කොහේ හරි අද සාදයක්. ඇත්තටම කිව්වොත් දැන් සාදයේ ඇහෙන්නේ සාජ්ජයක්. අපරාදේ කියන්න බෑ ශ්රැතිය උනත් පිහිටලා ගයන ගැයුමක්. අනුන්ගේ වගක් අපිට මොකට ද කිව්වාට කන දික්කරගෙන අහගෙන ඉන්න එක එක්කෝ ගැහැණු ගතියක්. එහෙමත් නැත්නම් රස්සාව නිසාම ආව පුරුද්දක්.
ඒ කොහොම කිව්වත් මේ වෙලාවේ මං එරන්දී කරන්නෙත් තමන්ව සාධාරණීකරනය කරගැනීමක්. එක අතකට, කවුරු නැතත් තමන් ට තමන් හරි ඉන්නවා කියන හැඟීම ජීවත් වෙන්න කෙනෙකුට ලොකු උත්තේජයක්. දවස ගානෙ කොයි තරම් නම් පිරිසක් එනවා ද හොයාගෙන එහෙම බලාපොරොත්තුවක්? ඒක සරල මං එරන්දිගේ ජීවිතේ වෙනස්ම මානයක්. ඇත්තටම කිව්වොත් වෙලාවකට මං එරන්දී කියන්නේම රහස් ගිලින කළු කුහරයක්.
ඔය කිව්වාට මං එරන්දී දන්න නෑ මහා විසාල විද්යාවක්! ඇත්තටම ඒක ඇත්තක්.
හිත කියන්නේම මහා සිතුවිලි පඹගාලක්. සාජ්ජයක ගීතයක් අහගෙන කෝපි හදාගන්න ආව මං එරන්දී අන්තිමට හදාගන්න තියෙන්නේ උණුසුම් චොක්ලට් කෝප්පයක්! අනේ මෙහෙමත් අවසිහයක්! ඇත්තටම එතන උනේ වෙන වැරදීමක්. දවල් ඉදලා තට්ටයාගේ කොලමෙන් ආවේ අහක දාන්න බැරි ඉල්ලීමක්. අනේ කොහොම හරි අද දාන්න බ්ලොග් පෝස්ට් එකක්. අනේ මොනවා ලියන්න ද හිත හිතා කෝපි වෙනුවට දාගත්තෙ චොක්ලට් පවුඩර් හැන්දක්. මහා ලොකුවට රටේ ලෝකෙ මිනිසුන්ට කිව්වාට සිහිය ගැන කතන්දර මහගොඩක්. සත්තයි ගුරුන්ටත් අකුරුවරදිනවා මේ එහෙම වෙලාවක්. කොහොමින් කොහොම හරි බැල්කනියට එද්දි ඇහෙන්නෙ අපූරුම ගීතයක්...
සොඳුරියේ... කාලය කෙතරම් නපුරුදු...
අපි ගෙවාගෙන ආවේ කතාවෙලා දුව දුවා බ්ලොග් ලිව්ව කාලයක්. ඒත් අද, අපිටත් නොදැනීම අපෙන් ම ගිලිහුණු ඒක ලස්සන මතක අතීතයක්. එහෙම කියද්දී ඔන්න මතක් උනා පණ්ඩිත කතාවක්. ටිකක් ලාවට විතර සයිකොලොජි තියරි බැල්මක් වැටුනු කවුරු දන්න කතාවක්. තේරෙන විදිහට කිව්වොත් අපි කොයිහැටි බඳාගෙන හිටියත් ඕනෙම දෙයක් අපිටත් නොදැනීම අත ඇරිලා යන වෙලාවක්. එහෙව් අත් නොහැරීමත් කෙනෙකුට ඇති මානසික නොහැකියාවක්. එහෙව් නොහැකියාවක් හැබෑම මරණීය වේදනවාක්. එහෙමයි කියලා මං එරන්දී ගෙන් ඔබ තමුන්නාන්සේලා දැන් කිව්වොත් හොඳයි එහෙනම් දෙන්න කියලා උත්තරයක්!
මං එරන්දී අදටත් දෙන්නෙ එදා දුන්නා වගේම උත්තරයක්! ඔන්න කම්මැලි නැත්තන් කියවන්න මෙන්න තියරියක්..
Decay Theory - Edward Thorndike
ආයුබෝවන් මෙන්න වැන්දා සන්තෝ
ඔන්න පක්ෂ නෙවෙයි මං එරන්දී මාරු උනා 🙏
කාලය ගෙවුණු තැන මොන දේ සිදුවීද
ReplyDeleteජාලය ලෙසට බ්ලොග් ලිව්වා අපි නේද
ආලය සොයුරු හිත්වල හැඩ මැවුනාද
සාලය පුටුව කෝපිත් අද ඇතුවාද..
ගොඩක් කාලෙකින් එරන්දී. මම පහුගිය පෝස්ට් එකක ඔබට ලියා තිබුනා... ඔබ දැක නෑ. කොහොම හරි ආයිත් ලියන්න ආව එක සතුටක්. මමත් අලුතින් පටන් ගත්තා ලියන්න.
ජයවේවා !!!
දෙයියනේ එරන්දි ඔයාව දැක්ක කල්...දිගටම ලියමු නේ 💜️❤
ReplyDelete+++++++++👌🙏
ReplyDeleteවිරමය ගෙවිලා
ReplyDeleteඑරන්දී ආපහු ඇවිල්ලා
ආයෙත් ඉතිං දුව දුව ලියමු ඉඳගෙන.
ReplyDelete+++++
ReplyDeleteඅක්කා දැං පේස් බුකියෙත් නැතිද මංද. දැක්කෙ නෑ හුග.දාසකිං.
ReplyDeleteඅාාපහු ලියනවාට සතුටුයි.
ජයවේවා
ඔබ නැවත ලිවීම අරඹා ඇත.
ReplyDeleteඑය අතිශය ප්රීතියට කරුණකි.
නැවත දිගින් දිගටම ලිවීම කරගෙන යන්න.
ස්තූතියි.
සැඟවුනු වියනු
ඔබගේ බ්ලොගය අනෙකුත් සින්ඩිවල දක්නට නැති බවත්; යාවත්කාලීන නොවන බවත් අපගේ කණ්ඩායම නිරීක්ෂණය කලෙමු.
එම නිසාම මෙවැනි මෘදුකාංග දෝෂ සහිත බ්ලොග් අඩවි; කියවන්නන්ගේ පහසුව සඳහා ප්රදර්ශනය වන කොලමක් අපගේ සින්ඩියට එක් කලෙමු.
"සැඟවුනු වියනු" යනු එයයි.
අපගේ සින්ඩියේ දකුණු පස ඉහල කෙළවරේ ඔබගේ බ්ලොග් අඩවිය ප්රදර්ශණය කෙරෙණු ඇත.
ඔබගෙ බ්ලොග් අඩවිය යාවත්කාලීන කරණ්නේනම් එම කොලම අප ඉදිරියටත් පවත්වාගෙන යන අතර ලිවීම අතපසු වුවහොත් එය ඉවත් කිරීමට සිදුවන බව කණගාටුවෙන් දන්වා සිටින්නෙමු!
අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොග් අඩවිය තුල ප්රචරනයක් ලබා දෙන්නේ නම් එය අගය කොට සලකන්නෙමු.
කාලය... මැව් වෙනසක අරැමෙ !
ReplyDeleteThe most efficient work like Crystal Digitizing Company.
ReplyDelete