්  
ඉතිං  ඇත්තමයි 
මං නැති හෙටක
ඔබට හෙටක්....
ඇත්තමයි තියෙනවා...
එහෙම හිතන
මං 
එරන්දී  :)





Monday, October 17, 2016

නොපළ කවි සිතුවිළි....


නොපළ කවෙක...                

සැඟව රහසින්.. 
උණුහුම් සිතිවිල්ලෙක 
පණ ගැහෙන
තාලෙන්  
උත්තම සිතුවිල්ලෙක 
අවිහිංසකම  

ප්‍රේමය 

සිත්තමක් විය 
උතුරනා සෙනෙහසින්.....




















හා ඉතිං 
චිත්‍රේ ඇන්දේ 
මං  
එරන්දී  තමයි.... :)

Sunday, October 2, 2016

හහ් මටත් දන්නවා චිත්‍ර අදින්න... දෝණිට වගේ හහ්

                                    ඇයි 
ඔය පාට කූරු 
අතන මෙතන 
බිම වැටිච්ච 
ඉදල හිටලා 
ඔව් ඉතිං හරි හරි  
දෝණිගේනුත් හොරෙන් අරං 
චිත්‍ර ඇදලා 
වැරදුනාම 
පිකාසෝට පිං පමුනලා 
දාර්ශනික කතා කියලා 
ජාමේ බේරගත්ත කියලා 
මාව නිකන් හෙලා දැකලා  
කතා කරලා 
මොන්ටිසෝරි යවමු කියලා 
හිතල හිතලා හිනාවෙලා 
හිතුවේ නැ නේ නිකමටවත් 

හහ් ඔයාලා දන්නේ නැ 
මං ඔය හැමදේම 
හිතල මතල කරන්නේ...
වෙනසකට 
හැමෝම වගේ නෙවෙයි නේ 

ඉතිං 
මං එරන්දිනේ 

අන්න එකයි...... :)

Sunday, September 18, 2016

මේ ඉරයි හඳයි ඇත්තමයි මහා පුදුමයි.....


කතා නොකලත් සඳවතී
මේ උණුහුමට නුඹ හිත ඇති 
තරු රැසක මගේ සඳවතී 
ලංව ඉනු බැ මා හිතැත්ති 
දවන්නට හිත දුක ඇති 
ලං වෙතත් සිසිලක් නැති 
රැ පුරා හෙලු කඳුලේ ඇති 
සීතලද මට හිමි නැති 
සිනාසෙන දුක්නෙතු ඇති 
ලොවම නොදකින දුර ඇති 
සිනේරුව මත හිත ඇති 
අපි අපිට කිසිදා හිමි නැති 
දිළෙනු සිහිලැති සඳවතී 
මේ එළිය ගෙන මගේ රුවැත්ති 
කල්පයක පෙම සුවඳ'ති 
මේ චණ්ඩ හිත නුඹ ළඟ සියුමැළි....... 

ඔහොම හිතන්නෙම 
මං 
එරන්දී 


Saturday, September 3, 2016

කොළ දන්නා අයට ගස් පැල කර පෙන්විමට තරම් මෝඩ විම හෙවත් මට ලියන්නට නොදන්නා බව සැඟවීම :)

අනේ... බ්ලොග් එකක් හදන්න පුදුම ලේසිනෙ.... 
නැ......හ්හ් 
නැ නෙවෙයි ඔව් 
 මම බ්ලොග් එකක් හදා ගත්තේ, comment කරන්න ගිහින් , අහපු ආස හිතෙන පුදුමහිතෙන ප්‍රශ්නවලට උත්තර දෙන්න ගිහින්නේ 
ඒකයි

ඉස්සෙල්ලම ඇහුවේ comment එක දාන්න හදනකොට
 "මේ ඔයාට නැද්ද blog එකක් කියලා"
මං කිව්වා නැ කියලා 
ඒ පාර මට කිව්වා 
"අනේ එහෙනම් අපි blog එකක් හදමුද කියලා"
ආව් මං දෙපාරක් නොහිතා කිව්වා හා කියලා.....
ඉතිං හැදුවා blog එකක්... 
එල්ලුවා කියන තරමක් gadget, 
ඔහ් මොකද්දෝ එකක් වෙලා....
 පෙන්නේ නැතුව ගියානේ මං ලියපුවා අනිත් අයට.........

[ඕන්නැති එකක් නැ ,blog එකක් හදමු කිව්වේ google... :)]

එතකොට ඔය google 
මට කලේ ම  කෙනෙහිලි කම් 
 අඩු ගානේ 
අනේ නංගියේ බැරිනම් 
අත්තම්මේ හරි කියලා 
මට කියා දුන්නැ වැරැද්ද හදාගන්න විදිහක්... 
ඒකට මොකද blog එක හදන හැටි කියලා දුන්නේ පැන පැන. හහ්....

