කවියක සිරව
සියදිවි නසාගත්
ප්‍රේමයක්;
මිහිදන් කරනු බැරි තැන
පා කළ බැවින් සුසුමෙක
කැළඹී ඇවිලී සුළි කුණාටුවෙක
බෙංගාල බොක්කේදී
පසුව
ටර්නැඩොවක් වූ බව
ටර්නැඩොවක් වූ බව
අසන්නට ලැබුණි
සුනුවිසුනු රොඩු බොරඩු
මැදින් මතුවූ
හීතලට මිඳුණු
අසරණ
ගල් ගැසුනු
ගල් ගැසුනු
බිළිඳු සිනාවෙකින්.........
අකුරු වල එති ගෙතෙන වචන රටාවෙක මා දකින්නේ ගෝලයක් මුත් ඔබට එහි සඳ දැකිය හැක..... හෙළ බස හෙවත් හෙළයේ බසෙහි අපුර්වත්වය එයයි......මෙම නිර්මාණයේ සමස්ත අර්ථයම අවසන් වචන පෙළ වන "අසරණ බිළිඳු සිනාවෙක " යන කොටස නිසා විවිධාකාර අදහස් ගම්‍ය කරවයි. බසෙහි මිහිර විඳින්නට ඔබ මෙහි යායුතුමය... අක්ෂර නිවැරදි බව තහවුරු කරන්නට සුබස
වෙත යාම නුවණට හුරුය.
මේ වසන්තයට ලියන
මං එරන්දී
+++++
ReplyDelete:) ස්තුතී මල්ලී
Deleteඅගෙයි නංගි.....
ReplyDeleteස්තුතී අක්කී
Deleteභාෂාව පිළිබද දැනුම ඉතාමත් හොදින් වැඩි කරගත හැකි බොලොගයක්. කවියත් ලස්සනයි
ReplyDeleteස්තුතී මල්ලී
Deleteඔයා දුන්නු ඔත්තු දිගේ එහෙටත් ගිහින් බැලුවා හරිම වටින කියන තැන්.කවියනම් තවම මීටරේට වැටුනෙ නෑ බලමු තව හිතලා.
ReplyDeleteතවත් ඒ වගේ වට්න බ්ලොග් ගොඩක් ඇති , ඒ ගැන දැන ගන්න එක ඇත්තටම වටිනවා. අදහසක් ඕන වෙයි ද ශානි :)
Deleteකවි මට අන්ඩර් දෙමල
ReplyDeleteමටත් අයියේ :)
Deleteගියා.. ස්තූතියි.. වෙසක් එකට අපි බරට පුන්‍ය කටයුතු මේ දවස්වල .. හිමින් නිදහසේ කියවන්න ඕනි..
ReplyDelete:) පුණ්‍ය කටයුතු කරන්නට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා. ස්තුතී අයියේ
Deleteබෙංගාල බොක්කේදී Cyclone.
ReplyDeletehttp://oceanservice.noaa.gov/facts/cyclone.html
මං වගේ කාව්‍යාබාධිතයෙකුට පුලුවන් ඔහොම එකක් විතරයි. සමාවෙන්න
ඔබ කොහොම කිව්වත් ඔබ කාව්‍යාබාධිත කියලා මට එහෙම හිතිලා නැ. නැ මේ දැනුවත් කීරීම ඉතාම වටිනවා PraJay බොහොම ස්තුතී
Deleteඅගෙයි
ReplyDeleteස්තුතී යාත්‍රා :)
Deleteතාම තේරුම හිතනවා නොකා නොබී
ReplyDeleteමේ වගේ කමෙන්ට් වැඩි වැඩියෙන් අපිට ලැබෙන්න මං මගේ ඉතා වටනා මනාප තුනෙන් එකක් ඉවාන් අයිය වෙනුවෙන් සටහන් කළා, වසන්තයේ :)
Deleteතාම තේරුම හිතනවා නොකා නොබී
ReplyDeleteවේල් දෙකක් කාලා නැහැ
Deleteහැබෑම නේන්නම් මෙන්ඩයියේ :) :)
Delete,ලස්සන කවි ෙපාඩ්ඩ
ReplyDeleteඒ්ත් ඒක ඒක ෙවලාවට ඒක ඒක විදිෙය ෙත්රුං දැෙනනවෙන්
නිකා හිටු මෙග් වල් හිත
ස්තූති , මේ නිර්මාණය කලෙත් වෙන වෙන තේරුම් දෙන්න , නංගිට එහෙම හිතුනා නම් මගේ උත්සාහය සාර්ථකයි :)
Deleteඇසූ විට ඒ කිරි සිනාවෙන්
ReplyDeleteජනිත වෙන්නට මූලයන්
අහෝ පුදුමෙකි
කවිකමක්,
කෙරුවාවූ
විප්ලවයෙ තරමක්....
ජයවේවා!!!
සබඳ,
Deleteකවිකම් හා සබැඳිය
හැකිය සබඳකම්
මනෝරම සුබස්
විස්කම්
ස්තුති දුමී