ගමේ
කළණමිත්‍ර ගේ කිරිපාට
දත් සැට් එක
නේවී රැව්ල
එක්ක
Event coordinating
නෙළුම්යායෙන්
"දියකෝල්"
යන්ට මඟ පෑදුනු
"මං සෙට්" එක එක්ක
ටෙක් සයුර උන්නට
ටෙක්නොලොජි පලක් නැත
ගිනියම් කොළොම් පුරට
නොවට
අඩුව දැනුනා හරියට...
මං අතරමං වෙද්දී
නයියා දැක පියවි සිහියට
ආ අතරේ
සජ්ජා සිය පඩංගු වේ
සම්මානය ඔබා ගනු
සත්තයි
ඉතිං මා අතටම හසුවිය...
මං එයාලගේ බබා එක්ක
ඉයන් ද ඉක්ලියාස් කෑවේය
ඉවාන් හිටියාට
බැලලයිකාව නොතිබුණි
ප්‍රාජේ කිව්වේම
මගේ කවි
නොතේරේ කියාමය
දුටු තැන
"එයා",
"මං එයාගේ හස්බන්ඩ්"
විය...
නංගි මං "එල" කී කළ
ආ මෙන්ඩයියේ කී නිසා
කතාව එතනින් ලිස්සීය
රස්තියාදුවේ නොයා
රෝමා රස් එක්ක
දුමී ඇවිදින්
ඉතිං දුමී
මගෙන්
ගුටි කෑවේය...
දන්නවා ද දන්නැ
මං, තිලක සිත හිනැහුනේය
සහන් කසිර ජස්ට් මිස් ද කෙස් ගස්ය
තරුරසී ට
තවම "කොම්බුව" හම්බවී නැත
අනිත් කොන දකින කොට
අනේ මං හොඳටෝම පාමාවීලාය
ඉතිං පොත් තිබුනේ ද එක දෙකය
තිලක අයියා ද අක්කා ද
පොතක් දුන්නේ තෑගි
අත්සනුත් කරලාය
ඒ අව් අස්සේ
මහානර්ඝ
පෑන් රාජයා වැටිලාය
බිම දිගේ බඩ ගගා
මං එයාගේ හස්බන්ඩ්
මං එයාලගේ බබා එක්ක
මෙන්ඩා ද
ඉතිං
පෑනක් හොයනකොට
හොටු පෙරපෙරා
ඇඬුව විතරයි
නම නොදත්
දෙවියෙක්
ප්‍රාදුර්භුතව
Clue එකක් දුන්නේය
ඉතිං ඒ පෑන් රාජයා හමුවිය
කමීයාට යමී
කී විට
නෙළුම්යායට නො ආ
අටම් පහුරේ අඩුව මතුවිය
ඉතිං
අප දිව්‍ය රථයට
කැලේ මල් පිපුනේය...
මඟ දිගට
යං හැල්ලක්
දිග හැර
සුරන් මලයා හා
ටෙක් සයුරේ ද කිමි ද
අප නතර වුයේ
මචං කුරුවිටය....
බොහෝ වූ බව පෙනේ...
ඉතිං
'18 ත්
නෙළුම් මල් පිපීයන්....
එකතුව
චේෆාකිත් හමුවෙයන්....
අම්මත් එන සැරේ
"නොනිමියෙක්"
වෙන්නැයි
මං එයාලගේ බබා ,කීවත්
අහසෙන් එන්න
නංගියේ
ඔබෙන් ලද සම්මාන
හිතට මගේ හරි බරයි....
ඉතිං ආයෙත් මුණගැහෙන්නට
මඟ බලන
මෙලෝ රහක් නැති
මං
එරන්දී
පුදුමය මේ 51 ය.... :)
පුදුමය මේ 51 ය.... :)
උඹට ශෙෆාකී හම්බවෙන්නෙ නම් නෑ මේ සංසාරෙදි එරන්දි...!!
ReplyDeleteඅපෝ සංසාරේ පුරාම නෙළුමියාය තියේවි ද Chef-Archi
Deleteමං දුටුව සුන්දරම ලෙන්ගතුම චරිතයක් ඔයා නංගී....හරිම සතුටුයි ඒ මොහොත ගැන
ReplyDeleteඅක්කිත් එහෙමයි , අක්කි ගෙන් තමයි welcome එක ලැබුනේ. ගොඩක් සතුටුයි අක්කිව අඳුන ගන්න ලැබුන එකට
Deleteමට තිබුන අඩුව උබ පොස්ට් එකක් ලියපු නැති එක .....
