 |
යශෝදරාව සහ පුත් රාහුල |
චක්ක වරං කිත රත්නසුපාදෝ
Cakka varankita ratta supādo
ලක්ඛණ මණ්ඩිත ආයතපණ්හි
Lakkanu mandita āyata panhī
චාමර ඡත්ත විභූසිත පාදෝ
Camara chatta vibhūsita pādo
ඒස හි තුය්හ පිතා නරසීහො
Esa hi tuyha pitā narāsīho
නැකත් ලකුණු වලින් හැඩවූ රත් පැහැ දෙපතුල් ද සක් ලකුණින් යුතු විලුඹ හා දිගු වළලුකර ද ඉතා අලංකාර විචිත්‍රවත්
මොනර පිහාටු වැනිය . එසේය පුත, ඒ වඩින්නේ ඔබගේ පියාය
සක්ය කුමාරවරෝ සුකුමාලො
Sakya kumāravāro sukhumālo
ලක්ඛණවිත්ථත පුණ්ණසරීරො
Lakkhana vitthata punna sariro
ලොකහිතාය ගතො නරවීරො
Loka hitāya gato narāvīro
එස හි තුය්හ පිතා නරසීහො
Esa hi tuyha pitā narāsīho
"ශාක්‍ය" නම් උතුම් රාජකීය කුලයේ උපන් සියුමැළි වංශවත් කුමරු, සොඳුරු ලකුණින් පිරිපුන් සිරුරක් ඇත්තාවූ සියළු සැප සම්පත් ද (ලෞකික සැප පහසුව) සමස්ත ලෝකයේ අභිවෘද්ධිය සඳහා අත්හල, පුත.! බලන්න ඒ වඩින්නේ ඔබගේ
පියාය
පුණ්ණ සසංක නිහෝ මුඛවණ්ණො
Punna sasanka nibho mukha vanno
දේවනරානපියෝ නරනාගො
Deva narana pīyo naranago
මත්ත ගජින්ද විලාසිත ගාමී
Matta gajinda vilāsita gāmi
එස හි තුය්හ පිතා නරසීහො
Esa hi tuyha pitā narāsīho
අඳුරු අහස මත දිදුලන පුන් සඳ මෙන්, සියලු දෙව් මිනිසුන් අතර බබළමින් , පුත බලන්න, රාජකීය හස්තියෙකු ගේ ගමන් විලාශයෙන් වඩින්නේ ඔබේ පියාණන්ය
ඛත්තිය සමිභව අග්ගකුලීනො
Khattiya sambhava aggā kulīno
දේවමනුස්ස නමස්සති පාදො
Deva manussa namassita pādo
සීල සමාධි පතිටිඨිත චිත්තො
Sila Samadhi patithita cītto
එස හි තුය්හ පිතා නරසීහො
Esa hi tuyha pitā narāsīho
රාජකීය වන්ශිකව උපන් ඔහු තවද සියලු දෙව් මිනිසුන්ගෙන් වැඳුම් පිදුම් ලබන්නේය. පියවරෙන් පියවර ශාන්තව මානසික එකාග්රතාවයෙන් වඩින ඔබේ පියතුමන් ගේ විලාශය පුදුමයකි..
ආයත තුඞ සුසන්ඨිත නාසො
Ayata tunga susanthita nāso
ගෝපමුඛො අභිනීල සුනෙත්තො
Gopamukho abhinīla sunetto
ඉන්දධනූ අභිනීල භමුඛො
Indadhanū abhinila bhamukho
ඒස හි තුය්හ පිතා නරාසීහො
Esa hi tuyha pitā narāsīho
නීල වර්ණ ඇස් ද සෘජු නාසය ද දේදුණු හැඩ ඇති ඇහි බැමද සහිත ඔහු, පියාය මාගේ පුතුගේ.
