Tuesday, February 20, 2018

ආත්මාර්ථකාමී


 ඔව් මං කිව්වේ 
ආත්ම+අර්ථකාමී  :) :) 
ඇත්තටම ජිවත් වෙන හැම තත්පරයකටම මම මටම වටිනාකම් එකතු කරනවා, එකතු කරගන්න උත්සාහ කරනවා. හිස්කබල පුරාවට පැතිරුණු මොළය නම් මාංශලයට මට සාපේක්ෂ හොඳ සහ නරක අතර ගවේෂණයකට ඉඩ දෙන්න මං වඩාත් කැමති. 
ඉතිං මේ හැම අකුරක්ම ලියවෙන්නේ ඒ ලැබුණු ඉඩෙන් ඉතුරු උනු සාරය. 
ඔය කියන ගවේෂණයට පොතකින් පතකින් වගේම අන්තර්ජාලය පුරා විහිදෙන නොගිනිය හැකි තරම් අවකාශයන් එකතු කරන්නේ අමිල සේවයක්. මම ලියන්නේ මට නැවත කියවන්න... අළුත් සිතුවිලි-අරමුණු හොයාගන්න..... ඒ දැනුම අදහස් තවත් කවුරුන්ම හෝ පරිශීලනය කරණු දැකීමත්, ලැබෙන ඇගයීමත් ඇත්තටම උත්තේජයක්. 
(එහෙම නැ කියනවා නම් ඒ ප්‍රලාපයක්. ප්‍රලාපයක් නෙවෙයි නම් දිනපොතක ලියලා පොත් රක්කයක හෝ වර්ඩ් වල ලියලා වන්ඩ්‍රයිව් එකේ තියාගන්න එපැයි. හා නැද්ද මං අහන්නේ?)

ඒ අතරින් බ්ලොග් ලිවිල්ල හරිම ප්‍රගතිශීලි. මොක ද ප්‍රතිචාර ක්‍ෂණිකව ලැබෙන නිසාම බුද්ධිමය සංවාදයකට නිරන්තර ඉඩක් ලැබිමත් ලොකු වටිනාකමක්. 

මේ ප්‍රතිචාර ගැන කතා කරන කොට ලැබිය හැකි ප්‍රතිචාර විවිධයි. එය විචාරයක සිට විවේචනය දක්වා දිවෙන්නට ඇති ඉඩ වැඩි. ඒ වගේම ලියන්නා ගේ අදහස කියවන්නා ගේ ද අදහස වියයුතුමයි කියන තැන නම් අපි ඉන්නේ එක හරි අහම්බයක්... 
මේ තියෙන්නේ මගේ එවැනි නිර්මාණයක්  

රසවින්දනය  ගැන කාලෙකට ඉස්සර ලියවුනු ලිපියක්.

මේ සියළු අදහස් අතරේ අප සියළු දෙනා ලියන්නේ ආත්ම+අර්ථය සඳහා නම් කියවීම ද එකී අර්ථයම ගනී. 

ඉතිං අපි ලියමු-කතාකරමු 
ආත්ම+අර්ථය සඳහා 
මං 
එරන්දී  








22 comments:

  1. Replies
    1. කෝ අයියේ චිත්‍රයක් :)

      Delete
    2. මේ තියෙන්නේ මගේ එවැනි නිර්මාණයක්
      post eka balapan

      Delete
    3. ලින්ක් එක නැ නේ අයියේ

      Delete
  2. ජය වේ එරන්දි....ජීවිතේ යතාර්ථය බොහෝ විට ආත්මාර්ථය හා බැදේ යැයි මට හැගේ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට හිතෙන්නෙත් එහෙමයි වැව් ඉස්මත්ත.

      Delete
  3. චිත්‍ර ත් අඳින්න පුළුවන් නේද

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ යන කාලේ නම් චිත්‍ර විතරමනේ අයියේ ඇන්දේ :) :)

      Delete
  4. ම්ම්ම් පරණ කතා ආයෙ මතක් කරලා....

    ReplyDelete
    Replies
    1. නැ සොඳුරු එදා කියපු කතාවමයි රසවින්දනය ගැන අදත් මං කියන්නේ

      Delete
  5. ඔව් එරන්දි ඒක ඇත්ත . එත් සමහර නිර්මාණ යමක් තවත් යමකට පරිවර්තනය කරනවා. හැබැයි ආත්ම අර්ථය එතනත් තියෙනවා තමා

    ReplyDelete
    Replies
    1. ස්තුතී පොලියානා. ඔව් ඇත්තෙන්ම. ඒ වගේමයි රචකයා සහ පාඨකයා අතර සම්බන්දයත්.

      Delete
  6. නිරන්තරයෙන් අපි දේවල් තේරුම් ගන්නවා..සමහර දේවල් පුපුරලා යනකොට ලොකු වේදනාවක් දැනෙනවා......

    ReplyDelete
  7. වැඩ වැඩිකම හින්දම ලිපි මග හැරිලා. ආයිත් ආවා ලිපි බලන්න.

    ජයවේවා!!!

    ReplyDelete
  8. This poem looks like a bit narcissistic to me. Rather I think who you are is what you think...may be .. cogito ergo sum

    ReplyDelete
    Replies
    1. Appreciate your attempt to expression. You opened the door for me to explain the psychology & the philosophy behind this write-up. Frankly this is related to psychological status of human been. What I express was the junction which leads the Narcissism, but stage where you can turn back & be out of that (one foot in one foot out in the circle of Narcissism). If a person once concentrates to & identify himself with the basic teachings of Buddhism he can use himself to a noble path instead of being a Narcissistic. For a meditator who can select this is the stage to lead his way to Nirvana or Vanchaka Nirvana. Vanchaka Nirvana is an extreme Narcissistic stage. The best self-analysis to select the correct path out of above is “COGITO ERGO SUM “(I think, therefore I am)
      Initially I thank René Descartes for his psychological proposition explained in 17th century AD, which helped me to connect & analyze with Buddhist Philosophy.
      I really surprised Ayye,when you hit to the point which I wanted to mean using the write-up. I really appreciate your knowledge in analytical psychology you applied in your comment.
      Thanks Ayye.

      Delete