Thursday, May 4, 2017

Interpretation Definition In Poetry ... "අන්තර් නිවේශනයේ" පද්‍යුය අර්ථදැක්වීම



අන්තර් නිවේශනය (Interpretation) ; ඔබට මට පොදු නොවන , ඔබ - ඔබට ද මා - මට ද සිත - සිතුවිළි කෙරෙහිම නැවුණු තැනක ඉපදී විටෙක ඉරටු මිටියක් රේඛියව බැඳී; ලේ පාට බොරළු පහුරු ගා උගුල් වා සූරා දැමීමේ සිට සිනිඳු බෝ මාළුවෙක සියුම්ව මැවෙන රටාවක් දක්වා ද ලිප් ගල් තුනක සිරවූ මැටි ඇතිලියක සිට Italian burner එකක Ceramic බඳුනක ඉදෙන මසවුළ දක්වා ද පොරවකින් පැලෙන ලී කොටයේ සිට සැත්කම් පිහියෙන් කැපෙන මිනිස් සිරුර දක්වා ද ඉන් එපිට රස්තා රෙගේ සිංදුවකින් ද පන්සලක පල්ලියක කෝවිලක දෙවොලක නැගෙන සඤ්ඤායනය තෙක් වන පරාසය තුල ද ඉන් එපිට කී-නොකී පරාසයෙහි ද ප්‍රකාශිතයයි.
                                                විටෙක ගීතයකට සුරුවම් බෑමෙන් ද අත්තල ගැසීමෙන් ද අඩි පෑගීමෙන් ද සිය මනෝභාවය එළිදක්වන්නා වූ චිත්තය, විචිත්‍රවත් ව චිත්‍රයක් ලෙසින් ද අකුරු වල පැටලී කවියක් ලෙසින් ද කවියක් තනුවක වේලි සංගීතවත්ව ගීතයක් ලෙසින් කම්පිතව විශ්වයට මියුරු  කම්පනයක් ලෙසින් මුදාහරවයි, සිත ඇත්තේ කොතනදැයි නොදන්නා මුත් සිතුවිළි වල හටගැනීම ද අවසානය ද අතර සියල්ල ප්‍රේහේලිකාවක් මුත් භාවය යනු ශක්තී ප්‍රජනකයකි, එකී ශක්තියෙහි ප්‍රකාශන ස්වරුපය  "අන්තර් නිවේශනය" හෙවත් Interpretation නම් වේ...  
                                        සහෘදය එනිසාම කියමි ; ලේඛකයින් , කවියන් , විචාරකයන් හෝ එකී මෙකී කිසිදු සුදුසුකමක් ඔබ හා මා සපුරා නැතත්
        " සිතුවිළි         මරා           වළලා          තැනෙන         ලාවා           දිනෙක         පුපුරා         යා-නොයාද         හදවතක         ලේ         කුහර         පුපුරා"

Killing & burring your  thoughts make your Interpretations unborn & grow as lava will lead cardio vascular explosion in you 

ඉතිං ලියමු රහක් නැතත්, ලියන
මේ
මං එරන්දී වගේ.......


14 comments:

  1. සිත,
    ස්ථිර නිරීක්ෂණයක් කිරීමට නොහැකි බව සැබෑය.
    ඵලක් නොමැත
    ඒ පිළිබඳව වෙහෙසී. පශ්චාත්තාපවී.
    සුපිපි කුසුමක රුව වරුණ
    ස්නේහ සුව තවරන සුගන්ධය
    සනහා සතපවනා සේම
    කවකින්, කතාවකින්, ගීතයකින්
    සනසාලීමට හැකිනම්
    සිත....
    පන්හිඳ නටවණු නොනිමිව....

    (හොඳ උත්සාහයක් එරන්දී)

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී දුමී නිසදැසට වගේම අගය කිරීමටත්

      Delete
  2. අම්මට සිරි ..හෙන බර එකක්

    ජය වේවා ..!!!!

    ReplyDelete
    Replies
    1. නැ අපේ සිතුවිළි වල ප්‍රකාශනය ගැනයි මේ කියන්නේ.
      ස්තුතී ඔබට :)

      Delete
  3. කෙමෙන්ට් එකක් හිතාගන්න බැරිව මන් ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකක් නැති උනාට කමක් නැ ඔයා අළුත් පොස්ට් එකක් ලියන්න , මේ කියන්නේ ඒ ගැන :)

      Delete
  4. යකඩෝ.. මාත්තුරුකාව කියෝගන්න බැරුව හිටියේ.. බැලින්නම් මේ අපි කරන කියන දේවල්මනේ..

    මාත් ඔන්නොහේ ලියනවා මෙලෝ රහක් නැති උනත්..

    මම කලණ.. :)

    ReplyDelete
    Replies
    1. :) ඒ Marketing නේ අයියේ :) :)
      ආන්න හරි ලියන්න , හැබැයි අය්යා ලියන ඒවා නම් රහයි :) :)

      Delete
  5. අප්පේ එක පාරක් සාමාන්‍ය වේගෙන් කියවගෙන කියා ම්ම්ම්හ් මෙලෝ දෙයක් තේරුනේ නෑ පස්සෙ ආයෙත් හිමිහිට කියෙව්වා ඔන්න එතකොට තේරුනා..

    ReplyDelete
    Replies
    1. :) :) එකනේ, තේරුණා නම් නොලියා ඉන්න එපා "කවිකාරියේ "

      Delete
  6. එරන්දිගේ සටහන් කියවන්න මම තෝරාගන්නේ නිදහස්ම වෙලාවක්..ඉතාම කෙටි උනත් ඒ අදහස් ලියන ශෛලිය ගැඹුරු නිසා එක්වරම ග්‍රහණය කරගන්න අමාරුයි....

    ඉතාම වටිනා අදහස්....ස්තුතියි ඔබට

    ReplyDelete
    Replies
    1. :) ඔබ ඔබම වී ලියන්න.... එයයි මේ ලිවීමේ අරමුණ
      ස්තුතී අක්කි

      Delete