වට්ට සුමට්ට සුසන්ඨිත ගීවො
Vatta sumatta susanthita gīvo
සීහහනු මිගරාජ සරීරො
Sihahanu migarāja sarīro
කඤ්චන සුච්ඡවි උත්තම වණ්ණෝ
Kancana succhāvi uttama vanno
ඒස හි තුය්හ පිතා නරසීහො
Esa hi tuyha pitā narāsīho
ඔහු ගේ පෞර්ෂය සම කළ හැක්කේ රාජකීය සිංහයෙකුට නමුත් ඔහුගේ අවිහිංසක කම සමකල හැක්කේ මුවෙ රජ කුටය.ඔහුගේ සිරුර උද්දිප්තව බබළන්නේය(සවනක් රැසින්).ඒ වඩින්නේ ඔබගේ පියාණන්ය
ස්නිද්ධ සුගමිභීර මඤුසු ඝොසො
Suniddha sugambhira manjusu ghoso
හිංගුල බන්ධු සුරත්ත සූජිව්හො
Hingula bandhu suratta sūjivho
වීසති වීසති සේත සුදන්තො
Visati vīsati seta sudanto
එස හි තුය්හ පිතා නරාසීහො
Esa hi tuyha pitā narāsīho
සෞමය ඔහුගේ හඬ,අනුනාද වන්නේය. හිඟුලරත්පහැති දිව ද එක හනුවක විස්ස බැගින් මනහරව පෙළගැසී ඇති දත් ද මුඛයේ පිහිටි, පුත ඒ ඔබගේ පියාණන්ය.
අඤ්ජන වන්න සුනීල සුකෙසො
Anjana vanna sunīla sukeso
කඤ්චන පට්ට විසුද්ධ ලලාටො
Kancana pātta visuddha lalāto
ඕසධි පන්ඩර සුද්ධසු උන්නො
Osadhi pandara suddhsu unno
එස හි තුය්හ පිතා නරාසීහො
Esa hi tuyha pitā narāsīho
කාලවර්ණ හිසකේ නීල වර්ණයෙන් බබළන්නේය. නළල් තලයෙන් අලංකාර වූ රැස් විහිදෙන අතර ඒ මත වැටුණු (මංගල ලකුණක් වන) ඌර්න රෝමධාතු වකි. මුළු සිරුරින්ම රැස් විහිදුවන ඔහු , පුත ඔබගේ පියාණන්ය.
ගච්ඡති නීලපථෙ වීය චන්දො
Gacchati nilapathe vīya cando
තාරගණා පරිවේඨිත රූපො
Taragana parivethita rūpo
සාවක මජ්ඣගතො සමනින්දෝ
Sāvaka majjhagato sāmanīndo
ඒස හි තුය්හ පිතා නරසීහො
Esa hi tuyha pitā narāsīho
තරු පිරිවැරු පුර්ණ චන්ද්‍රයා සේ , තම ශ්රාවකයින් මද්‍යයේ වඩිනා පියාණන් දකින්නට පුත මෙහි එන්න.
බුදුරජාණන්වහන්සේ , ගිහිකළ නෑසියන් දකිනු පිණිස වැඩි මොහොතේදී යශෝදරාවන් විසින් තම පුතු රාහුලට ඔහුගේ පියා පෙන්වමින් කළ ප්‍රකාශය "නරසීහ ගාථා " නම් වේ..
මෙම සටහන ලියන්නට හේතූ වුයේ
රසිකොලොජියේ පෝස්ටුව වන අතර මෙහි ඉංග්‍රීසි සටහන ලබාගත්තේ
Theravada Damma වියණුවෙනි. සිංහල පරිවර්තනය සඳහා පාදක කරගත්තේ
the Tek Croach වියුණුවේ
Yashodhara's crying heart (Narasimha gatha)
ලිපියේ පාළි - ඉංග්‍රීසි පරිවර්තනයයි.
යශෝදරාවත මෙතනින්.
මේ ලිපිය සම්පාදනයට හේතුවක් සැපයු අයට ද අවශ්‍ය මුලාශ්‍ර නිර්ලෝභීව සයිබර් අවකාශයට එක්කොට තැබූ සියළු දෙනාට ගෞරවය මේසේ සටහන් කරන
මං
එරන්දී
මෙය ආත්මතෘප්තිය සඳහාම මා විසින් කරන ලද කාර්යයක් වන අතර යම් අඩුපාඩුවක් වේ නම් නිවැරදි කරන මෙන් කාරුණිකව ඉල්ලමි
රසික ඔබේ පොස්ට් එක නිසාම කම්මැළි මටත් නිමිත්තක් ලැබුනා. බොහොම ස්තූති...