Monday, June 26, 2017

ස්තුතී........

මං  පොඩි කාලේ  
"ඔයා ලොකු උනාම කව්රු වෙන්න ද කැමති?" 
දෙවරක් නොහිතාම 
"අම්මා කෙනෙක් වෙන්න " 
මං එහෙම කිව්වේ ඇයි කියලා කව්රු හරි ඒ වයසේදී ඇහුවනම් ඇත්තටම මං දැනගෙන හිටියේ නැ....

තව දෙයක් ආගමික පසුබිමත් එක්ක බුද්ධත්වය ලබන්න නම් පිරිමි ආත්මභාවයක් ලබන්න ඕනේ කියලා කියවෙන සාහිත්‍යමය සටහන් කියවපු මං හැමදාම හිතුවේ මං කවදාවත් බුදුබව ප්‍රාර්ථනා කරන්නේ නැ කියලා.... 
ඒ මට මගේ තාත්තා තරම් වගකීම් දරන්න බැ කියලා හිතුන නිසා....

මේ වගේ වටපිටාවක සිතුවිළි පෝෂණය වී වැඩුණු මගෙන් අද ඔබ ඇහුවොත් 
"ඔයා මොනාද කරන්නේ?" 
මං ගෘහණියක් 
"නැ රැකියාවාක් කරන්නේ නැද්ද ?"
පැහැදිලිවම නැ... මං කරන්නේ සේවාවක්.... 
"ඒ මොකද්ද "
මං දුක අසන්නියක්... ජිවිතේ වැරදුනු තැන් නිවැරදි කරගන්න මඟ පෙන්වන්නියක්....
මා නිවැරදිව හඳුනාගත් සුළු පිරිසක් 
"ඇයි ඔබ ඔබේ අත්දැකීම් ලියන්නේ නැත්තේ..?" 

කිසිවක් මගේ අත්දැකීම් නොවනමුත් මා ලිවිය යුත්තේ කිසියම්ම කෙනෙකුගේ ජිවිතයය....... මිනිස් ජිවිත තුල ගඳ ගසමින් පැසවන කුණු ගඳට ඕනෑම සමාජයක ඉහළ ඉල්ලුමක් ඇතිමුත් මා ඒ ඔඩු දුවන තුවාල අපුලකින් තොරව සැරව පිස සුවපත් කරන්නට උපකාරවන සහායකයකු මිස එකී දුක අවුස්සා බෙදාගෙන කන්නට කෑ ගසනා කාක්කකු නොවෙමී.. 

නමුත් ඔබ කි පරිදිම කතා සමුහයක සාරාංශය තවකෙනෙකුට පිහිටක් විය හැකි නිසාම තෝරා බේරාගත් සමාජ ගැටළු කිහිපයක් ගැන ලියා තබන්නට මෙලෙසින් ඇරඹුම සටහන් කරන්නට සිතුවෙමී.....

ගිය අවුරුද්දේ මැයි මාසේ අටවගත්ත මගේ වියුණුව අකල්බකල් වෙලා ආයෙමත් අටවා ගත්තේ 2016 ජුනි 17. ඉතිං අවුරුද්දක් වෙන තැන , 
වැඩිහිටි වයසේ මං තුල ජිවත් වන ළදැරියක ගේ මනසින් සැහැල්ලුව ජිවත් වන කතාකරන මං එරන්දී තුල ලියවෙන ලිපි අතර සීමිත ලිපි ප්‍රමාණයකින්ඔබට වැඩිහිටි මං එරන්දී හමුවන්නට හැකිවනු ඇති.....
අවුරුද්දක් වෙන මං එරන්දී එන්න නිතර කියවෙන "මෙලෝ රහක් නැති" විශේෂණය ඇත්තටම මගේ නමේ ඉස්සරහට ආපු හැටිත් මේ එක්කම ලියන්න මට හිතුනා.... ඒ හෘදයාංගම හැඳින්වීම මා වෙනුවෙන් කලේ මෙන්න මෙතුමා
විවිද තැන්වල විවිද අය මේ වචනේ යොදාගත්තත් මං එරන්දී මෙලොරහක් නැති බව දැන, යොදාගත් රහස මෙයයි... 
කතාව ඇත්තය, එහෙව් මාව කියවමින් දිරිමත් කළ ඔබ සියළු දෙනාට ස්තුතී කියන ,  
මෙලෝ රහක් නැති 
මං 
එරන්දී :)

21 comments:

  1. සං තොසේ මල් පිබිදෙනා අද දවස හිනැහී ඉන්නෙමී
    පිං කමක් ඔබ හඳුනගැන්මද නිබද සතුටින් පවසමී
    දැං ඉතින් වසරක ලෙසින් තව ලියන්නට බල කරනෙමී
    මං එරන්දිට සුභ පතන්නේ හදවතින්මය මේ දුමී

    හිනා අමතක වූව හිතකට දිරිය නිතරම ඈ පැතූ
    හිනා පුබුදයි කඳුලු අතරේ දුකක් ගැන නොදකියි තතූ
    හිනා නිබදව මුවේ රැඳවුණු එරන්දිය බොහො ලෙන්ගතූ
    හිනා කාටත් කැන්දවන්නයි සෑම දිනකම ඈ සිතූ

    හැඳින ගත්තේ ලෝකයේ බ්ලොග් අතර හිතවත් වූ නමින්
    නොදැන හිටියත් මිනිස්කමනම් නුඹේ නැත අඩුවක් වෙමින්
    දකින දින අප නෙලුම් යායක සුහදවිය සොහොයුරු නමින්
    තබන පියවර ජයම වේවා නිරෝගි සුවයක් වෙමින්

    සුභ පැතුම් එරන්දී.....

    ජයවේව!!!

    ReplyDelete
    Replies
    1. දුමී......

      ලියා කවියක
      හොවා මිතුදමක
      පවසනා ගුණ කතාවක
      දකිමි මනුසත් මහිම සිතක

      දුමී මං බ්ලොග් වල දැකපු නිර්ලොභිම චාරිතය ඔබ. මා ඇතුළු සහෝදර බ්ලොග්කරුවන් අතින් ලියවෙන ඕනෑම මාතෘකාවකට ඔබ විසින් ලියු කවි එකතු කලානම් මේ වෙනකොට ඔබ පොත් ගණනාවක් එළිදක්වලා.. ඔබ වැනි දක්ෂ උතුම් ගතිගුණ ඇති කවියෙක්, මිතුරෙක් , සහෝදරයෙක් ලබන්න මං තරම් මං වාසනාවන්තයි. ස්තුතී බොහොමත්ම.

      Delete
  2. ලියන්න අප්පා මොනාම හරි මේ බ්ලොග් මෙහෙම පාලුවට යන්න ඕන ඒවා නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතී ශානි මේ දිරිගැන්වීමට...

      Delete
  3. මන් බොලොග් වලට එනකොට හිටපු සමකාලීනයැයි කියන්න පුළුවන් දෙන්නෙක් තමයි ඔබත්, දුමිත්...මන් අක්කගෙ ඉස්සරින් බොලොග් එකේ තිබ්බ කළු සුදු තීම් එකට ගොඩක් කැමති වුණු නිසාම මේ බොලොග් පියස මට මහත් ප්‍රිය තැනක් වූනා. පසුකාලීනව ඔබැවැනි අතිශය හෘදයාංගම තැනැත්තියක් හම්මුවීමත් මට පෞද්ගලිකව සුවිශේෂි දෙයක් වුණා. බොලොග් වලින් එපිට වැඩිමල් සහොදරියක ලෙස ඔබගෙන් ලැබූ සමහර ඉගෙනුම් මට ගොඩක් වටිනවා. ඉතින් අක්කෙ තව තවත් දෑ වලින් මේ බොලොග් පිටුව සරසන්න අක්කට හැකියාව ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා..........

    ReplyDelete
    Replies
    1. මං ලියන ලිපි ගැන කතිකාවක් අති කරගන්න බ්ලොග් වල මට මුණගැහුණු හොඳම සඟය ඔබ. බොහොම ස්තුතී මල්ලි

      Delete
  4. බ්ලොග් බබාට සුභ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතී අයියේ. පටන් ගත්ත දවසේ ඉදලා දීපු උපදෙස් වලටත් සහයෝගයටත්..

      Delete
  5. අවුරුද්දක බ්ලොග් බබාට සුබපැතුම් එරන්දි

    ReplyDelete
  6. මම ඒත් "ස්තුතී" කියල දැක්කහම එබිල බැලුවෙ තවත් ඩයල් එකක් බ්ලොග් එකට ටටා බායි කියනවද කියල හිටං 😳.

    ඔය මෙන්න මෙතුමා ඉන්නව නේද? ඌ වගේ බ්ලොගර් ලට අතහිත දෙන බොක්කෙ පොරක් නම් මම කවදාවත් දැකල නැහැ.

    හරි එහෙනම් ඔන්න අවුරුද්දට චියර්ස් කිව්ව 🥃🔨..

    එහෙනම් අලුත් අත්දැකීම් ගැන ලියමුකො..

    👊🏽

    ReplyDelete
    Replies
    1. :) :) අනේ නැ ටික්කා..
      ඇත්තටම ඔව් මෙලෝ රහක් නැතත් ලියහන් කියන්නේ එතුමා තමයි :) :)
      ස්තුතී ටික්කා..
      ලියමු ,කාටම හරි වැදගත් වෙවී නේ

      Delete
  7. Replies
    1. අන්න වැඩේ.. අඩියක් බැරි නම් හත් අඩිය හරි බැරියැ අයියේ :) :) :)

      Delete
  8. දැක්කේ පමා වෙලා... සමරන්න ඕනා තත්වයක් ය.
    සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. කොච්චි ආවාම සමරමු ජයටම :) :)

      Delete
  9. සුභ පැතුම්.. මං අහලා තියන විදියට මෙලෝ රහක් නැති නෙවේ. හොඳ බ්ලොග් එකක් මේක.. අක්කේ ලියන්න තව මටත් ඉගෙන ගන්න...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී නංගි දිරිමත් කිරීමට :)

      Delete
  10. පළමු සංවත්සරයට සුබ පැතුම් !!! මෙහෙම බෑ, පාටියක් ඕනේ. හැබැයි මම නම් ආවේ අතරින් පතර. ඒ දේවල් කාට හරි වැදගත් වෙයි. නම් ගං මනඃකල්පිත කරළා ලියන්න. මමත් අලුත් බ්ලොග් එකක් පටන් ගත්තා සතිපොත කියලා, ඉඩ තියෙන වෙලාවක ඇවිත් බලන්න.

    ReplyDelete
    Replies
    1. දවස් තුනකට කළින් දාපු මේ කමෙන්ට් එක පබ්ලිෂ් වෙන්නේ නැතුව තිබිලා. අද තමයි පබ්ලිෂ් වුණේ.

      Delete
    2. අතරින් පතර හරි අයියා ආවා එක මට සතුටක්, ලැබෙන පළවෙනි අවස්ථාවේම සමරමු අයියේ.. :) :) එකඟයි අයියේ.... ලියවෙන හැම දෙයක්ම හැමෝටම පොදු ලෙසින් ම පමණක් ලියවේවි අයියේ... අව්ව් ඒකනම් හොඳ ආරංචියක් අයගෙන්, මං බලන්නම් දැන්ම. අනේ එහමද අයියේ... බලන්නම් අයි දන්නේ නැ
      ස්තුතී අයියේ...!

      Delete