ආ ඔයාලා නම් කියයි 
"මොකෝ එරන්දී ඔය පරණ කතා ආයෙත් කියන්නේ කියලා...??"
[ඇයි අහලා නැද්ද කාන්තා පාර්ශවයට රැ ට කාපුවා උදේට මතක නැති උනාට කාගෙන් හරි වෙච්ච වැරැද්දක් නම් ගිය ආත්මේ ඉදලා හරි මතකයි කියලා... අන්න එකයි මං මේ කියන්නේ.... ]

ඒ වෙච්ච අරියාදුව මතක් උනේ, ඇයි දෙයියනේ blog එකක් හදන්න කියලා කරදර කලාට මේකේ ලියන්න දෙයක් මේ google යෝධයා මට කියා දුන්නෙත් නැ... හහ් ඉතිං මට තරහ යන එක අහන්න දෙයක්ද..... මං අහන්නේ..... 

ඒ මදිවට ගේ අතු ගාන්න  ඕනේ මකුළු දැල් කඩන්න ඕනේ... උයන්නත් ඕනේ (අම්මලා ආවේ නැ මාව හදන්න බැ කියලා)  
වැඩට යන්න ඕනේ , blog ලිව්වට ගෙවන්න බැ බැ මයි කිව්වා ලොකු සර්............... 
ඉතිං ඔයලා ඔය කිව්වට මට වෙලා නැ ලියන්න . ( ලියන්න බැරුව ද කොහෙද ඔය ) හහ් මට තිබ්බ නම් වෙලා  මං  ලියන්නේ දුවන්න (ඔව් ඉතිං ඔය මෙලෝ රහක් නැති කතා කියවන්න යැ නැතුව )  
ඔන්න බලන්න හෙට අනිද්දා හරි ලඟම දවසක හරි නිවාඩුවක් හෙම  දාලා මං ලියනවා ඔයාලාට කියවන්න ඇත්තමයි..........
හැබැයි බොස් නිවාඩු දුන්නොත් හොඳේ......

(ඒ උනාට එයා කිව්වා සඳුදා ඉදං දෝනිව ඔෆිස් යවලා මාව මොන්ටිසොරියකට යවනවා කියලා. ඔය පොඩි පොඩි රණ්ඩු  උනාට මම දෝණි ගේ චොකලට් එකක් දෙකක් හොරෙන් කෑවට මතක විදිහට ලොකුම ලොකු රණ්ඩු කලෙත් නැ අප්පා... උදෙට අහලා බලන්න ඕනේ පැන්චිගෙන්   )


හා හරි හරි ඉතිං 
ඔව් මං 
එරන්දී 
(තමයි )

Monday, August 29, 2016

කැමති විදිහකට හිතාගත්ත හැකිනේ බලං යනකොට....

පිකාසොගේ චිත්‍රයක් දිහා බලාගෙන ඇස් උඩ ඉන්දගෙන කල්පනා කරන මිනිස්සු අතරේ ඉන්දියාවේ "බිම්බෙක්ටා" ගල් පියස්සේ බයිසන් ගවයා ඇන්දේ මගෙ දෝණි වගේ අතට අහුවෙන ඕනෙම දෙකින් චිත්‍රයක් අදින හෝ  කුරුටු ගාන පොඩි එකෙක් නොවේදැයි හිතන මනසකින් මම පොහොසත්.
එහෙම හිතන මට හඳේ ආවාට අස්සේ දිග කන් තියෙන දම්පාට හාවෙක් පේන එකේ පුදුමයක් නැ කියලයි මං හිතන්නේ. එහෙම හිතන මට මර්වින් පෙරේරා ශුරින් ගායනා කළ සඳ මිදුලට එනවා  ගීතය ගායනා  වෙන්නේ ඔය හඳේ හාවිට කියලා හිතෙන එක , එහෙම බැලුවම කොහොමටත් පුදුමයක් නෙවෙයි. (හරි ඉතිං මෙයාට පිස්සු කිව්වට , බුදු හාමුදුරුවෝ දේශනා කලේ නානත්ත කායෝ නානත්ත සංඤා කියලා නේ..." ) ආවා මෙතන මට පිස්සු කියන්න  :)
ඉතිං ඔන්න ඔහොම මට ලියන්න හිතුනේ මං ලියපු සමහර ලියවිලි වලට  ඔබ දෙන අර්ථ නිරූපණ වෙලාවකට මාව පුදුම කරවන හින්දා වගේම ඒ අර්ථයන් මං පුදුම විදිහට රස විදින නිසා.
මම ලියපු ඔබ වෙනස්ම විදිහට විදපු නිර්මාණ කීපයක් ගැන මට හිතුනා කතා කරන්න . මේ ඉන් එකක්
හරි සීතලයි , ඔව් තාම තරුණයි ආදරේ....