ReplyDeleteඋබගේ පැන මතක් වෙනකොට කකුල් දෙක පට පට ගාලා එකට වදිනවා බයට ...
:) :) ඕන්න ලිව්වා අයියේ. නැ මං කියන්නේ පෑනක් නම් අන්න මේ වගේ වටින්න ඕනේ. හා නැද්ද ?
Deleteඅපේ ගෙදර පැන් ඔක්කොම අයින් කරා දැන් ලියන්නේ පැන්සල් වලින් ....මතු උපදින ආත්මයකටවත් පැනක් එපෝ...........
Deleteදැන් කුමක් තව කියම්දෝ
ReplyDeleteමන් කුමක් මෙහි ලියම්දෝ
දුන්නු ගුටි මිතුදමක්දෝ
මන් එර්න්දී තරහදෝ.......
හඳුනා ගන්න ලැබීම සතුටක්.
ජයවේවා!!!
සොයා දන පීරා
Deleteදුටිමී දුමී සතුට සපුරා
තරහා නැත මසිත අරා
මං කොහොමත් මිතුරු එරා :) :)
මගේ මල්ලි දැක්කා වගේ සතුටුයි මට රස්ති , දුමී දැක්කම
බ්ලොග් ලෝකේ සහෝදර සහෝදරියෝ....
Deleteජයවේවා!!!
ඒක මරු
Deleteමගෙන් සුබපැතුම්.
ReplyDeleteබොහොම ස්තුතී කටකාරි... අපි හම්බවුනේ නැ නැ නේද...
Deleteජයවේවා....
ReplyDeleteජයවේවා සජි :) :)
Deleteමම හස්බන්ඩ්ට ඇස් වහ කටවහ ටිකක් පුචන්හන් නංගා ඒ තරම් ජන්ත්ප්රියත්වය්ක තිබුනා ඒ " මහා කළු සිංහලයට" ( අහිතකින් නෙමයි එහම කිව්වේ සිත් ඇදගන්නා රුපයක් තුල සැගවුන නියම සිංහල කමක් දැකපු ඉර්සියා හිතෙන දැනුම් තේරුමක් තියන කට පුරා මහත්තෙය්ක් කියන්න පුලුවන් නිසා ) ...
ReplyDeleteගෙදර ඇවිත් නෙලුම් යාය ගැන සඳු එක්ක විස්තර කියනකොට බාගයක් තිබුනේ මම එරන්දිගේ පැන, මම හස්බන්ඩ් , මම පුංචි සුරංගනවි ගැන ...
අරක්කු ටිකක් බොන්න තිබුන පෙරත කමට ගියා මිසක් තව ටිකක් වෙලා මම හස්බන්ඩ් එක්ක කතා කරන්න තිබුනානම් කියලා මට දැනුත් දැන්නෙනවා ..
අම්මේ අයියේ බලන්න එපැයි සිරියාව දත්ටික විතරයි පේන්නේ, මේ ලඟ ඉඳගෙන එබීගෙන comment කියවනවා. කරායින් කරේ නෑ එහෙම මෝඩකමක් එයාව එක්කගෙන ඇවිත්... මගේ ජනප්‍රියතාවය එහෙම පිටින්ම නැති උනා නේ. මං කියන්නේ ත් "මහා කළු සිංහලයා" අපේ අක්කලා කියන්නේ "කළු මල්ලි", "කළුවා" . මොකක් කිව්වත් අපරාදේ කියන්න බෑ හිනාම වෙනවා.
Deleteඑහෙම නොගියා නම් තාම ඔය දෙන්නා Waters' Edge එකේ අයියේ. ඊළග පාරත් හම්බවෙමු. සඳු මතක් කළා කියන්න "පෑනක්"
මම පොඩි කතාවක් දැම්මා ථුපවංශයෙන් පටන් ගත්තේ. මන් ඉතින් බොලොග් කාරයෙක් විදියට එරන්දි අක්කගේ ගෞරවයේ තියන්න එපැයි. මන් ඉතින් තේරුණා වගේ බැරෑරුම් විදියට අහන් හිටියා. එරන්දි අක්කගෙ බරසාර වචන වලට පුදුම වෙන්න දෙයක් නෑ අභාෂය කොහෙන්ද පැහැදිළියි. මන් කරේ ඊට පස්සෙ ශේප් එකේ අක්කගේ පුංචි දූත් එක්ක කතාවක් දැම්මා. හම්මෝ කතා පෙට්ටියක් ඒක.....මන් ජාමේ බේරගත්තේ අන්න ඒ විදියට....
