පලින් පල සුදු කෙස් එක දෙකක් ඇත
Under eye cream ගැන ඇය කිසිත් අසා නැත
ඇස් යට යන්තමට දැන් රැළි වැටී ඇත
දේදුණු වන් හැඩ ඇහි බැමක් ඇත
සත්තයි ඈ වැස්සකටවත් Saloon ගොස් නැත
අපේ ගෙදරට Alarm නැත
3 ට ඇහැරෙන අම්මා කෙනෙක් ඇතසෙමින් පිරිමැද අවදි කරනා දෙවඟනක් ඇත
දුවෙක් මුත් මං පුතේ කියනා අම්මා කෙනෙක් ඇත
Darling කියන්නට මට Mummy කෙනෙක් නැත
BBC update නොවනා අම්මා කෙනෙක් ඇත
එනමුදු විශ්වයම ඇය දෙපාමුල ඇත
Siri උනත් නොදන්නා බොහෝ දේ ඇත
ලොවම අතබුලකි අම්මා ඇති තැන
සුරතල් දකින්නට දැන් ඇයට තව අය ඇත |
අටලෝ දහමෙහි හරය කියා ඇත
හොඳ නරක ගුණඅගුණ ඈ කියා දී ඇත
කරදර එන්න පෙර සෙත් පිරිත් කියා ඇත
බුද්ධියම පිහිට කොට සරණ යන්නට කියා දී ඇත
නිවන් යන්නට ඇය පන්ති ගියේ නැත
ලියන්නට තව බොහොමත් ඇත
ලියා නිමවන ඉමක් නොපෙනෙන.... අම්මා කෙනෙක් ඇති
මං
එරන්දී.....
පොළොවෙ පය ගහලා ජීවත් වෙන ආදරණීය අම්මා කෙනෙක්. අම්මා කියන ආදරණීය වචනය ඇතුළෙ ඉන්නෙ මේ වගේ අම්මලා තමයි. ඒ වගේ අම්මා කෙනෙක් ලබන්න අපි ගොඩක් පිං කරල තියනවා. මම හිතන්නෙ අපේ දරැවන්ටත් අපි මෙි වගේම අම්මලා වෙන්න ඕනි. ඒත් අද මේ වගේ අම්මලා ඉන්නෙ හරිම අතලොස්සක්...����
ReplyDeleteඇත්තටම ඔව් නංගි.... ඒත් ලිව්වත් හිතෙන්නෙම මේ ලියවිල්ල පවා අසාර්ථකයි කියලා.... අම්මා ඒ තරමටම ආදරණියයි නංගි
Deletehmm hmmm
ReplyDelete:) අපිත් අම්මලා
Deleteමටත් අම්මා කෙනෙක් ඇත. සන්නස්ගල කියනා විදිහට මට අම්මා මග ඇරී ඇත්දැයි සිතෙන අවස්ථාද ඇත.
ReplyDeleteකොතෙක් ලිව්ව ද කිව්ව ද හිතුව ද හිතෙන්නෙම එසේය කුරහන්...
Deleteපායයි සඳක් ලෙස අපෙ දුක් නිවන්නේ
ReplyDeleteමෝරයි ඇගෙ සෙනේ දරුවන් තුටින්නේ
බෑමයි කියන්නට ගුණනම් නිමි නොවන්නේ
ඒකයි අම්ම ගැන කවි නොලියා හිඳින්නේ.....
එරන්දී. අම්මෙක්ගේ සෙනේ වැඩි පුතාලටලුනේ. ඒ සත්‍ය මම විඳිනවා. ඉතින් මගේ අම්මා ගැන කවියක් හෝ කතාවක් හෝ මම ලියන්නෙ නැත්තේ ඒ ආදරය වචනවලට හරවලා කියන්න බැරි තරම් මට දැනෙන හින්දයි.
සටහනට ස්තූතියි.
ජයවේවා!!!
මගේ අම්මා මට වචන වලට ලඝු කල නොහැක...එරන්දිගේ මේ බොහෝ වචන වල මගේ අම්මාම මටද පෙනේ.ඇය වචනයේ පරිසමාප්තයෙන්ම අම්මාය.ඇයට යාන්තමින් හෝ ළං වෙන්නට මේ මං අම්මාද පෙරුම් පුරමි.
ReplyDeleteඇය තමයි අඩු වැඩි වශයෙන් වෙනස් වුවත් ඔබෙත් මගෙත් හැමෝගෙමත් අම්මා.......
ReplyDeleteඒ තමා අම්මා!
ReplyDeleteඅම්මා ගැන කියන්න වචන මදි වෙනවා අපිට ඒ මදි වෙන තැන ඉන්නවා අම්මා .. ❤️
ReplyDeleteඅම්මා.....
ReplyDeleteම්ම්ම්....මගේ අතින් කවදාවත්ම නොලියවෙන , ඒත් හිතේ හැමදාමත් කොඳුරන කවිය.
පොෂ් මමීලාට වඩා අපේ අම්මලා අපට දෙවිවරුය . අප අද කොතනද හෙවනැල්ල වූයේ ඇයය .
ReplyDeleteමායාවක් වී ලොව තනිවුණු දා අම්මා පමණයි ළඟ ඉන්නේ ...............
අම්මාවරුනේ ....................
විචාරක දියණිය