මේ කියවෙන සිහින් දිගැටි
හරි ගැඹුරු
ඇහි පියල්ලක් යට

කියන වචන වලින් ඇත්තටම මම කතා කලේ ඇසේ හැඩය හෙවත් U නළයක හැඩය..  ඇස කෙමියෙන් කදුළු උනනවා වගේ අසමාන බාහු සහිත U නළාකාර නළ පද්දතියකින් අදටත් ක්‍රියාත්මක වන සීගිරියෙ වතුර මල් හෙවත් Fountain system එක ගැන.  පාරිසරික සාධක වලින් අඩපණ වන මුත් යලිත් පණ ගැහෙන විශ්වකර්ම නිර්මාණයක් ගැන.

ආදරය ප්‍රකාශ වෙන්නේ වචන වලින් විතරමද...... ආදරය දැනෙන්නේ සතා සිව්පාවට විතරමද....
ගහ කොළට - කොන්ක්‍රීට් වලට ඒ ආදරේ දැනෙන්නේ නැ නෑ මද......??

කථා කරන්න රණ්ඩුවෙන්න බැරි නිසොල්මනේ ඔහේ ඉන්න ඔය හැමෝටම පේන අජීවී ඇත්තෝ මට හරිම සජීවීව දැනෙනවා... ඒ කතන්දර මට ඇහෙනවා 
ඒ නිසාමයි මෙහෙම ලියවුනේ 
නැගෙන රළට පවා පෙම් බදින යලිත් ඔබේම කරගන්න ඔබ මහම මහ මුහුදක්.... :)

සෙනෙහසක් මෙතරම්
ගැඹුරු මහ මුහුදක් තරම්
නිසල මුත් අරණක් තරම්
සසලය දරුණු  සුනාමිය තරම්

මේ ලියවෙන්නේ උඩවළව ජලාශය ගැන.... 
ඇත්තටම මුහුදක් කියන්නේ හිත නිවාගන්න ඔසුවක් තරමට මට දැනෙන දෙයක්... මං මුහුදට මහ ගොඩක් ආදරෙයි.... එත් සුනාමිය ඇවිත් කරපු වින්නැහිය හින්දම මුහුදක් ලගින් යන්නත් බයයි..... එත් මං ආදරෙයි... එහෙම මට උඩවළව පේන්නෙත් මහ මුහුදක් වගේ.... ඒ ලස්සන දිය කද ජිවිත වාහන පිටින් ගිලගත්තු බව ඇහුවම මං ආයෙත් අතරමන් උනා හරියට සුනාමියකට අහුවුණු ගානටම...... ඉතිං මේ ඒ කම්පනය සහ කැමැත්ත අතර මගේ සිතුවිළි දෝලනය.... 
මෙහෙම ලියන එක , රසවිදින්නට බාදාවක් යන්න මගේ හැගීම. කවියකට , ලියවිල්ලකට පුළුවන්නම් කියවන්නාගේ වෙන්න එයයි සාර්ථකත්වය... තැනින් තැන මතුවන කුකුස නිසාම මට හිතුනා කවියක් කියන්නෙත් , ලියවිල්ලක් යන්නත් අතර නිහඬ සිතුවමක කැ ගසන නිහඬ  වන කතා කරන නොකරණ ලකුණු මහ ගොඩක් රචකයාට ත් වඩා පාඨක සිතුවිළි වලින් මැවෙන බව පෙන්වන්න. ඇත්තටම රචකයෙකුට වඩා ඒ නිසාම පාඨකයා නිර්මාණශීලි..... 

මේ ලියමන, අති දක්ෂ චිත්‍ර ශිල්පිණියකගේ අදහසකින් මං ඉවර කරනවා... ඇය  අතින් නිමැවුණු හරි ලස්සන සිතුවමක් දිහා දින ගණනක් බලා ඉදලා මං ඇහුවා "මෙහි පාදකවූ සිතුවිල්ල කුමක්ද" සරල සුන්දර හිනාවකින් අය මට පිළිතුරු දුන්නා... "මා කරන්නේ විවිධ වර්ණ සමබරව යොදා ගැනීම පමණමයි....." (හැබැයි ඒ වෙනකොටත් මම ඒ සිතුවමේ උඩ රට නැට්ටුවන් ද තව කෙනෙක් ballet එකක්ද දැක අවසන්... :) )

මේත් එවන් නිමවුමක් 


නිර්මාණයක  අයිතිය රචකයා සතු සේම රසවිදින්නාටද අයිතිවිය යුතුය......
එහෙම හිතන 
මං 
හ්ම් එරන්දී.....

