Tuesday, February 13, 2018

අපේ වැලන්ටයින්

සත්තයි...
හිතුනු වාර අනන්තයි 
අනේ අපිටත් 
දවසක් ම නැතත්
විනාඩි දෙක තුනක් 
තිබුණා නම් 
අපි අපිම වෙනුවෙන් 
පොඩි එකී 
පනිනකොට මැද්දට.....

යමුද රවුමක් 
හලලා පුන්චිත්තිව 
බොරු මොකට ද 
සත්තයි 
අපි කතා උනා 
දෙතුන් පාරක් 

අපිට හරි හිරිහැර 
හුස්මක් 
ලගින් ඉන්නට නැ ඉඩක් 
හරි ඉරිසියා කාරියක් 

ඒත් 
නුඹ නොවුන්නා නම් 
අපිටත් තිබුණා 
ඉම්පෝර්ට් කරන්නට 
වැලන්ටයින් දවසක්
එහෙම 
හිතන 
අම්මා 
මං 
එරන්දී 

14 comments:

  1. ආදරණීයයි....අද වගේ දවසක දන්න කියන අය දැක්කම හැපි වැලන්ටයින්ස් ඩේ කියල සුබ පතා ගන්නව ඇරුනම අපිනම් මේ දවස සමරලම නෑ.

    ReplyDelete
  2. සදු ටයි මටයිත් ඔහම හිතෙන වාර අනන්තයි..

    ReplyDelete
    Replies
    1. ඒත් එක විනාඩියක් මඟ අරින්නත් බෑ නේද අයියේ

      Delete
  3. ස්තුතී රසික කාලෙකින් නේ ද මේ පැත්තේ ආවේ

    ReplyDelete
  4. එනිවේ හැපි වැලන්ටයින් ඩේ දෙන්නටම

    ReplyDelete
  5. සතුරින් ජීවිතය ගෙවන හැම දවසක්ම වැලන්ටයින් වගේ තමා
    විචාරක දියණිය

    ReplyDelete