Wednesday, June 27, 2018

තරු, වල්ගාතරු කරන 'MALLI' ලා



රැප් බිහිවුනේ, පාලක පන්තියට එරෙහිව වහලුන් සිය පීඩනය පිටකිරීමට යොදාගත් මාධ්‍යක් ලෙස. ඒ අපි කවුරුත් දන්නා කතාව. එහෙම රැප් ලාංකීය සමාජය තුල ලිංගිකත්වය අරඹයා සිය අසහනය පිට කිරීමට යොදාගැනීම මං හිතන්නේ, එහෙම  ගත්තාම  ලාංකිකයන් මුහුණ දෙන විශාලම පීඩනය එය වියයුතුයි. රැප් කියන්නෙ අසභ්‍ය වචන කීම යැයි හිතන තැන ඉදලාම කේදවාචකයක්.
 බෞද්ධයකු ලෙසත් වියපත් ගැහැණියක ලෙසත් මේ කිසිවක් කෙරෙහි ඇලීමක් හෝ ගැටීමක් මට නැති මුත් අපි කතා කල යුතුයි ඔබත් ඇතුළු මතු පරපුර වෙනුවෙන්.
අපි තැවුනාට "පියුමි හංසමාලි" ගැන, අද බොහොමයක් තරුණ කලාකරුවන්/කලාකාරිනියන් Negative Marketing නිසාම රැකෙන පිරිසක් බවට පත්වෙලා. අපි නොදන්නා නවක තරු අදුරගන්නෙ " leak" උනාම... Negative Marketing කියන කලාවෙ ලංකාවෙ තරම් දක්ශයො ලෝකෙ කොහෙවත් නැතුව ඇති.
මේ තරම් තරුණ දරුවන් මෙතරම් තමන්ම පහතට හෙලමින් විවේචන ඉවසමින් හරියටම වල්ගා තරුවක් වගේ ගැහෙමින් එකම දිශානතියකට යන ගමන සැබවින්ම අධ්‍යනය කලයුතු තැනකට අද පත්ව ඇති බව නම් අවිවාධ්තයි. හෙට මේ ව්‍යසනයට ඔබෙත් මගෙත් දරුවා තල්ලු නොවන්නේ යැයි සහතික වන්නට ඔබට හැකිදැයි මා නොදන්නා මුත් මා නම් සැබවින්ම ඒ ගැන සිතමී.
ඒ නිසා ඔබෙත් මගෙත් දරුවාට සුද්දා අපේ උඩුකය වසා, ඉග දැවටී රෙද්ද දණහිසට ද උඩින් එසවූ බව හෙළුවෙන්ම වනමි. ලොව මෙකල නිර්මාණාත්මකම  භාෂා 16 න් එකක් වන හෙළ බස මළ බසකි කියාගන්නා විට නවීන තාලයට RIP සිරිලන්කන්ස් කියාගන්නට නොකමැත්තෙන් ලියමී. ගස් ගල් පිළිම වලට වැඳ වැටෙන මිනිසුන්ට උපස්ථාන කරමී. අව්ද්‍යාව පතුරන්නට නොව විනාශ නොවනු පිණිස ශික්ෂණයක් පවත්වනු පිණිස කටමැත දොඩමින් රැල්ලට නිරාගමික වීමට මිනිසුන් මුලා කිරීමට වඩා එය මානුෂිය යැයි සිතමී. සැබෑ නිරාගමිකයිනට ගෞරව කරමී.
 අමතක කරන්න එපා, මගේ රැකියාව ඔබ දැවැන්ත තිර වල වගේම පුංචි තිර වල දකින දෙස්විදෙස් ශිල්පීන් ගේ මානසික ඒකාග්‍රතාව රඳවා ගැනීමට පුහුණු කිරීම කිව්වොත් නිවැරදි. ඒ නිසාම වසරකට ලොවපුරා ගොසිප් කරුවන් මා වෙත කොපමණ මුදලක් ගෙවීමට සුදානම් වනවා ඇත් ද එක තරුවක් "වල්ගා තරුවක්" බවට පත් කරන්නට... අප නොදන්නා බොහොමයක් එක ක්ෂණයක දී ලොව සිදුවන බවින් 

යමක් කරන්නට අවැසි නම් ක්‍රියාත්මක වෙමු හදවතින් නොව බුද්ධියෙන්. 
මං
එරන්දී 

14 comments:

  1. බුද්ධිය.. මං කවදාවත් අහල නෑ එහෙම වචනයක්

    ReplyDelete
  2. සහතික ඇත්ත. නෙගටිව් මාකටිං ගැන මටත් කියන්න ඕනේ වෙලා තිබුණු දෙයක්. මේක අද ප්‍රසිද්ධ කිහිප දෙනෙක් බොහොම කැත විදියට යොදා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අයියේ, ප්‍රසිද්ධ අය විතරක් නෙවෙයි Negative Marketing අද සාමාන්‍යකරණය වෙලා

      Delete
  3. වියපත් ගැහැනියක් කියල තිබුණු නිසා මම අර ෆේස්බුක් පෝස්ට් එකෙන් ඔබේ ප්‍රොෆයිල් එකට ගිහින් බැලුව. අනේ ඔබ වියපත් නෑ, හරිම සුන්දර කාන්තාවක් ඔබ.