Thursday, August 18, 2016

නැගෙන රළට පවා පෙම් බදින යලිත් ඔබේම කරගන්න ඔබ මහම මහ මුහුදක්.... :)

උඩවළව ජලාශය 
සෙනෙහසක් මෙතරම්
ගැඹුරු මහ මුහුදක් තරම්
නිසල මුත් අරණක් තරම්
සසලය දරුණු  සුනාමිය තරම්

කතාවෙකි හිත පිරිමදින
බැල්මෙකි සෙනෙහෙ උතුරන
රැවුමෙකි ගත සලිතවන
බර්මියුඩාවෙකි මසිත කිමිදෙන

උවම් සොයනට නුඹට සරි කිසිත් නැති
සෙනෙහෙ විදගමී එහි සැමරුම් පිරී ඇති
ඉතිං හිම පියල්ලෙකි උණුහුමද සීතලද එක ලෙස ඇති
කිසිත් කිසිදා මා අතින් ගෙන නැති

හිත රිදෙන.. හිත හදන 
සැලෙන.. නොසැලෙන 
ගැයෙන.. නොගැයෙන 
ලියන.. මකන 
හිතන.. හිනැහෙන

 ඔබ මගේම වී හිදී ගොළුව  
ගොළු මුහුදක් ලෙසින් .... :)  

ඉතිං 
මං 
එරන්දී 




Friday, August 12, 2016

ලොවට නොහැඟෙන රිදෙනමුත් සොදුරු ඇත්ත......


ඉතිං මං ලියනවා
ලිය ලියා මකනවා 
මක මකා ලියනවා 
තනිව හිනැහෙනවා

හිරිකඩට හීතලට
පණ ගැහෙන තාලෙට
ආදරෙත් පූදිනවා  හෙමිහිට
පෑළවිය  සඳ පුරන ලෙස අටවකට

ඉතිං මං අහනවා
ආදරේ මට දැනෙනවා
ගව්  ගණන් දුර ගෙවනවා 
හුස්ම පොදකට ඔබ දුවනවා

අපි අපේ දැයි නොතැවෙන 
අපි අපේ මැයි දැනෙන
වරු ගණන් අහිමිවන 
අපේ හිත් වලත්  ආදරේ උපදින

ආදරේ උපද්දන 
සොදුරු මායාවක් වැන්න
ඉතිං හිනැහී ඉන්න 
මං ලකුණු නොතියාම ඉන්න...

රැයේ අඳුරෙන් හිනැහෙන 
අතැඟිලි  නොගැටී ගැටෙන 
හිරුට දොස් නොකියන්න 
ඉතිං අපි අපේදැයි නොහිතන්න 

ඉර හඳට දුරමුත් 
එකම අහසක ලං නොවනමුත් 
සඳ දිලෙයි රහසින් මුත් 
සොදුරු එළියෙන් ලොවම නොදකිනා මුත් 

ඉතිං ලතැවිලි කුමට 
ඉඩ එපා සුසුමකට 
ඒ වගෙයි කතාවක ඇත්ත ඇත්තට.......




මං එරන්දී  :)


Sunday, August 7, 2016

මං හරියටම දන්න දේ ඒ උනාට ලියාගන්න බැරි දේ .....

ඇත්තමයි මට තියෙන්නේ මාර පොඩි මොළයක්.... ඒ හින්දා මං වැඩිය ඔය මොළේ වෙහෙසෙන විදිහේ වැඩ කරන්නෙම නැ ....

ඇ  මොකද්ද කිව්වේ...?? ආ අපි ඕක කලින්ම දන්නවා කියලද...?? අප්පා කියන බොරු...............

ඒ කථාව දැන ගන්න නම් ඔයාලා අනිවාර්‍යයෙන්ම අපේ තාත්තා ගෙන් ඉගෙන ගෙන තියෙන්න ඕනේ. (හහ් ආවා මෙතන)

අපේ තාත්තා ඉස්සර මහම මහ වසයිලු.. ඉතිං දවසක් ඔය මොළේ ගැන උගන්නන වෙලාවක වැරදීමකින් තාත්තට මොළය වෙනුවට කියවෙලා තියෙන්නේ "ලොකු පොලය" කියලා. ඉතිං එදා ඉදං තාත්තා "ලොකු  පොලයා" මම "පොඩි පොලයා" ඒ හින්දයි මම කියන්නේ මගේ මොළේ පොඩි කියලා... (අන්න එකයි )

ඉතිං ලොකු පොලයා සහ පොඩි පොලයා හැටියට තාත්තිගේත් මගෙත් තියෙන්නේ "Ever best crime partnership" එකක්.