Deleteතරහා වෙන්න එපා නංගෝ ...උබ ඉන්නේ මම පුංචි සුරංගනවිටත් පහලින් උබ බ්ලොග් ලිව්වට උබට වඩා ඒ දෙන්නම ජනප්‍රියයි ....
Deleteරස්ති ගෙ කමෙන්ට් එක ++++
Delete@රස්ති :) අපරාදේ මල්ලි තව ටිකක් කතා කරන්න තිබුනේ :):)
Delete@මෙන්ඩා , අකමැත්තෙන් උනත් පිළිගන්න වෙන හැඩයි අයියේ :)
Delete@ඉයන් , එකනේ අයියේ.... :) :)
Deleteමන් ඉස්සරනුත් කිව්වා වගේම කවි වල දැකපු සුන්දර මන් එරන්දි එදා දැක්කා. පුදුම සතුටක් තියෙන්නේ......
ReplyDeleteසුන්දර,ළෙන්ගතු කවිකාරියක්.........
බොහොම ස්තුතී රස්ති. මටත් ඇත්තටම සතුටුයි... ඊට වඩා මම ඔයාව කියවන කෙනෙක් හැටියටත් මට වඩා ප්‍රවීනයෙක් හැටියටත් බොහොම නිහතමානී ව ලඟට ඇවිත් කතා කරපු වටිනාකම කියලා වැඩක් නැ..
Deleteමගේ ඇති ප්‍රවීනයක් නෑ අක්කෙ. මමයි,ඔයයි,දුමීයි බොලොග් ලියන්න ආවෙ එකම කාලෙ
Deleteඅක්කව හදුනාගන්න ලැබීම සතුටක්...
ReplyDeleteමටත් ඇත්තටම මල්ලි.. සම්මානේ ගන්නකොටම මන් මල්ලිව මතක තියාගත්තා
Deleteමේ කවි තේරුනා වගේ.
ReplyDeleteසුබ පැතුම් !
:) :) :) මේ කවිය හරි තේරුනා කියන එක ලොකු සතුටක් මට. ස්තුතී අයියේ
Deleteකොච්චියා ටද එදා ඉන්න තිබ්බා නම් සතුටුය..කට්ටිය එක්ක සෙට් වෙන්නටය. එරන්දී මට ඔබේ මේ පෝස්ටුව නම් ගෙඩි පිටින්ම තේරුණේය... එසේ මා වැනි ගොබ්බයන්ට තේරෙන ඒවා ඔයා ලියන්නේ ඉඳ හිටලා ය..
ReplyDeleteකමෙන්ට් කියැවූ විට අවබෝධ වූයේ ඔබේ සැමියා ආතල් කොල්ලෙක් බවය...අපි දැන් කොල්ලෝ නොවුනාට ඒ වාගේ ඉන්න නිසාම උන්දෑ වද ඒ ගොඩටම දමන්නේය..
ඇත්තටම ඉන්නට තිබුනේය.. හිටියානම් එදා අප රත්නපුර එන්නේ නැත... කොහේ හරි සෙට් වෙනවාය... :) :)
Deleteඅයියා ගොබ්බ නෙවෙයි මං එරන්දී ගේ අවුල තියෙන්නේ :)
එකනේ මං කලිනුත් කිව්වේ "මං එයාගේ හස්බන්ඩ්" මාරම හොඳය, නැත්තම් මාත් එක්ක මෙලෝ මනුස්සයෙක් ඉන්නේ නැත. ආවි "ආතල් කොල්ලා" කී විට පුඳුම සිරියාවක් තියෙන්නේ මුණේ... දත් සෙට් එක මැනවින් පෙනේ :) :)
ටෙකයි සුරංගයයි එක්ක මේ ගොල්ල නෙළුං යායෙන් පස්සෙ තව යායකට සෙට් වෙලාද කොහෙද. හැක්..
ReplyDeleteආයෙත් අහල..!
