Sunday, November 3, 2019

හඳක් කී කතාවක්


දවස් ඇත්තෙම නැද්ද 
තරු පිරිවරපු හඳට ත්
ඉද හිටෙක තනිකම දැනෙන
ඝන'ඳුර ට මුවාවෙන් 
සඳත් ඉකිබිඳ හඬන
                                                                විසල් අහසක උනත්
පුර හඳත් වකුටුව,
 අටවකට යන දවස්
දුක හිති ගුලිවෙලා
අමාවක රැයක් දී
"තරු එක්ක අහස"
 තනි කරනා දවස්...
මං 
එරන්දී 

Wednesday, February 13, 2019

Nobody can be blamed

මිෂන් එකක්
ඇතුලේ
විශන් එකක් 
රෙවලූශන් එකක්
එක්ක 
බයලොජිකල් නීඩ් එකක්
ඒ වෙනුවෙන්
පෙනී උන්නූ
වැලන්ටයින්
මුණිවරයෙක්...
  කතන්දර සියවස් ගණනක් අස්සේ
ඉස්සර ආදරේ තිබුනේ, 
හවසක
වෙරළක
අකුලක
අඳුරු මුල්ලක
සිනමා හලක

දැන් 

ආදරේ
උතුරන්නේ
රූම් වල
උත්කර්ශය ට 
නැගෙන්නේ 
ෆ්ලශ් වන වැසිකිලි වලක

ඉතිං එය සමරද්දී
සත්තයි
අපි 
අහු උනේ
ට්‍රොජන් අශ්ව ඇමකට...

Nobody can be blamed,
The generation gap is just a shield 
to hide what happened yesterday,  
a cover for today 
& survival for tomorrow. 
මම 
©බුද්ධිකා එරන්දී ජයසිංහ 

Friday, February 8, 2019

Couple in front of the Buddha Statue
William Henry Koerner 1878-1938

පෙම්වත!
නළල ත කෙලවර
බල නහරයක මැද
සියුම්ව තෙරපා
පළල් තොල් මැදින්
නුඹ දුන්නු හාදුවක
රිද්මය තවත්
හදවතෙහි ගැටේ..
සීරුවට ඉගිළු
දෑ සමන් පෙත්තකට
මංචාඩියක් වැඩි, බර වචන
අහම්බයකින්
මෘදුව කම්පිතවී
කන් බෙරය සලිතව
ඔබේ හඬ
ගැඹුරකින් තව ඇසේ..
ක්ෂණය ක හමුව
ආදරේ යැයි පැවසූ
එසැණින් ම නික්මුණු
ඒ හදිසි ප්‍රේමයට
මන්ද, මතකය මෙතරම්ම ගැති

පස්මහ බැලුම් මඟ         හැරුණු
ග්‍රහ තරුවලට මඟ         වැරදුණු
පෙම්වත අපි අපිට මඟ   හැරුණු
ප්‍රේමයකි සිත පතුලෙ ම    මිදුණු!
©බුද්ධිකා එරන්දී ජයසිංහ