තාත්තා එනකම් මට ඉස්සර නින්ද යන්නේ නැ.... එත් එක කරදර කාලෙක මගේ තාත්තා ලංකාවෙන් ගියේ මගේ දෝණිගේ වයසේදී.... ඒ අපිට විතරක් නෙවෙයි මුළු ලංකාවටම කරදර කාලයක්.... දෝණිට වගේ, දෝණි කියනවා වගේ 

"අම්මි ඉස්කෝලේ ගිහාම අකුරු ලියලා ලියලාආආආආ අපි හරියට මහන්සිවෙනවා අම්මි... ගෙදර ඇවිත් කාටුන් බැලුවමනේ බබලා Relax වෙන්නේ "

එහෙම හිතනවා තියා රුපවාහිණියක් ක්‍රියාත්මක කරන්නවත් නිදහසක් නැති, කරත් මරණ බයෙන් හිටපු කාලෙක මම දෝණිගේ වයස පහු කලේ. හැම තැනම ලේ දැකපු ලස්සන කොලපාට ගස් වෙනුවට පිච්චිච්ච කරවෙච්ච ලේ විසිරිච්ච පාර තොටවල් දැකපු මගේ පුංචි කාලේ , තාත්තා රටෙන් පිටවුනේ තාත්තාගෙන් ගුටිකාපු , පොඩි ළමයි මට මගේ තාත්තව නැති කරන්න පොරොන්දුවුනු බව දැන ගත්තම. 

එහෙම ගෙවුණු ඒ ජිවිතේ ආයෙත් නිදහසේ නිදාගත්තේ අවුරුදු දෙකකින් තාත්තා ලංකාවට ආවම. අවුල් වෙලා තිබ්බ පුංචි හිත ටික ටික තරුණ වුනේ අම්මට හොරෙන් තොසේ කඩවල් ගානේ ගිහින් තාත්තත් එක්ක කන්න පුරුදු වෙනකොට. රට වටේ පෙන්නන Stage Drama බලන්න යන කාලෙක, තාත්තා ඇහුවා "සරත්චන්ද්‍රයන්ගේ " "සිංහබාහු" වලින් පස්සේ මගේ දෝණි කවදාවත් ගල්ලෙන බිදගෙන යන්නේ නෑ නේද කියලා.... එතකොට මට අවුරුදු 15යි.... තාත්තා නිතර නිතර "ගල්ලෙන බිදලා.. ලෙන් දොර ඇරලා " කියන්න පුරුදු වුනා... තාත්තා තරම් ලස්සනට සිංහයාවත් එක කිව්වේ නැ.. ඇත්තමයි...

මං කවදාවත් ඒ පොරොන්දුව කැඩුවෙත්  නැ.... 

ගිණි ගත්ත වට පිටාවක තාත්තා මාව හැමදාමත් මහ ගහක හෙවන දීලා ආදරෙන් ඇති දැඩි කළා...  

ජිවිතේ කියලා දුන්නා කවදාවත් මට ඉගැන්නුවේ නැ.... කෙල්ලෙක් උනාට කිසිම බරක් නැතුව හැදුනු මට සැළලිහිනියේ කවි පාඩම් කෙරෙව්වේ තාත්තා යන එන ගමන් මාත් එක්ක තරඟෙට  කවි කියලා. සමහර දවසට තාත්තට වරදිනවා මම හිනාවෙනවා.. තාත්තා මාව පොරොන්දු කරගන්නවා ඒ ගැන කාටවත් නොකියන්න.... නොදැනම, පොතක් අතේ තියන් වරුවක් පාඩම් නොකළ මං සිංහල වලටත් D ගත්තා (සිංහල වලට D තිබුනට මගේ පොස්ට් වල අකුරු වරදිනවා.. ඔව් ඉතිං හා හරි මට වරදිනවා )... අද මම, මගේ දෝණිටත් ඔය දේම කරනවා , දැන් මං දන්නවා තාත්තාට වැරදුනේ නැ...  

තාත්තා හැදුවේ එක දුවෙක් විතරක්, නෙවෙයි මගේ දුව දුවෙක් කරන්නත් අඩිතාලම තාත්තා දැම්මා...... 

තාත්තා  අමරණිය වෙන එකක් නැ.....  එත් අදටත් තාත්තා මට ජිවිතේ කියා දෙනවා..... 

ඉතිං ඒ දුව , නිවන් දක්නා ජාති දක්වා තාත්තා මගේම තාත්තා වෙන්න කියලා  නම් ප්‍රාර්ථනා කරන්නේ නැ.... මේ අසාර සසරේ මගේ තාත්තා පුළුවන් තරම් ඉක්මනට ජාති ජරා ව්‍යාදී දුකින් අත්මිදේවා.... එහෙම හිතන්න තරමට හිත හයිය කලේ  මගේ තාත්තා.....


ලියන්නට හිත බලකරන 
ලියා අඩුවක් වෙතැයි
නොලියැවෙන 
ඔබ ගුණ 
තුංග පහන් ටැඹ අභිමුව 
කවි කෝදුව කෙටියි.....