    ඔය වීඩියෝ එකේ බ්‍රා එකක් ඇඳන් ඉන්න සොයුරියට වයස 18යි. ඉපදිලා තියෙන්නේ 1999, ඇගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ හැටියට. පියුමි හන්සමාලිටත් 25ක් වගේ වෙන්නේ, මම දන්නා විදියට.

    මට අවුරුදු 18 දී, 25 දී, මමත් නොයෙක් මෝඩ වැඩ කලා. (අධ්‍යාපනය, යාළුවො ගැන තීරණ) ඒවා මෝඩ වැඩ බව තේරිලා පසු තැවීමක් එන්නේ දැන්, පරිනත වෙනකොට. නමුත් ඒ තීරණ ඉන්ටනෙට් එකේ නැති නිසා ජීවිතේ ඉස්සරහට යනවා, අර දේවල් වලින් පාඩම් ඉගෙනගෙන.

    මේ පොඩි වයසේ යට ඇඳුම් පිටින් දෙකයි පනහේ වීඩියෝ එකක රඟපාලා පස්සෙ කාලෙක පසුතැවීමකදී ඒ තීරණ අමතක කරන්නත් බෑ. කලාත්මක සිනමාවට පිවිසෙන්න නම් නිරුවත ප්‍රදර්ශනය කරලා මදිනේ, රඟපාන්නත් පුළුවන් වෙන්න ඕන නේ.

    මේ ළමයි හැමෝටම පසුතැවීම් නොවී යහපතක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. මානවිකා බොහොමත්ම ස්තුතී ඔබට :)
      මම වෘත්තියමය සවන්දෙන්නියක්, මග පෙන්වන්නියක් මේ වගේ දරුවෝ පසුතැවෙන හැටිත් මානසික එකාග්‍රතාවය පවත්වා ගන්නට අරගල කරන හැටිත් මම දින පතා අත්දකිනවා. ඒ නිසාම කවුරුන්ම හෝ මනුල් එකක් නැති මේ ජිවිතේ ගැන තත්පරයකට හෝ හිතාවි කියන අරමුණෙන් ම යි ලිව්වේ.
      ඔබෙත් ප්‍රාර්ථනාව මගේ ත් ප්‍රර්ථනාවයි..!

      Delete
  4. ඔය නෙගටිව් මාකටින් වලටයි ගොසිප් වලටයි උඩගෙඩි දෙන්නෙ කවුද...? ඔව්ව කියෝල රහ විදින මහ ජනයම නේද?

    මිනිස්සු කැමති කුණු රහට...ඕක මේ මුලු ලෝකෙ පුරාම සිද්ධ වෙන දෙයක්...මෙහෙ ඔය ගොසිප් වලට වෙනම ටීවී ප්‍රෝග්‍රෑම් තියනව...හැබැයි ඉතින් මිනිස්සු ඒව කරේ තියාගෙන ජීවත් වෙන්නෙ නෑ...

    ලන්කාවෙ ඉන්න එව්වොන්ට හැමදේම ෆ්‍රී ලැබෙනවනෙ, ඒ හින්ද උන් රස්සාවට ගිහින් හොයන්නෙත් ගොසිප්...මොනව හරි පාහර වැඩක් කරන, කුණුහරුපයක් කියන එකා තමයි පොර...සුදු පිරුවට ඇදගෙන ගෑණු දාහක් එක්ක යහන් ගත වෙන එකා තමා පොර...තමන්ගෙ මිනිහ ගැන හතර අතේ වර්ණනා කරන ගමන් හීන් සීරුවෙ වෙන ඈයො එක්ක යන ගෑණු තමයි පත්තිනිලා...වැඩියෙන්ම හොරකම් කරලා, නරි වාදම් කියන් දේශපාලුවට තමා වැඩිම චන්ද...

    ඕක සිස්ටම් එකේ වැරැද්ද...මිනිස්සු හිතන විදියයි වෙනස් වෙන්න ඕනෙ...

    නෙගටිව් මාකටින් වලට පොසිටිව් රෙස්පොන්ස් දෙන අය ඉන්න නිසානෙ ඒකට ඉල්ලුම වැඩි...


    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යයෙන්ම එකඟයි අක්කි. මම හිතන්නේ ලංකාවේ ප්‍රශ්නේ චොයිස් එකේ. හදවතේ ආවේගයෙන් නෙවෙයි ඇත්තටම යමක් කරන්න වෙන්නේ බුද්ධියෙන්.
      බොහොම ස්තුතී අක්කි.

      Delete
  5. අපි හිතනවට වඩා ගොඩක් දුරට සමහර පොඩි උන් නරක් වෙලා.. තාක්ෂණයට දොස් කියල වැඩකුත් නෑ.. සමහර අම්මල තාත්තලාට මේ දේවල් සම්බන්දයෙන් අවබෝධයකුත් නෑ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ. වෙලාවකට දරුවෝ එනවා අම්මලා තාත්තලාත් උගත් දැනුවත් අය එත් දරුවෝ කරන්නේ කියන්නේ මොනවා ද කියන අවබෝධය නැ. අපි හැමෝටම තියෙන සහජය කියන හැකියාව සහ බුද්ධිය පාවිච්චි නොකරණ එකයි ගැටළුව මට හිතෙන්නේ

      Delete
  6. සමහර තැන් වලට එකග නෑ අක්කෙ

    ReplyDelete
  7. මුළු සිතින් ම එකඟ වෙමි. ස්තුතියි.

    ReplyDelete
  8. බොහොම ස්තුතී ඔබට මෙහෙට ආවටත් අදහස් දක්වුවාටත්

    ReplyDelete