Saturday, September 3, 2016

කොළ දන්නා අයට ගස් පැල කර පෙන්විමට තරම් මෝඩ විම හෙවත් මට ලියන්නට නොදන්නා බව සැඟවීම :)

අනේ... බ්ලොග් එකක් හදන්න පුදුම ලේසිනෙ.... 
නැ......හ්හ් 
නැ නෙවෙයි ඔව් 
 මම බ්ලොග් එකක් හදා ගත්තේ, comment කරන්න ගිහින් , අහපු ආස හිතෙන පුදුමහිතෙන ප්‍රශ්නවලට උත්තර දෙන්න ගිහින්නේ 
ඒකයි

ඉස්සෙල්ලම ඇහුවේ comment එක දාන්න හදනකොට
 "මේ ඔයාට නැද්ද blog එකක් කියලා"
මං කිව්වා නැ කියලා 
ඒ පාර මට කිව්වා 
"අනේ එහෙනම් අපි blog එකක් හදමුද කියලා"
ආව් මං දෙපාරක් නොහිතා කිව්වා හා කියලා.....
ඉතිං හැදුවා blog එකක්... 
එල්ලුවා කියන තරමක් gadget, 
ඔහ් මොකද්දෝ එකක් වෙලා....
 පෙන්නේ නැතුව ගියානේ මං ලියපුවා අනිත් අයට.........

[ඕන්නැති එකක් නැ ,blog එකක් හදමු කිව්වේ google... :)]

එතකොට ඔය google 
මට කලේ ම  කෙනෙහිලි කම් 
 අඩු ගානේ 
අනේ නංගියේ බැරිනම් 
අත්තම්මේ හරි කියලා 
මට කියා දුන්නැ වැරැද්ද හදාගන්න විදිහක්... 
ඒකට මොකද blog එක හදන හැටි කියලා දුන්නේ පැන පැන. හහ්....

ආ ඔයාලා නම් කියයි 
"මොකෝ එරන්දී ඔය පරණ කතා ආයෙත් කියන්නේ කියලා...??"
[ඇයි අහලා නැද්ද කාන්තා පාර්ශවයට රැ ට කාපුවා උදේට මතක නැති උනාට කාගෙන් හරි වෙච්ච වැරැද්දක් නම් ගිය ආත්මේ ඉදලා හරි මතකයි කියලා... අන්න එකයි මං මේ කියන්නේ.... ]

ඒ වෙච්ච අරියාදුව මතක් උනේ, ඇයි දෙයියනේ blog එකක් හදන්න කියලා කරදර කලාට මේකේ ලියන්න දෙයක් මේ google යෝධයා මට කියා දුන්නෙත් නැ... හහ් ඉතිං මට තරහ යන එක අහන්න දෙයක්ද..... මං අහන්නේ..... 

ඒ මදිවට ගේ අතු ගාන්න  ඕනේ මකුළු දැල් කඩන්න ඕනේ... උයන්නත් ඕනේ (අම්මලා ආවේ නැ මාව හදන්න බැ කියලා)  
වැඩට යන්න ඕනේ , blog ලිව්වට ගෙවන්න බැ බැ මයි කිව්වා ලොකු සර්............... 
ඉතිං ඔයලා ඔය කිව්වට මට වෙලා නැ ලියන්න . ( ලියන්න බැරුව ද කොහෙද ඔය ) හහ් මට තිබ්බ නම් වෙලා  මං  ලියන්නේ දුවන්න (ඔව් ඉතිං ඔය මෙලෝ රහක් නැති කතා කියවන්න යැ නැතුව )  
ඔන්න බලන්න හෙට අනිද්දා හරි ලඟම දවසක හරි නිවාඩුවක් හෙම  දාලා මං ලියනවා ඔයාලාට කියවන්න ඇත්තමයි..........
හැබැයි බොස් නිවාඩු දුන්නොත් හොඳේ......

(ඒ උනාට එයා කිව්වා සඳුදා ඉදං දෝනිව ඔෆිස් යවලා මාව මොන්ටිසොරියකට යවනවා කියලා. ඔය පොඩි පොඩි රණ්ඩු  උනාට මම දෝණි ගේ චොකලට් එකක් දෙකක් හොරෙන් කෑවට මතක විදිහට ලොකුම ලොකු රණ්ඩු කලෙත් නැ අප්පා... උදෙට අහලා බලන්න ඕනේ පැන්චිගෙන්   )


හා හරි හරි ඉතිං 
ඔව් මං 
එරන්දී 
(තමයි )

21 comments:

  1. අතුගාපු ගෙයකුත් නෑ..කඩපු මකුළු දැලකුත් නෑ...උයපු කෑමකුත් නෑ....
    බොස්ට බාගෙට පිස්සු නං නිවාඩු දේවි මේ වගේ පෝස්ට්ස් ලියන්න..හාද...හහ්..හා ..හරි ඉතින් ඔව්...!