තාත්තා 






ඔව් ඒ දුව 
මම එරන්දී 

Tuesday, August 2, 2016

යශෝදරා , කුවේණිය සහ ප්‍රේමය

අකුරු එක දෙක 
ඇහිදලා  
ජිවිතේ ඉන් අකුරු  
කරනෙමී  
යශෝදරාවත දෝතින්ම 
ගෙන 
කාවෝ කෑ තැනින් දිග 
හැර 
සුසුම් සුළගින් දුලි 
පිසලමී  
දැවුම් කන නාස් පුඩු 
අගින් 
වෙවිළුම් ස්වරයෙන් බිඳෙන  
ඉකියක
හදවතේ දුක 
සිහින් ස්වරයෙන් 
ගයනෙමී 
තිබු තිබු තැන 
මල් පිපෙන්නැති 
කටුක  ගිරි දුර්ග 
ඇසිල්ලෙන් පසු කර යමී....
මලක් වී පිදෙනු බැරි වී 
කුවේණිය වී මියැදෙමී 

මං
එරන්දී 

Monday, August 1, 2016

ඉතිං ඔබ මුතු කැටයක්.....

නැගෙන බිඳෙන  රළ අතර 
අතහැරෙන ගිළිහෙන 
අහිංසක හිතක් 
දුක් විඳ රකී
ආදරයක්  
මුතු කැට
ආදරයක් 

ඉතිං අඬන්නැති  
අඬන්නට  කදුළු නැති 
අඬන්නට ඉඩක් නැති 
ඇඬුවත් කදුළු එන්නැති 
හිතක දුක් ගිණි 
දුක් විඳ රකී 
ආදරයක් 
මුතු කැට 
ආදරයක් 



පාට වැටෙන්නේ 
රවුම් වෙන්නේ 
ස්පටිකයක්, 
වටිනාකම් 
වැඩි කරන්නේ 
හැබෑම 
ආදරයක් 

ඔව් ඔව් 
මෙලෝ රහක් නැති 
මං 
එරන්දී 

Thursday, July 28, 2016

හරි සීතලයි , ඔව් තාම තරුණයි ආදරේ....

සිහින් දිගැටි
හරි ගැඹුරු
ඇහි පියල්ලක් යට
සීතලම සිතල
හරි සියුමැලි
තෙතම තෙත
කදුළු
මල් කිණිත්තක
ඉපිලී ඉපිලී

උතුරයි ආදරේ

හද විල්තෙරේ
කැලතී කැලතී
සියුම් රළ නැගී...
සුසුමක් දුරින්
ගව් සියදුරින්
 දුර වෙතත්
හරි හීතලයි

මේ ආදරේ.....

කොනිත්තා සිනාසෙන
සිනාසී සුසුම්ලන
සිංහ ගිරිහිස 
මුතු ලතා  මත උදුල
සහන්  එළිය මැද
වරු ගණන්
ඇසි පියලි සුළගට ගෙවෙන
මිහිරැති සොදුරු
සුවදකින් පණ ගැහෙයි
සීතලම සීතලයි

තාම තරුණයි ආදරේ....  



හා හරි ඉතිං 
ඔව් 
මං එරන්දී :)

Sunday, July 24, 2016

මං එහෙමයි හිතුවට , මෙහෙමයි

මට පුළුවන් 
ඔව් 
ඕනෙම දෙයක් 
Brief කරන්න 
වරු ගනන් කියන කථා 
එක්කෝ 
නොකියාමත් ඉන්න 

Terms & conditions 
ඔයාගෙන් 
Unconditional 
ආදරේ මගෙන් 

මට පුළුවන් 
දොරේ ගලන 
ආදරෙත් 
Cost cutting 
කරලා 
ඕනේ නම් 
නොදීමත් ඉන්න

ඒත් 

අදහන්න නැ ඔබ 
විදලත් නැ ඔබ 
ඒ නිසයි 
ඉවසිලිවන්ත ආදරේට 
ඔබ Rude 
ඔය තරමටම........  

තරහ නැ මං 
ආදරේට මගේ 
Agreement එකක් නැ....



ඔහොම දේවල් හිතන 
මම එරන්දී 

Friday, July 22, 2016

ඔබ එක්ක මම වැලි කැටයක්

Biographyයකට 
පිටු දාහක් පුරන්න 
ලියාගෙන යන්න 
එක හුස්මට 

හරියටම ඔබ 
කථා උල්පතක් 

Fantasyයකට 
රූප මවන්න 
ඔබේ හිනාව 
හරි ලස්සන 
හීන Factoryක් 

ඉගෙන ගන්න 
තරම් වටින 
ඔබ Philosophyයක් 

අදහන්න වටින 

ඔබ ඇත්තටම 
LEGENDARYක් 


නැවතීමක් තියන්න 
හදන ඔබේ කථාවේ 
ඔබ ඉන්නේ 
කොමාවකින් 
ආයෙත් පටන් ගන්න තැන..

සිනේරුව මුදුනේදී 
අරුන්දතීය ගෙන, 
දියමන්ති එළි අස්සේ 
පළඳන දවස වෙනකම් 
මේ මහ පොළවට යට නොවී.. 
එක ඇහි පිල්ලමකට 
බොදවෙන්න ඉඩ නොදී 

මං 
බලන් ඉන්නවා... 

