Friday, October 6, 2017

Happy 41

 
 
                             
                                                                
උඹ තමයි මිනිහා
සවන් දෙන්නියකටත්
සවන් දෙන....
කට්ට කළු
උස මහත
ඝන ඇහි දාර යට
බොර පාට ඇස් ඇති
දැලි අඟුරු තොල් අස්සේ
මුතු පාට දත් ඇති
පුළුල් උරහිස් අතරේ
රතු පාට පණ  විදින
හෘද මාන්ෂලය ඇති
හීන් කඳුළකින් තැවී
එය ද උගුලවා දිය හැකි....
සියුම් තුඩකින්
ම’කුස දැදුරු වූ දා 

සිහිසුන්ව ඇද වැටුණු....... උඹ තමයි ඒ මිනිහා
නිවුඩු හාල් බතට
පොල් සම්බෝලයි ඇඹුල් තියලයි
කෑවාට 
නොවරදවාම 
මට සිරියල් අරන්දුන්න.....
කවි ලියන එකත් 
ඇරියස් එකක් කිව්වාට 
ඇති තරම් කඩදාසි 
Parker pens  අරන්දීපු
යකෙකුගේ පෞර්ෂය තිබුනාට, 
යක්ෂණියක් වගේ කඩා පැන්නාම  
ඔළුව අතගාල පපුවට තුරුළු කරගත්තු.... උඹ තමයි ඒ මිනිහා ..........

නුඹ නිසා වාසනාවන්ත මම යි ඒ 
එරන්දී 

25 comments:

  1. //නිවුඩු හාල් බතට පොල් සම්බෝලයි ඇඹුල් තියලයි// යකෝ සීරියල් වගේද ඒව.

    සුබ උපන්දිනයක් වේවා !

    ReplyDelete
    Replies
    1. 41 ක් නං 'ඒ මිනිහා' ත් මගේ වයසෙ නෙ.

      Delete
    2. ඇත්තමයි අයියේ දැන් මටත් එහෙම හිතෙනවා ;)
      බොහොම ස්තූතී අයියේ

      ඒකනේ කිව්වේ ඔයාලා මහ වයසක මිනිස්සු කියලා :) :)

      Delete
  2. අම්මෝ මේ වචන... මාරයි....ඉතින් ඒ මිනිහට මේ යස්සන්නිගෙ වචන කොයි තරම් වටිනවා ඇද්ද

    ReplyDelete
    Replies
    1. මේ පාර උපන්දින තෑග්ග තමයි මේ සොඳුරු .... රෑ 12ට මේ ටික ලියලා දුන්නාම නිදාගත්තේ නෑ මං හිතන්නේ ඕකම කියව කියව හිටියා :) :)

      Delete
  3. මම මුලින්ම හිතුවෙ යකෙක් ගැන කියල,, බලනකොට ඒ මනුස්සය යක්කු දමනය කරන කෙනෙක් ,,😂😂😂

    සුභ උපන්දිනයක් වේවා

    ReplyDelete
    Replies
    1. දැක්කා නේ තරිඳු ට හරියටම තෙරුණා. ඇත්තටම ඔව් :)

      Delete
  4. දමනය කියන එකට වඩා බන්ධනය කරගෙන වැඩ ගන්න කියල දැම්මනම් මරු

    ReplyDelete
    Replies
    1. ඒක නම් වැරදි තරිඳු , දමනය තමයි හරියටම හරී :)

      Delete
  5. අදනං තේරුණා. හබියට හැපී බර්ත් ඩේ එකක් වේවා..!!! 🎂🎉🎻🥃

    ReplyDelete
  6. හබියත් මගේ වයසේමනේ
    එහෙනම් හැපි උපන්දිනයකට විෂ් කලා කියන්න.

    ReplyDelete
    Replies
    1. එහෙම ද අයියේ... එහෙනම් හැපි 42 සෙලිබ්‍රෙට් කරමු කට්ටියම :) :)

      Delete
  7. Replies
    1. ඇත්ත අයියේ මාත් කිව්වා :)

      Delete
  8. happy birthday දසුන් ...
    කොයි ගෑනිත් යක්ෂණියො තමයි

    ReplyDelete
    Replies
    1. දස්සු තෑන්ක් කිව්වා, ආන්න ඒකයි :) :)

      Delete
  9. මං ගානෙ සුබ පැතුම්! මේ මට ඊමේල් එක එවාපන්. උවමනාවකට කොන්ටැක්ට් කරගන්න විදියක් නෑ. පොඩි කෙල්ලව අරගෙන බිග් බෑඩ් වුල්ප් බලන්න ගියෙ නෑද?

    ReplyDelete
    Replies
    1. හරි හරි මං කිව්වා, ඒකනේ හිටි ගමන් අන්ත්‍රස්දාන වෙනවා. erandi0508@gmail.com
      වහාම ඊයක් එවන්ට

      Delete
  10. අද තමයි ගේමක් නැතිවම කවියක් තේරුණෙ.... ඒත් ඒවා අස්සෙත් හිතන්න සලකුණු බොහොමයි...ආයෙ මොකො ඕලූව වෙහසවන්නෙ ඒ නිසා ලේට් වුනත් හැපි බර්ත් ඩේ හොදේ,,,,,,,,

    ReplyDelete