Delete@ප්‍රසන්න , නැතුව හොඳ නැනේ අයියේ, ටෙක් මල්ලි නඟින කොටම ඇහුවා මල්ලි තව කවුරුත් මෙහෙන් යන්ද ඉන්නවා ද කියලා . එතකොට මලයා කිව්වා දෙමළ "න" යන්න තමයි ඉන්නේ , එත් එයා යන්නේ නැ කිව්ව. ආවා නම් ඉතිං ඔය ඔක්කොම යායවල් වලට ගිහින් එන්න තිබුණා :)
Deleteහැබෑට එදා හම්බුනාට ඒ තරම් කතා කරන්න බැරිව ගියානෙ. වෙන දවසක හම්බෙලා මේ ඔක්කෝටම හරියන්න හොඳ කයියක් ගහමු.
ReplyDeleteකතා කරනවානම් මම හස්බන්ඩ් එක්ක ...කම්මලි නැතුව පැය 4ක් 5ක් කතා කරන්න පුලුවන්
Delete@අහසෙන් එන්න.. අනේ ඔව්, ආයෙත් හම්බවෙලා ඇරියස් කවර් වෙන්න කතා කරමු. හොඳ වෙලාවට මං එයාලගේ බබා ගත්තු පිංතුර වල දෙන්නම ඉන්නවා
Delete@මෙන්ඩා... අයියේ මේ
Deleteකවි ලියන්න නොතේරෙන මට
ReplyDeleteපද ගොතන්න හරි අමාරුය
ඒත් මේ පද කීපය
නොකියාම බැරිය...
අටම් දුන් නම්බරෙන්
එරන්දි අක්කා හමුවීය
දසු අයියා එක්ක
චූටි දුව දුටිමි මම...
එදා ඔබගේ රථයෙ
මා කැටුව නොයන්නට
නොවිනි නම් ඉඩහසර
මම තාම මිණිපුරය...
ජය වේවා බුද්ධිකා අක්කේ!
ඔබ දන්නා
Deleteහරි මිහිරැති කවෙක
ලියා හිතවත්කම් ඇත ද
මල්ලියේ
මට කවි කම් අහිමිය..
ආයෙත් හම්බවෙමු
ස්තුතී මල්ලි
මේ කමෙන්ට් කියෙව්වම මට හිතෙන එකම දේ එරන්දි කොරපු වරද මම කරනවද නැද්ද කියලා.මොකද අර මගේ සත්තලන් කියන එකාව කොහෙට හරි එක්කන් ගියොත් මට වෙන්නෙත් ඔයාට උන දේම තමා අන්තිමට මම කැලේ එයා හැමෝගෙම හිත හොද එකා වෙලා.ඉතින් මෙව්වා කියවද්දි එන්න බැරි උන එක ගැන දුකයි අප්පා
ReplyDeleteඒකනම් එල ද බ්‍රා කෙමෙන්ට් එකක්
Delete@සොඳුරු.. ඒ ගැන නම් සහතික වෙන්න බැරිය ඉතිං THINK TWICE or THRICE...
Deleteඅපරාදේ ඔයා ආවේ නැනේ ඉතිං
ඇයි අපි කලුද????
ReplyDelete- ජෑ මා කාලී -
නැත නැත නැත
Deleteතොප ඔය ගත
ගිණි දලු මත
රන් පැහැ ඇත....
ජයවේවා!!!
@මකර පුතේ.... මගේ හිතේ තිබ්බ උත්තරේ ඒ හැටියටම "දුමී" ලියලා ආයේ ඉතිං කවියෙන්ම :) :)
Deleteජයවේවා එරන්දි... හදවතින්ම සුභපැතුම්...!!!
ReplyDeleteබොහොම ස්තුතී පිලොසොෆි... එදා හම්බවුනේ නැ නේ
Deleteman eyage husband nam ela kollek
ReplyDeleteහා... :) :)
Deleteසුභපැතුම්..!
ReplyDeleteජයවේවා..!!
ස්තුතී... ඔබ ආවේ නැනේ ගස්
Delete18 නෙළුම් යායේදී නං මං එරන්දි හමුවීම ෂුවර් නෑ අප්පා. වෙන කොහෙදි හරි අහම්බෙන් හමුවුණොත් තමයි.
ReplyDeleteඑකත් එහෙම ද අයියේ... අහම්බෙන් කොහොම හම්බවෙන්න ද අයියේ... මොකෝ අපි අඳුරන්නේ නැනේ...