බලාපොරොත්තුවේ 
ඔක්සිජන් 
පෙනහළු වලට පුරවාගෙන....
සිනේරුව පාමුළ 
සිනිඳු වැලි කැටයක්ව 
තවත් එකම එක........ 

I don't think it meant for me.. But for whoever it is.... The person is blessed 



මම එරන්දී :)  

Wednesday, July 20, 2016

ගුණ යහපත් මම



මම මෙහෙම හිටියට මාරම busy අප්පා... 
(අනේ අපි නොදන්නා මෙයාගේ busy) 

අනේ ඔයාලනම් කියයි.. මම නේ දන්නේ මට තියෙන වැඩ..... අම්මෝ.......... අම්මලා දෙන්නා ගෙදර නැත්තම් 



මේ  අම්මට call 
අනේ අම්මා කොහොමද අම්මයි තාත්තයි සනීපෙන් නේද...? ආනේ එහෙමද අනේ ආආආ ඔව් හහාආ............. අම්මේ මම මේ කථා කලේ හෙට දෝණිට swimming අම්මේ බබාගේ swimming cap එක කොහේද තියෙන්නේ අම්මේ.....? ? අනේ අම්මා නැතුව මට හරි පාලුයි අම්මේ..... 

මේ  අම්මා : කෙල්ල උඹ පොඩි වැඩි මාව රවට්ටගන්න.... කම්මැලි අරටුව අර ළමයා හින්දම හොදයි. නැත්තම් ඉතිං මෙලහට ගෙදර.......




ඒ  අපේ අම්මා 

මේ ඒ අම්මා 
අම්මා........... කොහොමද අම්මා.. අනේ අම්මා තාත්තාගෙන් අහන්නකො කවද්ද එන්නේ කියලා... අනේ දෝණි හැම වෙලාවෙම අම්මා හදන බටු මොජුවමයි මතක් කරන්නේ කනකොට.... අනේ එකනේ..... ඔව් ඔව් ඇඹුල් තියල් නැතිව එයා කන්නෙම නැ නේ.... 

ඒ අම්මා: අනේ පුතේ දෝණිට කියන්න අපි දහවෙනිදා පැනපු හැටියේ එනවා කියලා.. අනේ රත්තරන් පුතේ ඔව් ඔව් අපේ පුතා ඉතිං පොඩි කාලේ ඉදලා හිච්චි අක්කා උයලා කවපු පුරුද්දමනේ ඔය... එයැයිට මගේ කෑම තරම් ඔය කාගේවත් කෑම රස නැ.... අර ඉතිං දුගේ ගුණයහපත් කම හන්දාම දූ මේවා තේරුම් ගන්න නිසා හොදයි.... වෙන කෙනෙක් උනානම් කෙහෙවලු පටලෝගෙන.....

(හැබැට මොන එහෙකට ලේලිලා නැන්දම්මලා එක්ක තරහා වෙනවද.... යාළුවෙලා උන්න නම් මට වගේ සතියෙන් සතිය කෑම බීම එක්ක ආදරේ මහ ගොඩක් හම්බවෙනවනේ free of charge)

ඉථී පිසෝ භගවා අරහං...... අම්මේ අම්මලා මගේ බ්ලොග් එක නොදකිවා...... 
සාදු සාදු සාදු .....!!

ඉතිං මම කිව්වේ බොරුද හා......?? 

මම BUSY
මම BUSY 
මම ඔව් 
මම එරන්දී  :)

Tuesday, July 19, 2016

මම Drama Queen කෙනෙක්

එත් කදුළු - මේත් කදුළු 
ඒ අඩුවේ ඇස්  වලින් 
මේ  ඇඩුවේ  පපුවෙන් 
ඔව් ඇත්තට 
මං 
Drama Queen 
කෙනෙක් 
ඒත් 
Tragedy ක....... 

එපා 
ඔය හැටි 
කථා වාරිස් ගැන 
ඒ මං 
කියවාපු 
එකම 
එක 
පොත
ගැන 
ඔව් 
මාත් 
Drama Queen කෙනෙක් 
ඔබට 
කිසිදාක  
මුණ නොගැහුණු 
Tragedy ක 


අතීතය වළදාපු තැන් වලින් 
අක්මුල් හොයන් මං හාරනවා 
හම්බුනොත් මුදුන් මුල 
සත්තයි මං උගුල්ලනවා 

ජිවිතේ එහෙමයි, මෙහෙමයි, අරහෙමයි.......

එහෙම කියන්නේ මම විතරයි 
මං එරන්දී  :)

Saturday, July 16, 2016

With මම මාර BUSY here & Errrrrrrrr

අප්පා කෝ අර හුස්ම ගන්නේ නැතුව ලියපු එරන්දී........????