    ReplyDelete
    Replies
    1. Chef-Architect , මං අද උදේ මිදුල අතු ගාද්දී දැක්කා ගේට්ටුව ගාව banner දාලා තිබුණා , "හොල්මනක් සමග භූත බංගලාවක් විකිණීමට තිබේ කියලා". :) :) :) :)

      Delete
  2. හදන්න බෑ, ඒක නම් සහතික ඇත්ත...ආපහු මොන්ටිසෝරි යවල හරි ඔය ගතිය පොඩ්ඩක් අඩු කරන්න පුළුවන් නම් එයාට ලොකු පිනක්...දෝණියව මං ගාවට එවන්න...ඒකි හරියන්නේ රිසර්ච් කරන්න...අඩු වයසෙන්ම පී.එච්.ඩි එක ගතහැකි...හැබැයි ඉතින් එහෙම දෝණියෙක් හැදීමේ ගෞරවය නම් අම්මට ලැබෙන්න ඕනේ...ඒ නිසා එයාට ආයිමත් වතාවක් හිතල බලන්න වෙනවා ඔෆිස්ද මොන්ටිසොරිද යවන්නේ කියල...

    ReplyDelete
    Replies
    1. ඔන්න දැක්කද අක්කිට විතරයි හරියටම Analytical knowledge එක පිහිටලා තියෙන්නේ, එකනේ එයා වත්තේ ඉන්නෙයි අක්කි පරීක්ෂණාගාර වල ඉන්නෙයි නේද මං අහන්නේ. අනේ හා අක්කි පොඩ්ඩි අක්කිවත් research කරලා තමයි නවතින්නේ :) :)

      Delete
  3. Replies
    1. එහෙම උනොත් මං වගේ අය වඳ වීමේ තර්ජනයට ලක්වේවිනේ.... ඔය හරබර දේශන අතරට මේ වගේ කතාත් තියෙන්න එපැයි හිත නිදහස් වෙන්න :)

      Delete
  4. අතුගාපු ගෙයකුත් නෑ..කඩපු මකුළු දැලකුත් නෑ...උයපු කෑමකුත් නෑ....
    බොස්ට බාගෙට පිස්සු නං නිවාඩු දේවි මේ වගේ පෝස්ට්ස් ලියන්න..හාද...හහ්..හා ..හරි ඉතින් ඔව්...!

    ReplyDelete
  5. ඕක තමා කියන්නේ නිකන් හම්බුනු පළියට තියන හැමදේම එල්ල ගන්න එපා කියලා... හි හී, තියන ටිකත් නැතිවේන එක අහන්නත් දෙයක් ද...

    ReplyDelete
    Replies
    1. නිම්නයක තනි වී හීන දකින්නී... ඇත්තම තමයි , දැන්නම් දෝණි නිකන් ටෝෆියක් දුන්නත් බලන්නේ නැතුව ගන්නේ නැ. මොකද රසම Flavors ටික එයා කාලා ඊඊඊ කන්න බැරි ටික මට දෙනවා . ඔබ කිව්වා හරි :) :)

      Delete
    2. යන්නේ කොහෙද ... මල්ලේ පොල්.. මං කිව්වේ ගූගලේ නිකන් දෙන ඒවා ගැන..හි හී

      Delete
    3. හීන දකින්නී ඒ කිව්වේ , රැ වැටුණු වලේ නිකන් දුන්නත් ටෝෆියකටවත් දවල් වැටෙන්නේ නැ කියලා :)

      Delete
  6. ලියන්න බැරි එක ඒ තරම් ප්‍රශ්ණයක් නෙවෙයි.මොකද අපිට හරියට කියවන්නත් බෑ

    ReplyDelete
  7. "හොල්මනක් සමග භූත බංගලාවක් විකිණීමට තිබේ nobody' gonna buy 😂😂😂 but i like to read anything from you good vibration no matter what you post really Enjoy 🙂🙂

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete