Tuesday, November 28, 2017

ඔබට කියමි

Saatchi Art Artist: Loui Jover; Ink 2015 Drawing "long way away...

නැවතිලා
මං උන්නු
මං කඩේක
කෙකටියා
යායට
පැළ වෙලා.....
ඒ මතින්  
සීරුවට 
පැණි කුරුල්ලෝ
නුඹ
තාලයට 
අඩි ආයේ 
තියනවා 
නිදිවරු මං
නැතත්
සේපාලිකා
නුඹේ
තනියට ඉන්නවා
නුඹේ නමින් ගිළිහෙන 
බිම වැටී 
පෙති බිඳුණු 
සේපාලිකා 
එකින් එක 
මම ගණිනවා 
හමු උනත් 
ආයෙමත් 
උණුහුම්ම 
ඔබේ 
හිරු එලියට 
පිටුපා 
කණමැදිරියකු 
වී 
ඉතිං 
නික්මෙනවා  
මං
එරන්දී 
ප.ලි. මෙය ජිවිතේ යාත්‍රාව ලියු හරි අපුරූ කවියක් නිසාම ලියැවුණු සිතුවිල්ලක.

11 comments:

  1. වචන ගානේ නොබෙද වෙන විදියකට කවිය හැදුවනං හොද නැද්ද

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ විදිහක් නේ ද
      ස්තූතී දේශක අංකල්

      Delete
  2. එක පාර තේරුණේ නෑ වගේ... ආයෙත් කියෝමු

    ReplyDelete
    Replies
    1. මේ ජීවිතේ යාත්‍රාව ට ලියපු පිළිතුරක් අයියෙ

      Delete
  3. එක් ව සිටි පෙර දිනේ හදවතේ හඬ නගයි
    මක් කරන්නද ඉතින් ඒ හැඟුම් සුන්දරයි
    සක් ලොවද මනු ලොවද හදවතින් එක සමයි
    නික් මෙන්න දැන් සොඳුර මේ මොහොතෙ අවසරයි.....

    ජයවේවා!!!

    ReplyDelete
  4. අනේ මන්ද බං මම හැමදාම කියවනවා. මේකිගේ කවි මට තේරෙන්නේ නැත්තේ ඇයි

    ReplyDelete
  5. අගේ ඇති කවියක් (තේරුණා වගේ කමෙන්ට් කරන්නෙ මෙහෙම)

    ReplyDelete
    Replies
    1. මෙහෙමත් පුලුවන්:

      හ්ම්ම්ම්ම්..

      Delete
  6. අනේ මන්දා තුන් පාරක්ම කියෙව්වා නෙව.. ඒත් තේරුනේ නෑ

    ReplyDelete