ආ ඕක ඉතිං අහන්නත් දෙයක් ද.......???

ඒ ලියපු වේගෙට දැන් කතා ඉවර ඇති.............



අනේ අනේ පොඩ්ඩක් පේන්න නැත්තම් ඔන්න බලන්න කෝ ඉතිං

මේ ඉන්නේ මම...


මම ලියන, උගන්නන, හිත හදන, කථා කරවන  කරන්නම දෙයක් නැති උනාම උයන ඔය ඔක්කොම කරන කෙනෙක්. ඉතිං මට හරීඊඊඊයට වැඩ.

ඔය කොයි වැඩේ තිබුණත් මගේ පුන්චිත්තිගේ වැඩ තරම් වටින රාජකාරියක් මට තිබුනෙත් නැ තියෙන්න විදිහකුත් නැ.

මෙන්න මෙහෙමයි පහුගිය දවස් ටිකේ වැඩ කෙරුනේ.

අපි දෙන්නගේ Adventures bus journey එකෙන් පස්සේ , මෙන්න ලියුමක් ආවා ඉස්කෝලෙන්... ඔය එන ලියුම් දිග අරින්නේ මං පුදුම සංත්‍රාසයකින්... මොකද දොණිත්, මම වගේම දුර දිග හිතලා වැඩ කරන ඉතාම නිර්භීත දරුවෙක් නිසා..


[( ඒ උනාට දෝණි , එයයි දෙන්නම කියන්නේ මම දෝණි වගේලු... ඒක පුදුම කතාවක් උනාට මම දැන් ඔය වගේ කාරණා ගැන පුදුම වෙන එක නැවැත්තුවේ, එයා මාව දෝණි එක්ක මොන්ටිසෝරි යවනවා කියලා තර්ජනය කරපු  දවසේ ඉදලා ) ඔන්න ඕකයි මගේ සැබෑ තත්වේ ]

ඉතිං මේ මගේ පැංචි ගැන ආපු ලියුමේ තිබුණා

ඔයාගේ දුව වන මෙන්න මෙයා , පාසලේ නිත්‍ය බටහිර ගායනා කණ්ඩායමට තේරුණා, දැන් ඉතිං අරෙහෙම කරන්න මෙහෙම කරන්න එහෙම කරන්න හැම දාම එන්න  කියලා.

දෙයියනේ................
මෙහෙම උනේ කොහොමද......
කවද්ද......

මං කැදෙව්වා වහාම පරීක්ෂණයක්...

ඔන්න පොඩි එකී නඩු විබාගෙට ආවේ කෑම මේසේ යටින් රිංගලා ( එයාගේ ක්‍රමේට හදිස්සියට ඉක්මනට එන්න තියෙන ලේසිම short-cut එක )


පැටියෝ............ හිහිහී
(දෝණි හිනාවෙනකොට මතක් උනේ දැන් මාස ගානකට උඩින් ගමටම ඇහෙන්න කැ ගහලා ලේනෙකුට අඩගහලා දීපු කිරි දතට තාම පොල් දතක් ලේනා ගෙනත් දීලත් නැ.... එහෙම තියාගෙන කොහොමද සිංදු කියන්න ඇත්තේ )
දෝණි...., කවදද පැටියෝ ඔයාට choir selection තිබුනේ...??

ඇයි අම්මී......... අර Best speaker contest එක දවසේමනේ. මගේ යාළුවත් ගියා, මම ආවේ Singing room එක ලගින් ඉතිං මටත් හිතුනා මමත් කිව්වා. 
(අනේ පුදුම ලේසී වැඩක් නේ ඒක........ හහ්හ්හ් මම එපැයි මෙයාව එක්කගෙන එහෙ මෙහේ දුවන්න....... :(  ) 
මට හිතුනා මම කිව්වා.....

මේ පැංචි මොකද්ද හැබැට ඔය කියපු සිංදුව........... ඇයි අම්මි අර හැම වෙලාවෙම කියන අම්මි දන්නවා කියපු එකම සිංදුව.........................................................................දෙයියනේ .... ඒක මට වරදුනේවත් නැ අම්මී , 

තාමත් කල්පනා කරන්නේ ආයෙත් ඔය ඉස්කෝලේ පැත්තෙන් යනවද නැද්ද කියලා 
එහෙම හිතනගමන්  මෙහෙමත් හිතන 

"ඉතිං මං ඇවිත් යනවා 
ආපු තැන් වල ගියපු තැන්වල 
කථා බහ අතරේ 
හිනාවන් උනත් මග ඇරිලා තිබුණා 
නාපු විදිහටම යන්නත් යනවා 
ඒ  මතක විතරක් සුවද තිබුණා 
දැන් හරි වෙනස්,
මම 
එත් 
ඔව් අනේ" 
මම එරන්දී(ම තමයි )