Friday, February 8, 2019

Couple in front of the Buddha Statue
William Henry Koerner 1878-1938

පෙම්වත!
නළල ත කෙලවර
බල නහරයක මැද
සියුම්ව තෙරපා
පළල් තොල් මැදින්
නුඹ දුන්නු හාදුවක
රිද්මය තවත්
හදවතෙහි ගැටේ..
සීරුවට ඉගිළු
දෑ සමන් පෙත්තකට
මංචාඩියක් වැඩි, බර වචන
අහම්බයකින්
මෘදුව කම්පිතවී
කන් බෙරය සලිතව
ඔබේ හඬ
ගැඹුරකින් තව ඇසේ..
ක්ෂණය ක හමුව
ආදරේ යැයි පැවසූ
එසැණින් ම නික්මුණු
ඒ හදිසි ප්‍රේමයට
මන්ද, මතකය මෙතරම්ම ගැති

පස්මහ බැලුම් මඟ         හැරුණු
ග්‍රහ තරුවලට මඟ         වැරදුණු
පෙම්වත අපි අපිට මඟ   හැරුණු
ප්‍රේමයකි සිත පතුලෙ ම    මිදුණු!
©බුද්ධිකා එරන්දී ජයසිංහ

No comments:

Post a Comment