Deleteළඟටම ඇවිත් කථා කළාට ස්තුතියි. ඒ වගේම කලක් පටන් දන්නා විදියට කථා කළේ. මම හස්බන්ඩ් හොඳ කොල්ලෙක් කියලා මටත් හිතුණා. මොකද හැරිලා මාත් එක්ක ලෙන්ගතු හිනාවක් දැම්මා. අපි ඉවර වුණු ගමන් පැන්නා. ඒ නිසා මං හස්බන්ඩ්ව අල්ලා ගන්න බැරි වුණා. හරි ආයේ හමු වෙන්නේ නැතැයි. ඉස්සර නම් මමත් ඔය පැත්තේ ගෑටුවා. නමුත් දැන් යන්නේ නෑ. නැතිනම් ඔය පැත්තේ ඇල්ලක් ගාව සෙට් වෙන්න තිබුණා.
ReplyDeleteමං අයියාව හොඳට දන්නවා ඇයි අයියේ.. ඔය බ්ලොග් කියවලාම... ඉතිං මාර ම සතුටුයි අය්යාව දැක්කම. අපරාදේ අයියත් එක්ක ඉදලා තිබුන කන්නංගර කියලා අයියා කෙනෙක් "එයා" ගේ ඉස්කෝලේ යාලුවෙක්. දැනගත්තේ පස්සේ.. හරියට දුක් උනා, සුදීකට කතා කරා නම් දකිනවනේ කියලා.
Deleteඔව් කොහේදී හරි ආයේ හම්බවේවි නේ අයියේ... ආව්ව් එකනේ අපරාදේ
මම මේ සත්නපුලේ පැත්තේ එන්න වැඩක් හොයනවා.. හෙටානිද්දම මොකක් හරි වැඩක් දාගෙන එන්නොනි.. මම එයා එක්ක තියෙනවා සෑහෙන්න පස්න විසඳ ගන්න.. හැක්.
ReplyDeleteඅර බැරල් බාගෙයි වංගෙඩියයි මෝල් ගහයි මගේ කාර් කට්ටේ පටවන්නේ නැතුව ඇන්න ගිය එකම මදැයි සලකන්න. නැත්නම් එහෙමම කාර් එක කොට්ටාව හරියේ ගැරේජ් එහෙක ඇඩ්මිට් කරන්න වෙනවා.. :)
:) :) එන්න අයියේ :) :) :)
Deleteඔන්න මම නම් මොනාත් කිව්වේ නැ
මේ ඔක්කොම ඉන්නෙ මෙතන...
ReplyDeleteමම දැක්කෙ නෑනෙ.. දැක්කා නම් කතා කරනවා..
සුබ පැතුම්.. ජය!!
එකනේ ධනු, මටත් ඔයාව මඟ අරුනා... එක්කෙනෙක් එක්ක විනාඩි 5ක් කතා කරත් කි දෙනෙක් හිටිය ද... ඊළඟ පාරත් මං එනවා මතක ඇතුව කතා කරන්නම්
Deleteස්තුතී ධනු
එරන්දි නංගියි , "මම එරන්දිගේ හස්බන්ඩ් " සොඳුරු සැමියා සහ සුරත් "මේ එරන්දිගේ දුව" ත් දැකීම සතුටක්. හැමොටෝම උදව් කරගෙන ඇවිත් හැමෝටම උදව් කරගෙන ගිය බවත් ආරංචි වුණා. බ්ලොග් ලෝකයට පෑයූ කරුණාබර තරුවක්.
ReplyDeleteඑදා අයියා හොඳටම වැඩ නේ එහෙන් මෙහෙන් ඔළුව දාල අයියේ මේ මං කිව්වා කොහොම හරි :) :)
Deleteසම්මානයක් කියන්නේ ඇගයීමක්.. උත්තේජයක්... ඒ වගේ අවස්තාවක් සංවිධානය කළ එකට වගේම මං ආසාවෙන් කියවන බ්ලොග් වල රචකයින් වත් දකින්න අවස්තාව ලබලා දුන්නට බොහොම පිං... අයියේ.
*තව දෙයක් අයියේ කිසිම දෙයක් නොතේරුණත් Quantum කියන්නේ මම ආසාවෙන් කියවන බ්ලොග් එකක්, ඒ භාෂාවේ සුරු හැසිරවීම ඒ තරමටම මට ප්‍රියයි
සුබ පැතුම්..!
හමුවිමට ලැබිම සතුටක්.
ReplyDeleteඇත්තටම මටත් සතුටුයි... ඊලග පාරත් හම්බවෙමු
Delete